Friday, October 31, 2025
Homesiඑයා දැන් ලොකු ළමයෙක්‌, මල්වර පලාඵල පරීක්‍ෂාව ජ්‍යෙතිෂය ඇසින්

එයා දැන් ලොකු ළමයෙක්‌, මල්වර පලාඵල පරීක්‍ෂාව ජ්‍යෙතිෂය ඇසින්

[ratings]

වෛදික සාහිත්‍යයට අනුව ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ නාභියෙන් පැන නැගි නෙලුම් මලකින් පහලවූ මහා බ්‍රහ්මයා ලොව පළමු කාන්තාව වූ ශතරූපා මැවීමෙන් පසු ඇයගේ රූපශ්‍රීය දැක මහත් වූ වික්‍ෂිප්ත භාවයට පත්වූ බව කියා තිබේ. එයින් පෙනී යන්නේ සුන්දර ලලනා රුව දුටුකළ මහබඹු පවා මුලාවන බවයි. කාන්තාව නැති වූ දාට ලෝකය පවතින්නේ නැත. තොටිල්ල පදවන අත ලොව පාලනය කිරීමේ වරම මහබඹුගෙන් ලබා ඇත.

පුරාණාචාර්යවරු කාන්තාව “පංචජන්මි” යන නමින් හැඳින්වූහ. මෙයින් කියෑවෙන්නේ උපත් පහක්‌ ඇත්තී යන්නයි. චරක හා පරාංශර මහා සෘෂිවරුද මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බැවින් ජ්‍යෙතිෂයේ හා ආයුර්වේදයේ කාන්තාවට විශේෂ ස්‌ථානයක්‌ හිමිව තිබේ. මව්කුස පිළිසිඳ ගැනීම, ප්‍රසූතිය, මල්වරවීම, විවාහය හා මාතෘත්වය ලැබීම පංච ජන්ම යනුවෙන් හැඳින්වේ. මේ අනුව පුරුෂයන්ට කිසිදිනක හිමිකරගත නොහැකි අවස්‌ථා දෙකක්‌ කාන්තාවන්ට තිබේ. ඒ මාතෘත්වය ලැබීම හා මල්වරවීමයි.

මල්වර යන නාමය ස්‌ත්‍රීන්ගේ ප්‍රථිමාර්තීවයට කියනු ලැබේ. හෙළබසින් උතුනී, ඔසප්, වැඩිවිය පැමිණීම, කිලිවීම යනුවෙන්ද සකු බසින් මලිනී, පුෂ්පවතී, සෘතුමතී, යනුවෙන්ද මෙය හැඳින්වේ. ගසක මල් පිපිම ඵල හටගැනීමේ පෙරනිමිත්ත වන්නා සේම සත්‍රියකගේ මල්වරවීම දරුවන් හට ගැනීමේ පෙර නිමිත්ත වේ. ඒ නිසා එම දිනය යහපත් විවාහයක්‌ හා දරුවන් ලැබීම පිළිබඳව ශුභාශුභ ජනනය කළහැකි ප්‍රබල අවස්‌ථාවක්‌ බවට පත්වේ. එම නිසා දැරියක මල්වර වූ පසු ජ්‍යෙතිෂවේදියකු කරා පැමිණ එහි ඵල විපාක දැනගැනීම හා ස්‌නානය සඳහා සුදුසු නැකතක්‌ පිළියෙල කරවාගැනීම පෙර සිට අප රටේ පැවති සිරිතකි. මෙහි පලාඵල කථනය පිණිස අපරට දෛවඥයන් අතර පරපුරෙන් පැවත එන විශේෂ රහස්‌ ගුරූපදේශ රැසක්‌ පැවතී තිබේ. නමුත් ගුරුමුෂ්ටි රැකීමේ අයහපත් පුරුද්ද නිසා මේවා බොහෝමයක්‌ ඒ ඒ ගුරුකුල සමග විනාශ වී ගොස්‌ ඇත. දැනට පවතින්නේ ඒවායේ ශේෂවූ කොටස්‌ පමණි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්‌තර ඇතුළත් කිසිම ග්‍රන්ථයක්‌ පැරැණි භාරතීය ග්‍රන්ථ අතර නැත. අප රටෙහිද එවැනි කෘතියක්‌ නොමැති අතර දඹදෙනි යුගයේ රචිත දෛවඥකාමෙනුව හා රචනාකළ කාලය අප්‍රකට හෝරාභරණය, නවපටල සංග්‍රහය වැනි ග්‍රන්ථ කිහිපයක මේ පිළිබඳ ලුහුඬු විස්‌තර ඇතුළත්ව තිබේ. එයට වඩා සාරවත් තොරතුරු ග්‍රන්ථාගත නොවූවත් ඇතැම් පාරම්පරික ගුරුකුල සතුව පවතී. වශිෂට, නාරද, ගග_, පරාශර ආදී සෘෂි භාෂිතවල සඳහන් විස්‌තර අතර මතබේද පවතී. ඒ නිසා අපරට ප්‍රවීණ ජ්‍යෙතිෂවේදීන් පුරාණයේ තමන්ට ගැලපෙන පරිදි ඒවා සකස්‌කරගත් බව පෙනේ.

මල්වර පලාඵල කථනය සඳහා අපරට ජ්‍යෙතිෂවේදීන් භාවිත කරන ක්‍රමවේදයන් බොහෝ විට සකස්‌කරගෙන තිබෙන්නේ හෝරාභරණය, මුහුන_ මාත_ණ්‌ඩය, ජ්‍යෙතිර්නිඛාණ්‌ඩය, ජ්‍යෙතිෂශාරය, ගග_ සංහිතා, විද්‍යාමාධවිය, ජ්‍යෙතිෂතත්ව සුධාර්ණවය දෛවඥකාම ෙනුව, නාරද සංහිතාව, මුහුර්ත චින්තාමනිය වැනි ග්‍රන්ථ හා පාරම්පරික ගුරූපදේශ පදනම් කර ගෙනය.

මේ අනුව දැරියකගේ මල්වරවීම පිළිබඳ පලාඵල ප්‍රකාශ කිරීම සඳහා එය සිදුවූ කාලය හා වෙලාවට අදාළ තත්කාල කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් එය සිදුවූ ස්‌ථානය, දිනය, පැවති ඉරියව්ව, රුධිරයේ ස්‌වභාවය, නැකත, හෝරාව, කිථිය, මාසය, ලග්නය, යෝගය, කරණය ආදී කරුණු පදනම් කරගෙන වෙන් වෙන් වශයෙන් ශුභා ශුබ මෙම ග්‍රන්ථවල දක්‌වා තිබේ. එහෙත් මේවා එක්‌තැන්වූ පසු එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ප්‍රකාශවන බැවින් ආධුනිකයකුට මල්වර පලාඵල ප්‍රකාශ කිරීම ගැටලුවක්‌ බවට පත්වේ. ඒ නිසා මෙහිදී ප්‍රවීන ජ්‍යෙතිෂ ගුරුවරයකුගේ උපදෙස්‌ පිළිපැදිය යුතුවේ.

මල්වරවන කාලය ලෙසට ජ්‍යෙතිෂය විසින් නිර්දේශ කර තිබෙන්නේ දොළොස්‌ අවුරුදු වයසයි. ඒ බව මේ ශ්ලෝකයෙන් දැක්‌වේ.

ප්‍රාපෙතච දවා දශෙ වෂෙ_ – යාතා කන්‍යා රජස්‌වලා

වාෂ_ද් දවාදශකා දුර්ධවං – යදී පුෂ්පං බහින_හි

අථඃ පුෂ්පං භවෙත්‍යව – පනසොදුම්බරාදිවන්

මේ ශ්ලෝකයට අනුව දොළොස්‌ අවුරුද්දකින් මතු ඇය මල්වර නොවීනම් එය සිදු නොවන බව පවසා ඇත. සාමාන්‍ය ලෙස වයස අවුරුදු 8-14 අතර කාලයේදී වර්තමානයේ මල්වරවීම් සිදුවේ. එයට වෙනස්‌වන අවස්‌ථා විරලවන අතර එවිට ජ්‍යෙdතිෂයවේදීන්ට විශේෂ අවධානය යොමුකර කටයුතු කිරීමට සිදුවේ.

ආද්‍යාතෙ පෞෂශු ක්‍රොජී මධු ශුචිනභස්‍යඃකුයුක්‌පාපචාරා රික්‌තාමාකෂට ෂෂඨ්‍යාඃ පරගෘහකුපදෙ රාත්‍රි සනධ්‍යාපරාහ්ණඃ යන මේ ශ්ලෝකයෙන් කියවෙන පරිදි මල්වරවීමක්‌ ශුභ ලෙස ගත හැක්‌කේ ශුභ කාලයක, ශුභ ස්‌ථානයක ශුභ ආකාරයට සිදුවුවහොත් පමණි. අශුභ ස්‌ථානවල අශුභ කාලයෙහි අශුභ ලක්‍ෂණ සහිතව සිදුවන මල්වරවීම අශුභවෙයි.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙතිෂයේ දැක්‌වෙන සියලු කරුණු පරීක්‍ෂාකර බලනවිට පෙනී යන්නේ මල්වරවීමෙන් ඇතිවන ශුභාශුභ ප්‍රතිඵල යම් ස්‌ත්‍රියකගේ අනාගත ජීවිතයේ සැපදුක්‌ ලැබීම, යහපත් වාසනාවන්ත විවාහයක්‌ සිදුවීම හා දරුවන් ලැබීම සදාචාර හෝ අනාචාරශීලිවීම යන කරුණු කෙරෙහි සෘජුව බලපාන බවයි. නමුත් මේවා ජන්ම කේන්ද්‍රයට එකඟවිය යුතුය. දෙමාපියන් හා තමාගේ අනාගත දියුණුව කෙරෙහිවන බලපෑමද මෙලෙසම ප්‍රකාශ කළ යුතුය. මේ නිසා මල්වර කේන්ද්‍රයක්‌ තුළින් ශුභාශුභ විමසා දැනගැනීම අවශ්‍ය කරුණක්‌ බව පෙනී යනවා ඇත.

මෙහිදී අපරට ජ්‍යෙතිෂවේදීන් ක්‍රම දෙකක්‌ මේ සඳහා අනුගමනය කරති. පළමු ක්‍රමය යමකු මල්වරඵල දැනගැනීම සඳහා බුලත් හුරුල්ල පිළිගන්වන වෙලාව, දූත ලක්‍ෂණ, දූතයා සිටි දිශාව ආදී කරුණු පදනම් කරගෙන තත්කාල නිමිත්තක්‌ ආශ්‍රයෙන් කරන මල්වර පලාපල කථනයයි. දෙවන ක්‍රමය මල්වරවූ වෙලාවට අනුව සකස්‌ කෙරෙන කේන්ද්‍රයක්‌ ආශ්‍රිතව පලාඵල කීමයි. මෙයින් වඩාත් හොඳ පලාඵල ප්‍රකාශයක්‌ දීමට හැකිවන්නේ දෙවන ක්‍රමය තුළින් වන අතර තත්කාලයේ ග්‍රහපිහිටීම් ජන්ම ලග්නය පාදක කරගැනීමෙන් නිවරදි පලාඵල කිව හැකිවේ. මෙහිදී බොහෝ දෙනා විවාහය සිදුවන්නේ කුමන දිශාවෙන් කුමන ආකාරයේ අයකු සමගදැයි විමසති. එයට සාර්ථක පිළිතුරක්‌ ජ්‍යෙdතිෂයෙන් දීමට නොහැකි බව පෙනේ. මේ නිසා මෙයට ලැබෙන පිළිතුරු අසත්‍ය හා ප්‍රතිඵල රහිතවන අවස්‌ථා වැඩිය. සාර්ථක පිළිතුරක්‌ දියහැකිනම් ඒ අනුව කිසිම ගැටලුවක්‌ නැතිව විවාහ සහකරු සොයාගත හැකිවේ. ඔහුගේ පදිංචි ස්‌ථානය ලිපිනය, රැකියාව, නම හා සියලු විස්‌තර ලැබෙන බැවිනි. නමුත් එසේ කළ නොහැක. කිවහැකි වන්නේ සිදුවන්නේ කුමන ආකාරයේ විවාහයක්‌ද එහි කාලවකවානුව හා විශේෂිත කරුණු පමණකි.

මල්වරවීමේදී ඇතිවන අශුභ දොaෂ මගහරවා ගැනීමේ ප්‍රතිකර්මද ජ්‍යෙdතිෂයේ නියම කර තිබේ. ඔසුමිශ්‍ර ජලයෙන් ස්‌නානය කිරීමට අමතරව ඒ ඒ අවස්‌ථාවට උචිත පරිදි ජ්‍යෙdතිෂවේදීන් නියම කරන ප්‍රතිකර්ම අනුගමනය කිරීමෙන් හා උපදෙස්‌ පිළිපැදීමෙන් එවැනි අශුභ මගහරවාගත හැක.

එසේම මල්වරවූ පසුව හා ස්‌නානයේදී පිළිපැදිය යුතු චාරිත්‍ර තිබේ. ඒවා නිසිපරිදි පිළි නොපැදීම නිසා මල්වරවූ දැරිය පසුකාලීනව විවිධ රෝගාබාධ වලට ලක්‌විය හැකි අතර, විවාහයේදී මෙන්ම දරුවන් ලබා ගැනීමේදී ද ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. වර්තමානයේ මෙය පැහැදිලිව දකින හැකි ලක්‍ෂණයක්‌ වී ඇත. මල්වරවීමේදී සාමාන්‍යයෙන් නැකතක්‌ සාදා ස්‌නානය කරවූවද එයට අදාළ චාරිත්‍ර කිසිවක්‌ ඉටුවන්නේ නැත. ජ්‍යෙdතිෂයට අදාළ පැරැණි චාරිත්‍රය මල්වරවූ විගස එය දැනගත් වහාම දැරියට ආයුධයක්‌ අතට දී කිරි ඇති ගසක්‌ වෙත යවා එයට කොටන්නට සලස්‌වා කිරි ගලායැමට සැලැස්‌වීමයි. එය දරුඵල පිළිබඳ සරුබව, සෞභාග්‍යය, හා ආරක්‍ෂාව පිළිබඳ ක්‍රියාවලියකි. කිරි ඇති ගසක්‌ මුලින් ඇරඹෙන මෙම ක්‍රියාවලිය කිරි ඇති ගසක්‌ මුලදී ඔසුමිශ්‍ර නැවුම් වතුර කලයකින් නාවා පිරිසිදුකර අලුත් වසත්‍රාභරණයෙන් සරසා ගෙට ගැනීමෙන් අවසන්වේ. නිරෝගිබව, දියුණුව, ප්‍රීතිය, දරුඵල රූපකාලංකාරය ආදී සියලු කරුණු මෙන්ම වස්‌දොස්‌ දුරුකිරීම ද මෙහි තිබේ. මේ පිළිවෙත් නොසැලකීමෙන් ඒ සියල්ලද අහිමිවිය හැක.

වත්මන් සමාජයේ විවාහවල අසාර්ථක බවට, කාන්තා රෝග බහුලවීමට, දරුඵල අඩුවීමට මේ කරුණුද බලපා තිබෙන බව පැවසිය හැක. අතීත සිංහල සමාජයේ මේ සිරිත් විරිත් කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර ඒවා නිසිපරිදි පිළිපැද ඇත. ඒ නිසා නිරෝගි මව්වරු හා නිරෝගී දරුවන් රටට උරුමව සිටියහ. අද තත්ත්වය එයට මුලුමනින් වෙනස්‌ වී තිබෙන්නේ දැයේ සිරිත් විරිත් නොතකා ක්‍රියා කිරීමේ අනිටු විපාකයක්‌ නිසා බවද අවසන් වශයෙන් කිව යුතුව ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments