Friday, September 12, 2025
HomeWasthuගර්භද්වාර නිමිත්තෙන් නිවසේදීම ශාස්‌තර කියන්න ඉගෙන ගන්න

ගර්භද්වාර නිමිත්තෙන් නිවසේදීම ශාස්‌තර කියන්න ඉගෙන ගන්න

අවිහිංසාවාදී ජීවිත ගතකළ අපේ මී මුත්තන් දෛනික ජීවන ගමනෙහි දී භාවිත කළ අතිශයින්ම දුර්ලභ ගර්භද්වාර නිමිත්ත නැකත පුවත්පතෙන් මෙසේ තිළිණ කරන්නෙමු. නවග්‍රහ මණ්‌ඩලය කෙරෙහි ප්‍රසාදාත්මක ගෞරවයෙන් සත්‍යය කියවේවා යෑයි අධිෂ්ඨානකොට කායවාක්‌ පිරිසිදුවෙන් නෙත් පියාගෙන පිළිතුරු සඳහා කොටුවක්‌ අල්ලන්න ලේසියට පහසුවට කිව්වට නිසි විධිමත් ශාස්‌ත්‍රීය වූ ක්‍රමවේදයට මේ සඳහා අවශ්‍ය දේ සකස්‌කරගත යුතුව ඇත. අඟල් 7′ 4 කොහොඹ ලෑල්ලක්‌ ඔපමට්‌ටම් කර නවග්‍රහ ස්‌තෝත්‍ර – නවග්‍රහ දිෂ්ටි-නවග්‍රහ ආරාධනා – නවග්‍රහ ජීවම් – මල් බුලත් තටුවක සකස්‌ කරලීම හොඳයි. කොහොඹ ලෑල්ලක හෝ රිදී හෝ තඹ තහඩුවක මෙම නිමිති චක්‍රය – සටහන් විය යුතුවෙයි.

ගර්භ නවය

වජ ගර්භය – යානවාහන, දේපළවස්‌තු, මානසික, ශාරීරික සහනය, දරුලාභ ගෙනදෙන සුළුයිs, රාජ්‍ය අංශයෙන් උසස්‌වීම් විජයග්‍රහණ, ලාභ ප්‍රයෝජන, ගරු නම්බුනාම ගෙන දෙයි, සොර සතුරු බලවේග මර්දනය වෙයි. නඩුහබ දිනයි, ප්‍රභූ ජනයා වසඟවෙයි, තම බස ඉස්‌මතු වෙයි, මෙකී ගුණාත්මක තත්ත්වය දුර්වලනම්. සතුරු බලවේග, අමනුෂ්‍යදෝෂ, විණ දොෂ, ග්‍රහ අගුණ තදින්ම බලපා ඇත.

කාක ගර්භය – මිල මුදල්, ඉඩකඩම්, ව්‍යාපාර රැකියා ආදායම් මාර්ග පිළිබඳව ආකූල ව්‍යාකූල අලාභ හානි පමුණුවයි. භූත අමනුෂ්‍ය දොෂයි, ශෝකාකූල පැතිකඩක්‌ නිර්මාණයව පවතිනු ලබයි. විනබන්දන සොර සතුරු බලවේගයි.

ගජ ගර්භය– නම්බු නාම, කීර්ති ප්‍රශංසා ගලා එයි. කෘෂිකාර්මික, කාර්මික ජීවන රටාවන් සතුටුදායකයි. සෞභාග්‍යය ගෙනදෙයි. ඇස්‌වහ කටවහ දොෂයි. ඊර්ෂ්‍යාකාර කුහක කුරිරු ජනයාගෙන් බාධක අවහිර දුෂ්කරතා පැන නගියි.

ඛර ගර්භය– පදිංචි ස්‌ථානගත භූමිගත දොaෂයි. ආරම්භක කටයුතු බාධකයි. රෝගාබාධක, සතුරු බලවේගයි, ගමන් මාර්ගය මන්දගාමියි, වාද භේද, නොරිස්‌සුම්, සිත් අමනාපකම් ගෙනදෙයි. බුද්ධිමත්ව දූර්දර්ශීව කටයුතු කරන්න යහපතී.

වෘෂභ ගර්භය– නිදුක්‌ නිරෝගී සෞභාග්‍යවත් ජීවිතයකි. අනාගතය සාර්ථකයි, අභිමතාර්ථ සාධනය ඇතිකරන ලබයි, යස ඉසුරු සැප සම්පත් ගෙනදෙයි, කායික මානසික ප්‍රසන්නබව රැඳෙනු පෙනෙයි.

සුනඛ ගර්භය– හදිසි මාරාන්තික මාරක අනතුරු. සොර සතුරු බලවේග, රෝගාබාධක, ශරීරික දුර්වලතා, හදිසි තීරණ, ඉක්‌මන් කෝප, සතුරු කරදර, අලාභ අවාසි අසතුටුදායකබව, අතුරුදන්වීම්, නැතිවීම්, ශරීරයට වද වේදනා, වින බන්ධන අමනුෂ්‍ය දොෂයන්ද බලපානු පෙනීයයි.

සිංහ ගර්භය– රාජපූජිත සම්මාන ගෙනදෙයි, ආත්ම ශක්‌තිය ධෛර්යය වර්ධනය වෙයි, සොර සතුරන් ද මර්දනය වී සෞභාග්‍යය උදා කෙරෙයි, සැනසුම සතුට සම්පත ගෙනදෙයි, අතිශයෙන් දුර්ලභ ආකර්ෂණීය වස්‌තුවලම හිමිකාරයකු වෙයි. දියුණුව හොඳයි.

චන්ද්‍ර ගර්භය– මානසික නොසන්සුන් බවද ක්‍රියා කාරකම්හි මන්දගාමී බවද ගෙනදෙයි. අභාග්‍යය උදාකරන ශාරීරික දුර්වල බෙල හීනතාවයන් මතුකෙරෙන සුළු විෂම කාල පරිච්ඡේදයකි. විනබන්දන අමනුෂ්‍ය දොෂ ගෙනදීමට පවා හේතු කරුණු කාරණාවන් යෙදෙන කාල පරාසයකි.

We found this article from Divaina on 2014/01/12.

RELATED ARTICLES

Most Popular

Recent Comments