Friday, September 12, 2025
HomesiHoroscopeග්‍රහයන්ගේ අවස්‌ථා

ග්‍රහයන්ගේ අවස්‌ථා

උපතේ දී ඉන්න ග්‍රහයන්ගේ තත්ත්වයන් අනුව විතරක්‌ රාශි 12 ට බැලුවත් ලිපි 120 කට කරුණු තියෙනවා නේ. එනිසා අද අපි මේ ග්‍රහ අවස්‌ථා 10 කෙටියෙන් හඳුනා ගමුකො….

1.දීප්ත උච්චව රාශියේ ග්‍රහයන් උපතේ දී තැන්පත් වීම.

2.ස්‌වස්‌ථ උපතේ දී ග්‍රහයන් ස්‌වක්‌කේෂත්‍රව සිටීම.

3.මුදිත ග්‍රහයන් උපතේ දී මිශ්‍ර රාශියක තැන්පත් වීමයි.

  1. ශාන්ත සම තත්ත්වයෙන් සිටින රාශින්හි ග්‍රහයන් තැන්පත් වීමයි.
  2. ශාන්ත උපතේදී ග්‍රහයන් වක්‍රව සිටීම (රාහු කේතු හැර, මේ දෙදෙනා කොහොමත් චක්‍රය).
  3. පීඩ්‍ය රාශියක අවසාන අංශක 10 හි ග්‍රහයන් තැන්පත් වීම.
  4. දින සතුරු ග්‍රහයෙකුට අයත් රාශියක ග්‍රහයන් උපතේ දී තැන්පත් වීම.
  5. විකල උපතේ දී ග්‍රහයන් අස්‌ත වීමයි.
  6. බල උපතේ දී නීච රාශිවල ග්‍රහයන් තැන්පත් වීමයි.
  7. හිත යමෙකු උපත ලබන අවස්‌ථාවේ ගමන් කරන ග්‍රහයෙකු තම වේගයට වඩා වැඩි වේගයකින් රාශියක සිට තවත් රාහියකට ගමන් කිරීමයි.
ග්‍රහයන්ගේ

මෙම තත්ත්වයන් වලදී විවිධ ඵල ලැබේ. ඔය සමහරුන්ට උච්ච වීම හෙවත් දිප්ත වීම හොඳයි. ඒ වගේම එයාලගෙන් කෙනෙක්‌ට නීච වීම හොඳ වෙන්නත් ඉඩ තියෙනවා. ඒක ඉතිං…. පින පව අනුව තමයි තීරණය වෙන්නේ. ඒ වගේම ඔය ග්‍රහ දෘෂ්ඨි වලදීද මෙම තත්ත්වයන්හිදී ලැබිය හැකි නියම ඵල වෙනස්‌වේ. ඒ වගේම ග්‍රහ යුද්ධ වලදී ඔය දිනුම් පැරදුම් අනුවත් මේවයි ඵල වෙනස්‌ වෙනව. එසේම විවිධ ග්‍රහයන් සමඟ සංයෝග වීමේදීද තත්ත්වය වෙනස්‌ විය හැකිය. ග්‍රහයො ඉන්න හා අයිති භාව අනුවද මෙම තත්ත්වයන් වෙනස්‌වේ. එසේම ග්‍රහයන්ගේ ගෝචර ගමනේ දී ද මෙම ඵල විවිධ ස්‌වරූපයෙන් ලැබිය හැකිය. එහිදීද උපතේ දී සිටින තත්ත්වයට වෙනස්‌වේ, කටු මැටි පැලක පොඩි කාලයේ ගෙවන සමහර දෙනා මහා මන්දිර හදනවනේ… මෙතනදී උපන් බලය අභිබවා ගෝචර බලය මතු වෙනව. අපි ඉදිරි කලාප වලදී මේ තත්ත්වයන් කතා කරමු.

We found this article from Divaina on 2013/12/08.

RELATED ARTICLES

Most Popular

Recent Comments