[ratings]
සෑම වසරකම අගෝස්‌තු 23 සිට සැප්තැම්බර් 23 දක්‌වා කාලය, කන්‍යා රාශිය පිළිබඳ මාසය වන අතර මෙම ලිපියට ඇතුළත් වන්නේ එම කාලය තුළ උපත ලද අයගේ පලාපලය. කන්‍යා රාශියේ ලක්‍ෂණය, කන්‍යාවියකගේ රූපයකි. පාලක ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයාය.
කන්‍යා රාශියට අදාළ මාසයේ උපන් ගැහැණු හෝ පිරිමි හෝ කෙනෙකුගේ ස්‌වභාවික ගති පැවතුම් – කොයිකාගේත් සිත් ගන්නා සහජ ගතිගුණ රැසකින් යුක්‌තය. වැඩක නිරතව සිටින විට කුල්මත් ස්‌වභාවයක් දැක්‌විය හැකිය. යමක් ගැන පරීක්‍ෂාකාරීව සිතා බලන්නට හා එඩිතරව ක්‍රියාකරන්නටද පසුබට නොවන සෙයකි. තමන් කැමති කටයුත්තක් කිරීමෙන් පමණක් සෑහීමකට පත්නොවන සෙයක්‌ද දක්‌නට ඇත. යම් යම් දේවල් මතක තබා ගන්න හපනෙක් විය හැකිය. කිසියම් දිනක දුටු කෙනකු අමතක නොකොට මතක තබා ගන්න බැරිකමක් නැත. යම් යම් දේවල් හෝ යම් යම් ස්‌ථාන හෝ පිළිබඳව පවත්නා දැනුම, මේ නිසා සුලුපටු නැත. කරන හෝ කියන හෝ හැම දෙයකින්ම අත්දැකීමක් ලබා ගැනීම මෙන්ම ඊට සම්බන්ධ හේතු විස්‌තරාදිය මතකයේ රඳවා තබා ගැනීමද විශේෂ ලක්‌ෂණයකි.
හේතු යුක්‌ති සොයමින් හැමෙකක්‌ම වාගේ කරන්න කියන්න පෙළෙඹෙන ගතියක් දක්‌නට ඇත. එහි ප්‍රතිවිපාකයක් වශයෙන් තමන්ට ලැබෙන අගනා ඉඩ ප්‍රස්‌ථාවන් පවා වැළකී යන්නටද බැරිකමක් නැත. ඉස්‌සරහට යා යුතු අවස්‌ථාවලදී, සමහරවිට පසු බසින්නේ තමන් තුළ පවත්නා තියුණු හැඟීම් නිසාය. එයින්ද තමන්ට හානියක් සිදුවිය හැකිය. තමන්ගේ කැමැත්තට අනුකූලව කටයුතු කිරීමටද අකමැති වන අවස්‌ථා තිබිය හැකිය. පාවිච්චි කරන ඇඳුම් පැළඳුම් බඩු භාණ්‌ඩ ආදිය ක්‍රමවත්ව පිරිසිදුව තබා ගැනීම සඳහා බලවත් කැමැත්තක් දක්‌වනවාට සැකයක් නැත.
ජීවිතයේ තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය – සෞඛ්‍ය තත්ත්වය අතින් බොහෝ දුර්වල කෙනෙකු යයි කිව නොහැකි වුවද ශරීර සනීපය කිහිපාකාරයකින් ආරක්‍ෂා කරගත යුතුව ඇත. විශේෂ රෝගාබාධයකට ගොදුරුවේ යයි කිව නොහැකි වුවද රෝගවලට ගොදුරු වන්නේ, යම් යම් දේවල් ගැන ඕනෑවට වඩා කල්පනා කරන්න යැමෙනි. රෝගී තත්ත්වයක් ඇතිවූ කලක විනා, තමන්ට හිතෙන හිතෙන වෙලාවට බෙහෙත් ගැනීමෙන් වැළකී සිටීම සුදුසුය. නිරතුරු වෑයම් කළ යුත්තේ අස්‌වාභාවික නොව, ස්‌වභාවික ජීවිතයක් ගතකරන්නටය. ශරීර සනීපය යහපත් මට්‌ටමක ර¹ පවත්වා ගෙන යැමටනම් සිරුරට ප්‍රමාණවත් තරමින් ආහාර ගැනීමත් සුවසේ නිදා ගැනීම හා එළිමහනේ හැකිතරම් දුරට ක්‍රීඩා කිරීමත් අවශ්‍ය වන වග සිහි තබා ගත යුතුය.
විනෝදාත්මක ක්‍රියා සහ කරන්නට ප්‍රිය ක්‍රීඩා යනාදිය – පොත්පත කියවීමටද කෞතුක භාණ්‌ඩ හා පුරාවස්‌තු නැරඹීමටද කැමැත්තක් දැක්‌විය හැකිය. වනපෙත්වල සංචාරය කිරීමටද ආශාවක් දක්‌වන්න පුළුවන. කල්තබා සූදානම් කරගත් විනෝද ගමනක් යනවාට වඩා එවැනි ගමනක් යැමේ අරමුනින් කල්පනාවක නියෑළී සිටීම සමහරවිට සන්තෝෂය ගෙන දෙන්නක් විය හැකිය.
කරන රැකී රක්‌ෂා යනාදිය – අධ්‍යාපනයේ ශක්‌තියෙන් මෙන්ම පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ ආධාරයෙන්ද කළ හැකි සෑම වෘත්තියක්‌ම ගැලපේ. ගුරුවරයකු වශයෙන් හෝ ලේඛකයකු වශයෙන් හෝ පත්‍ර සඟරා කතුවරයකු වශයෙන් හෝ කටයුතු කළහොත්, උසස් තත්ත්වයකට පත්විය හැකිය. වෙළ¹ම තුළින්ද දියුණුව ළඟා කර ගැනීමට බැරිකමක් නැත.
ප්‍රේමය හා විවාහ ජීවිතය – ප්‍රේමය සිතට තදින්ම කාවැදෙන්න පුළුවන. පෙම්වතකු නම්, ස්‌වකීය පෙම්වතිය කෙරෙහි හදවතේ පවත්නා ආදරය එක හිතින්ම ප්‍රකාශ කරන්නට පුළුවන. විවාහයෙන් පසුව වුවද, ඇය කෙරෙහි පවතින්නේ, බද්ධ ප්‍රේමයකි. දයානුකම්පාවෙන් අනූන හදවත් තිබීම, කන්‍යා රාශියට අදාළ මාසයේ උපන් බිරින්දැවරුන්ගේ ස්‌වභාවයක් වන අතර, තමන්ගේ ප්‍රශ්න ගැටලුවලට සවන් දෙන්නැයි නිතරම වාගේ ඔවුන්ගේ සැමියන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ එහෙයිනි. එය එසේ වුවද, ස්‌වකීය බිරින්දෑවරුන්ගේ සැපදුක්‌වලට ඇහුම්කන්දීමට සැමියන් නම් කැමැත්තක් දක්‌වන පාටක් පේන්න නැති සෙයකි.
ශුභ දවස – අඟහරුවාදාය.
වාසනාව උදාකරන වර්ණය
මැණික් වර්ගය හා ලෝහය
අළු පැහැයෙන් හා දුඹුරු පැහැයෙන්ද ශුභ පල උදාකරගත හැකිය. ශුභ පල සඳහා නිල් මැණික් පැළඳීම සුදුසුය. වාසනාව ළඟා කර දෙන ලෝහය වන්නේ රිදීය.
සෑම වසරකම ශුභා ශුභ කාල වකවානු – අවුරුද්දේ සමහර කාලවලදී උත්සාහවන්ත, ධෛර්යවන්ත ස්‌වභාවයක් මෙන්ම ලබාගත නොහැකි දෙයක් නොමැති ස්‌වභාවයක් ද හැඟීයා හැකිය. එලෙස හැඟෙන්නේ ශුභ කාලයේදීය. අශුභ කාලයේ එහි ප්‍රතිවිරුද්ධ පැත්තය.
සෑම වසරකම අප්‍රේල් 20 වැනිදා සිට ජුනි 5 වැනිදා දක්‌වා ශුභ කාලය වන අතර අශුභ කාලය වන්නේ, නොවැම්බර් 23 වැනිදාත්, දෙසැම්බර් 21 වැනිදාත් අතර කාලයයි.
තමන්ගේ ජීවිතයට අදාළ ශුභ කටයුතු යට කී ශුභ කාල වකවානුව තුළදී කිරීම හා අශුභ කාලයේදී හැකි තරම් ප්‍රවේශම්ව කටයුතු කිරීමටද වග බලා ගැනීමට යහපත්ය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here