අධ්‍යාපනය පිළිබඳව ජ්‍යෙතිෂයෙන් දැනගන්නේ කෙසේද?

1651
අධ්‍යාපනය
අධ්‍යාපනය

සියලු වර්ග කේන්ද්‍ර අතහැර උදා ලග්නයෙන් පමණක්‌, විවාහය, රැකියාව, දරුවන්, අධ්‍යාපනය සියලු දැ කෝකටත් තෛලය මෙන් භාවිත කිරීම ජාතියේ අවාසනාවකි.

පුරාණ ආචාර්යවරු බුජ පත්‍රයේ (තල් කොළයේ ලියන ලද ජන්ම පත්‍රය) උදා ලග්නය, නවාංශකය, චන්ද්‍ර කේන්ද්‍රය නොහොත් ජන්ම කේන්ද්‍රය, සූර්ය කේන්ද්‍රය, සටහන් කර තිබුණි. උදා ලග්නයෙන් ඉහත සඳහන් ජන්ම පත්‍රවලට අමතරව තවත් බොහෝ ජන්ම පත්‍ර නිර්මාණය කර බැලිය යුතුමය. රැකියාව සම්බන්ධයෙන් දශාම්ශ කේන්ද්‍රයද, දරුවන් සම්බන්ධයෙන් සප්තාම්ශ කේන්ද්‍රයද, දෙමාපියන් සම්බන්ධයෙන් ද්වා දශාම්ශ කේන්ද්‍රයද, සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් දෙර්කාණ කේන්ද්‍රයද ආදී වශයෙන් විවිධ කේන්ද්‍ර නිර්මාණය වී ඇත. මේ සියල්ල වර්ග කේන්ද්‍ර යනුවෙන් හඳුන්වයි.

උදා ලග්නය හා අධ්‍යාපනය

අධ්‍යාපනය පිළිබඳ උදා ලග්නයේ 5 වැන්න, එහි අධිපති එහි සිටි ග්‍රහයන් පිළිබඳව පමණක්‌ පරීක්‍ෂා කිරීම අශාස්‌ත්‍රීය මොන්ටිසෝරි ක්‍රියාවකි.

උදා ලග්නය හා සමාන අයිතිය, ඇතැම් විට ඊට වඩා අයිතියක්‌ බලයක්‌, චන්ද්‍ර කේන්ද්‍රය නොහොත් ජන්ම කේන්ද්‍රයේ පහ අධිපතිගෙන්ද පස්‌වැන්නේ සිටි ග්‍රහයන් ගෙන්ද සිදුවිය හැකිය. එම නිසා අනිවාර්යයෙන්ම ජන්ම කේන්ද්‍රයෙන් පස්‌ වැන්න බැලිය යුතුමය. සූර්ය කේන්ද්‍රයටද මේ හා සමාන අයිතියක්‌ තිබෙන අතර සූර්ය කේන්ද්‍රයෙන් පස්‌ වැන්නටද බැලිය යුතුමය.

අධ්‍යාපනය

මේ අනුව උදා ලග්නයෙන් පස්‌වැන්න සිංහ රාශිය නිසා අංක 5 යොදා ඇත. අට වැන්නේ අංක අට යොදා ඇත්තේ වෘශ්චික රාශිය බව පහසුවෙන් වටහා ගැනීමටය. අංක 3 යොදා ඇත්තේ මිථුන රාශිය බව පහසුවෙන් වටහා ගැනීමටය.

ඔබේ ලග්නයට අදාළ අංක තිබෙන බව මින් වටහා ගත යුතුය. ඔබේ ලග්නය කුමක්‌ හෝ වේවා අංක එක මේෂ ,අංක 2 වෘෂභ, අංක 3 මිථුන, අංක 4 කටක, අංක 5 සිංහ, අංක 6 කන්‍යා, අංක හත තුලා, අංක 8 වෘශ්චික, අංක 9 ධනු, අංක 10 මකර, අංක 11 කුම්භ, අංක 12 මීන යනුවෙන් මතකයේ තබාගන්නා තෙක්‌ පොතක සටහන් කරගන්න.

මිථුන ලග්න වශයෙන් සටහන් කර ඇති නිසා එහි අංක තබන්නේ නැත. දෙවැනි කොටුවේ අංක 4 තබා ඇත්තේ කටක රාශිය බව පහසුවෙන් වටහා ගැනීමටය. සෑම කොටුවක්‌ම භාවිත කළ යුත්තේ රාශිය හෝ භාවය වශයෙනි. එම රාශියට අධිපති ග්‍රහයා රාශි අධිපති රාශ්‍යාධිපති වශයෙන් ද හඳුන්වයි. මේ අනුව මේෂ, වෘශ්චික රාශි සඳහා කුජ ග්‍රහයාද, මිථුන. කන්‍යා සඳහා බුධ ග්‍රහයාද, ධනු, මීන සඳහා ගුරු ග්‍රහයා ද මකර, කුම්භ සඳහා සෙනසුරු ද වෘෂභ, තුලා සඳහා සිකුරුද, කටක සඳහා චන්ද්‍රයාද, සිංහය සඳහා රවිද රාශි අධිපතියන් වශයෙන් හඳුන්වයි.

නැවතත් මාතෘකාවට යොමුවෙමු. චන්ද්‍රයා සිටි රාශිය මුලට තබා වෙනම කේන්ද්‍ර සටහනක්‌ නිර්මාණය කළ යුතුය. (චන්ද්‍රයා සිටි තැන සිට ඉදිරියට රාශි පහක්‌ ගන්න).

සූර්යා කේන්ද්‍රය

සූර්යා සිටි රාශිය මුලට තබා සාදන කේන්ද්‍රය සූර්යා කේන්ද්‍රයයි. එසේ සූර්යා කේන්ද්‍රය සැදූ විට සූර්යාගෙන් පස්‌ වැන්න මිථුන රාශිය (අංක 3) බව ඔබට පහසුවෙන් වැටහෙනවා ඇත. දැන් අධ්‍යාපනය සඳහා බැලීමට පස්‌ වැනි ස්‌ථාන තුනක්‌ නිර්මාණය වී ඇති බව ඔබට වැටහිය යුතුය. මෙම ස්‌ථානවල සිටි ග්‍රහයන් පිළිබඳවද මෙම ස්‌ථානාධිපතියන් සිටි ස්‌ථාන පිළිබඳවද එම ස්‌ථානවලට ලැබෙන සුබ හෝ අසුබ ග්‍රහ දෘෂ්ටි පිළිබඳවද විමසා බැලිය යුතුය. (මුල් රූප සටහන හොඳින් කිහිප වරක්‌ම අධ්‍යයනය කරන්න) නවාංශකයේ පස්‌ වැන්නද, උදා ලග්නයේ ඉහත සඳහන් පස්‌වැන්නාධිපතියන් නවාංශකයේ සිටින ආකාරයද පාප පීඩාවන හෝ සුබව පිහිටා තිබේ දැයි බැලීමට බුද්ධිමත් ගුරුවරු විසින් තම ජ්‍යෙdතිෂ මොන්ටිසෝරි ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්ට උගන්වන පළමු පාඩම්ය. මෙම කරුණු තුළ කිසිදු මත භේදයක්‌ ඉසිවරු 18 දෙනාගෙන් හෙළිවී නැත.

නීති පහකට යටත්ව ලග්නාධිපති සිටි ස්‌ථානය අනුව ගණනය කර ලබා ගන්නා පදය ආරූඪ ලග්නය වශයෙන් හඳුන්වන අතර Aඛ සංකේත අංකය ජන්ම පත්‍රවල යොදාගත යුතුය. පහ අධිපති සිටි ස්‌ථානය අනුව ලබාගන්නා පදය මන්ත්‍ර පදය වශයෙන් හඳුන්වන අතර A5 (පහ) සංකේත අංකය භාවිත කරයි. සෑම ජන්මියකුගේම මන්ත්‍ර පදය ආත්මීය කුසල් අකුසල් පමණක්‌ නොව අධ්‍යාපනය නිවේදනය කරයි. ප්‍රථම දරුවා නිවේදනය කරයි. නවවැනි රාශි අධිපති සිටි ස්‌ථානය අනුව ගණනය කර ලබාගන්නා පදය භාග්‍ය පදය වශයෙන් හඳුන්වන අතර A 9 (වශයෙන් සංකේත අංක සටහන් තබා ඇත. භාග්‍ය පදයෙන් උසස්‌ අධ්‍යාපනය, පියා පිළිබඳ, දෙවැනි දරුවා පිළිබඳ කරුණු දැනගත හැකිය.

මේ අනුව උදා ලග්නයෙන් පස්‌ වැන්න එහි සිටි ග්‍රහයන් ජන්ම ලග්නයෙන් පස්‌ වැන්න එහි සිටි ග්‍රහයන්, (3) සූර්ය ලග්නයෙන් පස්‌වැන්න එහි සිටි ග්‍රහයන් (4) නවාංශකයෙන් පස්‌ වැන්න හා උදා ලග්නයේ ග්‍රහයන් සිටි ස්‌ථාන (5) ආරූඪ ලග්නය, (6) මන්ත්‍ර පාදය, (7) භාග්‍ය පාදය හා එම ස්‌ථානවලින් දෙවැන්න පිළිබඳවද විශේෂයෙන් බැලිය යුතුමය. හේතුව ඕනෑම භාවයක්‌ වර්ධනයට ආහාර නොහොත් සම්පත් දායකත්වය ලැබෙන්නේ ඉන් දෙවැන්නෙනි. ඉහත සඳහන් සියලු ස්‌ථානවලින් දෙවැන්න ද බැලිය යුතුය.

විංශෝත්තරී දශාව

කෝකටත් තෛලය මෙන් විංශෝත්තරී දශාව පමණක්‌ මොන්ටිසෝරියේදී උගන්වා ඇත. ඒ තුළින් කනාවැකි, හිනාවැකි පැවසූ කුප්‍රකටයන් ගැන ඔබ දන්නේය.

ඕනෑම ජන්මියකුට දෙන සුබ හෝ අසුබ ඵල යෝගිනි දශාවෙන් සොය සොයා දෙන බව දත යුතුමය. නෛසර්ගික දශාව අනුවද ජන්මියන්ට සුබ හෝ අසුබ ඵල ලබාදේ. උදා(- ෙ-. ආර්. ජයවර්ධන මහතාට ජනපති වරම ලැබුණේ සෙනසුරුට අයත් නෛසර්ගික දශාවේදීය. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි උගතුන් මිහිදන් වූයේ රවිට අයත් නෛසර්ගික දශාවේදීය. එම නිසා යෝගිනි, නෛසර්ගික, විංශෝත්තරී යන දශාවල අනු දශා විදශා තුල්‍ය කොට, විවාහය, රැකියාව, අධ්‍යාපනය ආදී ඕනෑම කරුණක්‌ පිළිබඳ විමසිය යුතුමය.

Arranging my graduation thing on the desk against white background

අධ්‍යාපනය පිළිබඳ ඉහත කරුණු ප්‍රමාණවත්ද? නැත. හේතුව එකම මොහොතේ ජන්මීන් ලක්‍ෂ ගණන් උපදී,

සුපිංවත් දුවා දරුවන් ලැබීමට දෙමාපියන් පිංකර තිබිය යුතුමය. එම නිසා දෙමාපිය කේන්ද්‍ර තුළින් දරුවන් සරසවි වරම් ලබන්නේ දැයි විමර්ශනය කර බැලිය යුතුමය. මේ අනුව අධ්‍යාපනය සඳහා ජන්ම පත්‍ර තුනක්‌ විමර්ශනය කළ යුතු බව ඔබට වැටහෙනවා ඇත. දෙමාපියන්ගේ මන්ත්‍ර පදය ප්‍රථම දරුවන් ගැන කරුණු පවසයි. දාර පදය දෙවැනි දරුවා ගැනද භාග්‍ය පදය තෙවැනි දරුවා ගැනද කරුණු පවසයි.

මෙපමණක්‌ද ප්‍රමාණවත් නොවේ. අදාළ අවස්‌ථාවට ග්‍රහ ගමන් රටාව ආරූඪ පද තුළින් බැලිය යුතුමය. දෙමාපියන්ගේ සප්තාංශ කේන්ද්‍රය තුළින්ද දරුවන්ගේ අධ්‍යාපනය ගැන විමසිය යුතුය.

කෙටි ලිපි තබා මෙම ගැඹුරු විෂය කරුණු තුළින් ජන්ම පත්‍ර විග්‍රහ කිරීම අසීරු කටයුත්තකි. එසේ කළත් ඔබට තේරුම් ගත නොහැක. එම නිසා ඉඩ හරසර ලැබෙන පරිදි මූලික කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

We found this article from Divaina on 2014/01/05.