ඔබට රැකියාවක්‌ කවදා ලැබේද?

1974
රැකියාවක්‌
රැකියාවක්‌

තමා ළද අධ්‍යාපන සුදුසුකම් මත ඔබ අපේක්‍ෂා කරන රැකියාවක්‌ ඔබට කවදා ලැබේද, එම රැකියාව කිනම් ක්‍ෂේත්‍රයකට අයිති රැකියාවක්‌ද, එම ඔබ අපේක්‍ෂිත රැකියා කිනම් වර්ෂයක කිනම් මොහොතක ඔබට ලැබේද යන්න මෙම ලිපිය තුළින් තර්කානුකූල ජ්‍යෙතිෂ න්‍යාය අනුව එය ලැබෙන දිනය ඔබට පෙන්වා දීමට මම අදහස්‌ කරමි.

ජ්‍යෙතිෂ විද්‍යාවට අනුව මෙය දැනගැනීමට ඇති ක්‍රමවේද තුනක්‌ මුල්වෙයි. එයින් පළමුවැන්න ඔබේ ජන්ම පතේ 10 අධිපති දෙර්කාන අධිපති 22 දෙවැනි දෙර්කාන අධිපති 64 වැනි නවාංශක අධිපතිගේ බලය මෙයට මූලික වන පළවැනි සිද්ධාන්තය වේ. මෙම අධිපතියන්ගේ බලය ද තම ලග්නාධිපතිගේ බලය ද ඔබේ කේන්දරයේ රැකියාව ගැන කියන 10 අධිපතිගේ බලය ද රැකියා තුළින් ලැබෙන ධනය ලැබීම එය ඉතුරුවීම ගැන කියන 2-11-12 අධිපතියන්ගේ බලය ද රැකියාව තුළින් ලබන ජනප්‍රිය ප්‍රසිද්ධිය ද ඒ තුළින් සල්ලි සොයා ඔබ ලබන ගේ දොර ඉඩකඩම් ගැන 4 වැනි භාවයෙන් ද මෙම සුවිශේෂ වූ සිද්ධීන් රැසක්‌ ජ්‍යෙතීර් විද්‍යාවට අනුව පසුබිම් කර එකට ගොනු කරන ප්‍රධාන ස්‌ථානය වන්නේ රැකියා බල පෙන්වන ඔබේ කේන්දරයේ කර්මකාරක බලය එනම් මෙලොව පින ක්‍රියාවට නංවන ස්‌ථානය වන 10 වැන්න වේ.

රැකියාව ගැන කියන 10 අධිපතිගේ බලය

10 වැන්නේ යමෙකුගේ ග්‍රහබල ශක්‌තිය ශුභ බල ශක්‌තීන් මතින් බලවත් වී නම් ඔහුට 10 අධිපති ග්‍රහයාගේ මහ දශාවක්‌ හෝ අන්තර් දශාවක්‌ තුළ උසස්‌ රැකියාවක්‌ ලැබීම ඔබේ ජන්මපත තුළින් 10 අධිපතියාගේ බලය උඩ ඔබට උරුම වේ. තවද කේන්දරයේ භාව 12 තුළින් රැකියාවක්‌ කවදා ලැබේද යන ප්‍රශ්නයට උත්තර සැපයීමට ලග්නය 3 වැන්න, 2 වැන්න, 5 වැන්න 9-10-11-12 යන භාව සන්ධිස්‌ථාන මෙයට උපයෝගි වන බව ජ්‍යෙdතීර් විද්‍යාවේ පෙන්නා දී ඇත. මෙම ස්‌ථාන අධිපති ග්‍රහයන් පාපයන් නොවී ශුභයන් වුණි නම් රජයේ උසස්‌ නිලතල දරන තමා ඉගෙනගත් අධ්‍යාපන සුදුසුකම් අනුව ලබන රැකියා පළ ද එම රැකියාව තුළින් සමාජයේ උසස්‌ මට්‌ටම් හිමිවීම ද ගෙන දේ.

තවද ඔබ තරුණ විය ගෙවන රැකියාවක්‌ නොමැති තරුණයෙක්‌ හෝ තරුණියක්‌ වුණි නම් තමා ලැබූ ඉගෙනීමේ හැටියට තමාට හිමි රැකියාව දෛවය අනුව උරුම කරුම වෙන්නේ කවදාදැයි අතේ ඇඟිලි ගණන් කරමින් ඔබ එය උදාවෙන දිනය දවස එනතුරු මඟ බලා සිටින්නෙක්‌ වේද? එයට නිසි පිළිතුරු සපයන මෙම ලිපිය මෙය උදාවීමේදී ලග්නාධිපති ග්‍රහයා බලවත්ව ඔබේ කේන්දරයේ යෙදී භාව බලයෙන් රාශි බලයෙන් බලවත් වුණිද 5 වැන්න අධිපති 3, අධිපති 9, අධිපති බලවත් නම් ඔබ ලාබාල කාලයේ සිටම ඉගෙනීමට දක්‍ෂයෙක්‌ වී කලා අංශ හෝ වාණිජ්‍ය හෝ විද්‍යා අංශ තුළින් ඉගෙනීම ලබා එහි සුවිශේෂී බලය කැන්දන විශ්වවිද්‍යාල උපාධි ලබා තම නිසි වයස එළැඹි අවස්‌ථාවේ තමාට දෛවයෙන් උරුම කරුම වූ රජයේ උසස්‌ නිලතල දරන ප්‍රධානත්වය, මූලිකත්වය දරන පරිපාලන අංශවලට අදාළ රැකියා ලැබීමට වාසනාව උරුම වීම ගෙන දේ.

උසස්‌ මට්‌ටමේ රැකියාවක්‌

එම තත්ත්වයට ඔබව ගෙන ඒමට මූලික වන ග්‍රහ බල රැසක්‌ භාව 12 ක්‌ තුළ එම භාව අධිපති ග්‍රහයන්ගේ බල දුබලතා ද උඩ උදාවෙන අයුරු මෙසේය. ලග්නාධිපතිගෙන් ඔබේ උත්සාහයේ උනන්දුවේ බලය ගොඩනඟා දීම 5 අධිපති, 3 අධිපතිගෙන් අධ්‍යාපනය නොමඳව ලබමින් එහි උසස්‌ වූ මට්‌ටම උදාකර දීම ද 2 ගෙන දේ. මෙහිදී 10 අධිපති තම ජන්මපතේ දෙර්කාණය අධිපතියේ බලය ද 22 දෙවැනි දෙර්කාන අධිපතිගේ බලය ද උඩ ද 64 වැනි නවාංශක අධිපතියාගේ බලය තුළ ද ඔබට රැකියා ලබාගැනීමේ වාසනා ගුණ නියත වශයෙන් උදා වේ. මෙම ස්‌ථාන අධිපති ග්‍රහයන් ශුභයින් වී උපතේ බලවත් නම් ඔබට හිමි රැකියාව ශාස්‌ත්‍රීය අංශවලට අදාළ තම ඉගෙනීමෙන් ලැබූ දැනුමෙන් කරන එකකි. ඔබ සමාජයට ආදර්ශයක්‌ දෙන ගුරුවරයෙක්‌ සේ වැඩකරන සමාජ උසස්‌ මට්‌ටමේ රැකියාවක්‌ කරන අයෙක්‌වීම ස්‌ථිර වේ. තවද එම ස්‌ථාන අධිපති ග්‍රහයන්ගේ මහ දශා අන්තර් දශා තුළ එම ඉහත මා සඳහන් කළ උසස්‌ වූ රැකියා ලැබී ඔබ සමාජයට යුග මෙහෙවරක්‌ කරන අයෙක්‌ වීම ස්‌ථිර වේ.

යමෙක්‌ ළාබාල කාලයේ රාහු මහ දශාව, සෙනසුරු මහ දශාව, කේතු මහ දශාව, ගුරු මහ දශාව, සිකුරු මහ දශාව, බුද මහ දශාව ගෙවන්නේ නම් එම ග්‍රහයන් උපතේ බලවත් නම් විශේෂයෙන් ගුරු බුද සිකුරු සඳු වැනි ශුභ ග්‍රහයින් උපතේ බලවත් වුණි නම් එම අය ඉගෙනීම තුළින් තමා නිසි වයසට රජයේ උසස්‌ රැකියා ලබා එම අයගේ ජන්ම පත්වල 7 අධිපති ග්‍රහයා ද බලවත් වුණි නම් රූමත් බිරිඳක්‌ හෝ රූමත් පුරුෂයකු හෝ ලබා උසස්‌ රජයේ හෝ පුද්ගලික අංශවල උසස්‌ රැකියා කරන අයෙක්‌ වීම ගෙන දේ.

රැකියාවක්‌

ග්‍රහ බල රශ්මි කදම්භයේ බලය විද්‍යාත්මකව තාක්‍ෂණය කිරීමේදී ග්‍රහයන්ගේ නිසගකාරකත්ව ගුණය, යෝග කාරකත්ව ගුණය, නෛසර්ගික කාරකත්ව ගුණය ද මැනවින් පරීක්‍ෂණයකට ලක්‌කර බැලීමේදී ඔබට දෛවයෙන් උරුම රැකියාව ගැන ජ්‍යෙතීර් විද්‍යාවට අනුව කරුණු රැසක්‌ අපට දැක බලාගත හැක. මෙම ලිපිය තුළින් යමෙකුගේ ජීවිතේ බාලවිය තුළ තමා ලබන ඉගෙනීමේ මට්‌ටම තුළින් සමාජයේ තමාට හිමි තැන රැකියා ලැබීම චිර ජීවන රටාව ලැබීම උදා කරවයි. ඉගෙනීම ලබන කුඩා අවධියක රාහු කුජ ශනි යන පාපයන්ගේ පාප වූ දශා යමෙක්‌ ගෙවුවේ නම් ඔහුගේ අධ්‍යාපන කටයුතු අඩාල වී යැම නියත සිද්ධිපති එයින් ඉගෙනීම තුළින් ලබන රැකියා උසස්‌ වූ මට්‌ටම පසෙකලා ඔහුගේ දෛවයෙන් ඔහුට උරුම වූ කාර්මික අංශ සිවිල් ඉංජිනේරු ව්‍යාපාර වස්‌තු රැකියා වෘත්තිය ලාභ වශයෙන් ඔහුට උරුම වේ. මෙහි ප්‍රති සාධක ගොඩක්‌ ඇත.

යමෙකුගේ කේන්දරයක ශනි, කේතු, රාහු, කුජ, ගුරු බලවත්ව 10 වැන්නේ සිටීද ඔහු ලෝකපූජිත කාර්මික අංශයෙන් රැකියා කරන දක්‍ෂයෙක්‌ වේ. බුද රවි සිකුරු බලවත්ව උපත ලැබූ අයෙක්‌ වී නම් කලා අංශයේ රටේ නම ගිය දක්‍ෂ කලාකරුවකු වන එක්‌කෝ රටේ සුපතල ජනප්‍රිය ගායකයෙක්‌ හෝ සංගීත අධ්‍යක්‍ෂක කෙනෙක්‌ වීම ගෙන දේ. රවි කුජ සංයෝගය රැකියාව කරන 10 වැනි ස්‌ථානයේ යෙදෙමින් 11 වැනි භාවයේ 12 වැනි භාවයේ රාහු යෙදී ඇතිව ගුරු ලග්න ගත වූවේ නම් රට පාලනය කරන දේශපාලන නායකත්වය ලබන රටේ දේශපාලන නායකයකු වීම ගෙන දේ. ශනි, රාහු, ගුරු, කේතු, කුජ යන ග්‍රහ සංයෝග 10 වැන්නේ යෙදී යමෙක්‌ ඉපදුනොත් ඔහු හෝ ඇය උපතින්ම පළපුරුදු හුරුබුහුටිකම් ඇති ප්‍රවීණ වෛද්‍යවරයෙක්‌ වීම ගෙන දේ. සියුම් ගුප්ත දේවල් වන ගෘහ නිර්මාණ ශිල්පීන් බිහිකරන ග්‍රහයෝග සංයෝග රැසක්‌ ද ඇත. කේතු, බුද, ශනි, ගුරු සංයෝගයට සිකුරුගේ බලය ද උදා වූ විට දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පීන් මෙලොවට බිහිකරන ග්‍රහ සංයෝගය වේ. ඔවුන් වෘත්තීය කර ගන්නේ ගෘහ නිර්මාණ ශිල්පය වේ. තවද කුජ, රවි, ශනි, බුද සංයෝගයට සඳු සිකුරුගේ බලය ද යොමුවූයේ නම් නැව්වල රැකියා හිමි නැව්වල නාවිකයන් හමුදා පොලිසියේ උසස්‌ නිලතල දරන නිලධාරීන් මෙලොවට බිහිකරන ග්‍රහ බලය වේ නම් යමෙක්‌ ක්‌සිතිජය උදා වේ.

රැකියාවක්‌

රැකියාවක් කිරීමට පින් නැත්තන්

මොනයම් ලග්නයකින් උපත ලැබුවත් ඔහු හෝ ඇයගේ උපත් ජන්මපතේ 10 අධිපති ග්‍රහයාගේත් ලග්නාධිපති ග්‍රහයාගේත් 5-9 අධිපතියන්ගේ 22 වැනි දෙර්කාන අධිපතියන්ගේත් 64 වැනි නවාංශක අධිපතිගේත් බලය අනුව ඔබට හිමි රැකියාව ගැන විස්‌තර බලාගන්නා සේම ඔබට හිමි රැකියාව නියත වශයෙන්ම දැනගත හැකි බව මේ ලිපියෙන් ඔබට පෙන්නා දෙමි. දැන් ඔබට ඉගෙනීම නියම නිසි වයසේ නොලබා කිසිම ශාස්‌ත්‍රීය දැනුමක්‌ නොමැති රැකියාවක්‌ ස්‌ථිරවම කිරීමට බැරි අය මෙලොවට බිහිකරන ග්‍රහ බල ගැන දැන් ඇති අධීක්‍ෂණයක්‌ කර බලමු. එහිදී අප දකින දෙය නම් එම අයගේ ජන්මපත්වල ලග්නාධිපති 2 අධිපති 5 අධිපති 1-59 අධිපති ග්‍රහයන් ද 2-11-12 අධිපති ග්‍රහයන් ද 22 වැනි දෙර්කාන අධිපති ග්‍රහයා ද 64 වැනි නවාංශක අධිපති ග්‍රහයන් ද දුබල වුණි නම් ඔහුට යම්කිසි අයෙක්‌ ළඟ හෝ රජයේ උසස්‌ හෝ පහත් රැකියා කිසිදා කිරීමට පෙර පින් අනුව වාසනා ගුණ නැත. එයට හේතු සාධක වන ප්‍රතිසාධක ද රැස්‌කර ඇත. ඊට හේතුව එම අයගේ කේන්දරවල මම ඉහත සඳහන් කළ ස්‌ථාන අධිපතියන් දුබලතාවයට පත්වීම වේ.

මෙය කර්මානුරූපව බැලූ විට යමෙකුගෙන් යෑපෙනවා විනා තම උත්සාහය තුළින් ස්‌වයං මගේ ස්‌වතන්ත්‍ර රැකියාවක්‌ කරමින් වැටුපක්‌ ලබා තම උත්සාහයෙන් දියුණුව ලැබීමට වාසනාව නැති අය මොවුන් වෙති. එම අයට එම අයගේ දෛවයෙන් උරුම කරුම වන්නේ එම දේ පමණි. ආත්ම අභිලාෂය ආත්ම ශක්‌තිය නොමැති වීම ද ඉන් සමහරකි. මෙය යමෙකුට පෙන්නා දීමේදී වටහා දීමේදී ජෝතීර් විද්‍යාවේ සැඟවුණු සාරගර්භ මට එකින් එක විග්‍රහ කර පෙන්වීමට පුළුවන. නමුත් ආත්ම අභිලාසය තම ලග්නාධිපති ග්‍රහයාගෙන් ගොඩනැගේ නම් රැකියාව ගැන 1-59-10 අධිපතිගේ බල ද එයින් ධනය ලැබීම බලය 2-11-12 අධිපතියන්ගේ බලය උඩ සිදුවේ නම් 22 වැනි දෙර්කාන අධිපතිගේ බලය ද 64 වැනි නවාංශක අධිපතිගේ බලය උඩ මෙම කරුණු ඔබට ජීවිතයට උදා කරයි. යමෙක්‌ එනම් ඔබ ජෝතීර් විද්‍යාව ගරු කරන පිළිගන්න කෙනෙක්‌ නම් මෙම භාව අධිපතියන්ගේ බලය ද තම දිවිකමලට දෛවයෙන් උරුම වූ ග්‍රහ බල ගැන ද මැනවින් පරීක්‍ෂණයකට ලක්‌කිරීමට දක්‍ෂ ජ්‍යෙතිෂවේදියකුට තම ජන්මපත දී ඔහුගෙන් උපදෙස්‌ ලබා තමාට හිමි රැකියා කවදා ලැබේද එයින් දියුණුව උදා වේද යන්න ගැන සොයා බැලීම හරි වටී.

We found this article from Divaina on 2014/01/05.