[ratings]
පසුගිය පාඩමේදී භාව ස්‌ඵුට සහ ග්‍රහ ස්‌ඵුට තොරතුරු ක්‍රි. මූර්ති භාව කේන්දරයක සටහන් කළ යුතු ආකාරය ඉගෙන ගත්තා. අද අපි භාව හා ග්‍රහ පිහිටීම් පිළිබඳව සාකච්ඡා කරමු.
භාව හා ග්‍රහ පිහිටීම
අපේ ආදර්ශ කේන්දරයේ භාව හා ග්‍රහ පිහිටීම් සම්බන්ධව පැහැදිලි කිරීමක් කළ යුතුවේ. රාශිය හා භාවය යන දෙක එකක් නොවන බවත් සමහර අවස්‌ථාවලදී භාවයට රාශි දෙකක් හෝ තුනක් අයත්වන බවත්, මා මීට පෙර පාඩමකදී කියා දුන්නා ඔබට මතක ඇතැයි සිතමි. ආදර්ශ කේන්දර සටහන දෙසට අවධානය යොමු කරන්න. ලග්න ස්‌ඵුටය. ෂ ධනු රාශියේ අංශක 23 41 20″ සිට මකර රාශියේ අංශක 24 16 39″ දක්‌වා පරාසයක පිහිටා ඇත. මෙයින් ඔබ තේරුම් ගත යුත්තේ ලග්න ස්‌ඵූටයේ සිට දෙවැනි භාව ස්‌ඵුටයේ උදාව දක්‌වා පළමුවන භාවයට අයත් බවයි.
i ලග්න භාවය
ධනු රාශියේ අංශක 23.41.20 සිට මකර රාශියේ අංශක 24.16.39 දක්‌වා විහිදී ඇත. මෙම භාවයේ සිකුරු තැන්පත්ය.
ii දෙවැනි භාවය
දෙවැනි භාවය මකර රාශියේ අංශක 24.16.39 සිට කුම්භ රාශියේ අංශක 27.06.22 දක්‌වා පරාසයක පිහිටා ඇත. කේතු ග්‍රහයා මෙම භාවයේ තැන්පත්ය.
iii තුන්වැනි භාවය
තුන්වැනි භාවය කුම්භ රාශියේ අංශක 27.06.22 සිට මීන රාශියේ අංශක 29.38.43 දක්‌වා ප්‍රදේශයක පිහිටා ඇත. මෙම භාවයේ ග්‍රහයින් නොමැත.
iv හතරවැනි භාවය
හතරවැනි භාවය මීන රාශියේ අංශක 29.45.43 සිට මේෂ රාශියේ අංශක 29.38.03 දක්‌වා විහිදී ඇත. ග්‍රහයන් තැන්පත් වී නොමැත.
v පස්‌වැනි භාවය
පස්‌වැනි භාවය මේෂ රාශියේ අංශක 29.38.03 සිට වෘෂභ රාශියේ අංශක 26.52.25 දක්‌වා පිහිටා ඇත. ග්‍රහයන් නොමැත.
vi හයවැනි භාවය
හයවැනි භාවය වෘෂභ රාශියේ අංශක 26.52.25 සිට මිථුන රාශියේ අංශක 23.41.20 දක්‌වා ප්‍රදේශයක පිහිටා ඇත. මෙම භාවයේ සඳු සහ ෙµdaවුනා තැන්පත්ය.
vii හත්වැනි භාවය
හත්වැනි භාවය මිථුන රාශියේ අංශක 23.41.20 සිට කටක රාශියේ අංශක 24.16.39 දක්‌වා පැතිර තිබේ. ග්‍රහයන් නොමැත.
viii අටවැනි භාවය
අටවැනි භාවය කටක රාශියේ අංශක 24.16.39 සිට සිංහ රාශියේ අංශක 27.06.22 දක්‌වා ප්‍රදේශයේ විහිදී ඇත. මෙම භාවයේ රාහු, ගුරු සහ කුජ තැන්පත්ය.
ix නවවැනි භාවය
නවවැනි භාවය සිංහ රාශියේ අංශක 27.06.22 සිට කන්‍යා රාශියේ අංශක 29.45.43 දක්‌වා විහිදී ඇත. මෙම භාවයේ ශනි තැන්පත්ය.
x දසවැනි භාවය
දසවැනි භාවය කන්‍යා රාශියේ අංශක 29.45.43 සිට තුලා රාශියේ අංශක 29.38.03 දක්‌වා පැතිර ඇත. ග්‍රහයන් නොමැත.
xi එකොළොස්‌වැනි භාවය
එකොළොස්‌වැනි භාවය තුලා රාශියේ අංශක 29.38.03 සිට වෘශ්චික රාශියේ අංශක 26.52.25 දක්‌වා ප්‍රදේශයක පිහිටා ඇත. මෙම භාවයේ යුරේනස් ග්‍රහයා තැන්පත් වී ඇත.
ඞෂෂ දොළොස්‌වැනි භාවය
දොළොස්‌වැනි භාවය වෘශ්චික රාශියේ අංශක 26.52.25 සිට ධනු රාශියේ අංශක 23.41.20 දක්‌වා පරාසයක පිහිටා ඇත. මෙම භාවයේ රවි, බුද, සහ නැප්චූන් යන ග්‍රහයන් තැන්පත් වී සිටී.
අද අපි භාව ස්‌ඵුට ආරම්භය සහ අවසානය හෙවත් භාව බෙදී යන ආකාරය හා ග්‍රහයෙකු අයත්වන භාවය පිළිබඳව ඉගෙන ගත්තා. දැන් ඔබට හොඳ අවබෝධයක් ඇතැයි සිතමි. ලබන පාඩමේදී ජන්ම නැකත හා දශා ශේෂය සොයන අන්දම ඉගෙන ගනිමු.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here