ග්‍රහ සංයෝග ගෙනදෙන ශුභ ඵල

1108
ග්‍රහ සංයෝග

ග්‍රහ සංයෝග වලදී වටිනා ප්‍රතිඵල අත්කරනු ලබන්නේ කේන්ද්‍ර ස්‌ථානයකුත්, ත්‍රිකෝණ ස්‌ථානයකුත් අධිපති ග්‍රහයන් අදාළ ස්‌ථානයේ එකට සිටීමෙනි. එය උච්ච හා ස්‌ව රාශියක්‌ වී නම් ප්‍රතිඵල අතිසාර්ථකයි.

උච්ච බලයෙන් හා ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටින ග්‍රහයන් බලවත්ය. හතර කේන්ද්‍රයේ (01,04,07,10) උච්චව හෝ ස්‌වක්‍ෂේත්‍රව කුජ, බුධ, ගුරු සිකුරු, සෙනසුරු සිටීමෙන් පංච මහා පුරුෂ යෝගය යෙදෙයි. මෙය ඉතා බලවත් යෝගයකි. එසේම ඕනෑම භාවයක උච්චව හෝ ස්‌වක්‍ෂේත්‍රව සිටින රවි – චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ශුක්‍ර, ශනි යන ග්‍රහයන් 07 දෙනාගෙන්ම යෙදෙන යෝගයද සිදුවෙයි.

ග්‍රහයන්ගෙන් රවි මේෂ රාශියට උච්ච වන අතර සඳු උච්ච වන්නේ වෘෂභ රාශියටයි. කුජ, මකරයට උච්ච වන අතර ගුරු කටකයට උච්චවෙයි. සිකුරු මීනයටත් සෙනසුරු තුලාවටත් උච්චවෙයි. රාහු කේතු මිථුනයට සහ ධනුවට උච්චවේ.

රවි ස්‌වක්‍ෂේත්‍ර වන්නේ සිංහ රාශියටයි. සඳු කටකයටත්, කුජ මේෂ, වෘච්චික රාශි දෙකටත්, බුධ මිථුනට හා කන්‍යාවටත්, ගුරු ධනු – මීන රාශි දෙකටත් සිකුරු වෘෂභ, තුලාවටත් ස්‌වක්‍ෂේත්‍ර වෙයි. රාහු කේතු කන්‍යාවට සහ මීනයට ස්‌වක්‍ෂේත්‍රය.

යම් පුද්ගලයකු (ස්‌ත්‍රියක හෝ පුරුෂයකු) ගේ කේන්ද්‍ර සටහනේ ලග්නය මීන වී නම් එහි ගුරු – සිකුරුද දෙවැන්නේ (මේෂ රාශියේ) රවිද, 11 වැන්නේ (මකර රාශියේ) අඟහරුද සිටී නම් ඔහු හෝ ඇය ප්‍රධානත්වය ලබා රජෙකු ලෙස කටයුතු කරයි. රටේ තොටේ ප්‍රකට මහා ප්‍රබලයකු වන්නේය.

රුචික යෝගය

කුජ නොහොත් අඟහරු උච්ච බලයෙන් හෝ ස්‌වක්‍ෂේත්‍රය බලයෙන් යුතුව කේන්ද්‍රගතව සිටීමෙන් “රුචික යෝගය” යෙදෙයි. මෙම යෝගයෙන් උපන් අය තුළ එඩිතර බව, නිර්භීත කම, ප්‍රසන්න පෙනුම, ගෙන දෙයි. කාර්මික ශිල්පීය සේම වැවිලි කටයුතුවලටද දක්‍ෂ වෙයි.

“භද්‍ර යෝගය” යෙදෙන්නේ බුධ ග්‍රහයා උච්ච බලයෙන් හෝ ස්‌වක්‍ෂේත්‍රය බලයෙන් හතර කේන්ද්‍රයේ (1-4-7-10) සිටීමෙනි. මෙම ග්‍රහයෝගය නිසා බුද්ධිය, දැනුම ධාරණ ශක්‌තිය, ඥන ශක්‌තිය වර්ධනය වෙයි. ශාස්‌ත්‍රීය අවබෝධය ලබයි. කතාව සිත් ගන්නා සුළුයි. ග්‍රන්ථ කතුවරුන් මහාචාර්යවරුන්, පඬිවරුන් බිහිවන්නේ මෙම යෝගයේa බලයෙනි.

රණහංස යෝගය යෙදෙන්නේ ගුරු උච්චව හෝ ස්‌වක්‍ෂේත්‍රව 1-4-7-10 ස්‌ථානවලත්, 05-09 ස්‌ථානවලත් සිටීමෙනි. මෙම ග්‍රහ සංයෝග යෙන් උපන් තැනැත්තා ආයුබල, සැපබල, ධනබල, ණැනබල ලබයි. චරිතය යහපත්ය. ආගමානුකූලව කටයුතු කරයි. රජයේ උසස්‌ තනතුරු ලබයි.

මාලවී යෝගය

සිකුරු උච්ච හෝ ස්‌වක්‍ෂේත්‍රව 1-4-7-10 ස්‌ථානයක හෝ 5-9 ත්‍රිකෝණයක සිටී නම් “මාලවී යෝගය” උදාවෙයි. මෙම යෝගයෙන් උපන් අයට ප්‍රසන්න රූපශෝභාවක්‌ ගෙනදෙයි. කලාකාමියකු වන්නේය. සතුටින් විනෝදයෙන් කාලය ගෙවයි. දුක්‌ කරදර අඩුයි.

සෙනසුරු ග්‍රහයා තුලා රාශිගතව සිටීමෙන් සේනක යෝගය යෙදෙයි. පිරිස්‌බලය ලබයි. ආගමික සමාජ, පොදු කටයුතු ප්‍රිය කරයි. දුරදක්‌නා නුවණින් යුක්‌තයි. ධනය ලබයි. එසේම ශනි උච්චව හෝ ස්‌ව ක්‍ෂේත්‍රව 1-4-7-10 ස්‌ථානයක සිටීමෙන් ශශ යෝගයද යෙදෙයි. මෙයින් ආයුෂ බල වැඩී. ප්‍රධානත්වය ලබයි. අන්සතු ධනය ලබයි. ආගමික කටයුතුවල යෙදේ. සෙනසුරු මකර රාශිගතවීමෙන් “ශ්‍රී කාන්තා යෝගය” යෙදෙයි. ගේදොර ඉඩකඩම් ලබයි. අලංකාරයට කැමතියි. පිරිස්‌ බලය ලබයි. සකසුරුවම පවතී. විවාහය ප්‍රමාදවේ. ශනි කුම්භ රාශියේ සිටින විට “ජය යෝගය” යෙදෙයි. ආහාර පාන හා පැවැත්මෙන් යුතුව රෝග පීඩා වලක්‌වා ගනී, ශරීර ශක්‌තිය හොඳයි. ආත්ම ගෞරවය

රැකගනී. සිකුරු මීන රාශි ගතවීමෙන් “මහෞෂධ යෝගය” උදාවෙයි. ප්‍රසන්න රූපය වෙයි. නිරෝගී වෙයි. අන් අයගේ ගරු සැලකිලි ලබයි. අසරණ අයට සරණ වේ. උපදේශකයකු ලෙස කටයුතු කරයි. සිකුරු තුලා රාශි ගතවීමෙන් “ජියුවාකාර යෝගය” යෙදෙයි උසස්‌ යහපත් අය ආශ්‍රය කරයි. ජීවිතය ආදර්ශවත් ලෙස ගත කරයි. ගේ දොර ඉඩකඩම් වාහන ලාභ ලබයි. ව්‍යාපාරවලට ඉතා ශුභයි. සිකුරු වෘෂභ රාශිගත වීමෙන් “විෂ්ණු යෝගය” ඇතිවේ. පෙනුම ප්‍රසන්නයි. සැප සම්පත් ලබයි. විවාහය ගැන විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි. ඉඩකඩම් ගෙවල් දොරවල් වාහන ලාභ ලබයි.

ග්‍රහ සංයෝග

ජය සිදු යෝගය

“භූමිපාල යෝගය ඇතිවන්නේ ගුරු (බ්‍රහස්‌පති) මීන රාශිගත වීමෙනි. මෙම ග්‍රහ සංයෝග යෙන් භූමි ලාභලබයි. අහංකාර හෝ ආඩම්බර හෝ නොවේ ඉගෙනීම් කටයුතුවලට දක්‍ෂයි. රාජ්‍ය සේවයේ නියෑලේ. අයුතු ලෙස හම්බකර නොගනී. ගුරු ධනු රාශිගත වීම නිසා රණහංසයෝගය ඇතිවේ. ආලය පිළිබඳ කටයුතුවල පැටලේ. යහපත් විවාහයක්‌ කරගනී. වැඩකටයුතු ක්‍රමානුකූලයි. ආයුෂ බල වැඩී සැප ලබයි. ගුරු කටක රාශි ගතවීමෙන් “ජය සිදු යෝගය” ඇතිවේ. කාරුණික හැඟීම්වලින් යුක්‌තයි. සාධාරණව කටයුතු කරයි. රූප ශෝභාව වර්ධනය වෙයි. ඉගෙනීමට දක්‍ෂයි. විවාහ දිවිය යහපත්ය.

බුධ මිථුන රාශිගතවීමෙන් “අමෘත යෝගය” යෙදෙයි. සිතීමේ ශක්‌තිය වැඩී උගත් ඇසුපිරූ තැන් ඇති අයකුගේ ගති ඉරියව් ප්‍රකාශ වෙයි. උපදේශකත්වය ලබයි. ග්‍රන්ථකරණයට දක්‍ෂයි. කතාව සිත්ගන්නා සුළුයි. බුධ කන්‍යා රාශියේදී උච්ච බලයත් ස්‌වක්‍ෂේත්‍ර බලයත් දෙකම ලැබීම නිසා ඥණ ශක්‌තිය, ධාරණ ශක්‌තිය බලවත් වේ. විවිධ භාෂාවන් ගැන දැනුම ලබයි. ඉගෙනීම් කටයුතුවලට ආශා වැඩී සිත ගැනම සිතයි.

කුජ (අඟහරු) මකර රාශියේදී සිටීමෙන් “සතරදීප ජය යෝගය” උදාවෙයි. ප්‍රධානත්වය ලබයි. සහජ හැකියාවන්ගෙන් යුක්‌තයි. රැකියා උසස්‌ තනතුරු ලබයි. ආලය පිළිබඳ කටයුතු වලදී සිතට අසහනය ගෙනදෙයි. එහෙත් උසස්‌ විවාහයක්‌ කරගනී. කුජ වාශ්චික රාශියේදී යෙදෙන “මහීපාල යෝගය එතරම් යහපත් නැත. තරමක්‌ හිතුවක්‌කාරයි. කලබලයි. අවදානම් වැඩවලින් අනතුරු ඇතිවිය හැකිය. ලේ දොෂ ඇතිකරයි. රහසිගත දේවලට දක්‍ෂයි. කුජ මේෂ රාශියේදී “ගජකේශර යෝගය” ඇතිවේ. ක්‍රීඩා කටයුතුවලට කැමතියි. භූමි ලාභ ලබයි. උපන් තත්ත්වයට වඩා උසස්‌ තත්ත්වයක්‌ හිමි වේ. නමුත් විවාහ ජීවිතයේ සතුට අඩුවිය හැකිය.

සඳු කටක රාශිගතවීමෙන් “කුලීර යෝගය” උදාවන නිසා සාර්ථක විවාහ ජීවිතයක්‌ ගත කළ හැකිය. වාසනාවන්ත දරුවන් සිටී. චරිතය ඉතා හොඳයි. සඳු වෘෂභයේ සිටීමෙන් “සස යෝගය” යෙදෙයි. පෙනුම ප්‍රසන්නයි. මවගෙන් ධනය ලබයි දේපළ ගේදොර ඉඩකඩම් වාහන ලැබීමේ භාග්‍ය ඇත.

ග්‍රහ සංයෝග

රවි මේෂ ග්‍රහ සංයෝග

රවි ග්‍රහයා සිංහ රාශිගත වීමෙන් “උපේන්ද්‍ර යෝගය යෙදෙයි. ප්‍රධානත්වය ලබයි. ආත්ම ගෞරවය රැකගනී. සිතන දේ කිරීමට පසුබට නැත. හිංසා කටයුතු නොකරයි. මෙම උපේන්ද්‍රයෝගය යෙදෙන්නේ වර්ෂයේ අගෝස්‌තු මැද සිට සැප්තැම්බර් මැද දක්‌වා උපන් අයටයි. රවි මේෂ රාශිගතවීමෙන් මයුරපාල යෝගය උදාවෙයි. වර්ෂයේ අප්‍රේල් 14 ත් මැයි 14 ත් උපන් අයට මේ යෝගය යෙදෙයි. පෙනුම තේජවන්තයි. රජයේ රැකියා ලබයි. දේපළ ඉඩකඩම් හිමිවේ. විශාල ධනවත් අයකු වන්නේ කන්‍යා රාශියේ රාහුත්, කුජත්, ශනිත්, සිකුරුත් සිටින විටයි.

ගුරු සිංහ රාශියෙත්, සෙසු ග්‍රහයන් කටක, තුලා, ධනු මකර රාශිවල සිටීමෙන් එම තැනැත්තා හෝ තැනැත්තිය ප්‍රදේශාධිපති, පිරිස්‌ බලය ඇති ඉඩම් හිමියකු වන්නේය. ධනවතකු වේ. 04 වැන්නේ සිකුරු – ගුරු කුජ සඳු සමග රවි හෝ ශනි සිටී නම් ධනවත් දේපළ ඉඩකඩම් ඇති අයකු වන්නේය.

We found this article from Divaina on 2014/03/09.