ගෙයක්‌ හැදීමේදී නැකත් ඕනෑමද?

1053
ගෙයක්‌
ගෙයක්‌

ගෙයක්‌ තැනීමට ගෙපල ශුද්ධ කිරීමේ සිට අත්තිවාරම දක්‌වා ප්‍රධාන වශයෙන් නැකැත් බලවත් විය යුතුය. එයිනුත් ගෙයක්‌ සෑදීමේදී අත්තිවාරමේ වැඩ අරඹන නැකත ප්‍රධාන වෙයි. එසේ නැකැත් මගින් අපේක්‍ෂා කරන්නේ මිනිසාගේ ඥාණ – ධර්ම – අර්ථ – කාම – මෝක්‍ෂ යන ලෞකික පංච සමාපත්තිය මේ නිවස තුළදී මනා ලෙස උදාකර ගැනීමට හැකි ලෙසිනි.

අද අනුරාධපුර – පොලොන්නරු – දඹදෙණි ආදී යුගවල ගොඩ නංවන ලද ගොඩනැඟිලිවල පෞරුෂ බලය ඒ නටඹුන් වලින් පවා අදත් විද්‍යමාන වෙයි. එදා නැකැත් බැලූ ගුරුතුමා එම ජන සමාජයේ මහාර්ග සුවිශ්ෂී පුද්ගලයෙකි. ගොවිතැනින් ජීවත් වූ ජන සමාජයට ද කෘෂි අස්‌වනු වැඩිකර ගැනීමට එදා නැකැත් අනුව කටයුතු කළේ ද ආහාරයෙන් ස්‌වයංපෝෂිත වීමෙන් එකී පංච සමාපත්තිය සලසාගත් හෙයිනි.

ගෙයක්‌ සඳහා ප්ලෑන ඉතාම වැදගත් අංගයකි. එහි ඉංජිනේරුමය තත්ත්වයන්ට පමණක්‌ මුල්තැන දීම අනුවණ කමකි. ඒ පැත්ත මෙන්ම ජ්‍යෙතිෂමය පැත්ත පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. එම ගෘහය තනවන හිමියාට එය ද ඥාණ – ධර්ම – අර්ථ – කාම – මෝක්‍ෂ වශයෙන් ඉතාම සුබදායක විය යුතුය. ඒ සඳහා යොදා ගන්නා නැකත කොතරම් ප්‍රබල වුවත් ප්ලෑනේ දෝෂ පවතී නම් ගැටලු මතු කරයි.

ගෙයක්‌

එසේම ප්ලෑන කොතරම් සුබ අන්දමින් තිබුණත් නැකත දුර්වල නම් එයින් ද ප්‍රබල ගැටලු මතු කරයි. එනිසා නැකතත්, පැලෑනත් එක වගේම වැදගත් අංග දෙකකි. නැකතක්‌ තැනීමේදී හිමිකරුගේ උත්පත්ති නැකතට එය මනා ලෙස ගැලපීම සේම පංචාංග ශුද්ධිය නිවැරැදි ලෙසට පැවතීම පළමු පියවරේදී ඉතා වැදගත් වෙයි. මිනිසකු ගෙයක්‌ ගොඩ නගන්නේ ජීවත් වීමටය. දුකක්‌ කරදරයක්‌ නොවී ජීවිතය පවත්වා ගැනීමටය.

ඇතැම් ජ්‍යෙතිෂවේදීන් මේ මානව න්‍යායෙන් පිට පැන කටයුතු කරන අවස්‌ථාද තිබේ. පංචාංගය ගැලපීම තබා පුර – අව පිළිබඳවත් නොසලකා නැකැත් තනති. ජන්මියා උපන් නැකතට සම්පත් – ක්‍ෂේම – සාධක – මෛත්‍රි – පරම මෛත්‍රී යන ගුණැති නැකැත් සඳුදා – බදාදා – බ්‍රහස්‌පතින්දා – සිකුරාදා ආදී සුබ දිනවල යෙදී තිබුණු පමණින් ශුද්ධ කරන වේලාව සුබ නැකතක්‌ වන්නේ නැත. එසේම සඳුදා දිනක යම් කෙනෙකුට උත්‍රසල නැකත සම්පත් ගුණැති නැකත යයි සිතමු. පුර ශටවක තිථිය ද පවතී. ඉතා සුබ යෝග හා කරණ ද පවතී. එදින ඒ සියල්ල කොපමණ සුබ වූවත් එම නැකත එම ජන්මියාට දුක්‌ කරදර අත්කරයි.

මර යෝගයක්‌ වීම

එසේ වන්නේ සඳුදාට උත්‍රසල නැකත මර යෝගයක්‌ වීමත්, ෂටවක තිථිය සඳුදාට අග්නි (ගිනි) වීමත් නිසාය. ඒ පංචාංග ශුද්ධිය පිළිබඳ තත්ත්වයි. එයටත් වඩා වැදගත් වන්නේ තත්කාල ලග්නයයි. තත්කාල ලග්නයේ ග්‍රහ බලය අසුබ නම් පංචාංග ශුද්ධිය කෙසේ තිබුණත් ඒ නැකත අශුභයි. සේවා දායකයාගේ අභිමතාර්ථවලට පටහැනි දේවලට මුහුණ පෑමට සිදුවීමයි.

එනිසා තත්කාල ලග්නය නැකතක්‌ බලවත් කරන අන්දම සොයා බැලීම වැදගත් වේ. ජ්‍යෙතිෂය හදාරණ අයට මෙන්ම නැකැත් ලබා ගන්නා අය ද මේ පිළිබඳ අවබෝධයෙන් සිටීම වැදගත් ය. එනිසා ඒ පිළිබඳ විස්‌තර පාඨක ඔබට මෙසේ ඉදිරිපත් කරමු.

නිවාස නැකතක්‌ සඳහා උදාවන තත්කාල කේන්ද්‍රයේ කේන්ද්‍රස්ථාන වල සහ 08 වැන්නේ පාපී ග්‍රහයන් සිටීම අශුභදායකය. පාපී ග්‍රහයෝ 3 – 6 – 11 යන භාවයන් හි සිටීම සුබදායකය. ගුරු සහ සිකුරු ග්‍රහයා 1, 4, 7, 5, 10, 9 යන භාවයක යෝගව හෝ වෙන් වශයෙන් හෝ සිටීම ඉතා සුබදායකය. විශේෂයෙන් 08 වැනි භාවයේ ග්‍රහයන් සිටීම හෝ සප්තම ලෙස දැකීම අශුභදායකය.

ගුරු ග්‍රහයා සූර්යාට ළං නොවී සිට මුවසිරස – පුෂ – අස්‌ලිස – සුවන – පුවසල – තුනතුරු නැකතක ඔහු ගමන් කරමින් සිටියදී ගුරු සිටින රාශියම තත්කාල ලග්නය වී බ්‍රහස්‌පතින්දා දිනයක ගුරුගේ හෝරාවෙන් නැකත යොදා ගත් නැකතකින් ඉදිවන නිවසේ හිමියාට රජයේ තනතුරු නම්බු නාම ලැබ සතුටු විය හැකි අතර, ඔහුගේ දූ දරුවන්ට ද ස්‌ථිර ලෙසම රාජ්‍ය තාන්න මාන්න ලබා ගැනීමේ වාසනාව උදා වේ.

රවිගෙන් ඈත්ව සිටින සිකුරු අස්‌විද – සියාවස – දෙනට – අද – සිත – විසා යන නැකතක ගමන් කරන විට ඔහු සිටි රාශිය තත්කාල ලග්නය ලෙස යොදා සිකුරාදා දිනක සිකුරු හෝරාවෙන් නැකත යෙදුනොත් එම ගෙහිමියාට ධන සම්පත් – යාන වාහන හිමි වන්නේය.

බුද රවි දෙදෙනා නිරන්තර එක ළඟ ගමන් කරතත් හැම විටකම අස්‌ත වන්නේ නැත. එසේ අස්‌ත නොවූ බුද අස්‌විද – රෙහෙන – පුවපල් – හත – සිත යන නැකත්වලින් එකක ගමන් කරන විට ඔහු යෝග වී සිටින රාශියම තත්කාල ලග්නය වී බදාදා දිනක බුද හෝරාවෙන් නැකත යෙදී තිබුණොත් එම ගෙහිමියා සියලු වස්‌තු සම්පත් මෙන්ම වාසනාවන්ත දූ පුතුන් ද ලබයි.

ගෙයක්‌

නැකැත් පිළියෙළ කිරීම

සාමාන්‍යයෙන් සෙනසුරාදා දිනයට නිවාස නැකැත් පිළියෙළ නොකිරීම සම්ප්‍රදාය වෙයි. එහෙත් සෙනසුරාදාට ඉතා වාසනාවන්ත නැකැත් උදාවන අන්දම ජ්‍යෙතිෂයෙහි දැක්‌වෙයි. ඒ අනුව ඉතාමත්ම දුර්ලභ අවස්‌ථා ද උදාවෙයි. නිකිණි මාසයේ පුර සතවක තිථියක්‌ පවතින සෙනසුරාදා දිනක සා නැකත උදාව තිබේ නම් යෝග 27 න් සූකර්ම – මාහේද්‍ර – හර්ෂණ – ප්‍රීති – සෞභාග්‍ය – සිද්ධි – සාධ්‍ය – සුභ – සුභ්‍ර – සෝබන – ආයුෂ්මාන් ආදී සුබ යෝගයක්‌ ද උදාව පවතී නම් අදාළ නැකැත් වේලාවට තත්කාල ලග්නය ලෙස සිංහ රාශිය උදා වේ නම් එය සප්තකාරක යෝගය” නම් වෙයි.

එම නැකතින් ඉදිවන නිවෙස්‌ හිමියාට ස්‌ථිර ලෙසම යාන වාහන – ධන සම්පත් – සමාජයේ උසස්‌ තත්ත්වයන් වාසනාවන්ත දූ දරුවන්, අලි ඇතුන් (මෙකල බැකෝ වැනි යන්ත්‍ර වියයුතුය) හිමිවන බව නැකැත් පුරාණයේ පවතී.

මේ අන්දමට නිවාස නැකතක්‌ තැනිමේදී ඉතා ගැඹුරින් තීක්‍ෂණව විමසා බැලිය යුතුය. නිවස ඉදිකිරීමට අපේක්‍ෂා කරන තැනැත්තාගේ ග්‍රහ බලය ද වැදගත් වෙයි. ඔහුගේ උත්පත්ති කේන්ද්‍රයේ දෙවැන්නාධිපති 5 වන භාවයේ සිට එම ග්‍රහයාගේ හෝ පස්‌වැන්නාධිපතිගේ මහ දශාවේ දෙවැන්නාධිපතිගේ අතුරු දශාව ද ක්‍රියාත්මක වේ නම් නැකත තනන විට ලැබෙන තත්කාල ලග්නය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය.

එම තත්කාල ලග්නයේ 11 වැන්න 2 වැන්න අතර පරිවර්තන යෝග තිබීම, ලග්නාධිපති 2 වැන්නේ හෝ 11 වැන්නේ සිටීම ආදී ග්‍රහ තත්ත්වයක්‌ පවතී නම් නිවසේ වැඩ ඇරඹීමෙන් පසු හදිසි මුදල් ලාභ අත්වෙයි. එනිසා අවාට ගියාට නැකැත් තනා ගැනීම නුසුදුසු බව සිහිකටයුතුය.

We found this article from Divaina on 2014/02/16.