චතුර්තාම්ශ කේන්ද්‍රය යනු කුමක්ද? න්ම පත්‍රයේ උදා ලග්නයෙන් පමණක් පලාඵල පැවසීම හෝ එසේ පැවසීමට බුද්ධිමතුන් ඉදිරිපත් නොවේ. ඔවුන් කිසිවෙක් දැන්වීම්, චැනල් සෙන්ටර්, කළුකඩ කරන්නේ නැත. කිසිදු දැන්වීමක් පළ නොකරයි. මෙම උතුම් ශාස්‌ත්‍රය තුළින් බඩ වියත රැක ගැනීමට උත්සාහ නොදරන අතර පුවත්පතකට ලිපි හෝ නොලියයි.
කිකිළි එක බිත්තරයක් දමා ගමට ඇහෙන්න කෑ ගසයි. කැස්‌බෑවා බිත්තර දහස් ගණනක් දමා හොර රහසේ යයි.
පැරැණි පොත පතේ මතම ගෙඩිය පිටින් ඉගෙන නවාංශකය, ජන්ම, සූර්ය කේන්ද්‍ර පවා අතහැර ලග්නයෙන් පමණක් පලාඵල හෝ ජ්‍යෙතිෂ ඉගැන්වීමට යත්න දැරීම ජාතික අපරාධයකි. ඊට හේතුව ලග්නයට පමණක් ගැතිව කනාවැකි පවසන්නෝ බුද්ධිමතුන්ගේ පංතියකට යැමට අකැමැතිය. අඩු තරමින් ඔවුන්ගේ පොතක් මිලදී නොගනී. ඔවුන්ගේ ලිපි හෝ බලා ලේඛකයන්, පාඨකයන් නිවැරදි නොවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් කතරගම දෙවියන් දේවාලයට වඩින බව පැවසීමට තරම් ජ්‍යෙතිෂවේදීන් පහත් මානසිකත්වයට පත්වී ඇත. එම වචන විශ්වාස කළ ලක්‍ෂ ගාණක් ජනතාව කතරගම දේවාලයට ලක්‍ෂ 10 කට වඩා අලාභයක් කළබව දේවාලයේ රත්නායක මහතා ප්‍රසිද්ධ පුවත්පත්වලට ලියා තිබිණි. මීට හේතුව අඩ දැනුමයි.

“තුයශ භාග්‍ය චිංතනම්” යනුවෙන් පෙර පින පිළිබඳ භාග්‍ය කේන්ද්‍රය නොහොත් චතුර්තාම්ශ කේන්ද්‍රයෙන් පැවසිය යුතු බව පරාශර මුනි ඉතා පැහැදිලිවම දක්‌වා ඇත. ගේ දොර ඉඩකඩම්, දේපළ, අධ්‍යාපනය, රැකියාව, විවාහය, දරුවන්ගේ අධ්‍යාපනය චතුර්තාම්ශ නොහොත් භාග්‍ය කේන්ද්‍රයෙන් පැවසිය යුතුය.
මෙය නීති හතරකට යටත්ව සාදා ගත යුතුය.
- උපත මුල් අංශක 7.30 ඇතුළත නම් එම රාශි නාමයෙන් ම චතුර්තාම්ශ ලග්නය ගත යුතුය. ග්‍රහයන් පිහිටුවීමේදී ද මෙම නීතිය පිළිපැදිය යුතුය.
- උපත අංශක 7.30 ත් 15.00 අතර නම් උදා ලග්නයෙන් හතර වැනි රාශි නාමය චතුර්තාම්ශ කේන්ද්‍රය වශයෙන් ගත යුතුය.
- උපත අංශක 15.00 ත් 22.30 ත් අතර නම් උදා ලග්නයෙන් හත්වැනි රාශි නාමය චතුර්තාම්ශ ලග්නය වශයෙන් ගත යුතුය. ග්‍රහයන් පිහිටුවීමේදී ද මෙම නීතිය පොදුය.
- උපත අංශක 22.30 ත් අංශක 30.00 අතර නම් උදා ලග්නයෙන් 10 වෙනි රාශිය චතුර්තාම්ශ ලග්නය වශයෙන් ගත යුතු අතර, ග්‍රහයන් පිහිටුවීමේදී ද ග්‍රහයා සිටි රාශියෙන් දහවෙනි රාශිය ගත යුතුය.
මෙසේ සෑදීම නිසා උදා ලග්නයේ උච්චව සිටි ග්‍රහයන් මෙම කේන්ද්‍රයේදී නීච විය හැකිය. උදා ලග්නයේ නීච ග්‍රහයන් මෙමකේන්ද්‍රයේදී උච්ච විය හැකියි. මේ අනුව ප්‍රතිඵල නවීකරණය වේ.
උදාහරණ වශයෙන් උදා ලග්නයේ රාහු හෝ කේතු හත්වැන්නේ සිටිය හැකිය. නමුත් මේ දෙදෙනා චතුර්තාම්ශ කේන්ද්‍රයේදී හතරවැන්නේ විය හැකිය.

දෙමාපිය ප්‍රශ්න, දෙමාපියන්ගේ වෙන්වීම්, උපන් ගමෙන් ප්‍රයෝජන තිබේද? නැද්ද? ඉඩකඩම් ලබා ගත හැකිද? උපන් ගමෙන් පිටවේද? ආදිය චතුර්තාම්ශ කේන්ද්‍රයේ හතර වැන්නෙන් පැවසිය හැකිය.
භාග්‍ය කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම අනුව තම දරුවන් සරසවි අධ්‍යාපනය ලබාවිද තමන් උගතෙක් වේවිද පැවසිය හැකිය. ස්‌ථිරවම පැවසිය හැකිය.
යනවා නම් අනේ මං අරං…. හිඟා කකා කොළපොතක් අරං යනුවෙන් ආදරය කරන දෙපාර්ශ්වයම අවස්‌ථා ලද විගස අන් පහස බුක්‌ති විඳී ද නැද්ද චතුර්තාම්ශ කේන්ද්‍රයෙන් පැවසිය හැකිය. මෙය පොරොන්දම් තුළින් බැලිය නොහැකිය.
ආත්මීය පෙර පින පිළිබඳ පැවසිය හැකිය. මෙම චතුර්තාම්ශ කේන්ද්‍රය තවදුරටත් කරුණු දැන ගැනීමට ආරූඪ පද තුළින් ද ගලපා බැලිය යුතුය. (ආරූඪ පද පිළිබඳ වෙනම මාතෘකාවකින් විස්‌තර කරමි.)
ආරුඪ ලග්නය
ආරුඪ ලග්නය අනුව පෙර භවයන් තුළ තමා වෛර කළ පලිගත් අයගේ ලග්නය ඉතා පැහැදිලිවම ප්‍රකාශ කළ හැකිය. මොවුන් දයාබර මිතුරන්, කලත්‍රයන් සේ පැමිණ අපෙන් පලි ගනී. එසේ පලිගන්නා කලත්‍රයන් හෝ මිතුරන් පිළිබඳ ඔවුන්ගේ ලග්න චතුර්තාම්ශ කේන්ද්‍රයෙන් පැවසිය හැකිය. උසස් අධ්‍යාපනය තුළින් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ ඉහළ නිලධාරියෙක් වේ දැයි චතුර්තාම්ශ කේන්ද්‍රයෙන් බැලිය යුතුමය.

සාමාන්‍ය පෙළ අධ්‍යාපනය කඩාකප්පල් කර ගනීද නැද්ද පිළිබඳ චතුර්තාම්ශ කේන්ද්‍රයෙන් බැලිය හැකිය.
ලිංගික දුබලතාව පවා චතුර්තාම්ශ කෙන්ද්‍රයෙන් විමසිය හැකිය.
නවාංශකය, සූර්ය කේන්ද්‍රය, චන්ද්‍ර්‍ර කේන්ද්‍ර, නොහොත් ජන්ම කේන්ද්‍රය, චතුර්තාම්ශ කේන්ද්‍ර ඇතුළු තවත් කේන්ද්‍ර බොහෝ තිබේ. මේ සියල්ල වර්ග කේන්ද්‍ර යනුවෙන් මතකයේ තබා ගත යුතුය. වර්ග කේන්ද්‍ර වලින් තොරව උදා ලග්නයෙන් පමණක් කරුණු විග්‍රහ කිරීම අශාස්‌ත්‍රීය කරුණකි.
ලිපියේ මූලික අරමුණ වූයේ ලේඛකයා විසින් චතුර්තාම්ශ කෙන්ද්‍රය ආරූඪ පද තුළින් විග්‍රහ කළහොත් පාඨකයෝ චතුර්තාම්ශ නොහොත් භාග්‍ය කේන්ද්‍රය ගැන අසා නැති නිසා ලිපි බැලීමට අප්‍රිය වේ. වර්ග කේන්ද්‍ර යන වචනය නොදන්නේ නම් ලිපි බැලීමට නම් ලිපි මාලාව අප්‍රිය වේ. දසත විසිරී සිටින මගේ පොත මිලදී ගත් මා නොදුටු පාඨකයන් ගේ දැනුම වර්ධනය කිරීමට ලිවීම ද මූලික හේතුවකි.
මේ අනුව ඔබේ දරුවාගේ ජන්ම පත්‍රය පමණක් නොව දෙමාපියන්ගේ ජන්ම පත්‍ර ද පරීක්‍ෂා කළ යුතු බව ඔබට වැටහෙනවා ඇත. පොරොන්දම් 100% ගැලපුනත්, වර්ග කේන්ද්‍ර අනුව වෙන්විය හැකි නිසා ඒ පිළිබඳ දැඩි අවබෝධයක් ගත යුතු බව පසක් වනු ඇත.
We found this article from Divaina on 2013/12/29.