ජ්‍යොතිෂය හා රෝගාබාධ

2126
රෝගාබාධ

මිනිසෙකුගේ ජීවිතයේ සෑම සිද්ධියක්‌ම ජ්‍යොතිෂ ශාස්‌ත්‍රයේ ආධාරයෙන් දක්‍ෂ ජ්‍යොතිෂවේදියකුට ප්‍රකාශ කළ හැකි අතර මිනිසුන්ට කරදර කරන රෝගාබාධ සම්බන්ධවද හෙළිදරව් කළ හැකි බැව් ඔබ දන්නවාද?

මේෂ, වෘෂභ, කටක ආදී දොළොස්‌ රාශින්ද රවී සඳු බුධ ගුරු ආදී නව ග්‍රහයන් ද ශරීරයේ ඒ ඒ කොටස්‌වලට හා අභ්‍යන්තර ඉන්ද්‍රීන්ට හිමිකම් දක්‌වන්නා සේම එකී ස්‌ථානයන්හි සෑදෙන රෝගාබාධ යන්ටද මුල්වන්නේය. ඒ මෙසේය.

තමාට අහිමි රාශියක පීඩාවට පත්ව සිටින ග්‍රහයා එකී රාශියට හිමි ශරීර ස්‌ථානයේ තමාට හිමි දෝෂ කෝපයෙන් රෝගාබාධ හටගන්වයි. කේන්ද්‍රයක පලාඵල විමසීමේදි මේ බැව් දැනීමක්‌ ඇති ජ්‍යොතිෂවේදියකුට කේන්ද්‍ර හිමියාට වැළඳී තිබෙන රෝගය කුමක්‌ද? වැළඳෙන රෝගය කුමක්‌ද? යන්න ස්‌ථිර වශයෙන්ම කිව හැකිය. මෙකී ක්‍රමයෙන් තම රෝගියාට වැළඳී තිබෙන රෝගාබාධ සොයාගත නොහැකි වෛද්‍යවරයාට වඩා යමක්‌ කේන්දරය බලන ජ්‍යොතිෂවේදියකුට තම දක්‍ෂතාවය අනුව මහජනයාට කළහැක.

මේෂාදී රාශි දොළස

මේෂාදී රාශි දොළසට ශරීරයේ ඒ ඒ කොටස්‌ මෙසේ හිමි වේ. හිස මේෂ රාශියටද මුහුණ වෘෂභ රාශියටද පපුව මිථුන රාශියටද හෘදය කටක රාශියටද උදරය සිංහ රාශියටද තුනටිය කන්‍යා රාශියටද යටිබඩ තුලා රාශියටද ලිංගය වෘශ්චික රාශියටද කලවා ධනු රාශියටද දෙදන මකර රාශියටද කුම්භ රාශිය කේ නාවාවලටද මීන රාශිය පාදවලටද අධිපති වේ.

රෝගාබාධ

මේෂ වෘෂභ ආදී යම්කිසි පාපකාරී ග්‍රහයෙක්‌ අශුභ දෘෂ්ටි ලබා සිටියේ නම් එකී රාශියට හිමි ශාරීරික කොටසේ විකෘතියක්‌ හෝ වැඩීමේ දුර්වලකමක්‌ ද ඇති විය හැක. එසේම සුබ ග්‍රහයන් නිසා වැඩීම ක්‍රමානුකූල වේ. තවද රෝග කාරක වාත පිත්ත සෙම යන ත්‍රිදෝෂයෝද ඔවුන්ගේ කෝපයෙන් රෝගාබාධ හටගන්නා ශාරීරික ස්‌ථානද රවි සඳු බුධ ආදී ග්‍රහයන්ට හිමි වී තිබෙන්නේය. ඒ ඒ රෝග සෑදෙන කාලය මහ දශා අතුරු දශා අනුව දත හැකි වන්නේය.

එකී රාශිහුම ශරීරයේ තවත් අවයවවලට හිමිවන පරිදි මේෂය මුහුණටද වෘෂභය ගෙල හා උගුරටද මිථුනය උරහිස්‌ හා බාහුවලටද කටකය පයෝදර අමාශය හා වැලමිටටද සිංහය පිට හා අත්වලටද කන්‍යාව උදරයටද තුලාව තට්‌ටම් හා තුනටියටද වෘශ්චිකය උත්පාදක හා මුත්‍රාශය සම්බන්ධ ඉන්ද්‍රියන්ටද ගුදයටද ධනුව උකුලට ද මකරය චර්මයටද කුම්භය කකුල් හා වළලුකරටද මීනය ඇඟිලිවලටද හිමි වන්නේය.

ලග්නාදි භාව දොළොස

තවද මේෂාදී රාශි මෙන්ම ලග්නාදි භාව දොළොසද ශරීරයේ ඒ ඒ තැන්වලට හිමිකම් කියනා බැවින් ඒ ගැනද දැනුම තිබීම වැදගත්ය.

මේෂය හෝ 1 භාවය – මොළය, නාඩි මධ්‍යස්‌ථාන
වෘෂභය හෝ 2 භාවය – ගළනාලය, කුඩා මොළය
මිථුනය හෝ 3 භාවය – පෙනහළු, ශ්වාසනාලය, නහර
කටකය හෝ 4 භාවය – ආමාශය
සිංහය හෝ 5 භාවය – හෘද වස්‌තුව, රුධිරය, ගකටනය
කන්‍යාව හෝ 6 භාවය – බඩවැල්
තුලාව හෝ 7 භාවය – වකුගඩු
වෘශ්චිකය හෝ 8 භාවය – ගුදය, මුත්‍රාශ්‍රය
ධනුව හෝ 9 භාවය – ධමනී සමූහයා
මකරය හෝ 10 භාවය – ඇට සන්ධි
කුම්භ හෝ 11 භාවය – රුධිර ධාවන මාර්ග, ඇස්‌, ශ්වාසය
මීනය හෝ 12 භාවය – ගන්ථි සමූහයා

හිස මුහුණ හෘදය, උකුල සහ කලව අග්නි ගුණාධික ස්‌ථානයෝය. උගුර, බඩවැල්, ගෙල පඨවි ගුණාධික ස්‌ථානයෝය. පෙනහලු, වකුගඩු, රුධිරය, වාතාධික ස්‌ථානයෝය ආමාශය ආහාර දිරවන අවයව මළපහ කරන අවයව අපෝ ගුණාධික ස්‌ථානයෝය. අග්නි ආදී භූත ගුණාධික රාශිද පළමු කී අවයවයන්ට හිමි වන්නේය.

තවද ශාරීරික අභ්‍යන්තර ඒ ඒ කොටස්‌වලට මේෂාදී රාශි හිමිවන ආකාරය විස්‌තර වශයෙන් පහත දක්‌වා ඇත.

මේෂය – මහා මොළය, කුඩා මොළය, මුහුණේ අස්‌ථි උඩුහක්‌ක ශ්ලේෂ්ම ග්‍රන්ථි
වෘෂභ – කොඳු ඇට, කණ, යටි හක්‌ක, උගුරු දණ්‌ඩ, ගෙල පෙදෙසේ ග්‍රන්ථි, ගල නාලය
මිථුන – බාහුවේ අස්‌ථි, උරහිස ඉදිරිපස ඇට, උරහිස සියුම් ධමනි, පෙනහලු, ශ්වාස නාළ, පිටේ අස්‌ථි, ඉහළ ඉල ඇට.
කටක – ආමාශයත් පෙනහලුත් අතර ඇති පෙදෙස, ඉලඇට සම්බන්ධ වි තිබෙන පපු කටු, වැලමිට සන්ධි, ආමාශ ප්‍රදේශය, උගුරු නළ,
සිංහ – වැලමිටෙන් පහළ අතේ කටු කොඳු ඇට තුනටිය, හෘද වස්‌තුව, කොඳු ඇට තුළ නහර
කන්‍යා – ආහාර දිරවන මාර්ගය වළලුකරෙන් පහළ කුඩා ඇට, කුඩා බඩවැල්, යටිබඩ
තුලා – ගර්භ නාල ශුක්‍ර නාල භර්භාෂය, සම
වෘශ්චික – උකුල් ඇට, අණ්‌ඩ කෝෂය, ගුදය බඩවැල් මුත්‍රාශය
ධනු – උකුල, කලවා ඇට
මකර – දනහිස්‌ සන්ධි ඉසකේ, නියපොතු ඇට සැකිල්ල දනහිසේ ඉදිරිපස කටුව
කුම්භ – පාදයේ ඇට සහ මස්‌, දත්, වළලුකර
මීන – පිටි පතුලේ අස්‌ථි, රුධිර වාහනය

ඒ ඒ රාශිවලට හිමි රෝගාබාධ

මේෂයට – මොළයේ රෝග, හිස රුජාව, උණ මැලේරියාව, නිද්‍රජනක රෝග, සිහි නැති වීම, අපස්‌මාර ඇස්‌ රෝග විදුරුමස්‌ දියවීම
වෘෂභයට – තරබාරුකම, ගෙඩි, ඉදිමීම, ගණ්‌ඩමාලය
මිථුනයට – ක්‍ෂය රෝග, පෙනහළු ඉදිමීම, ආමවාතය හන්දිපත් ඉදිමීම, ඇදුම
කටකයට – ජලෝදර, වසූරිය, බඩ ඉදිමීම, පිළිකා
සිංහයට – අජීර්ණ රෝග, ග්‍රහණිය, දියවැඩියාව, ක්‌ලාන්තය
කන්‍යාවට – මළ බද්ධය, අයථා ශුක්‍ර මෝචනය
තුලා – සන්ධි ඉදිමීම, ගුදයේ රෝග, සුදු බිංදුම
වෘශ්චික – ගුදයේ පිළිකා, බඩවැල් වල තුවාල, උදරගත රෝග, ලේ අර්සස්‌, ගුදයේ පීඩා
ධනු – වාත රක්‌තය, පක්‌ෂඝාත, හදිසි ක්‌ලාන්තය, හෘදයේ ආබාධ
මකර – හමේ හටගන්නා රෝග, කුෂ්ඨ රෝග, දත් කැක්‌කුම, බරවා රෝගය
කුම්භ – නහරගත රෝග හා පිටගැස්‌ම
මීන – ක්‍ෂය රෝග, සමෙන් හටගන්නා රෝග, අර්බුධ
මේෂ වෘෂභ ආදී රාශීන්ට ලග්නාදී භාවයන්ට මෙන්ම ග්‍රහයන්ටද හිමි ශරීරයේ ස්‌ථාන හා රෝග වේ. ඒවා පහත දැක්‌වේ.

ග්‍රහයන්ට හිමි රෝගාබාධ

රවිට – පිත, හෘදය, මොළය, හිස, ඇස්‌, ඇට, රුධිරය, පෙනහලු, ආමාශය, පපුව, ගර්භාෂය, ශුකාශ්‍රය, හටද රෝග, ඇපැන්ඩි සයිට්‌ස්‌, ගුදයේ වණ, ආදී රෝග
සඳුට – පියයුරු, කෙළ, ගර්භාෂය, වතුර, රුධිර, රජස්‌ ග්‍රන්ථි, හෘදය වටේ ඇති සිවිය, ශිරා, බඩවැල්, ඇස්‌ ආහාර දිරවන මාර්ගය, හමේ රෝග, ලිංගේන්ද්‍රයන්ගේ ආබාධ, මුත්‍රා රෝග, අණ්‌ඩකෝෂයේ රෝග, වාත පීඩා, බඩේ අමාරු, ප්‍රතික්‌ෂාව, ජලෝදර, උමතුව, අර්බුද, පෙනීම අඩුකම
අඟහරුට – පිත, කන, නාසය, නළල සොටු මාංශ පේෂිවල සිවි නිව්මෝනියා, පවුවෙන් ලේ යැම, ලේ වමනය, හෘදයේ මාංශ පේශි ඝනවීම, උණ සන්නිපාතය, රක්‌තාතීsසාරය, බෝවන රෝග
බුධය – යටි බඩ, දිව, පෙනහලු, බඩවැල්, නාඩි මධ්‍යස්‌ථාන, පිත, මාංශ පේශිවල සිව් නහර, ශ්වාසය අණ්‌ඩකෝෂ, ගඳ සුවඳ දැනීම, හිසකේ මුඛයේ නාසයේ රෝග, ගොත වීම, මොළයේ හා නහරගත රෝග, ඇදුම, සිහි නැතිවීම, විකාර ගති, හිස රුජාව, භයවීම, ගැස්‌ම, පණු රෝග, ලිංග හා මුත්‍රා රෝග
බ්‍රහස්‌පතිට – සෙම, ලේ, කලවා, වකුගඩු, මාංශ පේෂි, ලේ දුවන මාර්ග, ධමනි, ශිරා, හෘදවස්‌තුව පෙණහලු වටා ඇති සිවිය, කන, අපස්‌මාරය, පෙනහලුවල වතුර පිරීම, කෘශවීම, අර්ශස්‌, මස්‌ දළු, දියවැඩියාව
සිකුරුට – ගර්භ කෝෂය, ඇස්‌, උත්පාදක ඉන්ද්‍රියන්, වතුර, ශූක්‍ර, සෙම, වකුගඩු, හෘදයේ ධමනි, මස්‌, ඇට, මිදුළු, හම, කම්මුල, මුත්‍රා අඩස්‌සිය, කබ කඳුළු ගැලීම, හමේ බිබිලි ගැනීම, උගුරේ ආබාධ, අජීර්ණ රෝග, රහස්‌ රෝග
සෙනසුරුට – පාද, වාතය, අම්ලගතිය, දනහිස, ඇට මිදුළු, ශ්‍රීවය, වන අයව පිලාව, ආමාශයේ උඩ කොටස සමඟ, ඉළ ඇට අස්‌ථි, හිසකේ නියපොතු ප්‍රතිශ්‍යාව, ආම වාතය, ක්‍ෂ රෝගය පෙනහලුගත රෝග, ඇදුම, වාත රක්‌තය මළබද්ධය වකුගඩු රෝග

යමෙකුගේ කේන්දරය බලා ඔහුගේ රෝගය පිළිබඳ විස්‌තරයක්‌ කිරීමේදී පළමුකොට හයවැනි රාශියේ මෙන්ම හය වැනි භාවයේද බල දුබලකම සෙවිය යුතුය. මේෂයේ පටන් ගණින කල සයවෙනි රාශිය කන්‍යාවයි. ඔබේ ලග්නයේ පටන් ගෙන හයවැනි රාශිය බැලිය යුතුය. කන්‍යා රාශිය තුළින් කාම සේවනයේ නොයෙදුනද කාන්තාව කන්‍යාව ලෙස අර්ථ ගැන්වුණ ද අප කේන්දරය විමසීමේදී විවාහයට පත් නොවූ තරුණ ස්‌ත්‍රිය පුරුෂයා ආදී වශයෙන් ගත හැක. එයින් අදහස්‌ කරන්නේ නොකැළල් නොකිලිටි පිරිසිදු බවයි. යම් හෙයකින් කන්‍යා රාශිය අශුභ දායක තත්ත්වයකින් පසුවේ නම් එය හිමි පුද්ගලයාද පීඩිත වේ. තවද කන්‍යා රාශිය මනස පිළිබඳ බල පවත්වන රාශියකි.

යමෙකුගේ මස දුබල වූයේ නම් ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය තත්ත්වයද පිරිහෙන බව දත යුතුය. මක්‌ නිසාද සිතුවිලි හා ශරීරය නිත්‍ය සබඳතාවකින් යුතු බැවිනි. අනෙක්‌ අතට කන හා රාශිය බඩවැල් වලට අධිපති වේ. මේ සියලු දැ ගැන අවධානය යොමු කළ යුතුය….

තමාගේ ලග්න භාවයේ පටන් ගණිත කල සයවැනි රාශියද එහි සිටින ග්‍රහයන් ද එකී භාවය අධිපති ග්‍රහයා ද ඊට ගැලපෙන දෘෂ්ටි ද නවාංශකයේ සය වැනි රාශිය හිමි ග්‍රහයා ද යන මේ කරුණු ගැන රෝගයක්‌ විමසීමේදී සිතට ගත යුතුය. සය වැනි භාවයේ සිටින ග්‍රහයන් තමන්ට හිමි රාශින්ට අයත් ශරීර ස්‌ථානයන්හි රෝග ඇති කරන බව තේරුම් ගත යුතුය.

එසේම ලග්නාධිපතියාගේ හා රෝග ස්‌ථාන අධිපතියාෙaග (සයවැන්න) අෙන්‍යාන්‍ය සම්බන්ධය මනා සැලකිල්ලෙන් සිතට ගත යුතුවාක්‌ මෙන් ශාරීරික සාමාන්‍ය සෞඛ්‍යත් ශක්‌තයත් පැවැත්මත් රවිගේ පිහිටීම අනුවද චිත්ත ශක්‌තිය සඳුගේ පිහිටීම අනුවද තේරුම් ගත යුත්තේය.

රෝග කාරක ග්‍රහයෝ

  • සයවැන්නේ සිටින රවි සෙනසුරු විසින් දකිනු ලැබුවේ නම් අයථා ශුක්‍ර මෝචනයෙන් කායික ශක්‌තිය විනාශ කර ගනී.
  • ශුභයන්ගෙන් තොර සයවැන්නේ පාපයෝ සිටිත් නම් හෙතෙම නිත්‍ය රෝගියකු වේ.
  • සයවැන්නේ සිටින රවි සෙනසුරු රවී දුටුවේ නම් උණසන්නිපාත රෝග හෝ බඩවැල් රෝග හට ගන්නේය. එසේම සය වැන්නේ පීඩිත බ්‍ර්‍රහස්‌පති කරන කොට අතිසාරය සෑදේ.
  • අඟහරු සිකුරු දෙදෙනා විසින් ලග්නය දකිද්දී සයේ සිටින පාපයෙක්‌ අන්‍ය පාපියකු විසින් දකිනු ලැබුවේ නම් දරුණු මල බද්ධ රෝගයෙන් පෙළෙන්නෙක්‌ වේ.
  • මේෂ රාශියේ සිටින චන්ද්‍රයා සෙනසුරු හා අඟහරු විසින් දකිනු ලැබුවේ නම් කුෂ්ඨ රෝගයෙන් පෙළෙන්නෙක්‌ වේ.
  • සතේ සිටින අඟහරු සිකුරු දෙදෙනා පාපයන් විසින් දකිනු ලැබුවේ නම් අණ්‌ඩ කෝෂයේ රෝග වලින් පෙලෙන්නෙකි.
  • කේන්දරයේ හෝ නවාංශකයේ කටක වෘශ්චික රාශියක සිටින චන්ද්‍රයා පාපියකු විසින් බලවත් අයරින් දකිනු ලැබුවේ නම් ගුද රෝගයෙන් පෙළේ.
  • සෙනසුරු අඟහරු 12 සහ 2 ද චන්ද්‍රයා ලග්නයෙන් ද රවී 7 ද සිටියාහු නම් කුෂ්ඨ සෑදේ
  • සඳු 10 ද අඟහරු 12 සහ 2 ද චන්ද්‍රයා ලග්නයෙන් ද රවී 7 ද සිටියාහු නම් කුෂ්ට සෑදේ.
  • සඳු 10 ද අඟහරු 7 ද සෙනසුරු රවිගෙන් දෙවැන්නේද සිටින්නේ නම් කොර පිළෙක්‌වන්නේයන.
  • සෙනසුරු අඟහරු දෙදෙනා මැද සඳු ද රවි මකරයේද සිටියාහු නම් ඇදුම රෝගයෙන් හා පෙනහළු ඉදිවෙන රෝගයෙන් පෙළෙන්නෙකි.
  • නවාංශක කේන්දරයේ ධනු, මේෂ, මීන, මකර, කටක මින් රාශියක්‌ වී සඳු සිටියේ නම් ද සෙනසුරු අඟහරු දෙදෙනා විසින් දකිනු ලැබුවේ නම් ද ක්‍ෂය රෝගය වැළඳේ.

මේ ආකාරයෙන් රෝගයන් තමා තමා ඒ ඒ පිහිටීම් අනුව ගෝචර කරගත යුතුය.

We found this article from Divaina on 2014/04/06.