තම අදහසට අන්‍යයන් අවනතකර ගන්නා තුලා ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ…

0
44
තුලා
තුලා

තරාදියක රූපයකින් සංකේතවත් වන තුලා රාශියෙන් උපනුන් සංකේතයේ ආකාරයට අනුව යමින් සමබරව යුක්‌තිය විසඳන්නෝ වෙති. බුද්ධියෙන් හා වාග් චාතුර්යයෙන් ප්‍රකට වූ යුක්‌තියට සහ නීතියට ගරුකරන සාමකාමී පුද්ගලයෝ වෙති. සෑම ප්‍රශ්නයකදීම සාධාරණ පැත්ත ගනිමින් සියල්ල සාමකාමීව විසඳීමට උත්සාහ දරයි. තර්කානුකූල නොවන කුමන කරුණක්‌ වුවද තර්කානුකූල අයුරින් ඉදිරිපත්කොට ජයග්‍රහණය කිරීමට තුලා ලග්න හිමියා සමත්කම් දැක්‌වුවද වාද විවාදවලට ඇති අකමැත්ත නිසාම එවැනි අවස්‌ථාවල සමාදානයට ගරු කරයි.

උපතින්ම කරුණාවන්ත සිතක්‌ ඇති මොවුන් සමග කවරකුට වුවද සහයෝගයෙන් වැඩකටයුතු කිරීමේ හැකියාව පවතී. තමන්ට කවරකුගෙන් වුවද වරදක්‌ සිදු වූ විට එයට හේතු වූ කරුණු සලකාබලා සමාව දීමට තුලා ලග්න හිමියා කැමැති වන්නේ තමා අතින්ද වැරදි සිදුවන අවස්‌ථා ඇති බව පසක්‌ කරමිනි.

අදහස්‌ අතින් ඉතාමත් සෘජු බවක්‌ දක්‌aවන්නා වූ මොවුන් යුක්‌තිගරුක ලෙස ජීවත් වීමට දැඩි කැමැත්තක්‌ දක්‌වන අතර අයුක්‌තිය ඉදිරියේ නොකිපී සමාවදීමට පෙළඹෙන්නේ යුක්‌තියටත් සහයෝගයටත් කරුණාවටත් බෙහෙවින් ගරුකරන්නන් නිසාවෙනි. තමා අතින් සිදුවූ වැරැද්දක්‌ පිළිබඳව වුවද ඉතා

නිවැරැදි ලෙස යුක්‌තිය පසිඳලමින් එය තමාට වන පාඩුවක්‌ සේ නොසලකා කටයුතු කරන්නේ ද යුක්‌ති සහගත බව අගයමිනි.

ඕනෑම වේලාවක තමන් සතු සැප පහසුකම් අන්‍යයන් වෙනුවෙන් කැපකිරීමට පෙළඹෙන තුලා ලග්න හිමියෝ පරාර්ථකාමී චරිතයකට හිමිකම් කියයි. සියුම් ඥනයකට හිමිකම් කියයි. බොහෝ දේ පිළිබඳ අනුදැනුම සහජයෙන්ම පිහිටීම නිසා අතීත වර්තමාන කරුණු නිවැරැදි ලෙස අවබෝධ කරගනිමින් දිවැසින් මෙන් අනාගතය කෙසේ වේද යන්න දැකීමේ ශක්‌තිය මොවුනට හිමිවේ. සෑම දෙයක්‌ම අනාගතය පිළිබඳ දැනුවත් වීමෙන් පසු කරන්නට කියන්නට යැමෙන් තුලා ලග්න හිමියාගේ ඇතැම් ගති ලක්‍ෂණ හැසිරීම් අන්‍යයන්ට තේරුම් ගැනීමට අවබෝධ කර ගැනීමට අපහසු වේ.

සිකුරු හෙවත් ශුක්‍ර අධිපතිව කටයුතු කරන තුලා රාශියෙන් උපත ලද්දො කිසිදු අවස්‌ථාවක කුමන හේතුවක්‌ නිසාවත් අකටයුතුකම් නොකරති. සමාජයේ ගෞරවය දිනා ගනිමින් යහපත්ව ශීලාචාරව දැහැමින් කටයුතු කරමින් ගුණවත්ව ජීවිතය ගත කරයි. අනුන් වෙනුවෙන්ම කැපවී අනුන්ගේ යහපත වෙනුවෙන්ම කටයුතු කරන මොවුන් පොදුජන සේවය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන්නෝය.

ක්‌ෂණිකව කෝපයට පත්වීමේ දුර්වලතාව ඇති නමුදු කෝපය ඉක්‌මනින් සංසිඳෙන ආකාරයේ සිතුවිලි ද ඒ පසුපසම පැමිණෙන බැවින් ඒ පිළිබඳ බොහෝ සේ පසුතැවීමට පත්වේ. තමාගේ ක්‌ෂණික කෝපය නිසා කවරකු හෝ අපහසුවට පත්වූ බව හැඟී ගියහොත් ඒ මොහොතේම අදාළ අය සමග සමගියෙන් කතාබහකර යම් වැරදි තීරණයක්‌ ගෙන තිබුණේ නම් වහාම එය වෙනස්‌කර නිවැරදි වන්නට පසුබට නොවේ.

ජීවිතයේ ඕනෑම අවස්‌ථාවකදී අන්‍යන් වෙනුවෙන් දෙන උපදෙස්‌ කල්පනාකාරීව දුරදිග බලා අපක්‍ෂපාතීව දුන්නද තමාගේ ප්‍රශ්නවලදී නිවැරදි තීරණ ගැනීමට නොහැකිව අසරණ බවට පත්වන අවස්‌ථාවන්ට මුහුණ දීමට සිදුවේ.

සමාජගතවීමේ අවස්‌ථා කොපමණ ලැබුණ ද සමාජය හා නිතර ගැටුන ද සමාජශීලී භාවය හා ගතිගුණ තුලා ලග්න හිමියන්ට පිහිටන්නේම නැත. හැකි සෑම අවස්‌ථාවකම හිතා මතා තනිවීමට තනිව සිතීමට තනිවම කටයුතු කිරීමට ප්‍රියතාවක්‌ දක්‌වයි. සමහර අවස්‌ථාවල පොදු වැඩකටයුතුවලට සිය කැමැත්තෙන් ඉදිරිපත්ව ඒවායේ මුල්තැන ගෙන කටයුතු කරයි. එහෙත් එය අවසන් වූ විගස සුපුරුදු හුදකලා බවට පත්වේ.

ඉතා ඉක්‌මනින් චංචල වීමත් අනවශ්‍ය ලෙස බිය වීමත් මොවුන්ගේ තවත් දුර්වලතාවකි. ජීවිතය පිළිබඳ ගැඹුරින් සිතන පරිණත බුද්ධියකින් හෙබි මහා ප්‍රාඥයකු ලෙස කටයුතු කළ ද තවත් මොහොතක්‌ ගතවීමට මත්තෙන් ඒ සියල්ල අමතක කර දමා ලද බොළඳ පටු ක්‍රියා ක්‍රියාත්මක කිරීමට පෙළඹේ. දක්‍ෂ කතා විලාසයක්‌ හිමි තුලා ලග්නකරුවන් ඒ තුළ අන්‍යයන් තම අදහස්‌වලට අවනත කොට රඳවා ගැනීමට දක්‍ෂයකු වේ. ඕනෑම කටයුත්තකට අති ශූර බවක්‌ දැක්‌වුවද ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික කටයුතුවලදී ජන්මාන්තර දක්‍ෂතා පෙන්නුම් කරමින් සාර්ථකත්වය ළඟා කර ගනී. උසස්‌ සිතුවිලිවලින් යුතුවෙයි. කුඩා දරුවකු සේ මෘදු මොලොක්‌ ගතියෙන් යුක්‌ත වන අතර තැන නොතැන නොබලා ඒවා ක්‍රියාවට නැංවීමට ද පසුබට නොවේ. අන්‍යන්ගේ සිත් රිදවීමට බොහො සෙයින් අකමැති නිසාම වාද විවාදවලට මැදිහත් නොවේ. තර්ක කර ජයග්‍රහණය කිරීමට හැකියාව තිබුණ ද ඒ සඳහා එතරම් කැමැත්තක්‌ නොදක්‌වයි. පරාජය බාරගෙන හෝ නිශ්ශබ්දව සිටියි.

සුන්දර ස්‌ථාන නරඹමින් සංචාරය කිරීමට අතිශයින්ම කැමැත්තක්‌ දක්‌වයි. ස්‌වභාව සෞන්දර්යය බෙහෙවින් ආදරය කරයි. හැකි සෑම විටම ප්‍රීතියෙන් විනෝදයෙන් සිටීමට උත්සාහ දරයි. අන්‍යයන් සමග එක්‌ව කටයුතු කළද තම පෞද්ගලික දියුණුව ගැන පමණක්‌ නිතර සිතයි. කිසිදු අවස්‌ථාවක අන්සතු දේ බලෙන් හෝ වංචාවෙන් අත්පත් කර ගැනීමට අකමැති වේ. කිසිදු වාසියක්‌ ලාබයක්‌ බලාපොරොත්තුවෙන් තම පවුලට පරම්පරාවට අපකීර්තියක්‌ වන අයුරින් ක්‍රියා නොකරයි.

තම ජීවිතය හා සම්බන්ධ කටයුතුවලදී තීරණවලට එළඹීමේදී ඒ පිළිබඳව අලස හා දුර්වල බවක්‌ පෙන්වයි. ඕනෑම ප්‍රශ්නයක්‌ පැනනැගුන විට පැය ගණන් කල්පනාකර සිතුවිලි අතර අතරමංව සිටියත් මොනයම් හෝ තීරණයකට නොපැමිණ ප්‍රශ්නය මඟහැරීමට උත්සාහ කරයි. එසේ නැතිනම් කාලයා විසින් අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙතැයි සිතා ලැබෙන පිළිතුරකට එකඟවීමට සිත හදා ගනී. සෑම දෙයකදීම මනුෂ්‍යත්වය ගරුකොට සලකමින් මනුෂ්‍යත්වයෙන් කටයුතු කිරීම නිසාම අන්‍යයන්ගේ හොඳහිත දිනා ගනිමින් ආදරයට පාත්‍රවෙමින් කටයුතු කිරීමට සමත් වේ. තමාගේ සැපසම්පත් අනුන් වෙනුවෙන් කැපකර දුක්‌විඳීමටත් ජීවිතය පිළිබඳ නිසි තීරණ නොගෙන සිටීමත් තුලා ලග්න හිමියන්ගේ දුර්වලතා ලෙස පෙන්වාදිය හැකිය.

වකුගඩු රෝග, කටීවායුව හෙවත් තුනටියේ වාතරෝග, මුත්‍රා රෝග, මොවුන් පීඩාවට ලක්‌විය හැකි රෝගාබාධ වන අතර සිකුරාදා දිනය අශූභවේ. සිකුරු හෝරාව මාරක වේ.

We found this article from Divaina on 2013/08/04.