Friday, September 12, 2025
Homesiතරුණියන්ට බැල්ම හෙලන කළුකුමාරයා

තරුණියන්ට බැල්ම හෙලන කළුකුමාරයා

[ratings]

එහෙත් එයට බාධාකරමින් යෞවනියන් පසු පස ලුහුබඳින හොර පෙම්වතෙක්‌ද සිටී. ඔහු යක්‍ෂ ලොව මනමාලයා හෙවත් “ශ්‍රේෂ්ඨතම පෙම්වතුන්ගේ” වේෂයෙන් තරුණියන්ට බැල්ම හෙලයි. ගුප්ත විද්‍යාවේ හැඳින්වෙන පරිදි ඔහු තරුණ කාන්තාවන්ට ආලය කරන කළු කුමාරයා, කළු දේවතාවා, කළු යක්‍ෂයා නමින් හැඳින්වේ.

කළුකුමාරයාගේ උපත මෙසේය
පුසේ නැකත ශනි දිනට එකතු වේ
තොසේ මකර රැස අවපෝ දින වේ
මෙසේ එවක්‌ ඉල් මසට එකතු වේ
එසේ හෙයින් කළුයකු නම් තැබූ වේ

ඇවිදින් නරලොව සව් සත බිය ක ර
එබැවින් අඟනන් දරුඵල නැතික ර
බලමින් දොළපුද දුන් සැටි ගුරුව ර
පවසන් කෙළපුද දුන්සැටි රුසිව ර

කළුකුමාරයා උපතින් රාජ කුමාරයෙකි, මොහු අමාවක තිථිය පැවැති දිනක පුෂ නැකත හා මකර ලග්නය හිමිව උපත ලබා ඇත. මොහුගේ පියාගේ නම විජිතය. මව කරඬුමාන නම් වේ. පස්‌ මුහුදෙන් එපිට මහ මුහුද මැද කළුගලෙන් යුත් දූපතක පිහිටි රන් විමානයක රතු ගල්තලාවක්‌ මත උපන්බව පැවැසේ.

මොහුගේ ස්‌වරූපය මෙසේය

රකුසුවන් වුවත් මිණි කිරුළක්‌ දැරුවේ
සොඳුරුවන් රුව ළැම මුදුනෙන් දැරුවේ
සොඳුරුවන් කතුන් සොළස පිරි වරුවේ
කුමරුවන් විසින් කළ හැම ලෙඩ දුරුවේ

කළු කුමාරයා නල දත් ඇති, රකුසු මුහුණක්‌ ඇති, ශරීරය තද කළු පාටින් යුක්‌ත මැණික්‌ ඔටුන්නක්‌ හිස දරා, දෙකන් පෙතිවල රන් තෝඩු එල්ලා කර වටා මුතු මාලයක්‌ පැළැඳ, දකුණු අත යගදාවක්‌ අතැතිව, සුදු හැට්‌ටයක්‌ ඇඳ, ළය මත කාන්තා රුවක්‌ කොටා ඇත. කළු ගොනකු පිට නැගීයයි. සමහර භූතවිද්‍යා පොත් පත්වල විවිධාකාර ලෙසින් දැක්‌වුවද කළුකුමාරයා කළු කුමාරයාමයි. ඔහු යක්‍ෂයකු බවත් සනාථයි.

කළුකුමාරයා කළුවන් ස්‌ත්‍රින්ට දැඩි ආශාවක්‌ දක්‌වයි. අවිවාහක කාන්තාවන්ගේ විවාහයට බාධා ඇතිකර ප්‍රමාද කරයි. සමහරවිට මුළු ජීවිත කාලයටම විවාහ වීමට ඉඩ නොදේ. විවාහක ස්‌ත්‍රියකගේ නම් දරු ගැබ විනාශ කරයි. වඳ ස්‌ත්‍රියක්‌ කරයි. දිනෙන් දිනම ශරීරය කෘෂ කර නොයෙක්‌ රෝග ඇති කරයි. විවාහක ස්‌ත්‍රිය ළඟට පැමිණෙන්නේ තම සැමියාගේ වේශයෙන්ය.

එය භූතවිද්‍යා කාව්‍ය ග්‍රන්ථවල මෙසේ සඳහන් වේ

රෑ හීනෙන් ඇවිත් – තම හිමියන් විලසේ
යහනේ සැතපෙමින් – නොයෙක්‌ රස බස්‌ කියා
කාමයෙන් උමතුවී – ඇඟ මතා දිගා වෙමින්
කම්සැප විඳිමිනේ – රාගයෙන් මත් වෙමින්

මෙය හොර රහසේම තරුණියන්ට වැළඳෙන යක්‍ෂ දිෂ්ඨියකි. බැල්මකි. දොaෂයකි. මෙය උච්චවූ විට රෝගය භයානක වේ. එය කිසිවකු නොදනී. එමෙන්ම විවාහක වයසේ පසුවන ස්‌ත්‍රීන් තමන්ගේ විවාහ ප්‍රමාදය ගැන හිතමින් තම රාගික අදහස්‌ සමාජ සදාචාරය හිතතුළ සිරකරගෙන සිටින විටද මේ දොaෂය ඇතිවේ.

කළු කුමාර දිෂ්ඨිය ක්‍රම දෙකක්‌ අනුව සිදුවේ. පළමු ක්‍රමය ලිංගික සිහින නිතර පෙනීම, ඒ සිහින දැකීමෙන් ඇය නින්දේදී ලිංගිකව හැසිරී කායික හා මානසික තෘප්තිය ලබයි. නිදි යහනේදී ඇය හැඩි දැඩි තරුණයකුගේ ග්‍රහණයට අසුවුණු විවාහක තරුණියක්‌ ලබන වින්දනයක්‌ සතුටක්‌ ලැබ පූර්ණ ආස්‌වාදයක්‌ ලබයි. සිහින ලොවේදී ලබන මේ ප්‍රේම ආලිංගයෙන් ඇයට ශුක්‍රපවා පිටව යයි. එවන් අවස්‌ථාවලදී සමහර තරුණියන් තම කන්‍යාභාවය සිඳී ඇත්දැයි යන බියක්‌ පවා දක්‌වයි.

දෙවැනි අවස්‌ථාව බියජනකයි. යම් තරුණියක්‌ නින්දේදී හීනෙන් බියට පත්ව නැගිට දොරගුළු ඇරගෙන සිහිය නැතිව නිවසෙන් පිටව යාමයි. එසේ යනවිට යම් දෙයක හැපී හෝ වතුර, තෙත පෑගුණ හොත් ඇය අවදිවන නමුත් එසේ නොවුන හොත් අනතුරකට පත්වී මියයැමට ද පුළුවන.

මෙවැනි දොaෂයක්‌ ඇතිවිටක එය වැඩිහිටියන්ට පවා කීමට ලැඡ්ජාවෙන් සිත තුළ සඟවාගෙන වධ විඳී.

එසේ නොව එවැනි දොaෂයක්‌ ඇත්නම් එය වැඩිහිටියනට පවසා එයට අදාළ ශාන්ති කර්ම, යන්ත්‍ර, පුද පූජා පවත්වා ඉන් මිදීමට මාර්ගයක්‌ සලසා ගතයුතුයයි.

කළුයක්‍ෂයාගේ දිෂ්ඨිය ඇතිනම් ගුප්ත විද්‍යාත්මක වශයෙන් එය සදහටම නැති කිරීමට ප්‍රබල යන්ත්‍ර, හා පුද පූජා ආදියෙන් කළහැක. ඒවා විවිධාකාරව ඇත. ඒවායින් තම ශරීරයට මෙම දිෂ්ඨිය බන්ධන වීමට පෙර ඉවත්කර ගැනීම හිතකරයි.

එවන් අයට මෙම ශාන්ති කව් ගායනා කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකිය.

දෙසූ දහම් නියම නැතිව තිබුණයි බඹලොව ගාවා
දෙසූ දහම් පස්‌වග මහණුන් හට උරුවෙල් ගාවා
දෙසූ එමග නව පිරිතේ අනුහස්‌ ඇත මා ගාවා
අසු එමග සව් අනයෙන් බැඳීපිම්මම මගෙසී මාවා

පිරිය එසම් පත් එසුගත් දඹරුක මුලදි දිටු වයි
සිරි ගව්තම මුනිඳුන් අපෙ සතියක්‌ නෙත් පුදකෙරු වයි
සතර අපා ගෝර සයුර ගොඩකර එම මල් පිදු වයි
සිරි නෞතම මුනිඳු අතට මගෙ සියොගත සීමා වයි

යුදකර වසවත් මුනිඳුට ගැසු චක්‍රා ගිනි වළල්ල
පුදකර පා පිස්‌නක්‌ මෙන් සිරි පාමුල සිටි වළල්ල
සඳ මඬලක්‌ සේම ගොසින් සිරස මුදුන සිටි වළල්ල
අද මම තොට දමාගසමි චක්‍රායුධ ගිනි වළල්ල

බොජුන් සරා දෙන කෑමට රෑ සීනෙන් අමරස කොට
යොදුන් ගණන් ගව් උස ඇති හනුමන්තා දෙයි තොට බැට
වැඳුන් පිණිස වැසි තිලෝගුරු සුගත් මෙ අප මුනිඳු අතට
බුදුන්ගෙ අනු හසින්ම පල තිගෙ පණරැක ගෙන වෙන රටකට

දෙලක්‍ෂ හතළිස්‌ දහසක්‌ ගන කඩ මහ බොල් පොළවට
සියක්‌ ලක්‍ෂ වට තුන් ගව් යොදුන් එපිට සිටියකු හට
සලස්‌ නොවී බුදුවනදා මිහිකත පැන දෙස්‌ කීමට
දෙලක්‍ෂ සතළිස්‌ දහසක්‌ බුදුන් අණින් පලයන් නොසිට

දෙලක්‍ෂ සතළිස්‌ දහසක්‌ ගනකඩ මහ බොල් පොළවට
සියක්‌ ලක්‍ෂවට තුන් ගව් යොදුන් එපිට සිටි යකුහට
සලස්‌ නොවී බුදු වෙනදා මිහිකත පැන දෙස්‌ කීමට
දෙලක්‍ෂ හතළිස්‌ දහසක්‌ දහම් අණින් පලය නොසිට

දෙලක්‍ෂ හතළිස්‌ දහසක්‌ ගනකඩ මහ බොල් පොළවට
සියක්‌ ලක්‍ෂ වට තුන්ගව් යොදුන් එපිට සිටි යකු හට
සලස්‌ නොවී බුදුවනදා මිහිකත පැන දෙස්‌ කීමට
දෙලක්‍ෂ හතළිස්‌ දහසක්‌ සඟුන් අණින් පලය නොසිට

මෙම කව් නින්දට පෙර වාර ගණනක්‌ කියා නිදාගන්න. තඹ පතක හෝ කඩදාසි කැබැල්ලක මෙය ලියා කොට්‌ටය යට තබාගන්න. මෙම අතිරේකයේ ඇති කොළයෙහි. කවි කපා නිදන කොට්‌ටය යට තබාගන්න. කලු කුමාරයා පසු නොබලා දුවයි.

We found this article from Divaina on 2011/09/23.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments