නවාංශකයේ වැදගත්කම

186
නවාංශකයේ
නවාංශකයේ

නවාංශකයේ ඇති වැදගත්කම මනසාගරී කතුවරයා විසින් මැනවින් උළුප්පා දක්‌වා ඇත. චන්ද්‍රයා බීජය ලෙසද උදා ලග්නය පුෂ්පය ලෙසද නවාංශකය ඵලය හෙවත් ගෙඩිය ලෙස ඉතා තර්කානුකූලව දක්‌වා ඇත.

“නවමාංශ කලත්‍රානං”

මෙයින් අර්ථ දක්‌වන්නේ විවාහය පිළිබඳ නවාංශකයෙන් විමසිය යුතුම බවය. යම් ජන්මියෙක්‌ උපන් උදා ලග්නයේ නාමයම නවාංශකයටද තිබේ නම් එම උපත වර්ගෝත්තම උපතක්‌ වශයෙන් හඳුන්වයි.හත අධිපති, හත්වැන්නේ සිටි ග්‍රහයන්, සිකුරු සිකුරු සිටි භාව අධිපති නොහොත් අභිලාෂ දායකයා සඳු ආදී ග්‍රහයන් විවාහයට බලපාන්නේය. මොවුන් උදා ලග්නයේ සුභව සිටි පමණින් විවාහ ජීවිත සාර්ථක නොවේ. මොවුන් නවාංශකයේ දුබලව සිටී නම් විවාහ නොවීම හෝ විවාහ ජීවිතයේ ගැටලු ඇති කරයි.

විවාහ කිහිපයක්‌ සිදුවේද? කන්‍යා භාවය කෙලෙසාගත් යුවතියක්‌ විවාහයට ලැබේද පැවසීමට නම් නවාංශකය අධ්‍යයනය කළ යුතුමය.විවාහ ප්‍රමාදයට හේතු ද නවාංශකයෙන් බැලිය යුතුය. ඔබගේ ඉෂ්ට දේවතාවුන් පාලන දේවතාවුන් ආත්ම කාරක ග්‍රහයින් කවුරුන් දැයි සොයා ගන්නේ ද නවාංශකය තුළිනි.රැකියාව ලැබෙන කාලය තීරණය කිරීමට නවාංශකය ඉතා වැදගත් වේ. විවාහය සිදුවන කාලය මැන බැලීමට ද නවාංශකය ඉතා වැදගත් වේ.

  • හත අධිපතියා වැස උන
  • නව අංසෙට තෙකොන වෙමින
  • සුරගුරු ආ කලට නදන
  • සතට විවා සැප ගෙන දෙන
නවාංශකයේ

හත අධිපති උදා කේන්ද්‍රයේ නවාංශකයේ සිටි රාශිය බැලිය යුතුය. මෙම රාශියට හෝ ත්‍රිකෝණ රාශිවල ගුරු ගමන් කරන විට විවාහ සැපත දෙන බව සිලෝවේ කෙටි අදහසයි.නීත්‍යනුකූලව හෝ නොමැතිව අඩු තරමින් කී දෙනෙක්‌ තම වසඟයට ගන්නේ දැයි නවාංශකයෙන් බැලිය යුතුමය. වැඩ තහනම් වීම්, ස්‌ථාන මාරු සේවයෙන් පහකිරීම්, ශෛල්‍යකර්ම, මරණය හෝ ඒ හා සමාන වේදනා පිළිබඳ නවාංශකයෙන් තොරව බැලිය නොහැකිය.

සිය දිවි හානිකර ගැනීම්, ජලයෙන් වස විෂවලින් සතුන්ගෙන්, මහජනතාවගෙන් මැරුම් කන්නේ දැයි නවාංශකයෙන් බැලිය යුතුමය.යෝනි රෝග පිළිබඳව ද නවාංශකයෙන් පැවසිය හැකිය. නවාංශකයේ සත්වැන්න ප්‍රථම විවාහය පෙන්වන අතර ඊට පෝෂණය හෝ මරණය ඉන් දෙවැන්න වූ නවාංශකයෙන් අටවැන්නේ බැලිය යුතුමය.සියලු ලෞකික අවශ්‍යතා පාලන දේවතාවුන් ලබාදෙන අතර පාලන දේවතාවන් යනු නවාංශකයේ අමාත්‍යකාරක ග්‍රහයා සිටි තැනින් සයවැන්නේ සිටි ප්‍රබල ග්‍රහයා හෝ ග්‍රහයින් නොමැති නම් රාශි අධිපති පාලන දේවතාවුන්ය.

ආත්ම කාරක ග්‍රහයා

වැඩිම අංශක ගාණක්‌ ගත කළ නොහොත් වලඳන ලද ග්‍රහයා ආත්ම කාරක ග්‍රහයා වශයෙන් හඳුන්වයි.සියලු අරමුණු යුතුකම් ඉටුකර ගැනීම සඳහා දෙවි දේවතා වන්දනය අතීතයේ සිටම පැවත එන්නකි. මෙකී අරමුණු ඉටුකර ගැනීම සඳහා ජන්මියා යොමු කළ යුත්තේ ධර්ම දේවතාවුන් වෙතය.ආත්ම කාරක ග්‍රහයා නවාංශකයේ සිටි තැනින් 9 වැන්නේ සිටි ග්‍රහයා හෝ ග්‍රහයන් නොමැති නම් රාශි අධිපති ධර්ම දේවතාවුන්ය.මෙතෙක්‌ කෙටි විස්‌තරයක්‌ කළේ නවාංශකයේ වටිනාකම ඔබ හදවතේ තැන්පත් කිරීම සඳහාය. දෙනෙත් නොපෙනේ නම් ජීවත් වීමෙන් පලක්‌ නොමැත. දෙපා නොමැති නම් ජීවත් වීමෙන් පලක්‌ නොමැත. නවාංශකයෙන් තොරව ඕනෑම ප්‍රවීණයෙක්‌ විග්‍රහ කරන්නේ නම් ඔහු ගුප්ත ශාස්‌ත්‍රීය නොදරුවෙකි. අන්දයෙකි. අඳබාලයෙකි.

දැන් අපි නවාංශකය යනු කුමක්‌ දැයි විමසා බලමු. සෑම කොටුවක්‌ම රාශිය නොහොත් භාවය වශයෙන් හැඳින්වීමට ඔබ ඉටාගත යුතුය. ඒ අනුව එක්‌ රාශියකට නවාංශක නවයක්‌ තිබේ. අංශක 30 නවයෙන් බෙදා ලැබෙන කොටස 30 Þ 9 } 30.20 අංශක තුනයි කලා 20 කොටස නවාංශකයක්‌ ලෙස හඳුන්වයි. මේ අනුව එක රාශියකට නවාංශක 9 ක්‌ තිබේ නම් 9 Ü 12 } 108 රාශි 12 ට නවාංශක 108 ක්‌ තිබේ.

මේ නවාංශ එකසිය අටෙන් කුමන ස්‌ථානයක හෝ ග්‍රහයන් නවදෙනා තැන්පත්ව ඇත.ඉහත සඳහන් ආකාරයට නවාංශක 108 තර්කානුකූලව රාශි 12 ට බෙදී යනු ඇත. මේ අනුව මේෂ, සිංහ, ධනු ලග්න හිමියන්ගේ නවාංශක මේෂ නවාංශකයෙන් පටන්ගෙන ධනු නවාංශකයෙන් අවසන් වේ.වෘෂභ, කන්‍යා, මකර, රාශි හිමියන්ගේ නවාංශක මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා යනුවෙන් මකර නවාංශකයෙන් පටන්ගෙන කන්‍යා නවාංශකයෙන් අවසන් වේ.

මිථුන, තුලා, කුම්භ ලග්න හිමියන්ගේ නවාංශක ගණනය තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන වශයෙන් තුලා නවාංශකයෙන් ආරම්භ වී මිථුන නවාංශකයෙන් අවසන් වේ.කටක, වෘශ්චික, මීන ලග්න හිමියන්ගේ නවාංශ ගණනය කටක නවාංශකයෙන් ආරම්භ වී මීනයෙන් අවසන් වේ.ආමිශය හෙවත් නවාමිශය යනුවෙන්ද, ධර්මාවිශය යනුවෙන්ද විවිධ උගතුන් ප්‍රකාශ කරන්නේ නවාංශකය බව වටහා ගත යුතුය.

නවාංශකයේ බලපෑම

කළු සුද්දො කැඩිච්ච සිංහල භාවිත කරන්නේ යම්සේද අපේ ඇත්තෝ ලග්නය ලග්නය යනුවෙන් භාවිත කිරීම සම්පූර්ණ වැරදිය. නවාංශකය යනුවෙන් භාවිත කිරීමද වැරදිය. උදා ලග්නය, උදා නවාංශකය යනුවෙන් භාවිත කිරීමට සියලු ලේඛකයන් පුරුදු පුහුණු විය යුතුය. උතුම් ශාස්‌ත්‍රය අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමට නම් ප්‍රථමයෙන්ම ගුරුවරුන් ලේඛකයන් නිවැරැදි විය යුතුය.

උදා( ලග්නයේ උච්චව සිටින ග්‍රහයන් නවාංශකයේ නීච නම් රජ කුමරෙකු වුවද දුකෙන් පීඩිතව ඇතැම්විට දුවා දරුවන්ගෙන් බිරිඳගෙන් වෙන් වී හුදකලා විය හැකිය.

බිරිඳ පර පුරෂයන් ගනීද නැද්ද පිළිබඳව නවාංශකයෙන් බැලිය හැකිය.ලග්න කේන්ද්‍රයේ භාග්‍යස්‌ථානාධිපති හා ආත්ම කාරක ග්‍රහයා පාපීන් වුවද නවාංශකයේ එකට සිටී නම් ඔවුන් ගෝචර වශයෙන් එකම නවාංශකයේ ගමන් කරන විට ඔබගේ ප්‍රථම පත්වීම, විවාහය හෝ මේ දෙකම සිදුවිය හැකිය. පැරණි පොත පතක මෙම මතය නොමැත.උදාහරණ වශයෙන් සෙනසුරු නොන්ඩිය, මෝඩයාය, කම්මැලියාය, රාහු හිතුවක්‌කාරයාය, මෝඩයාය යනුවෙන් පැරණි පොත පතේ සඳහන්ව ඇත්තේ කිසිදු පර්යේෂණයකින් තොරවය. එම මත ගෙඩියපිටින් වළ¹ ජීරණය වූ ලේඛකයෝද පුන පුනා සෙනසුරු රාහු පිළිබඳ වැරදි විදියටම අර්ථ දැක්‌වීම අසාධාරණය.

අහිංසක අංගුලිමාල වූයේද, නැවත රහත් වූ බවද අප සිතිය යුතුය.එම නිසා සෙනසුරු 22 දෙර්කාණධිපති වූද භාග්‍යස්‌ථානාධිපති (9 අධිපති) නම් අවස්‌ථා ලද විට සුභපල ප්‍රදානය කරන බව අප සිතිය යුතුය.රාහු ආත්ම කාරක ග්‍රහයා නම් අවස්‌ථා ලද විගස සුභපල දෙන බව සිතිය යුතුය. මේ දෙදෙනා එකට නවාංශකයේ ගමන් කරන විට (ආත්ම කාරක හා භාග්‍යස්‌ථානාධිපති වශයෙන්) ඔබේ ප්‍රථම පත්වීම ලැබේ.

We found this article from Divaina on 2014/01/19.