ප්‍රේත ලෝකයට පාර කපා ගැනීම

2275
ප්‍රේත
ප්‍රේත

මනුෂ්‍යයා සහ තිරිසන් සතුන් පූර්ණ පරමාණුක ශක්‌ති මගින් නිර්මාණය වූ විශ්වයේ එකම සත්ව වර්ග දෙකය. මෙයින් මනුෂ්‍ය භාවය කාම සුගති ලෝකය වන අතර තිරිසන් සතුන් කාම අගති ලෝකය බැවින් ඔවුන් අයත් වන්නේ නිsරය භූමියේම කොටසක්‌ ලෙසිනි. “දුක” යන්න තේරුම් නොගෙන, දුක අවබෝධ නොකළ දෙවි, මිනිස්‌ යන ලෝකවල අයද, බිහිසුණු නිsරය භූමිවල දුක්‌විඳ පව අඩු කරගත් අය තිරිසන් ආත්ම භව ලබති.

තිරිසන් ලෝකයේ අය විවිධ මට්‌ටම්වල සිටිති. මිනිස්‌ භවය ලැබූ අය තුළ ද විශාල වශයෙන් තිරිසන් ගති පිහිටි ඇත්තේද සිටිති. නමුත් මිනිස්‌ භවය නිසා ඔවුන් මනුෂ්‍ය ගණයටම වැටේ. සැබෑම තිරිසන් සත්ත්වයන් විවිධය. අලි ඇතුන් – මුවන්, ගෝනුන්a – හාවුන්, බලු බළල් කටුසු – උරග – මීයන් – කැරපොත්තන් – පණුවන් – කූඹීන් ආදී වශයෙන් කියා නිම කළ නොහැකි තරමට විවිධය. එසේ වන්නේ කරගත් පව්වල ස්‌වභාවය අනුවය.

ප්‍රේත ලෝකය මීට වඩා වෙනස්‌ ය. ඔවුන් ඉහත කී අය මෙන් පූර්ණ පරමාණුක නොවේ. අර්ධ පරමාණුක සත්ත්වයන්ය. ඒ නිසා ඔවුන්ගේ ශරීර දැකීමට හෝ ස්‌පර්ශ කිරීමට හෝ, හඬ ඇසීමට හෝ අපට නුපුලුවන. අපට ගෝචර වන්නේ පූර්ණ පරමාණුක සත්ත්වයන් හා වස්‌තූන් පමණි. ඇතැම් විට ඔවුන්ට ආවේණික වූ දුර්ගන්ධය මිනිස්‌ නාසයට දැනෙන්නට පිළිවන. ඇතැම් විටෙක ඩිජිටල් කැමරාවකට හසු විය හැක. ඒ හැර ඔවුන් හඳුනාගත හැකි සංඥවක්‌ නැත. ඒ නිසා තරංග හෙවත් කිරණ ශක්‌තිවලට සමාන ජීවීන් කොටසකි. ඔවුන් අතර සමහරුන් බලවත් ශක්‌ති වෙති. සමහරක්‌ ඉතාම දුබලයෝ වෙති.

මන්ත්‍ර ශාස්‌ත්‍රවේදී ඇතිවන ශබ්ද තරංග තුළින් පමණක්‌ ප්‍රේතයන් හා යම් සම්බන්ධතාවක්‌ ඇති කළ හැකිය. එසේ වන්නේ තරංගයක්‌ තවත් තරංගයක්‌ සමග සම්බන්ධ වීමේ න්‍යාය අනුවය. ප්‍රේතයන් බවට පත්වන අය ඔවුන්ට ආවේණික වූ රූපකාය ලබන්නේ ඔවුන් ප්‍රේත බවට පත්වන්නට පෙර සිතේ පැවතුණ චෛතසික ස්‌වභාවය අනුවය. එනම් සිත තුළ පැවැති ලෝභ, ද්වේෂ, මෝහ යන තත්ත්වයන්ට සමානවය. ලෝක යනු ආශාවන්ට ඇලී සිටීමය. දීමට අකැමැතිකමද මෙයට අයත් වේ. ගේදොර- ඉඩකඩම්- වස්‌තු සම්පත් කෙරෙහි පවත්නා අධික කැමැත්ත හෙවත් ආශාවය. වස්‌තු සම්පත් වැඩි කර ගැනීමට ඇති ආශාව, ධෛර්යය, උනන්දුවය. ඒවා දකිමින් ඇසින් කනිsන් නාසයෙන් දිවෙන් – ශරීරයෙන් – මනසින් තෘප්තිමත් වීමට – මාන්නය – උඩඟු බව යන කෙළෙසුන් වර්ධනය කිරීමට ඇති කැමැත්ත ලෝභ නම් වෙයි.

ද්වේෂ යනු තරහව – වෛරය- ඊර්ෂ්‍යාව වැනි මානසික සංකීර්ණතාවට කියන නම්ය. ඇතැම් විට සමහර අය මෙසේ කියයි. “දන්දෙන්න ඉතිං අපට ලැබෙන්න එපායෑ….. මේ ජීවිත සටනත් එක්‌ක කොහෙද ඉතින් දානයක්‌ දෙන්නවත් වෙලාවක්‌ නෑනේ… පින් දහම්වල යෙදෙන්න වයසට යන්න එපායෑ.. මෙවැනි වදන්ද වක්‍රව අයිති වන්නේද ද්වේෂයටය.

මෝහය යනු ඉහත කී කාරණා දෙකටම අයිති වන්නකි. එනම් මෝඩකම යන්නය. මෙතැන්දී මෝඩකම යනුවෙන් අර්ථ ගන්වා ඇත්තේ සත්‍ය සත්‍යාකාරයෙන් නොදැකීම නිසාය. එයට දහමේ අවබෝධය අවශ්‍යය. දහම් අවබෝධය හිස්‌වන විට එතැන පිරෙන්නේ මෝහයයි. මෙයට මිථ්‍යා දෘෂ්ඨිය යෑයි පැවසීමද නිවැරැදිය. මෙලොව ජීවිතයට තමන් කැමැති දේ ලැබීමට පෙර භවයේ දන්දී තිබිය යුතුය.

යම් බීජයක්‌ සිටෙව්වොත් ගසක්‌ද ඵලයක්‌ ද ලබන්නේය. එම බීජය දුර්වල නම් ගසකුත් නොවී ඵලයකුත් නොවී හිස්‌ව යන්නේය. ඒ නිසා මේ ලොව ජීවිතය නමැති බීජය අලෝභ – අදොaෂ- අමෝහ වීමෙන් ඊළඟ භවය ඵල දරන්නේය. එනම් සැප ලබන්නේය. මෙලොවදී ලෝභය ද්වේෂය, මෝහය තේරුම් නොගෙන එයටම ඇබ්බැහි වීමෙන් ඊළඟ භවයට දුක උරුම වන්නේය. බොහෝ කොට ප්‍රේත ලෝකවල උපදින්නේ එහෙයිනි.

දන්දීම – සිල් රැකීම නිරන්තර පුරුද්දක්‌ විය යුතුය. එසේ නොවීම නිසා පැයෙන් පැය – දවසින් දවස – දිගටම සිත – ක්‍රියාව හා වචනය තුළින් අකුසල් හෙවත් ඊළඟ භවය දුකට පත්වෙන බීජ වැඩෙන්නේය. එසේ හෙයින් ලෞකික ආශාවන්ට වහල් වී දන්දීම, සිල් රැකීම අඩපණ කරගනී. ඇතැම් අය “මම නම් පව් කළේ නෑ. පිං කළෙත් නෑ, ඒ නිසා බයක්‌ නෑ” කියයි. එම වදන් හසුවන්නේද ලෝභ – ද්වේෂ – මෝහ යන තුනටය. නින්දෙන් පිබිදුණ තැන සිට නැවත නින්දට යන තැන දක්‌වා කාලය තුළ ක්‍රියාවෙන් කෙසේ වෙතත් සිතුවිලි හා වචනවලින් වැඩි හරියක්‌ අකුසල් ඉපදෙන බව ඔවුන්ට නොතේරෙයි. ඒ නිසා දුර්වල අයෙක්‌ ලෙස ඊළඟ භවය තුළ ප්‍රේත ලෝක උත්පත්ති ලැබීමට බෙහෙවින්ම ඉඩකඩ ලැබේ.

ප්‍රේත ලෝකය යනු ආශාවන් කිසිවක්‌ ඉෂ්ට නොවන තැනකි. ආශාව හෙවත් තමාගේ කැමැත්ත ඉෂ්ට නොවන තැන තමන්ට ලැබෙන්නේ දුක සහ වේදනාවය. එය මිනිස්‌ භවය තුළින්ම ප්‍රායෝගිකව අත්දැක ගත හැකිය. එහිදී ඇසට පෙනෙන්නේ ද දුක්‌ සහ වේදනා ගෙනෙන දේවල් ය. කනට ඇසෙන්නේද එවැනි දේය. දිවට ලැබෙන්නේ ද මළ මුත්‍ර – සෙම්සොටු වැනි දේය. ඒවායේ ආඝ්‍රාණ පදාර්ථය ආහාර වීමය.

මියගිය සත්ව සිරුරුවලින් වැගිරෙන ලේ සැරව අසූචි වළවල් අධික ජරාවන් ආදියේ ආඝ්‍රාණ පදාර්ථය පමණක්‌ ඔවුන්ට ගෝචර වේ. එසේ වන්නේ ඔවුන් අර්ධ පරමාණුක ශරීර ඇති අය නිසාය. සෙම් ගොඩක හෝ අසූචි පිඩක හෝ මළ සිරුරක හෝ දුර්ගන්ධය පමණක්‌ අර්ධ පරමාණුක තත්ත්වය ගනී.

බොහෝ අයට දාන සීලාදී පිංකම් කෙරෙහි ඇත්තේ විවිධ මතයන්ය. ඒවා ඔවුන් තුළ පවතින ලෝභ – ද්වේෂ – මෝහ ආදී මානසික මට්‌ටම්වල ස්‌වභාවය අනුව අඩු වැඩි ලෙස පවතී. ඇතැම් අය දාන සීSලාදී පිංකම්වල යම් ප්‍රමාණාත්මක තත්ත්වයකින් යෙදේ. නමුත් “දුක” පිළිබඳ සත්‍යාවබෝධය නැත. පව්කම් ද සිත – ක්‍රියාව – වචනය තුළ උපදවා තිබේ. සිල් සමාදන් වීම දිගු කලක්‌ කර තිබුණත්, එම සිල් සමාදන් වූ දිනවල එක සිල් පදයක්‌ හෝ බිඳී ගියා නම් එයින්ද එතරම් ඵලක්‌ නැත. මේ අයද ඉහළ තත්ත්වයක්‌ ඇති ප්‍රේත ලෝකවල උපදිති. ඒ අය “පරදත්තූප ජීවී” නම් කොටසට අයත් වෙයි.

ඒ අයට තම ඥතීන් විසින් දාන මානාදී කුසල කර්ම කොට පිං ලබාදීමේදී ඒවා අත්පත් කරගත හැක. මධ්‍යම වශයෙන් පිං දහම් කර පව්කම් ද වැඩි කර ගත් ඇත්තන් දීර්ඝ කාලයක්‌ ප්‍රේත ලෝක තුළ දුක්‌ විඳීමෙන් පසු ඥතීන් ලබා දෙන පිං අත්පත් කරගත හැකිය. පිනට වඩා වැඩි වශයෙන් ලෝභ – ද්වේෂ- මෝහ තුළ ජීවත් වූ අය මියගොස්‌ අවුරුදු දහස්‌ ගණනක්‌ ප්‍රේත ලෝකවල දුක්‌ විඳිති. පිනක්‌ අනුමෝදන් කර ගැනීමට ඒ සා දීර්ඝ කාලයක්‌ දුක්‌විඳ පව අඩු කර ගත යුතු වෙයි.

මෙලොව ජීවත් වන මනුෂ්‍යයන්ගෙන් බොහෝ අයට ආහාර පාන – ඉඳුම් හිටුම් – ලෙඩ දුක්‌ ආදිය නිසා බොහෝ දුකට පත්ව සිටී. හරිහමන් රැකියාවක්‌ නැතිවීම – ජීවත්වීමට අධික දුක්‌ විඳීම – අනෙක්‌ අයගෙන් කොන්වීම ආදී තත්ත්වයන්ට වැටුණු මිනිසුන් සිටී. එසේම මධ්‍යස්‌ථ වශයෙන් එකී සියල්ල සපුරාගෙන ජීවත් වන අය ද සිටී. එසේම සියලු සැප සම්පතින් පූර්ණව ලබන අයද සිටී.

මේ විෂම භාවයන් ඇති වන්නේ ඒ ඒ අය පෙර භවයන්හි ලෝභ – ද්වේෂ – මෝහ යන මානසික සංකීර්ණතාවලින් යම් යම් ප්‍රමාණයන්ගෙන් මිදී දාන සීSSලාදී පිංකම්වල යෙදුණ ස්‌වභාවයන් අනුවය. ප්‍රේත ලෝකය තුළද එසේමය. දාන සීලාදී කාමාවචර පිංදහම් ඉතාම බහුලව කරගත් ඇත්තෝ දෙව් – මිනිස්‌ – ලෝකවල ඉපිද සැප විඳිති, මධ්‍යම වශයෙන් කළ අය ඒ කරගත් ප්‍රමාණයන් අනුව එක්‌කෝ මිනිස්‌ ලොව සැප හීනව උපදිති. නැතිනම් ප්‍රේත භවයක උපදිති. පින අවම වූවෝ ප්‍රේත ලෝකවල දීර්ඝ කාලයක්‌ දුක්‌ විඳිති.

ප්‍රේත ලෝකවල ස්‌වභාවයන් පිළිබඳ ඉදිරි දිනයක නැකත අතිරේකයෙන් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම තොරතුරු ගවේෂණ කළේ සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ විමාන හා පේත වත්ථු පාළිය ඇසුරෙන් බව කරුණාවෙන් සලකන්න.

We found this article from Divaina on 2012/11/30.
Also Sinhala to English Google word to word translation can be found here