පෙර කුසල් බලය ජ්‍යෙතිෂයෙන් දැකිය හැකිය

0
83
කුසල් බලය
කුසල් බලය

හැම මනුෂ්‍යයෙක්‌ම පව්පින් දෙකම උපදවයි. මරණාසන්නයේ මුල් වූයේ අකුසලයක්‌ නම් අභව්‍ය ස්‌ථානයක ඉපිද කුසල් බලය අක්‍රිය වේ. එය කුමන හෝ ආත්ම භවයක එනම් තිරිසන් – ප්‍රේත – අපාය වැනි භවයක්‌ විය හැකිය. පවක්‌ම වනතුරු අභව්‍ය ආත්මයක කීපවරක්‌ වුවද ඉපදිය හැකිය.

පව ක්‍ෂය වීමෙන් පසු ඉතිරිවන්නේ පිනය. එවිට චුති සිත හෙවත් භවාංග සිතට මුල් වන්නේ එම කුසල් බලය වේ. එවිට මිනිස්‌ භවයකට පැමිණීමේ අවස්‌ථාව උදාවෙයි. යමෙක්‌ ජීවත් වූ භවයේම පින් මුල්වී දේව – බ්‍රහ්ම – මනුෂ්‍ය ආත්ම භවයකට පත්වේ නම් ඒ උප්පච්ඡ වේදනීය කර්මයයි. හොඳ ආත්මයකට පැමිනුණා නම් එය අපරාපරිය වේදනීය කර්මයයි.

එයට අනුකූලව 09 වැන්නාධිපතියා 06-08 වැනි ස්‌ථානයක සිටීනම් පෙර අභව්‍ය ස්‌ථානවල සිට මේ භවයට පැමිණි කෙනෙක්‌ වෙයි. යම් හෙයකින් 09 අධිපතියා 12 වැනි භාවයේ සිටීනම් දෙව්ලොව වැනි ස්‌ථානයකින් චූතව පැමිණි කෙනෙකි. දෙව්ලොවදී සිදුවන්නේ මෙලොව දී කළ පිං වල පලය භුක්‌ති විඳීමය. එය හිස්‌වීමෙන් පසු එහිදී පව් නොකළ නිසා මිනිස්‌ ලොව උපදිති. එවිට පිං හිස්‌ව උපදිති. එකිනාස 9 වැන්න අධිපති 12 වැන්නට පැමිණ පවසන්නේ අලුතින් පිං උපදවා ගතයුතු බවය.

කුසල් බලය

උපත හා පැවැත්ම

භාග්‍ය ස්‌ථානාධිපති හෙවත් 09 වැන්න අධිපතියා ඉතා යහපත් ලෙස පිහිටා ඇත්නම් පෙර කුසල් බලය මුල්වීමෙන්ම උපන් කෙනෙකි. එනිසා 09 වැන්න අධිපතිගේ පිහිටීම අනුව ලග්නයට සිදුවන පැවැත්ම ගැන කියවේ. ලග්නය යනු මේ ලබාගත් භවයයි. මේ භවය නඩත්තු කරන්නේ 10 වැන්න, 11 වැන්න 02 වැන්න මෙන්ම 04 වැන්න හා 07 වැන්න ලෙස ප්‍රධාන වශයෙන් ජීවිතය පවත්වා ගැනීමට මහෝපකාරි වන ස්‌ථානයන්ය.

10 වැන්න රැකියා ස්‌ථානය වන අතර රැකියාවක්‌ නොලැබෙන පිහිටීමක්‌ ලෙස එම අධිපති යෝගවී සිටියත් භාග්‍ය ස්‌ථානාධිපතිගේ යහපත් පිහිටීම ඇතොත් ඔහුට කුමන අන්දමින් හෝ තම ජීවිතය පවත්වාගෙන යැමට ඉඩකඩ පවතී. එනිසා ඔහු මිය යන්නේ නැත. ඔහුගේ මූලික අවශ්‍යතා යම් අන්දමකින් ජීවිතය පවත්වාගන්නට ඉටුවනු ඇත. එනිසා 09 වැන්නාධිපති උච්චව සිටීම – සුබ සංයෝගව යහපත් ස්‌ථානවල සිටීම – මිත්‍ර ස්‌ථානවල අසුබ බලපෑම්වලින් තොරව සිටීම ඉතා වැදගත් වේ.

9 වැන්න අධිපති නමවැන්නේම පිහිටීම ඇතිවිට ඔහු ත්‍රිකෝණ දෘෂ්ටියෙන් ලග්නය බලවත් කරයි. එනිසා 10-11-2-4-7 වැනි භාවයන් තුළ යම් යම් අශුභතා ඇතත් ඒවා යම් පමණකට මැඩ ගෙන ජීවිතයේ ලෞකික සඵලත්වය යම් පමණකින් හෝ උසස්‌ කරගනී. එපමණක්‌ නොව කේන්ද්‍රයේ 2-3-4-5-7-10-11 යන භාව ස්‌ථානවලින් එකක කිසිදු අශුභ දෘෂ්ටියකට හෝ සංයෝගයකට ලක්‌ නොවී 9 අධිපතියා සිටීනම් එයද ඉතාම යහපත් තත්ත්වයකි.

එසේම ලග්නාධිපති පීඩා නොවී සුබව පිහිටීමත් ලග්නය පීඩා නොවීම අනුවත් ඔහු ලද වර්තමාන මිනිස්‌ භවය සඵලවත් වේ. පෙර කුසල් බලය රැගෙන එන නව වැන්නාධිපති ලග්නය හෙවත් වර්තමාන භවය එලෙස ඉදිරියට මෙහෙයවයි. නව වැන්නාධිපතිට යම් යම් නපුරු ග්‍රහයන්ගෙන් දෘෂ්ටි වැදී ඇත්නම් එකී ග්‍රහයන්ගේ දශා කාල තුළ තමන්ගේ පිං බලය දුර්වල තත්ත්වයකට වැටෙන හෙයින් එකී කාලවල ආර්ථික සාමාජික හා සෞඛ්‍යමය දුර්වලකම් මතු කරයි.

කුසල් බලය

ඒ 9 වැන්න හා ලග්නය අතර කථාවයි. ඒ උපත හා පැවැත්ම පිළිබඳවය. හැම පැවැත්මක්‌ම වෙනස්‌ වෙමින් වෙනස්‌වෙමින් පවතින බව බුද්ධ දේශනාවයි. ඒ අනුව 9 වැන්න අධිපති දුර්වල කළ ග්‍රහයන්ගේ දශාකාලවල සිදුවන වෙනස්‌වීම් අනුව මෙම තත්ත්වයන් ඇතිවේ.

පසු භවය

ඊළඟට වැදගත් වන්නේ ඊළඟ භවය සකස්‌වීම ගැනය. මෙලොව උපන් සෑම කෙනෙක්‌ම මිය යන්නෝය. මිය ගොස්‌ විවිධ වූ ආත්මවල උපදිති. ඒ පිළිබඳව කොයි මිනිසාටත් දැනගත නොහැක. එසේ වන්නේ තමන් සකස්‌කරගත් විඤ්ඤාණය අනුවය. විඤ්ඤාණය යනු සිතමය. ජීවිත කාලය පුරා තම සිතට තදින් ඇලී සිටි ස්‌වභාවයන් අනුව සකස්‌වන සිතය.

බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ රූප, වේදනා, සංඥ, සංස්‌කාර, විඤ්ඤාණ යනුවෙනි. විඤ්ඤාණයෙන් පසු භවය – ජාති – ජරා – මරණ වශයෙන් දැක්‌වේ. මෙහි රූප යනු “දැකීම” යන්නය. වේදනා යනු ඇසට යමක්‌ ගැටීමය. එනම් කුමන හෝ දෙයක්‌ දැකීමය. සංඥ යනු ඒ දකින දේ මේ මේ යයි දකින සැනින් අවබෝධවීමය, හඳුනාගැනීමය. ඊළඟට වැදගත් දේ සංස්‌කාර යන්නය. එනම් ඒ දකිමින් අඳුනාගත් දේ පිළිබඳ සිතට ඇතිවන අවබෝධය – හැඟීම් යන්නය.

මෙම සංස්‌කාර ඉතාම බරපතළ කොටස වෙයි. එනම් ඇසෙන් දකින හෝ කනෙන් අසන හෝ දේ පිළිබඳ තමන් ලබන අවබෝධය හා හැඟීම් විඤ්ඤාණය බවට පරිවර්තනය වීමය. එබැවින් ලබන අවබෝධය තුළින් හොඳ හෝ නරක ගති තමන් තුළ ස්‌ථාවර ලෙස ගොඩනැගීමත් ඒ අනුව කටයුතු කිරීමත් අතර ඇති එකී මනසම විඤ්ඤාණය වීමය. මරණා සන්න මොහොතේ අවසන් චුති සිත ලෙස ඊළඟ භවයට බිඳී යන්නේ මෙම විඤ්ඤාණයේ කොටසකි. මේ සියලු තත්ත්වයන් හෙළිකරන්නේ කේන්ද්‍රයේ 5 වැනි භාවයයි. විඤ්ඤාණය ගොඩනැගීමට සංස්‌කාර අවශ්‍ය වේ. සංස්‌කාර ඇතිවන්නේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන දේවල් තුළිනි. එනිසා අධ්‍යාපනය ලැබීමද සංස්‌කාර ගොඩනැගීම වෙයි. එනිසා 05 වැනි භාවය අධ්‍යාපනය ගැන කියවෙන විද්‍යාස්‌ථානය වේ. එනම් අනාගතය රැඳෙන – සැකසෙන අන්දම පවසන තැනය.

විද්‍යාස්‌ථානය

“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යන කවි පදයට සමාන තැනය. මේ භවයේ මරණය දක්‌වා මෙලොව ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය ඥනය – ශිල්ප දැනුම එහි පවතින්නාසේම ගොඩ නැඟූ සංස්‌කාර අනුව ඊළඟ භවය තීරණය වන්නේද එම 5 වැනි භාවයෙනි. ඉපදුන පුද්ගලයාට ඊළඟ භවය ලැබීමට උදව්වන්නේද 5 වැන්නාමය. තවත් කෙනෙකුට උපදින්නට පසුබිම සලසමින් ලිංගික තත්ත්වයන් ගැන පවසන්නේද 5 වැනි භාවයමය. එනිසා එය දරුවන් පිළිබඳ කියවෙන ස්‌ථානයද වෙයි.

පටිච්ච සමුප්පාදයට අනුව වඩාත් වැඩි බැඳීමක්‌ ඇති 05 වැනි භාවය මේ මිනිස්‌ භවයේ අවසානයද පවතින තැන වේ. ගොඩනැගෙන සංස්‌කාර තුළ සැබෑ ධර්ම ඥනය හා ඒ තුළ සිදුවූ ක්‍රියාකාරකම් පැවතුන හෝ නොපැවතුන අන්දම අනුව හැඩගැහෙන විඤ්ඤාණය මරණයෙන් පසු සුගතිය හෝ අගතිය 5 වැනි භාවය හරහා තීන්දු වනු ඇත. පස්‌වැන්න අධිපතියා කේන්ද්‍රයේ ලග්නය හෝ තුන්වැන්න තුළවී නම් අධික ලෝභ ගති විඤ්ඤාණය තුළ වර්ධනය කරයි. එසේම ශනි – චන්ද්‍ර යන ග්‍රහයන් මකර වැනි රාශියක යෝගවූ විටද එලෙසම තත්ත්වයක සංස්‌කාර මතු කරනු ලබයි. අධික ලෝභය තරම් ඊළඟ භවය අභව්‍ය දුක්‌ ආත්මයක්‌ ඇතිකරන ප්‍රබල සංස්‌කාරක ධර්මයකි. ඊර්ෂ්‍යා – වෛර, ක්‍රෝධ වැනි සංස්‌කාරයෝද එසේමය.

5 වැන්නාධිපති 5 වැන්නේම සිටීම ධර්මානුකූල සංස්‌කාර වර්ධනය කරයි. නමුත් උපදින දරුවන්ට අශුභ විය හැක. ඔහු 02 මැන්නේ හෝ 08 වැන්නේ සිටිය හොත් තද නපුරු සිත් ඇති පුද්ගලයකුගේ චරිතයක්‌ ගොඩනගයි. එයද අභව්‍ය තැනක ඉපිද දුක්‌ ඇතිකරන යෝගයකි.

9-10-7-11-4 වැනි ස්‌ථානයක 5 අධිපති සිටින්නේ නම් එය ඉතා යහපත් පිහිටීමක්‌ වෙයි. මේ අනුව 9 වැනි භාවය මිනිසකුගේ අතීතයත් – ලග්නය වර්තමාන භවයත්a 5 වැන්න මෙලොව අනාගතය මෙන්ම ඊළඟ භවයත් නිරූපණය කරයි. භාරතීය ජ්‍යෙdතිෂ සෘෂිවරුන් 9 වැන්න බ්‍රහ්ම සංකල්පයට උපමා කළේ “හටගැන්ම” ලෙසය. ලග්නය විෂ්ණු සංකල්පයට උපමා කළේ මෙලොව පැවැත්ම ලෙසටය. 5 වැන්න ඊශ්වර සංකල්පයට උපමා කළේ නැතිවීම යන තේරුමටය. නැතිවීම මේ භවයට සම්බන්ධවන අතර එයින් තවත් භවයක ඉපදීම යළිත් බ්‍රහ්ම සංකල්පයටම ඇතුළත් වේ.

We found this article from Divaina on 2013/10/27.