රවි හිමි අංක එක ඔබට කියන ජීවිත කථාව

1794
රවි හිමි අංක

අංක විද්‍යාව අනුව අංක 01 සිට අංක 09 දක්‌වා ලිපි පෙළක්‌ ලිවීමට සිත්විය. ඒ අනුව අංක එක රජ කථාව කීමටයි මේ මගේ උත්සාහය. ඔබ මොන අවුරුද්දක කවර මාසයක උපත ලබා තිබුණද 01, 10, 19, 28 දවසක උපත ලබා ඇත්නම් රවි හිමි අංක එකට හිමිකම් කියනු ඇත. හැබැයි එක දෙයක්‌ කියනවා හොඳට මතක තබා ගන්න. හිරු උදාවක සිට පසු දින හිරු උදා වන තුරු ජ්‍යෝතිෂ්‍යයට අනුව එක දවසකි. රාත්‍රි 12 න් පසු දවසක්‌ උදා වන්නේ නැත. එය දින කැලැන්ඩර් ක්‍රමය වෙතත් දවස උදාවන්නේය. හිරු උදාවකින්ය. එය ජ්‍යෝතිෂ නියමයයි. ඔබ උපන් දවස ඔබේ ජන්ම පත්‍රය තුළ නිසියාකාරව ලියා ඇත. ඒ අනුව බලා අංක පිළිබඳ විස්‌තර බලා ගන්න.

අංක එක රවිට අයිතිය. රවි ග්‍රහ ලොව රජතුමාය. රජ තුමාට නීච වැඩ කිරීමට අපහසුය. කොතනට ගියත් මුල් තැන හිමිකර ගැනීමට උත්සාහ දරනු ඇත. උෂ්ණකාරක ග්‍රහයෙක්‌ නිසාත් හිරු නැති නම් ජීවයක්‌ නැත. හොඳින් හෝ නරකින් මුල් පුටුව ලබා ගැනීමට කටයුතු කරයි. නැහැ බැහැ යන වදන අංක 01 ක හිමි අය ළඟ නැත. මොන කරදර පැමිණියද ඒවාට එඩිතරව මුහුණ දීම සිරිතවේ. තමා යටත් කරන්න හිතුවද එය නිතරම කිරීමට උත්සාහ දරනවා විනා පසු බහින්න කැමති නැත. ගමේ ගොඩේ කථාවක්‌ තියෙන්නෙ ගහ ගන්න බැරිනම් කෙලවත් ගහනවා කියලා.

රවි හිමි අංක

අංක 01 තුළ උපත ලබා ඇති උදවිය පරදින්න අකමැතිය. තමා ගන්නා තීරණ හරි හෝ වැරැදි කෙනෙකුට සකස්‌ කර දීමට හරිම අමාරු කරුණකි. කෙනකුගේ උපදෙස්‌ පිළිගන්නේ නැත. තමාගේ මතය අනුවම කටයුතු කරනු ඇත. අංක 01 හිමි අය නියම පාලකයෝ වෙති. මුරණ්‌ඩු වුවත් එය එසේ පෙනුනත් තමන්ගේ සිතුවිලි ඉටුකර ගැනීමට උත්සාහ කරයි. අංක එක හිමි අය සත්‍යවාදීවේ. ඇත්ත ඇති සැටියෙන් දකින උදවියයි. කරපුදේ කියන කියනදේ කරන අය අංක එක තුළ උපත ලබා ඇත. ඕනෑම කරුණක්‌ ඉතා ඉක්‌මනින් අවබෝධකර ගනී. ඒ වගේම ඇත්තට තැන දෙන බොරුවට ඉතාම දරුණු තීරණ ගෙන කටයුතු කරයි. සංචාරයට ඉතා ප්‍රිය කරයි. හැම දෙයකින්ම කුමක්‌ හෝ ඉගෙන ගන්නවා ඇත. නායකත්වය දැරීමට දැඩි උනන්දුවක්‌ දක්‌වනු ඇත.

අංක එක හිමියන්ගේ ලක්ෂණ

අංක එක හිමියන්ට යමක්‌ දිනන්න බැරි වුණ විට හිතින් දුක්‌විඳින ගතියක්‌ද තිබේ. හැම දෙයක්‌ම වැඩිපුර ලබා ගැනීමට උත්සාහ දරනු ඇත. තනතුරු කිහිපයක්‌ බදාගෙන දඟලන්නේද අංක 1 හිමියන්ය. තමුන්ගේ අදහස්‌වලට අන් අය යොමුකර ගැනීමට බලවත් උත්සාහයන් දරණු ඇත. සමහර අයගේ විවාහ ජීවිතයද අවුල්වීමට ඉඩ ඇත. නීත්‍යනුකූලව ප්‍රේම කිරීමට මේ අය දඟලනු ඇත. බොරු සෝභන වැඩ අඩුය. හොඳ අරමුණක්‌ මත වැඩ කිරීම නිසා පියවරෙන් පියවර ඉහළට යැම අංක එක හිමියන් තුළ දැකිය හැකිය. ඕනෑම තනතුරක ඉහළ අඩිය වෙත පා තැබීමට උත්සාහ දරනු ඇත. බොහෝ විට එම අදහස සඵල කරගන්නවා ඇත. අංක එක හිමියාට කෙනෙක්‌ හිතට ඇල්ලුවොත් මැරෙනතුරු ඔහුට හොඳම මිතුරාද වේ. රහස්‌ සතුරු කරදරයකට ජීවිතයේ එක්‌ වරක්‌වත් මුහුණ දීමට සිදුවේ. ඒ තුළින්ද හොඳ ජීවිත පන්නරයක්‌ද ලබන බවද කිවයුතුය. අංක එක හිමියන්ගේ දක්‍ෂතා සමහර අයගේ ඊර්ෂ්‍යාවට ලක්‌වන අවස්‌ථාද තිබේ. මොන තරම් විරුද්ධවාදීන් සිටියද ඔවුන් හිරු දුටු පිනිමෙන් අංක එක හිමියන් ඉදිරියේ නැතිවී යනු ඇත.

බොහෝ ගත සිත මෙහෙයවා කටයුතු කිරීම නිසා ඇස්‌ පෙනීම දුර්වල වීමට ඉඩ තිබේ. හෘදය රෝග ස්‌නායු දුබලතාවයන්ටද මුහුණ දීමට සිදුවේ. නින්ද සහ විවේකය පිළිබඳ වඩාත් සිතිය යතුය. ඒ තුළින් රෝග අවම කර ගත හැක. ඕනෑම වර්ෂයක මාර්තු 21 සිට අප්‍රේල් 28 දක්‌වාද ජුනි 21 සිට අගෝස්‌තු 28 දක්‌වාද කාල සීමා යහපත් විය හැක. එම කාලයක අංක එක දිනක උපත ලබා ඇත්නම් ඉතාම සුබදායකය.

ඉරිදා, සඳුදා දිනයන්ද 10, 19,28,34, 37,45,55,64 යන වයස්‌ සීමාවන්ද අංක 01 හිමියන්ට යහපත්වේ. ජීවිතයේ වැදගත් සිදුවීම් එම වර්ෂය තුළ සිදුවී ඇද්ද කියා ඔබ අංක එක දිනක උපත ලබා ඇත්නම් හිතා බලන්න. ඔබේ උපන් දින අංකය පිළිබඳව මෙම ලිපිය ලියා ඇත. ඔබේ උපන් අවුරුද්ද, උපන් මාස, දිනය එකතු කරගත් විට දෛවය අංකය ලැබේ. එය 013,5,6,8,9 යන එකක්‌ වී නම් ඉතා හොඳය. 2,4,7 වේනම් අංක 01 දිනක උපන්නන් තත්ත්වය දුර්වල බව දත යුතුය. අංක එක තුළ උපන් විද්වතුන්ගේ උපන් දින දෙස ටිකක්‌ බලන්න.

මහා ගත්කරු ලියෝ ටෝල්ස්‌ටෝයි (1828.08.28)
සුප්‍රකට නළු ගාමිණී ෆොන්සේකා (1936.03.28)
චන්ද්‍රරත්න මානවසිංහ (1913.06.19)
ක්‍රිකට්‌ ක්‍රීඩක අර්ජුන රණතුංග (1963.12.01)
ගත්කරු ඔරුවල බන්දු (1935.03.01)
මහා වෙදැදුරු ජී. පී. වික්‍රමආරච්චි (1889.09.28)

මේ අය උපන් දිනය අංක 01 බව දැන් ඔබට පැහැදිලි වනු ඇත. එම චරිත ගැනත් ටිකක්‌ හිතා බලා ඔබත් අංක එකේ රජ වැඩකාරයෙක්‌ වන්න. ඉදිරියේදී අංක දෙක ගැන බලාපොරොත්තු වන්න.

We found this article from Divaina on 2014/04/27.