ග්‍රහයන්ගේ සංයෝගයන්ගෙන් අගනා ප්‍රතිඵල ගෙන දෙන්නේ කේන්ද්‍රස්‌ථාන – ත්‍රිකෝණාස්‌ථාන අධිපති ග්‍රහයන් නිසා තැනක එකට සිටීමෙනි. අදාළ ස්‌ථානය උච්ච ස්‌වක්‌ෂෙත්‍ර රාශි වූයේ නම් උසස් ප්‍රතිඵල ලැබේ. ජෝතිර්වේදයේ දැක්‌වෙන ග්‍රහ සංයෝග බොහෝමයකි. වරහමිහිර, ඵලදීපිකාව, භාව කුතුහලය, චිත්තාමතය, පරාශරය වැනි ග්‍රන්ථවලින් මෙම ග්‍රහ සංයෝග ගැන විස්‌තර කෙරෙයි. සඳු සමග යෙදෙන ග්‍රහ සංයෝග (ත්‍රි ග්‍රහ) අද ලිපියෙන් අනාවරණය වෙයි
සඳු – බුධ – ගුරු
සඳු – බුධ – ගුරු ත්‍රි ග්‍රහ යෝගය ඉතා උසස් යෝගයකි. ළමා වියේ සිටම අධ්‍යාපන කටයුතුවලින් නිපුණතා දක්‌වයි. උසස් අධ්‍යාපනයට යොමුවී පණ්‌ඩිත තත්ත්වයට පත්වෙයි. සිත, ඥණය, විද්‍යාව යන ත්‍රිවිධයන් එකට එකතු වූවා සේය. පවුල් ජීවිතය සතුටින් ගතකළ හැකිය. කේන්ද්‍රස්‌ථානයක බලවත්ව මෙම අත පිහිටීම සිදුවී නම් ඉතාමත් බල සම්පන්න අයකු වන්නේය. සැප සම්පත් ලබයි.
සඳු – බුධ – සිකුරු
සඳු – බුධ – සිකුරු – සංයෝගය – මෙහිදී සඳු – බුධ සමග සිකුරු සිටීමෙන් උසස් තත්ත්වයක් හිමිකර ගන්නා නමුත් සිකුරු නිසා කාමාශාවල ඇලී ගැලී කටයුතු කරයි. විශේෂයෙන් ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂයම අනාචාර ශීලී ලෙස කටයුත කිරීමේදී පහත් තත්ත්වයට වැටේ. එසේ වුවත් සමාජයේ කැපී පෙනෙන ප්‍රකටයන් වන්නේය. වයස ගියත් තරුණ බවක් දිස්‌වේ.

සඳු – කුජ – ශනි
සඳු – කුජ – ශනි – ත්‍රිගහ යෝගය යෙදීමේදී මෙය 06 වැන්නේ හෝ 08 වැන්නේ යෙදී ඇත්නම් ඉතා නරකයි. ළදරු වියේ සිටම නොයෙක් ලෙඩ රෝග ආබාධ ඇතිවී මරණය පවා සිදුවිය හැකිය. මවුටද අපලය. ඇයද මරණයට පත්විය හැකිය. අන් ග්‍රහ බලයන් ජීවත් වුවහොත් පසු කාලයේ තරුණ වියේ සිට ඉතා ප්‍රබල අයකු වන්නේය. කාටවත් යටත් පහත් නැති හිතුවක්‌කාරයෙකු වන්නේය.
සඳු – කුජ – සිකුරු
සඳු – කුජ – සිකුරු – සංයෝගයෙන් උපන් අය උභය පාර්ශ්වයේ (ස්‌ත්‍රී/ පුරුෂ) අය වෙනුවෙන් නිතර සිතයි. ශරීර ශක්‌තියෙන් පූර්ණයි. නිරෝගී වේ. ඇවිදිලි අධිකයි. මෙම ග්‍රහයන් බලවත්ව සිටියේ නම් පුද්ගලයාද බලවත් අයකු වන්නේය. නරක ස්‌ථානයක මෙම ග්‍රහයන් සිටි විට ලඡ්ජා බවින් තොරව කටයුතු කරයි. දූෂණ කටයුතුවලට යොමුවේ. පරදාර සේවනයේ යෙදෙයි.
සඳු – කුජ – ගුරු
සඳු – කුජ – ගුරු – ග්‍රහ එකතුව නිසා රූප සෝබාව වර්ධනය වේ. උභය පාර්ශ්වයෙන් උදව් උපකාර ලැබේ. ඔවුන්ගේ ආදරයට ලක්‌වේ. ධනවත්වේ. 11-02 ආදී තැනක උච්ච/ ස්‌වක්‌ෂත්‍රව සිටි විට විශාල ධනයකට හිමිකම් කියයි.
සඳු – කුජ – බුධ
සඳු – කුජ – බුධ – මෙම ග්‍රහ සංයෝගය පිහිටා ඇත්නම් එතරම් ශුබ ඵල අපේක්‍ෂා කළ නොහැකිය. දූෂණ කටයුතු අනාචාර ක්‍රියාවල යෙදෙයි. අන්‍යන්ගේ දොස් දකී. ඔවුන්ට අපහාස කරයි. මෙම ග්‍රහයන් බලවත්ම සිටියේ නම් (උච්ච/ ස්‌වක්‌ෂත්‍ර) යහපත් ප්‍රතිඵල ගෙනදෙයි.
සඳු – ගුරු – ශනි
සඳු – ගුරු – ශනි – යෝගය නිසා ළමා වියේ සිටම සැප ලබයි. ඉගෙනීම් කටයුතුවලදී දක්‍ෂතා දක්‌වයි. ශරීර වෙහෙසා වැඩ කිරීමට සිදු නොවේ. උභය පාර්ශ්වයේ දයාව, කරුණාව, ආදරය ලබයි. 04-07 ස්‌ථානයක නම් ප්‍රතිඵල වඩාත් යහපත්ය. රාජ්‍ය අංශයෙන් උසස් තත්ත්වයක් ලබයි.

සඳු – බුධ – ශනි
සඳු – බුධ – ශනි – මෙම යෝගයද යහපත් එකකි. උගතෙකු වන්නේය. පණ්‌ඩිත ගති ලක්‍ෂණ ඇතිවේ. සමාජයෙන් රජයෙන් සම්මාන ලබයි. නිදහස් මතධාරියෙකි. තැන්පත්ය. සාහිත්‍ය කලා කටයුතුවලින් උසස් වේ.
සඳු – ශුක්‍ර – ශනි
සඳු – ශුක්‍ර – ශනි – මෙම යෝගය ඇති උපන් අය වැඩිපිරිසක් ශ්‍රමණ (පැවිදි) තත්ත්වයට පත්වේ. ආගම දහමට ලැදිව කටයුතු කරයි. ලෝක පූජිත වේ. පූජක පක්‍ෂයේ ඉහළ තනතුරු ලබයි. රජයට උසස් අයට උපදෙස් අවවාද දීමට තරම් ප්‍රබලවේ.
කලින් සඳහන් කළ පරිදි සඳු – ගුරු – සිකුරු යන සෞම්‍ය ග්‍රහයන් 01 ත් – 07 ත් රවි – කුජ – ශනි යන පාපයන් 4-10 ස්‌ථාන වල සිටින විට යෙදෙන වජ්‍ර යෝගයෙන් රූපය ලස්‌සන වෙයි. ධනය ලබයි. සඳු වෘෂභ රාශි ගතවීමෙන් සස යෝගයත් කටක රාශිගත වීමෙන් කුලීර යෝගයත් උදාවෙයි. මෙම යෝග දෙකම බලවත්ය. පෙනුම ප්‍රසන්නයි. ගේදොර ඉඩකඩම් ලබයි. සාර්ථක විවාහ ජීවිතයක් ගතකළ හැකිය.
We found this article from Divaina on 2014/05/25.