Friday, September 12, 2025
Homesiඅත් අකුරු වලින් කියවෙන ජීවිතයේ සැඟවුණු රහස්‌

අත් අකුරු වලින් කියවෙන ජීවිතයේ සැඟවුණු රහස්‌

[ratings]

මිනිස්‌ වර්ගයා විසින් ලියන අත් අකුරු නොයෙක්‌ හැඩ තලවලින් එකිනෙකට වෙනස්‌ වේ. මේ හැම අකුරකම ගුප්තම බලයක්‌ ඇත. ආකර්ෂණයක්‌ද ඇත. කෙනකු යම් ඉරක්‌ අඳින්නේද එයින් එම පුද්ගලයාගේ ගති පැවතුම් ජීවිතයේ සැඟවුණු රහස්‌, වෙනස්‌ වන ආකාරය ගවේෂණ අනුව මෙසේය.

අකුරුවල හැඩය (- බොහෝම කුඩාවට කියවීමට පවා අපහසු අකුරු ලියන අයගේ හිත ශක්‌තිමත්ය, දැඩිය, ගල් හිතක්‌ ඇතිවේ. අධික වැඩ ගණනාවක්‌ තිබුණද ඒවා නිරවුල්ව පිරිසිදුව, සතුටෙන් කරයි. කතාව අඩුය. සිනාව අඩුය, වරදක්‌ දුටුවිට හෝ කළ අයකු ඇත්නම් පසුපසම එලවයි. තද කේන්තිය ආවද පසුව ලතවෙයි.

අකුරුවල ප්‍රමාණය (- කියවීමට තරම් අපහසු ඉතා කුඩාවට අකුරු ලියන අය බොහෝ ලැඡ්ජාශීලීයි, මිත්‍රයන් අඩුය, ඇසුරට කැමති නැත. ප්‍රමාණයෙන් බොහොම කුඩා අත්අකුරු ලියන්නා විද්‍යාත්මක සිතුවිලි ඇති අයකුය. තමා සමග බොහෝ මිතුරන් සිටින්නේ නම් කැමතිය. අකුරුවල ප්‍රමාණයන් වෙනස්‌ වන්නේ නම් ඔහු සිතුවිල අධික පුද්ගලයෙකි. දොඩමළු අයෙකි.

අත් අකුරු ඇලවීම (- ඉදිරියට ඇලවූ අකුරු ලියන තැනැත්තා මිත්‍රශීලීය. ආදරය, කරුණාව, දයාව, ඉවසීම අඳුනන අයෙකි. කිසියම් තීරණයක්‌ ගැනීමේදී හදවතින් කල්පනා කරයි. සිරස්‌ව කෙළින් අකුරු ලියන අය සිතුවිලිවලට තරමක්‌ වහල් වේ. තීරණ ගැනීමේදී හදවතින් කල්පනා නොකරයි. පසු පසට ඇලවුණු අකුරු ලියන අය ලඡ්ජාශීල අයය. තම හැඟීම් පෙන්වීමට ඔහුට අපහසුය.

පේළිවල පරතරය (- තිරස්‌ව තනි පේළියට ලියන අය අවංක සෘජු පුද්ගලයන්ය. පේළි උඩු අතට ගමන් කරන්නේ නම් ඒ තැනැත්තා උසස්‌වීම්වලට බලවත් ආශාව ඇත්තෙකි. ඉහළට ගොස්‌ පහළට නැවත එන ලෙසට අකුරු ලියන අය යම් විශේෂ දෙයක්‌ පිළිබඳ උනන්දුවක්‌ ඇති අයය. පේළි පහළට ගමන් කරයි නම් ඒ තැනැත්තා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළේ. ක්‍රමවත්ම අකුරු ලියන අය නිවැරැදිව සිතන අයයි. අක්‍රමික අකුරු ලියන්නා බුද්ධිමත් බව පෙන්නුම් කරන අතර ඉක්‌මනින් සිතන අයද වේ. කෙටි තීරණ ගන්නෝය.

අත්සන් යෙදීම (- මෙය යම් පුද්ගලයකුගේ පෞරුෂත්වය පෙන්වන දර්ශනයකි. අත්සනට යටින් ඉරක්‌ අඳින අය තමා ගැන ආඩම්බර වන බලවත් පෞරුෂත්වයකින් හෙබි අයකු වේ.

අත්සන අවසානයේ කුඩා ඉරක්‌ අඳින අය පටන්ගත් දෙයක්‌ අවසානය දක්‌වාම නිවැරැදිව කරගෙන යන අයකු වේ. විශාල අත්සනින් පෙන්නුම් කරන්නේ ප්‍රබල පෞරුෂත්වයයි. ලොකු මහන්තත්වයයි. අත්සන ඉහළට ඇදීම උසස්‌වීමට ආශාවක්‌ ඉදිරියට ඇති අයයි. ඉතා කුඩා අත්සන යොදන අය බොහෝ ලඡ්ජා අයයි. ක්‍රමයෙන් විශාල අත්සන් යොදන්නා වෙළෙ¹මට දක්‍ෂයි. ඒකාකාර අත්සනින් පෙන්නුම් කරන්නේ අසාමාන්‍ය පෞරුෂත්වයයි.

ඉංගී්‍රසි ලොකු අකුරු (- මේ ඉංගී්‍රසි අකුරුවල ඇති වෙනස වන්නේ ඉරි කෑලි එකතුවී හැදෙන අකුරකි. විශාල ලොකු අකුරු ආඩම්බර ගතිය පෙන්නුම් කරයි. අන්‍යයන්ගේ ගරු සැලකිලි බලාපොරෙත්තු වේ. ඉතා කුඩා අකුරු ලියන අය ලඡ්ජාශීලී අයයි. ඉතා චාම් අකුරු පිරිසිදු ගති පැවතුම් ඇති අයගේය. කෙනකුට කියවීමට සිතීමට බැරි අත්සන යොදන තැනැත්තාට ඥනය, බුද්ධිය, ධාරණ ශක්‌තිය ඇති අයයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments