Thursday, September 11, 2025
HomesiMarriageඅනියම් ප්‍රේමය වළකන ඉපැරණි ගුරුකම්

අනියම් ප්‍රේමය වළකන ඉපැරණි ගුරුකම්

සැමියාගේ බිරිඳගේ අනියම් ප්‍රේමය ඔබේ ජීවිතයම කලකිරීමට පත්වෙන දුක්‌බර සිදුවීමක්‌. මොන දේ වුණත් ඔහුට ඇයට ඔබ තවමත් ආදරෙයි නම් අනියම් පෙමින් වෙළුන ඔහුව ඇයව වගේම ඔබේ ආදරණීය දුව පුතා ඔබට අකීකරුව පවත්වන නොගැලපෙන ප්‍රේම සබඳතා නවත්වා ගන්න ඔබට මේ ගුරුකම් ඉතා ප්‍රයෝජනවත් වේවි.

සග සබ්බ පාපස්‌ස අකරණං අකුලස්‌ස උපසම්පදා

සචිත්ත පරියෝන දපනං හෘදක්‌ෂණ ලිංග ඝන සුං සුං සුං

අව පක්‌ෂයේ කුජදිනක ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ රූප දෙක නිර්වස්‌ත්‍රව මුහුණට මුහුණලා කුකුළු ලේ වලින් බිත්තරයේ ඇඳ මල් පහන් පඬුරු ඇට කුටි දෙස දුන් හඳුන්කූරු ආදිය මල් තටුවේ තබා පුස සහිතව ඉහත ගාථාවෙන් 1000 වරක්‌ මතුරා දෙදෙනාගෙන් කෙනෙකුගේ කඩුල්ල ළඟ වළලන්න ප්‍රාණ පලිප්පු පුට ආදිය සිදු කරන්න.

අනියම්
කසාදේ

අලුතින් පිපුන ගමන් සුදු අරලියා මල් නවයකුත් අඟුරු කබලත් දුම්මල ටිකකුත් රැගෙන නිතර වඳින පුදන බෝධියක්‌ ළඟට ගොස්‌ අත් සෝදා පිරිසිදුවී මල් වලට පැන් ඉස මල් ආසනය පිරිසිදු කර මල් පහන් බෝධියට පූජා කරන වෙන් කළ යුතු අයගේ නම් දෙක එක අරලියා මලක ලියා ඉතිපිසෝ ගාථාව 9 වර බැගින් මල් නමයට කියමින් දුම් අල්ලන්න. ඉන් පසු මේ මල් බෝධියට පූජා කර බෝධියට අධිගෘහිත දේවතාවුන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් අයුතු සබඳතා දුරුකොට දෙන ලෙස කන්නලව් කරන්න. මෙසේ නොකඩවා නොවරදවා එකම වේලාවට දින 07 ක්‌ කරන්න.

මෙම ගුරුකම් කිරීමේදී සතුටින් සිටින විවාහක පවුල් කඩා බිඳ නොදමා අයුතු සබඳතා ඉවත් කිරීමට පමණක්‌ යොදා ගත යුතුය.

We found this article from Divaina on 2014/03/09.

RELATED ARTICLES

Most Popular

Recent Comments