[ratings]
ලෝකයේ නිරන්තර පැවැත්මද උපත හා මරණය අත්වැල් බැඳගෙන කේන්ද්‍ර කොටගත් දෛවෝපගත සිදුවීම් මාලාවකි. ඒ අනුව ජීවිතය මරණයේම ජීවමාන සෙවණැල්ලකි. ආගම ධර්මය අනුව මරණයෙන් පසු පින් කළ අය මිනිස් භවයෙත් පව් කළ අය තිරිසන් යෝනියේත්a උපදී. අප ජීවිතයෙන් චුතවූ විට තමන්ට හිමි මාතෘක්ෂකය ලැබෙන තුරු සූක්ෂම ජීවාත්මයෙන් අපට පෙනී නොපෙනී අප අතරම සැරිසරයි. සමහරුන් දෙවි දේවතාවන් හා සමහරුන් ප්‍රේත, භූත, යක්ෂ ආදී මනුෂ්‍ය අවතාර ආදිය කෲර ලෙසින් සිහිනෙන් හා හැබැහින් පෙනෙයි.
මියගිය ඥතීන් සිහිනෙන් දැකීම පිළිබඳව බෞද්ධ සංස්කෘතියෙහි මුලින්ම සටහන් වන්නේ “තිරෝ කුඩ්ඩ” සූත්‍රයේය. බිම්බිසාර රජතුමා වේළුවනය පූජා කළ දවසේ රාත්‍රියේ දුටු සිහිනය ප්‍රේතයින් පිළිබඳ පුවතෙහි එතුමා දුටුවේ ඥතීන් ප්රේතයින්වී නිර්වස්ත්‍රව නිරාහාරව සිටින අයුරුයි.
ප්‍රේත යන වචනය සිංහලට නැගී තිබෙන්නේ පාලි භාෂාවෙහි එන “ප්‍රේත” යන වචනයයි. මෙහි තේරුම “පහව ගිය” යන්නයි.
“පේතානං කාල කථානං” යන පාලි පාඨයෙන් එය අපට මනාව අවබෝධ වේ. කෙනකු මියයන විට අදෘෂ්‍යමානව ආකත්ථ වශයෙන් හෝ භූමස්ථ වශයෙන් අප අතර ගැවසී ඔවුන්ගේ අභිලාෂයන් සපුරා ගන්නට උත්සාහ දරන බව බෞද්ධ ආකල්ප තුළින් අපට හෙළි වේ. බොහෝ විට මිය ගිය අය මියයන විට සිතූ සිතුවිලි තුළින් ඔහු ඔහුගේ මවට, පියාට, ඥාතීන්ට, අඹුවට, දූ දරුවන්ට, ගේ, දොර, වතුපිටි ධනයට අයත් මුදල්වලට ආදරයෙන්, ලෝභයෙන් තණ්හාවෙන් දුක් සිතින් මිය ගිය පසු ප්‍රේත භූත යක්ෂ භූතාත්ම ලබා අප ළඟින් හැසිරෙයි. භූත බලවේග බල පරාක්‍රමයි. ගව් ගණන් වුවද විදුලියක් මෙන් භූත බල ඇදේ. සිතට සිත ඇදේ, හදට හද ඇදේ. භූතයාට, භූතයා ඇදේ. ජීව ශක්තියට ජීව ශක්තිය ඇදේ. භූතයාට තප්පරයකින් ගව් ගාණක් යැමට මෙන්ම කථා කිරීමට ශද්දබද්ද කිරීමේ මහා බලයක් ඇත. ප්‍රේතයින් සමහර අයට පෙනේ. සමහර අයට නොපෙනේ. ප්රේතභූත, යක්ෂ අමනුෂ්‍ය, පිසාචයෝ මනුෂ්‍ය ලෝකයේම ඇති සුසාන භූමි, රදා තොටවල්, වැව්, අමුණු, පතැස්, පාලු ගෙවල්, රුක්ෂ ගස්යට, තුන්මන්සල, වැසිකිළි, කුණු ගොඩවල් ආදියේ ගැවසී මගතොට යන අයගේ බෙල්ල අඹරා මරා දැමීම, අතුල් පහරවල් ගැසීම, බිය ගැන්වීම යටිගිරියෙන් හූ කීම, බක බක ගා සිනාවීම, ආදී හිරිහැර ද කරති. සමහර විටක භූතයින්ගේ ඔළුව පමණක් පෙනෙනසේ දිගැති හිස කෙස්, කඩා හැලෙන සේ අවුල්ව ගිය රතු ඇස් හා දත් විලිස්සා බඹයක් පමණ දිව එළියට ඇද සිටින දර්ශනයක් පෙනෙයි. සමහර නිවාසවල වතුවල බඩු මුට්ටු පෙරළීම, ශබ්ද ඇති කිරීම්, කන කෑමට වැලි, පස්, ගල් අසූචි දැමීම, නිවස තුළත් මිදුල වත්ත පුරා කැහි සොටු කෙළ ගොඩවල් වැතිරීම ආදී සහ තවත් විටෙක නිදන විට තමා ළඟින්ම නිදා ගැනීම, ඇඟ අතපත ගෑම, කන කෑමක් කෑමට අත ඔබා කෑම, දොර, ජනෙල්, පෙට්ටගම් ඇරීම, වැහීම, මුදල් සොරකම් කිරීම, සුව නොවන තුවාල, වන, කුෂ්ටයන් ලෙවකා වැඩිකිරීම හා දරුණු මාරාන්තික රෝග හා අනතුරු සිදු කරයි. තවත් සමහර ප්‍රේත භූතයන්ගේ අනුන්ගේ මුදල් සොරාගෙන විත් තම කොට්ටය යට තැබීම, ගේ දොර වතුපිට බඩු බාහිරාදිය බලා ගැනීම දියුණුවීමේ ක්‍රම සිහිනයෙන් කියාදීමද කරති. මන්ත්‍ර කරුවෝ භූතයන් බන්ධනයකර ශාස්ත්‍ර කියති. එනිසා භූත කොටස් හොඳ නරක දෙකම කරයි.
ප්‍රේත භූතයින් අලි, කොටි, වළස්, කුළු හරක්, බල්ලන්, බළලුන්, හම්බාවන්, වවුලන්, උකුස්සන්, නයි, පොළොන්, පිඹුරු සහ මිනිස් වෙසින් පැමිණේ, ආදි කාලයේ සිටම මනුෂ්‍ය ප්‍රාණයන් වාහනය වශයෙන් යොදාගෙන පැමිණ බැල්ම හෙළීම් යක්ෂයා ගේ පැමිණීම වශයෙන් පිළිගැනේ. “ඉත්ථි වාහනං කත්වා අනුයන්තා දිසෝ දීඝං” යන්න එහි අදහසයි.
මානව පරම්පරාවෙන් සියවස් ගණනාවක සිට ආ ක්‍රි. ව. 800 ලේඛන ගත කළ “තිබ්බතිය මළපොත” හි වැදගත් විද්‍යාව අනුව සිතිවිලි රැසක් අප තුළ පහළවීම ස්වභාවිකයි. මේ ග්රන්ථයෙහි සඳහන් වන්නේ මරණය හා ඊට පසු සිදුවන දේ පිළිබඳ කෙරෙන ගුප්ත දර්ශනික ඉගැන්වීම් රාශියක්ය. අද නවීන විද්‍යාවේ දියුණුවත් සමගම මේ භූතයින්ගේ ශාරීරික හැඩරුව කැමරා ඇසින් “කිරිලියන්” ඡායාරූප (ණසරසකස්බ චයදඑදටර්චයි) මගින් රූ ගත කර ඇත. එයින් ප්‍රේත භූතයින් සිටින බව තර්ක විතර්කවලින් තොරව අපට පිළිගත හැක.
භූතයකු වන්නේ මිනිසාමයි. ඔහු අපේ පියවි ඇසට නොපෙනෙන ගුප්ත බලයක් ඇති මනුෂ්‍යයකු හා සමාන සජීවි අයෙකි. ඔවුන්ට අපට කළ නොහැකි අරුම පුදුම දේවල් කිරීමේ අපූර්ව ජනක බලයක් ඇත. මිනිසාගේ ප්‍රාණ වායුව පිටවුන වේලාවට ඇතිවුනු අපිරිසිදු සිතුවිලි නිසාත්, අකුසලකර්ම අනුව ප්‍රේත භූතයින් වී ඉපදේ, ප්‍රේත භූතයින් වැඩිපුර ගැවසෙන ස්ථානවල අල තබ්බන සුවඳ, එෙŒර ගඳ වදී. පුළුටු ගඳ වදී. මේ කරුණු අනුව කුසල් අකුසල්, පරලොව, දිව්‍ය ලෝකය, අපාය යන මේවා බොරුවක් යෑයි. හිතන අයට ප්‍රේත භූතයින් මරණයෙන් පසු ළංවන්නේ ඔවුනගේ විනාශයටම බව කිවයුතුයි.
මෙම භූත ප්‍රේතයින් පලවා හැරීමට කෙම් ක්‍රම සහිත පුද තබා මන්ත්‍ර බලෙන් කටයුතු කර ඇති බව අදත් භාරතියන්ගෙන් අපට දැනගත හැක. එවන් ප්‍රබල ගුප්තමය ක්රමයන් මෙසේය.
මාස පෝය දිනක ඇඳ සිටින ඇඳුම් කණපිට හරවා රාත්‍රියේ උයන ආහාර ඉඳුල් නොකර මුදුනෙන් ගෙන ව්‍යාංජන සහිතව නෑඹිලියකට පුරවා රත්කළ යකඩකූරක් ගෙනපෑළ දොර උල්පත්ත උඩ සිටගෙන යකඩකූර බත් බඳුනතුළට යවා පුළුටු සුවඳ නාසයට තුන් වරක් උරා එම බඳුන භූමියෙන් පිට තුංමන් සලක තබා කෙළ ගොට්ටක් තබා යක්බේරිය, මුඩමහණ, පුස්කර ගෙන්දගම්, මනෝසීල, හිරියල, මීමැසි පියාපත්, අක්මැල්ල, බලු නගුටවද, සිංදුරන්, කළුකම්බිලි, නූල්වල අළු එකට අඹරා ගුලි 21 ක් හදා පස්තෙල් පානේ බහා රාත්‍රි 12.00 ට දැල්වීමෙන් ප්‍රේතයින්ට, යක්ෂයන්ට ගිනි වැටක්සේ පෙනී ඔවුන් සී සී කඩ බලා දස අත දුවන බව කියවේ. මෙහි මන්ත්‍රය “ඕං එඩි එඩී පුඩි පුඩි තාක්කාංගා කාඩිංගා දාං දාං ඩ්ලිං ඩ්රී ධූලි ධූලි ඒස්වං” 100 8 වරක් ජපකර ගත යුතුයි. භූත, ප්‍රේත, යක්ෂ, අමනුෂ්‍ය ආදීන්ගේ බැල්මෙන් ඇතිවන සියලුම සන්නි ඇතුළුÊනිධන්ගත සුව නොවන රෝග යක්ෂ පිස්සු විකාර හා නිවාස භූමි පාළු ආදිය තුරංවී සියලු සෙත සැලසෙන බව භාරතීය ද්‍රවිඩ, හින්දි අයගේ විශ්වාසයකි. එය සත්‍යයකි.
We found this article from Divaina on 2012/02/17.
Also Sinhala to English Google word to word translation can be found here	

