[ratings]
ජ්‍යෙතිෂ්ශාස්‌ත්‍රයට, විවිධ කරුණු කාරණා සම්භාරයක් ඇතුළත්ය. ලග්න, නැකැත්, යෝග යනාදිය ඉන් සමහරකි.
යෝග 27 ක් පිළිබඳව “මානසාගරී” නමැති පෞරාණික ජ්‍යෙdතිෂ්‍ය ග්‍රන්ථයේ සඳහන්ව ඇති අතර එම යෝග පිළිවෙළින් මෙසේය, විෂ්කම්භ, ප්‍රීති, ආයුෂ්මාන්, සෞම්‍ය, ශෝභන, අතිගණ්‌ඩ, සුකර්ම, ධෘති, ශූල, ගණ්‌ඩ, වෘද්ධි, ධ්‍රැව, ව්‍යාඝාත, හර්ෂ, වජ්‍ර, සිද්ධි, ව්‍යතිපාත, වරී, පරිඝ, ශිව, සිද්ධි, සාධ්‍ය, ශුභ, ශුක්‌ල, බ්‍රහ්ම, වේන්ද්‍ර හා වෛධෘති එම යෝගයන්ය.
ඒ ඒ යෝගයන්හි ජන්ම ලාභය ලැබීමේ පල විපාක සැකෙවින් මෙසේය.
විෂ්කම්භ- රූප සම්පත්තියෙන් හා අලංකාරත්වයෙන්ද අනූන, වාසනාවන්ත, බුද්ධිමත්, විශාරදයකු විය හැකිය.
ප්‍රීති- තරුණියන් කෙරෙහි ඇල්මක් දක්‌වන, විස්‌තර තතු පිළිබඳ අවබෝධයක් සහිත, දැඩි උත්සාහවන්ත ගතියකින් යුතු, තම කටයුතුද උත්සාහයෙන් කර ගන්නා කෙනකු වන්නට පුළුවන.
ආයුෂ්මාන්- උඩඟු ස්‌වභාවයක් පැවතිය හැකි ධනවත් තත්ත්වයකට පත්විය හැකි, දිගු කලක් ජීවත් විය හැකි, වීර්යවන්ත ගතියකින් යුතු සටනකදී අපරාජිතව සිටිය හැකි, කවියකු වන්නටද හැකියාවක් ඇති කෙනකු වන ස්‌වභාවයකි.
සෞම්‍ය- රාජ්‍ය ගෞරවයට පාත්‍ර විය හැකි, සියලු කටයුත්තකටම දක්‍ෂතාවයක් සහිත වනිතාවන්ගේ වල්ළභයකු විය හැකි කෙනකු විය හැකිය.
ශෝභන- සිත් ගන්නා ශරීරාංගයන්ගෙන් සමන්විත, දරුවන් මෙන්ම බිරියන්ද බොහොමයක් සිටිය හැකි, කටයුතු සියල්ලෙහිම වාගේ නියෑලීමට වගබලා ගන්නා යුද කටයුතුවලට කැමැත්තක් දක්‌වන කෙනකු වන්නට පුළුවන.
අතිගණ්‌ඩ- මව නසා දැමීමටද කුලය නසා දැමීමටද බැරිකමක් නැති කෙනකු වන සෙයකි.
සුකර්ම- යහපත් කටයුතුවල නියෑලෙන, හැම කෙනකුටම ප්‍රියජනක, ශීලවන්ත ගතියක් පැවතිය හැකි, සමහරවිට රාගී ස්‌වරූපයක්‌ද පැවතීමට ඉඩ ඇති, ධනධාන්‍යයෙන්ද පොහොසත්, ගුණගරුක කෙනකු විය හැකිය.
ධෘති- ධෛර්යමත්, කීර්තිමත්, පුෂ්ටියද ධනයද, සහිත වාසනාවන්ත, ගුණවන්ත, සනීපවත්, විද්‍යා ශාස්‌ත්‍රයද දන්නා කෙනකු වන ස්‌වභාවයකි.
ශූල- විද්‍යා ශාස්‌ත්‍රයන්හි සමර්ථභාවයක් සහිත පරතෙරට පවා යා හැකි යාගවලටද දක්‍ෂ ධාර්මික කෙනකු වන්නට පුළුවන. කිසියම් රෝගයකින් පෙළීමේ ඉඩකඩද ඇත.
ගණ්‌ඩ- ශාස්‌ත්‍රයන්හි පරතෙරට යා හැකි, දැඩි ශූර ගතියක් සහිත, දැඩි ව්‍රතද අනුගමනය කළ හැකි, බෝග සම්පත්තියද සහිත, ධාර්මික මිටි කෙනකු විය හැකිය. කිසියම් රෝගයකින් පෙළෙන්නටද පුළුවන.
වෘද්ධි- වෙරවීරියවන්ත, ධනවත්, භෝගානුභව කරන දරුවන් හා බිරියන්ද බොහෝ ගණනක් සිටිය හැකි රූප සම්පත්තියද සහිත කෙනකු විය හැකිය.
ධ්‍රැව- ස්‌ථිරසාර බුද්ධියක් සහිත, ස්‌ථිරසාර කටයුතුවල නියෑලෙන, සියල්ලන්ගේම ප්‍රියමනාපයට පාත්‍ර වූ දීර්ඝායූ සම්පත්තියද හිමි කෙනකු වන්නට පුළුවන.
ව්‍යාඝාත- සියලු දෙයක්‌ම වාගේ දැන උගත් ලෝකයේ සියලුම වාගේ කටයුතු කිරීමේ හැකියාවක් ඇති, ලෝක ප්‍රසිද්ධියට පත්විය හැකි හැම කෙනකුගේම වාගේ පුද සත්කාරයට පාත්‍ර විය හැකි කෙනකු විය හැකිය.
හර්ෂ- විද්‍යා ශාස්‌ත්‍රයන්හි විශාරදත්වයකට පත්විය හැකි, වාසනා ගුණ මහිමයද සහිත, රජවරුනගේ ප්‍රියමනාපයට පත්වන, ධනවත් කෙනකු වන ස්‌වභාවයකි.
වජ්‍ර- සියලුම වාගේ විෂයන් සම්බන්ධ විශාරද දැනුමක් තිබිය හැකි, විස්‌තර තතු පිළිබඳ දැනුමක් ඇති, විවිධ වික්‍රමයන්ද පෑ හැකි, ධනධාන්‍යද හිමි කෙනකු විය හැකිය.
සිද්ධි- කටයුතු සියල්ලම වාගේ ඉෂ්ට සිද්ධ කරන, අනුන්ට දීමෙහි කැමැත්තක් දක්‌වන, සුව සම්පතින් යුතු, සිත් ගන්නා රූපයකින්ද යුතු කෙනකු විය හැකි නමුත් සොවට පත්වන රෝගියකු වන්නටද බැරිකමක් නැත.
ව්‍යාතිපාත- දැඩි දුෂ්කරත්වයකින් වුවද, සද්භාවයකින් ජීවිතය ගෙන යන, උත්තම ගති සහිත කෙනකු විය හැකිය.
වරී- ශිල්ප ශාස්‌ත්‍රයන්හිද, කතාවෙහිද, ගීත නාටකාදියෙහිද සමර්ථතාවයක් සහිත බලවත් කෙනකු වන්නට පුළුවන.
පරිඝ- තමන්ගේ කුලය උසස් මට්‌ටමකට ගෙන යන, ශිල්ප ශාස්‌ත්‍ර පිළිබඳ නිපුණතාවක්‌ද සහිත, කතාවට දක්‍ෂ සිත් ගන්නා විධියට කතා බස් කරන කවියකු වීමේ හැකියාවද සහිත සුවයකින් යුතුව අනුභව කරන අනුන්ට දීමට කැමැත්තක් දක්‌වන කෙනකු විය හැකිය.
ශිව- සියලුම කලණ ගුණවලට ආදර්ශයක් බඳු, ඉසුරු දෙවියනට සමාන ප්‍රඥවකින් යුතු කෙනකු වන ස්‌වභාවයකි.
සිද්ධි- කාර්ය සිද්ධිය ඉටුකර ගන්නා මන්ත්‍ර ශාස්‌ත්‍රඥයකු බවට පත්වීමේ හැකියාව සහිත දිව්‍යනාරීන් බඳු ස්‌ත්‍රීන් සිටිය හැකි සම්පත් සියල්ලම වාගේ ලබන කෙනකු වන්නට පුළුවන.
සාධ්‍ය- සිය බලාපොරොත්තු, අදහස් ඉටුකර ගන්නා, කීර්තියකින්ද යුක්‌ත මනා සිරුරු සුවයක්‌ද සහිත ලෝක ප්‍රසිද්ධියටද පත්වන කෙනකු විය හැකිය.
ශුභ- සිත් අදනා මුහුණකට හිමිකම් කියන, නැණ නුවනින්ද යුතු ධනවත් අනුනට දීමට කැමැත්තක් දක්‌වන බ්‍රාහ්මණයන් පිදීමටද රුචිකත්වයක් ඇති කෙනකු වන සෙයකි.
ශුක්‌ල- සකල කලාවෙහිම නිපුණත්වයක් සහිත, සියලු දෙයක් ගැනම වාගේ දැනුමක් අවබෝධයක්‌ද සහිත කිවියකු, ශූරවීර තෙද බලැති ජනප්‍රසාදයට පත් ධනවත් කෙනකු වන්නට පුළුවන.
බ්‍රහ්ම- වෙද සතරෙහි කෙළවරටම වාගේ ගිය උගතකු හැම කටයුත්තකටම වාගේ දක්‍ෂ කෙනකු, නිරතුරුවම බ්‍රහ්ම ඥනයෙහි ඇලෙන සුළු කෙනකු විය හැකිය.
ඓන්ද්‍ර- රජ කුලයෙහි උපත ලබා රජ කෙනකු විය හැකි සුවසේ බුදින, සුත, ගුණවත් කෙනකු වුවද ආයුෂ ප්‍රමාණය අඩු කෙනකු වන ස්‌වභාවයකි.
වෛධෘති- උත්සාහයෙන් යුතුව කටයුතු කරන බඩසයින් පෙළීමටද ඉඩකඩ ඇති අප්‍රසාදයට පත්වීමේ හැකියාවක්‌ද ඇති කෙනකු විය හැකිය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here