[ratings]
ශ්‍රීමත් ශාලිවාහන නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් පස්‌වන ඉද්වත්සර භේද නාමධාරී ශිව දේවතාධිපති “ඛර්” නම් සංවත්සරය උදාවන්නේ, අප්‍රේල් මස මැදදී උදාවන සිංහල -හින්දු අලුත් අවුරුද්දත් සමගමය.
ඛර් නම් සංවත්සරය ඇතුළු සංවත්සර 60 ක් පිළිබඳව ජ්‍යෙdතිෂයෙහි සඳහන් වන අතර ඒ සංවත්සර සියල්ල පහත සඳහන්යá ප්‍රභව, විභව, ශුක්‌ලා, ප්‍රමෝද, ප්‍රජාපතී, අංගිරා, ශ්‍රී මුඛ, භාව, යුව, ධාතා, ඊශ්වර, බහුධාන්‍ය, ප්‍රමාර්ථ වික්‍රම, වෘෂ, චිත්‍රභානු, සුභාත්‍ර, තාරණ, පාර්ථිව, ව්‍යය, සර්වජිත්, සර්වධාරී, විරෝධී, විකෘති, ඛර නන්දන, විජය, ඡයා, මන්මථ, දුර්මුඛ, හෙමලම්බ, විලම්බ, විකාරි, ශාර්වරී, ප්ලව, ශුභකෘත්, ශොභන, ක්‍රෝධි, විභාවසු, පරාභව, ප්ලවංග කීලක, සෞම්‍ය, සාධාරණ, විරෝධකෘත්, පරිධාවි, ප්‍ර්‍රමාදී, ආනන්ද, රාක්‌ෂස, නල, පිංගල, කාලයුක්‌ත, සිද්ධාර්ථො, රෞද්‍ර, දුර්මිති, දුන්දුභී, රුධිරොද්ගාරී, රක්‌තාක්‍ෂ, ක්‍රොධන හා ක්‍ෂය.
zzමානසාගරීZZ නමැති පෞරාණික ජ්‍යෙdතිෂ ග්‍රන්ථයෙහි සඳහන්ව ඇති අන්දමට, ඒ ඒ සංවත්සරයන්හිදී උපත ලද අයට ලැබෙන පලවිපාක මෙසේය.
ප්‍රභව සංවත්සරය – තමන්ගේ ජාතිය මෙන්ම කුලධර්මද පාලනය කළ හැකි, විද්‍යාව දැන උගත් මහා බලයකින් හා කෲර ස්‌වභාවයේ බුද්ධි මට්‌ටමකින්ද සමන්විත කෙනෙකු විය හැකිය.
විභව සංවත්සරය – ධනසම්පත් ඇති අයට උදව් උපකාර කරන, පිරිමියකු වුවද, යම් තරමකට හෝ ගැහැණු ගතිද, චපල ස්‌වභාවයක්‌ද තිබියහැකි, සොරකමෙහි පවා යෙදීමට ඉඩකඩ ඇති කෙනකු වන්නට පුලුවන.
ශුක්‌ල සංවත්සරය -ශීල වන්ත,
සන්සුන්, පිරිසිදු, අනුන්ට උපකාර කිරීමට කැමති කෙනෙකු වුවද, පරඹුවන් කෙරෙහි ඇල්මක්‌ද දැක්‌විය හැකිය. ධනයෙන් හීන කෙනෙකු වන ස්‌වභාවයකි.
ප්‍රමෝද සංවත්සරය – රජයේ ගරු සැලකිලිවලට පාත්‍ර වන, රජයේ වගකිවයුතු ස්‌ථානයකට පත්වන, සමහර අවස්‌ථාවල සම්පත් ලැබීමේ ඉඩකඩද සහිත නෑදෑ මිත්‍රයන්ද සිටිය හැකි, සතුරන්ගෙන් සමහරවිට පීඩාඑල්ල විය හැකි කෙනෙකු විය හැකිය.
ප්‍රජාපතී සංවත්සරය – පිටරටවල නම ප්‍රසිද්ධ වියහැකි, ත්‍යාගවන්ත ගතියක් සහිත, සම්පත් මෙන්ම දරුවන් බොහෝ දෙනකු සිටිය හැකි, ප්‍රජාපාලන කටයුතුවලට කැමැත්තක් දක්‌වන කෙනෙකු වන්නට පුළුවන.
අංගිරා සංවත්සරය – ආගම, ධර්ම ශාස්‌ත්‍ර දන්නා සදාචාර සම්පන්න, යහපත් ක්‍රියාවලට ඇලුම්කමක් දක්‌වන, මිතුරු මිතුරියන්ට හා ආගන්තුකයන්ට ද සත්කාර කිරීමට ආශාවක් ද සහිත කෙනෙකු වන ලක්ෂණ දක්‌නට ඇත.
ශ්‍රී මුඛ සංවත්සරය – දෙවිදේවතාවුන් වහන්සේලාට භක්‌තියක් දක්‌වන, ධාතු වාදය පිළිබඳව හසල බුද්ධියක් සහිත, අතමිට සරු කෙනෙකු වන ස්‌වභාවයකි.
භාව සංවත්සරය – භාවනා කිරීමට නිරතුරු උනන්දුවක් දක්‌වන කෙනෙකු වුවද, මස් මාළු වලට රුචියක් දක්‌වන කෙනෙකු විය හැකිය.
යුධ සංවත්සරය – ස්‌වකීය බිරිඳ වෙනුවෙන් දුක්‌පීඩා විsය හැකි, සිත්තැවුල්වලටද පත්විය හැකි, ලෙඩ රෝගවලටද ගොදුරුවිය හැකි, කෙසේ වුවත්, සතුටින් ජීවත් වීමේ ඉඩකඩක් පවතින, සමහරවිට, ජලයෙන් කිසියම් පීඩාවකට පත්වීමේ ඉඩකඩද ඇති කෙනකු වන්නට පුළුවන.
ධාතා සංවත්සරය – ශීල වන්ත, ධර්මානුකූල ජීවිතයකට කැමති, සත්පුරුෂ ගුණ සහිත, ධනවත්, සිත් ගන්නා සිරුරකට හිමිකම් කියන, දීන ගති ඇති අය රැක ගන්නා කෙනෙකු වන ස්‌වභාවයක් දක්‌නට ඇත.
ඊශ්වර සංවත්සරය – අර්ථයෙන්, ධර්මයෙන් යුක්‌ත, ධනවත්, බවභෝග තිබිය හැකි, ගවයන් ඇති කිරීමට කැමැත්තක් දැක්‌විය හැකි, කාමුක ගති පැවතුම් පැවැතිය හැකි කෙනෙකු වන්නට පුළුවන.
බහුධානය සංවත්සරය – අහංකාර උඩඟුකමක් නොමැති, සංගීතයට ඇල්මක් දැක්‌වියහැකි, කටයුතුවලද නිරත විය හැකි, අධ්‍යයන මත්පැනට ඇල්මක් දැක්‌විය හැකි කෙනෙකු විය හැකිය.
ප්‍රමාතිනි සංවත්සරය – අනුන් සතුව ඇති දේවලට ලොල් ගතියක් දක්‌වන, සූදුවටද නැඹුරුවක් දක්‌වන, පරස්‌ත්‍රීන් කරා ඇදී යන, විපත්තිවලට සමහරවිට ගොදුරුවිය හැකි කෙනෙකු වන ස්‌වභාවයකි.
වික්‍රම සංවත්සරය – ප්‍රතාපවත් ගතිලක්‍ෂණ වලින් යුතු, විද්‍යා ශාස්‌ත්‍ර නිපුණතාවක්‌ද සහිත, පාලනය කරගත් ඉදුරන් තිබිය හැකි, ශූර ගති සහිත විපත්වලට ලක්‌වීමේ ඉඩකඩක් නොමැති කෙනෙකු විය හැකිය.
වෘෂ සංවත්සරය – ධර්මාර්ථයෙන් යුක්‌තව ධනය බොහෝ උපයීමේ හැකියාවක් ඇති, තමන්ගේ කුලය රැක ගැනීමට යත්ත දරන, දෙඅත් කෙටි විය හැකි, උදර පෙදෙස හා පාද මහත්විය හැකි කෙනෙකු වන්නට පුළුවන.
චිත්‍රභානු සංවත්සරය – දේව පූජාවලට කැමැත්තක් දක්‌වන, ස්‌ථිරසාර ගති ලක්‍ෂණ හා තේජවන්ත ස්‌වභාවයක්‌ද සහිත, උඩඟු ගතියක්‌ද තිබිය හැකි තමන්ගේ අභිවෘද්ධිය උදෙසා උත්සාහ දරන කෙනෙකු වන ලක්ෂණ දක්‌නට ඇත.
සුභානු සංවත්සරය – යහපත් කටයුතු සියල්ලම කරන, සියලු සංග්‍රහයන්ම කිරීමට මනාපයක් දක්‌වන, මිතුරන්ගෙන් මෙන්ම මිතුරුකමක් නැති අයගෙන්ද යම් යම් ලාභයන් ලැබිය හැකි කෙනෙකු වන සෙයකි.
තාරණ සංවත්සරය – රජයෙන් සංග්‍රහ ලැබීමේ හැකියාවක් ඇති, සියලු දෙනාටම ප්‍රියජනක, ධර්මානුකූල ජීවිතයක් ගත කළ හැකි කෙනෙකු වන්නට පුළුවන.
පාර්ථිව සංවත්සරය – ධර්මයෙහි හැසිරෙන කලණ ගුණයෙන් යුතු ශිව බ්‍රහ්මයනට සමාන ආකාරයේ වැඩ කටයුතු කරන කෙනෙකු විය හැකිය.
ව්‍යය සංවත්සරය – තමාද යහපත් පරිද්දෙන් බවභෝගවලින් සතුටු වන අතරතුර අනුනටද දීමට කැමැති මිතුරු මිතුරියන් සැලකිය යුතු පිරිසක් සිටිය හැකි, ජනයාට සම්බන්ධ කටයුතුවල නිරත විය හැකි, යහපත් ශරීර සෞඛ්‍යයකින් සිටිය හැකි කෙනෙකු වන සෙයකි.
සර්වජිත් සංවත්සරය – විෂ්නු දෙවියන් කෙරෙහි දැඩි භක්‌තියක් සහිතව, පින්දහම් කරන, තමන්ගේ සියලු සතුරන් දිනිය හැකි ශක්‌තියක් සහිත කෙනෙකු වන්නට පුළුවන.
සර්වධාරි සංවත්සරය – දෙමාපියන්ට ප්‍රිය, ගුරුවරුනට ගරු කරන, ශාන්ත ස්‌වභාවය කින් යුත්, ශූර, තෙදැති, දනවත් භාවයටකද පත්විය හැකි කෙනෙකු වන ස්‌වභාවයකි.
විරෝධී සංවත්සරය – ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට උත්සාහ දරන, ලෝවැස්‌සනගේ පුද සත්කාර ලැබිය හැකි, මත්ස්‍ය මාංසවලට ගිජුකමක් දැක්‌විය හැකි කෙනෙකු වන ස්‌වභාවයකි.
විකෘති සංවත්සරය – නැටුම්, ගැයුම්වල නිපුණතාවයක්‌ද, චිත්‍ර ශිල්පයෙහි දක්‍ෂතාවක්‌ද සහිත, අනුන්ට දීමට කැමැත්තක්‌ද ඇති කෙනකු විය හැකිය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here