[ratings]
පෘථිවි මාතා සදාහරිතය. එහෙත් ඇගේ භෞතික සැකැස්‌මේ “ඨී” හා පෘෂ්ඨීය පරිසරයේ ස්‌වාභාවිකයන් නන්විධය.
නිවාස නිර්මාණය සඳහා භූමි තෝරා ගැනීමේදී වාස්‌තු විද්‍යාත්මක නිගමනයන්හි පිහිටා කටයුතු කිරීමට අප නැඹුරුවී ඇත්තේත් පුරුදු පුහුණුවී ඇත්තේත් සෘෂි භාෂණයෙන් හා ජ්‍යෙdතිෂ්‍ය නියාමයන් පෝෂණයෙන් නිර්මිත වාස්‌තු විද්‍යාවෙහි පෘථිවි පරිසරය සතු නිවාස නිර්මාණයෙහි මැනැවැයි යෝජිත බිම් කොටස් තෝරා ගැනීමේ විද්‍යාත්මක ස්‌වාභාවිකය විසින් පෘථිවි පරිසරයෙහි සියලු තැන් මෙම උදාර මෙහෙවරෙහි අයෝග්‍ය බැව් තත්වූ පරිදි අවධාරණය කොට ඇති බැවිනි.
ත්‍රී ජ්‍යෙෂ්ඨ නියාමයන්
වාස්‌තු විද්‍යාත්මක නියාමයන් කෙරෙන් යෝජිත නිවාස නිර්මාණය සඳහා යෝග්‍ය හා අයෝග්‍ය යෑයි සම්මත භෞතික පරිසරයෙන් යුතු ස්‌වාභාවික භූමි භාගයන් නන්විධ ප්‍රතිඵල හා ප්‍රතිචාරලාභී බැවින් ඉහට වහළක් තනාගැනීමේ මෙම උත්තරීතර ව්‍යායාමයේදී අප තෝරාගතයුත්තේ
01. කිනම් ස්‌වරූපයක භූමියක්‌ද
02. එකී භූමිය කෙරෙන් නිවාස ස්‌වාමියා කෙරෙහි පරාවර්තනය වන ප්‍රතිඵල හා ප්‍රතිචාර මොනවාද
03. වඩා යෝග්‍ය වාස්‌තු විද්‍යාත්මක නියාමයන් පාදක වන භූමි භාග මොනවාද
යන ත්‍රී ජ්‍යෙෂ්ඨ නියාමනයන් පිළිබඳ විමර්ශන බුද්ධියෙන් යුතුව තුලනාත්මකව සළකා බැලීම කාලීන හා ආදිකාලීන ප්‍රබුද්ධ වාස්‌තු විද්‍යාඥයන් කෙරෙහි පවත්නා සත් චාරිත්‍රයකි.
මෙම උදාර මෙහෙවර සඳහා සුබ ප්‍රතිඵලයෙන් හා නිසි ප්‍රතිචාරයෙන් යුත් භූමි භාග තෝරාගැනීමේ අධ්‍යයනයෙහි පාදක වන
“අ” වාස්‌තු විද්‍යාත්මක නියාමයන්
“ආ” නන්විධ භූමි භාග කෙරෙහි නිරායාසයෙන් පිහිටි සමවිෂමතාවයන්
“ඇ” ස්‌වරූපයන් හා
“ඉ” භෞතික සැකැස්‌මේ ස්‌වාභාවිකයන් පෘථිවි ස්‌වාභාවිකය හා සැසඳෙන පරිදි වාස්‌තු විද්‍යාව විසින් සවිස්‌තරව දක්‌වා ඇත.
පෘථිවි ස්‌වාභාවිකය
විශ්වයේ ක්‍ෂේත්‍රගත ක්‌ෂීරපථය නම් සක්‌වලෙහි සත්විසි නැකත නියෝජනය වන තාරකා පද්ධති සංකීර්ණය පසුබිම්ව නවග්‍රහ මණ්‌ඩලය පිහිටා ඇති අතර නවග්‍රහ මණ්‌ඩලය හා ක්‍ෂේත්‍රගතව පෘථිවිය පිහිටා තිබේ. නවග්‍රහ මණ්‌ඩලය හා සත්විසි නැකත තුළින් නිරායාසයෙන්ම හා ඕපපාතිකව බිහිවන විශ්ව, සෞර හා නක්‌ෂත්‍ර ශක්‌තීන් පෘථිවි මස්‌තකය පෘථිවි අභ්‍යන්තරය, පෘථිවි පරිසරය හා මිනිසා ඇතුළු පෘථිවි වාසී සියලු ජීවීන් කෙරෙහි නිසර්ගයෙන් සෘජුව හා වක්‍රව විවිධ බලපෑම් ඇති කරවනු ලබන බැවින් පෘථිවි මස්‌තකයෙහි නිවාස නිර්මාණය සඳහා ප්‍රබුද්ධ වාස්‌තු විද්‍යාත්මක නිගමනයන් හා සැසඳෙන පරිදිම ගෙබිමක් තෝරා ගැනීම වඩා උචිත වේ.
ග්‍රහ පරපුරෙන් හා සත්විසි නැකතෙන් බිහිව පෘථිවිය වෙත එල්ලවන විවිධ ශක්‌තීන් ආශ්‍රයෙන් හා සහභාගිත්වයෙන් ගෘහ ස්‌වාමියාගේ අභිවර්ධනය සලසන හා වලකන ගෙබිම් කෙරෙහි පවතින
“අ” භෞතික සැකැස්‌ම ස්‌වාභාවිකයන් හා
“ආ” පෘෂ්ඨීය පාරිසරික නිශ්චයන් අපි විමසා බලමු.
විමසුම් ක්‌ෂේත්‍ර
නවග්‍රහ මණ්‌ඩලය හා සක්‌විති නැකත ආශ්‍රිතව නිසර්ගයෙන් බිහිවන විශ්ව සෞර හා නක්‌ෂත්‍ර ශක්‌තීන් පෘථිවි මස්‌තකයෙහි පෘථිවි අභ්‍යන්තරයෙහි හා පෘථිවි පරිසරයෙහි ඇති කරවනු ලබන විවිධ බලපෑම් හා එකී බලපෑම් පරාවර්තනයෙන් බිහිවන ස්‌වාභාවික බලපෑම් නන්විධ බිම් කොටස් කෙරෙහි විවිධ ආකාරයෙන් බලපෑම් ඇතිකරවනු ලබන බැවින් ගෙබිමක් තෝරාගැනීමේදී එකී බිම් කොටසේ
01. ස්‌වාභාවික පරිසරය
02. භෞතික සැකැස්‌ම
03. ස්‌වරූපය
04. කුලය, වර්ණය, සුවඳ හා රස
05. විවිධ භාවිත
06. පොදු දර්ශනය යන සය වැදැරුම් විමර්ෂන ක්‍ෂේත්‍රයන්
“අ” වාස්‌තු විද්‍යා පූර්වාදර්ශන හා ආදි කාලීන භාවිත
“ආ” සෘෂි භාෂිත හා පූර්වාචාර්ය නිගමනයන්
“ඇ” ස්‌ව අත්දැකීම් හා කාලීන භාවිත යන ත්‍රිවිධ මූලාශ්‍රයන් ආශ්‍රිතව පර්යේෂණාත්මකව පිහිටා සලකා බැලිය යුතුය.
ස්‌වාභාවික පරිසරය
01. ගෙඩි හා මල් ඇති බිම්
02. කළාඳුරු, උඳුපියලි, ආදී ඖෂධීය ගුණයෙන් යුත් පැළෑටි වැවෙන බිම්
03. කුසතණ, ඊ තණ ආදී තෘණ වැවෙන බිම්
04. බටදඬු හා වැලුක් වැවෙන බිම්
භෞතික සැකැස්‌ම
01. වෘක්‌ෂලතා ආදිය නොවැවෙන මැටි සහිත බිම්
02. තුඹස් සහිත බිම්
03. පිපිරීම් හා පැලීම් සහිත බිම්
04. ගැඹුරු බිම්
05. විවිධ දිශා කෙරෙහි නතුවූ හා උස්‌වූ බිම්
ස්‌වරූපය
01. ආයතාකාරය
02. චතුරශ්‍රාකාරය
03. වෘත්තාකාරය
04. භද්‍රdසනාකාරය
05. චත්‍රාකාරය
06. විෂමබාහු ආකාරය
07. ත්‍රිකෝණාකාරය
08. ශකටාකාරය
09. දණ්‌ඩාකාරය
10. පනවස්‌ථානාකාරය
11. මුරජාකාරය
12. බෘහත්මුඛාකාරය
13. ව්‍යජනාකාරය
14. කූර්ම පෘෂ්ඨාකාරය
15. ධන්වාක්‌ෂරය
16. ශූර්ජාකාරය
17. ගජ පෘෂ්ඨ
18. දෛත්‍ය පෘෂ්ඨ
19. නාග පෘෂ්ඨ
කුලය වර්ණය සුවඳ හා රස
බමුණු සුදු ගිතෙල් මධුර
ක්‌ෂත්‍රිය රතු රුධිර කසට
වෙළඳ කහ මීපැණි, ඇඹුල්
සූදුරු කළු මත්පැන්, තිත්ත
විවිධ භාවිත
01. විහාර දේවාල සන්තක
02. පුරා විද්‍යා වටිනාකම් ඇති රාජ්‍ය රක්‍ෂිත
03. රාජ්‍ය වන රක්‌ෂිත
04. සිවු මංසල හා තුන්මංසල
05. පාචන පිළිකා දද හා කුෂ්ඨ වැනි රෝගීන් දිගුකලක් වාසය කොට මිය ගිය ස්‌ථාන
06, දරුණු කලකෝලාහල හා මරණ හානි සිදුවූ ස්‌ථාන
07. මළ සිරුරු වැළලූ ස්‌ථාන හා සුසාන භූමි
08. භූතයන් පිසාචයන් අරක්‌ගත් වෘක්‍ෂ පිහිටි ස්‌ථාන
දර්ශනය
“නෙත් දසුන් පැහැපත් හද හැඟුම් යහපත්”
දුටු මතින්මැ මන බැඳෙන භූමි නිවාස නිර්මාණයෙහි ප්‍රශස්‌තය
“ජය භූමි” තොමෝ අති ශයින්මැ ප්‍රශස්‌තය
ආකල්ප හා සංකල්ප
තමා කෙරෙහි එල්ලවන සෞර ශක්‌තීන් හා පරාවර්තන ශක්‌තීන් ගෘහස්‌වාමියාගේ හා ගෘහ වාසීන්ගේ ශ්‍රමබල සම්පත් හා මුසුකොට ගෘහ වාසීන්ගේ අභිවර්ධනයෙහි දායකවන්නට සමත් භූමි යෝග්‍ය භූමි නම් වන අතර තම සිරුරු මස්‌තකයෙහි ගෘහය කරවූ ගෘහ ස්‌වාමියාගේ අභිවර්ධනයෙහි දායක වීමේ උත්තරීතර මෙහෙවරෙහි යෙදෙන්නට තුමූ අසමත් බැව් ප්‍රකාශිත භූමි අයෝග්‍ය භූමි නම් වේ.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here