Friday, September 12, 2025
Homesiඔබේ චරිතය හුවා දක්‌වන මනුෂ්‍යත්වය පිළිබිඹුකරන වචන සැලකිල්ලෙන් හසුරුවන්න

ඔබේ චරිතය හුවා දක්‌වන මනුෂ්‍යත්වය පිළිබිඹුකරන වචන සැලකිල්ලෙන් හසුරුවන්න

මිනිසාට දිවක්‌ ඇත්තේ ඇයි? සත්‍ය ගරුක වචන මුවින් පිටකිරීම සඳහාය. නාම ස්‌මරණය සඳහාය. ඔබේ ආගමික කතුවරයාගේ නාමය මැතිරීම, ඔබ අදහන දහම මන්තරයක්‌ සේ ජප කිරීම නාම ස්‌මරණය වෙයි. නිතරම ආගමික වදන් දිව තවරත්න, එම වදන් වලින් වෑහෙන අමා පැණියෙන් ඔබේ දිව තෙත් වෙයි. රස නහර පිනායයි. යම් අයකුගේ චරිතය හුවා දක්‌වන මනුෂ්‍යත්වය පිළිබිඹු කරන කැඩපත ඔබ මුවින් පිටකරන වචනයයි. එනිසා ඔබේ මුවින් පිට කරන වචනය ගැන සැලකිය යුතුයි. කෙනකු වැටීමෙන් සිදුවන කැඩුම් බිඳුම් තුවාල ආදී උපද්‍රවයන්ට ප්‍රතිකර්මයත් ඇතත් වචනයෙහි වැරැදීමක්‌ සිදුවන උපද්‍රවයට පිළියමක්‌ නැත. කටින් පිටකළ දේ නැවත ඇදලාවත් ගන්නට බැරි යෑයි පැරැණ්‌නන් කිවේ කට කහනවට නොවේ.

ඔබ අදහන ආගම කුමක්‌ හෝ වේවා ඔබට ශූභ සිද්ධියක්‌ මිස අහිතක්‌ සිදු නොවන බව තරයේ සිත තුළ සනිටුහන් කරගන්න. තම ආගම අවංක සිතින් අදහන්නේ නම් එය ඔබේ ජීවිතය ර¹ පවත්වන ජීව වායුව වන්නේය. ආගම පහනක්‌ කර ගන්න. ආත්මාර්ථකාමී ජීවිතය අඳුරුයි. පිරිසිදු විවෘත ජීවිතය ආලෝකයයි. මනසක්‌ හැසුරුමක්‌ ඉන් ආලෝකවත් කර ගන්න. දිව අග සත්‍ය ද වටහාගන්න, දිව අග දැල්වෙන ආලෝකයෙන් සිරුර පිටතින් හා ඇතුළතින් ආලෝකවත් වෙයි. එම පහන සදාකල් නොනිවෙන අයුරින් දල්වා තබා ගන්න. දැල්වෙන ආලෝක දහරාවල රැස්‌ සදා කල්හිම පවතින ලෙස තබාගන්න. එයින් ඔබට සහනයක්‌ සැනසීමක්‌ ලැබෙයි.

අන්‍යයන්ගේ අවංකභාවය ඔබ හඳුනා ගන්නේනම් ඒ අවංක භාවය ගරු කරන්නේ නම් ඔබ ද අවංක වේ. හොඳ බීජ වැපිරීමෙන් හොඳ සරු අස්‌වැන්නක්‌ ලබාගත හැකි බව ගොවියා දනී. එසේම ඔබේ හදවත නමැති කෙතේද නාම ස්‌මරණය නමැති බෝග වපුරන්න. එයට ආදරය හා භක්‌තිය පොහොර වශයෙන් යොදන්න. අවටින් පැමිණෙන කරදර හිරිහැර බාධක උපද්‍රවයන් වළක්‌වා ගැනීමට හික්‌මීම නමැති වැටකඩොලු බැඳගන්න. හද බැදි භක්‌තියාදරයෙන් උදේ සවස වැඳුම් පිදුම් කරන්න. හදවත තුළින් මිස මතු පිටින් භක්‌තියක්‌ ඇති නොවේ. නාම ස්‌මරණය කිරීමෙන් දිව පිරිසිදු වෙයි. සතුට සහනය ලබාදෙන පාරිශුද්ධි වචන පැවසීමට දිව හරවා ගන්න. කෙනෙකුගේ ජීවිතයේ ජය කණුව ඇතුළත පාරිශුද්ධත්වය මිස පිටත ඔපය නොවේ.

ඔබේ ගමන සිදුවන්නේ කෙසේද ඔබ වටා ඇති ලෝකය එහි පැවැත්ම ජීවය ගැන හිතන්න. එසේ හිතන අතරම නාම ස්‌මරණය කරන්න ජපසහිත ධ්‍යානම් යෑයි පවසන්නේ මේ භාවනාවටයි. ඕපා දූප කතා කරන නොමනා චිත්‍රපට ටෙලිනාට්‍ය විකට රූපන කතා විගඩම් රූ ජවනිකා නොබලන්න. අසැබි පොත් නොකියවන්න අනවශ්‍ය ගැඹුරු රහිත කතා කබ සඳහා මිඩංගු කරන කාලය භාවනාව සඳහා යොදා ගන්න. පුද්ගලයකුගේ හද තුළ ඇති මායාව ද්වේශය ඉවත් කිරීමට මොහතක භාවනාව වැදගත්ය. මනස කරුණාව නමැති අමා ජලයෙන් පිරිසිදු කර ගත්විට වෛරය ක්‍රෝධය, අත්මාර්ථකාමිත්වය මායාව පිටුදැකිය හැක කරුණාවෙන් තොර ක්‍රියාවක්‌ ප්‍රශංසා ගත නොවන්නේය.

අද අප රට තුළ හාමුදුරුවරු, අන්‍යාගමික පූජකවරුන් පඬිවරුන් සාරඝර්භ අයුරින් බණ දේශනාවන් පවත්වති. අපේ ආගමිකයන් ඔදිව යති. වටවන්දනාවේ යති. පල්ලි පන්සල්වලට යති. දන්දෙති., එහෙත් මොවුන් අතරින් කියෙන් කී දෙනාද මේවා පිළිගෙන හිතට ගෙන ජීවිත ලෝකය ලබා ඇත්තේ ඔවුන් පැමිණියේ හිස්‌ අතින්ය. යන්නේද හිස්‌ අතින්ය. ආගමික දේශනාවලට බණ දහම් දේශනවලට මනස යොමා සවන්දී වැඳුම් පිදුම් හද පත්ලෙන් කරන්න එවිට සිරුරේ ඇතුළතත් පිටතත් එකම අරමුණක්‌ කරා යොමු කරන්න. භක්‌තිය, ගෞරවය, ප්‍රණාමය, හදවතේ තැන්පත් කර ගන්න ඔබ ආ ගමනෙන් නියම ඵලය ලැබුවා වන්නේ එවිටය. සංසාර සාගරය තරණය කිරීමට එයම ප්‍රමාණවත් වේ. කුඩා පාරුවකින් මහා සයුර තරණය කිරීමට හැකිය. මහාකරුවල අඳුරු වනාන්තරය මැදින් කුඩා ලාම්පු එළියෙන් යාහැක. එමෙන්ම මොහොතක භාවනාවෙන් සංසාර ගමන පහන් කර ගත හැක. හදවත විවෘත වන්නේ සිත, කය, මනස මෙහෙයවා එක අරමුණක තබා ගැනීමෙන්ය. ඔබේ දැහැමි බව මනින මිනුම් දණ්‌ඩ වන්නේ ඔබ වැඳ පිදූ වෙහෙර විහාර, පන්සල්, බෝධි පල්ලි, කොවිල්, දේවාලද, ඒ සඳහා වියදම් කළ මුදල්ද ජනයා වෙනුවෙන් දුන් දන්සල් දාන, මානද, ඔබ සිල් ගත් වාරගණනද නොවේ. එම මිනිස්‌ දණ්‌ඩ වන්නේ ඔබේ සැදැහවත් කමයි.

මහා කාරුණික තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙව් බඹුන් සහිත ලෝක සත්වයා සසර කතරින් එතෙර කොට අමාමහ නිවන් පුරට පත් කරනු සඳහාම යාථාර්ථවාදී අරි අටඟිමඟ පෙන්වූ අචින්තය ගුණ මහිමයෙහි බලයෙන් සපිරි කල්පාන්තයකදී ලොව පහළ වූ ශ්‍රෝෂ්ඨතම ශාස්‌තෘන් වහන්සේය. උන්වහන්සේ දේශනා කළ ධර්මය නෛයH_නිකය ප්‍රතිපත්ති මඟ අවිහිංසාවාදීය. භෞතික ලෝකයටත් සමාජ අධ්‍යත්මික ගුණවගාවන් හිණිපෙත වූයේය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසන ඉතිහාසයේත් උන් වහන්සේගේ ඉගැන්වීම මත පදනම් වූ ව්‍යාපෘතියට පත් සංකීර්ණ බෞද්ධ සංස්‌කෘතික ක්‍ෂේත්‍රයක්‌ම අධ්‍යයනය කොට බුදු දහමේ යාථාර්ථවාදී අවබෝධය බුද්ධිමය මට්‌ටමින් පුළුල් කර ගැනීමට උත්සුක වී අප ලොව්තුරු බුදුරජාණන් වහන්සේ නාම ස්‌මරණය කර ඵලදායක අර්ථවත් ක්‍රියාවන්හි යෙදී බුදු දහමේ ඵල යම් කිසි පමණකින් කාලීන වශයෙන් හෙළා ලක්‌වැසි අප භාග්‍යවන්නයින් වෙමු.

එපමණක්‌ නොව පෙර අපර දෙදිග බෞද්ධ ලෝකය පැතිරවීමට උන් වහන්සේ දැමූ පදනම මත වූද දහමේ ව්‍යාපෘතිය නැගීම සඳහා එතුමාගේ බුද්ධිය, ශක්‌තිය හා ධෛර්යය තුළින් දිරිගන්වනු ලැබූ සිංහල බෞද්ධයා බුදු දහමේ ආශිර්වාදය තුළ ආරක්‌ෂකයා හැටියට මුළු ලොවම පිළිගනු ඇත.

අපේ ජීව රුධිරය වන්නේ හුදු ජාතික හැඟීම් නොව යහපත් ගුණයයි. මහත් ගෞරවයෙන් අපි කියවන ලෝකෝපකාරය, ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ආදී පොත් අපේ ජීවිතය පවතින තෙක්‌ ගුරුවරුමෙන් අපට මග පෙන්වන හදුප දේශ රාශියක්‌ එහි ඇතුළත් නිසා ඒ පොත් වලින් ළදරු, තරුණ, මහළු හැමෝටම මහත් සෙතක්‌ සැලසෙන බව අපි හොඳින් දනිමු.

ගාමිණී බුලත්ගම මහතා ගුරුවරයකු ලෙස ලැබූ වටිනා අත් දැකීම් තුළින් අනුන්ට උපදෙස්‌ දීමට සුදුස්‌සෙකි. කවිය කවියාගේ තම හැඟීම් හෙළිකරයි. ගාමිණී බුලත්ගම මහතා රචනා කළ උපදෙස්‌ කාව්‍යයන් දෙකකින් අපේ ශරීරයේ ඇති ප්‍රමුඛ බලවත් ඉන්ද්‍රියන් අතරින් අපේ දිව (කඩුව) හා හෙල්ලයක්‌ ලෙසින් මෙසේ හඳුන්වා ඇත.

කඩුවක්‌ ලොවේ ඇත·

දෙපිටම කැපේ බලවත,

හැම අතට නවතැකි

එයට දිවයයි· දනෝ පසවති·

ඇඟේ සුළු කොටසකි·

එනමුත් මහා බලයකි·

ඒ පුදුම හෙල්ලය,

ඔබේ දිව යනුවෙනුයි දන්නේ·

මේ නිසා ඔබත් සත්‍ය ගරුක වචන මුවින් පිටකර ආගමික කතුවරයාගේ නාමය නිතර නිතර ස්‌මරණය කර ඔබේ රන්දිවට ගෞරවය ලබා දෙන්න.

We found this article from Divaina on 2012/07/06.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments