Tuesday, December 16, 2025
Homesiඔබේ නමෙන් ඔබ ගැන දැනගන්න

ඔබේ නමෙන් ඔබ ගැන දැනගන්න

[ratings]

යම් පුද්ගලයෙකුගේ ගති දැන ගත හැකි විවිධ ක්‍රම ජෝතිෂ්‍යයේ ඇත. ජෝතිෂ්‍යය යනු මහා සාගරයකි. එකී සාගරය තුළ කිමිදෙන්නට හස්‌තරේඛා ශාස්‌ත්‍රය, අංග ලක්‍ෂණ ශාස්‌ත්‍රය, අංක විද්‍යා ශාස්‌ත්‍රය වැනි විවිධ ගණයේ ශාස්‌ත්‍රයන් මහඟු පිටිවහලක්‌ වනු ඇත. යම් කිසි කේන්ද්‍රයක ඵලාපල කථනයේ දී එකී ශාස්‌ත්‍රයන්ගේද දැනුම් යම් ආකාරයකින් හෝ සම්බන්ධ කර ගැනීම සත්‍ය පලාපලයක්‌ අසන්නා වෙත ඉදිරිපත් කිරීමට උපකාරී වනු ඇත.

යම් පුද්ගලයෙකුට යොදා ඇති නමට අදාළ ඉංග්‍රීසි අක්‌ෂර තුළින් ඒ ඒ පුද්ගලයා පිළිබඳව යම් දැනුමක්‌ ලබා ගනිමු.

මෙහිදී ඉංග්‍රීසි හෝඩියේ අදාළ අකුරු විසි හයට අංකමය වශයෙන් අගයක්‌ දෙනු ලැබේ.

A B C D E F G H I J K L M N O P

1 2 3 4 5 8 3 5 1 1 2 3 4 5 7 8

Q R S T U V W X Y Z

1 2 3 4 6 6 5 1 7

යම් පුද්ගලයෙකුගේ නම “රොෂාන්” යෑයි සිතමු. එහිදී අදාල ඉංග්‍රීසි අක්‌ෂරයන්ට ලැබෙන සංඛ්‍යාත්මක අගයක්‌ මෙසේය.

R O S H A N

2 + 7+ 3+ 5+ 1+ 5 = 23

= 2+3 = 5

ලෙස තනි ඉලක්‌කමකට යොදා ගත යුතුය.

දැන් ඒ ඒ අංකයට අදාළ පලාපලයන් විමසා බලමු.

ලැබෙන අංකය “1” නම්

අංක 1 අයත් වන්නේ ග්‍රහ මණ්‌ඩලයේ පියා වන රවී ග්‍රහයාටය. මෙවන් අයගේ තීරණයන් සෘජුය. එඩිතර ගතිගුණවේ. බැබලෙන ජීවිතයක්‌ උදාකරයි. සෑම දේකම විරුද්ධ පැත්ත ගැන සිතනවා සේම සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට නිතර සිතයි. මුදල් වැයකිරීමට මැලිවන්නේ නැත. මෙම අංක එක හිමි අය රජයට සම්බන්ධ ආයතන වල වැඩ කටයුතු කරයි. නම් ඒ පිළිබඳව ප්‍රවේශම් විය යුතුය. මොවුන් සමාජයේ මුල් තැන ගෙන කටයුතු කිරීමේ දක්‌ෂතා ඇත්තෝය.

රන්වන් පැහැය ශුභය, පද්මරාග පැළඳීම ශුභය.

ලැබෙන අංකය “2” නම් (-

අංක 2 අයත් වන්නේ ග්‍රහ මණ්‌ඩලයේ මව වන චන්ද්‍රයාටය. මෙවන් අය උසස්‌ අරමුණක්‌ ඉලක්‌ක කර ගෙන යයි. දෙයක්‌ දැක්‌මෙන් එය කිරීමේ දක්‌ෂතාවය ඇත. කේන්තිය, තරහව ඇතිවන්නේ අඩුවෙන් වන අතර කේන්තියක්‌ ඇති වූ විටක එය පාලනය කර ගැනීම අසීරුය. චිත්‍ර කර්මාන්තයට හා කලාත්මක දේ නිර්මාණයට කැමතිය. එහි දස්‌කම්පාන්නෝ වෙති. සංගීතයට ප්‍රියය.

මුතු පැහැය ශුභ වන අතර ඛණිජ මුතු ශුභවේ.

ලැබෙන අංකය “3” නම් (-

අංක 3 අයත් වන්නේ ග්‍රහ මණ්‌ඩලයේ බ්‍රහස්‌පති හෙවත් ගුරු ග්‍රහයාටය. මේ අයගේ කථාව ගාම්භීරය. මනා තේජසක්‌ ඒ තුළ ගැබ් වී ඇත. කතාවෙන් අන් අයව වශී කර ගැනීමට පුළුවන. ආකර්ෂණ කථා විලාශයක්‌ මොවුන් සතුව ඇත. වැඩක්‌ කිරීමේදී එය හරියාකාරව කරයි. ප්‍රමුඛස්‌ථානය නිතැතින් ලැබෙන අතර ප්‍රඥාවන්තය. පවසන වචන වල ශබ්ද රසය හරියාකාරව ඇත. දේශකයන් බොහෝ දෙනෙකුට මෙම අංකය පිහිටා ඇත.

රතු මිශ්‍රිත කහ වර්ණය ශුභ වන අතර පුෂ්පරාගය ශුභවේ.

ලැබෙන අංකය “4” නම්(-

අංක 04 අයත් වන්නේ රාහුටය. නිරෝගී, ශක්‌තිමත් ශරීරයක්‌ හිමි අය වේ. විවිධ රස ආහාර අනුභවයට කැමතිය. ඕප දූප සෙJSමට වඩා කැමැත්තක්‌ දක්‌වයි. ශාස්‌ත්‍රීය කරුණු ගවේෂණයට ප්‍රියතාවවයක්‌ දක්‌වන අතර තම වැඩ කටයුතු සඳහා ගමන් බිමන් යාමට මේ අය මැලි නොවේ.

අළු පැහැය ශුභ වන අතර ගෝමේතය පැළදීම ශුභ වේ.

ලැබෙන අංකය 5 නම්(

අංක 05 අයත් වන්නේ ග්‍රහ මණ්‌ඩලයේ බුධ ග්‍රහයාටය. මෙම අංක 05 නම් ඇය තුල “ඉක්‌මන් කරන්න” යන වචනය නිතර තම මුවෙන් පිටවෙයි. ගවේශනය කරයි. දන්න දේ අනිත් අයට කියා දෙයි. එමෙන්ම ගතිගුණ වහා වෙනස්‌ වේ. ක්‌ෂණික තිරණ ගැනීමට දක්‌ෂය. අනාගතය ගැන සිතයි. පුංචි දරුවන්ට ප්‍රියතාවයක්‌ දක්‌වන අතර නොපෙනෙන බියක්‌ සිත තුල පැවතීමට බොහෝවිට ඉඩ තිබේ.

කොළ පැහැය ශුභ වන අතර, පච්ච පැළඳීම ශුභය.

ලැබෙන අංකය 6 නම්(

අංක 06 අයත් වන්නේ ග්‍රහ ලොව ඉරබටු තරුව වූ සිකුරු ග්‍රහයාටය. මෙවන් අය තම සිතුවිලිම ක්‍රියාවට නංවයි. තම සිතැඟි අනුව කටයුතු කරයි. අන් අයව වශී කර ගනී. පංචකාම සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනී. දුක්‌ කම්කටොලු ප්‍රිය නොකරයි. නිතර සතුටින් සිටීමට කැමතිය. නිතර අන් අයට සිනහවෙන් සංග්‍රහ කරයි. සංගීතයට කැමතිය. මෙම අංකයෙන් නම් ලද අය මූර්ති ශිල්පයට කැමතිය.

ෂඩ් වර්ණය ශුභ වන අතර, සුදු මැණික්‌ පැළඳීම ශුභ වේ.

ලැබෙන අංකය “7” නම්

අංක 07 අයත් වන්නේ කේතුටය, මෙවන් අය පිදිය යුත්තන් පුදයි. එවන් අයට ගරු කිරීම උපතින්ම පිහිටා ඇති ගුණධර්මයකි. ඉතා පිsරිසිදුයි. වරක්‌ නොව දෙවරක්‌ අත සෝදයි. බුද්ධිමත්ය. ධාරණ ශක්‌තිය යහපත්ය. වැඩයෙහි දක්‌ෂතා පෙන්වයි. කාමුක හැඟêමෙන් යුක්‌තය. නිතර භාවනායෝගීව සිටීමට කැමති කරුණාව, අනුකම්පාව, දයාව වැනි හැඟීම් ඇත්තෝය.

පලාවන් වර්ණය ශුභ වන අතර දියමන්තිය ශුභ වේ

ලැබෙන අංකය “8” නම් (-

අංක 08 අයත් වන්නේ ග්‍රහ ලොව සෙනසුරු ග්‍රහයාටය. මෙම අංක හිමි අය අසාධාරණයට එරෙහිව නැඟී සිටියි. කුඩා වරදක්‌ යම් කෙනෙකු කළද, ඒ අයට මොවුන් ලබා දෙන්නේ ලොකු දඬුවම්ය. දිය යුතු දඬුවම් තීරණය කිරීමට මොවුන් කැමතිය. අවංක, සෘජු ගති ගුණ වේ. අවිවේකී සිතුවිලි වලින් යුක්‌ත සිතක්‌ මොවුන් සතු වේ. නොසිතු අවස්‌ථාවන්ට, දුක්‌ කරදරයන්ට වරින් වර මුහුණ දීමට සිදු වේ.

නිල් වර්ණය ශුභ වන අතර කාකනීල පැළදීම ශුභය

ලැබෙන අංකය “9” නම්(-

අංක 09 අයත් වන්නේ ග්‍රහමණ්‌ඩලයේ අඟහරු හෙවත් කුජ ග්‍රහයාටය. මෙම අංක හිමි අය මොනයම් විදිහකින් හරි ජීවිතය ජය ගනියි. කොයි මොහොතක වුවද සිතන්නේaම දියුණු වීම පිළිබඳවය. තමුන්ගේ දියුණුව වෙනුවෙන් බොහෝ විට ඇවිදියි. වචනය ඉතා රළුය. දුකේදී අන් අයව ආරක්‍ෂා කරයි. ශක්‌ති සම්පන්න, නිර්භීත, සටන්කාමී යුධ සෙබළුන්ට බොහෝ විට මෙම අංකය හිමි වේ. සටන් කාමිත්වය සෑම විටම වරින් වර ඉස්‌මතුව පෙනේ.

රතු වර්ණය ශුභ වන අතර රතු මැණික්‌ ශුභය. ඔබගේ නමට අදාළ වන අංකය අනුව ඔබගේ ගති ලක්‍ෂණ ඔබට මේ ආකාරයට බලා ගත හැක.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments