Friday, September 12, 2025
Homesiඔබ රජෙක්‌ කරන ඔබේ පක්‍ෂියා රජ කරන වේලාවන්

ඔබ රජෙක්‌ කරන ඔබේ පක්‍ෂියා රජ කරන වේලාවන්

[ratings]

ශුභ නැකතක්‌ කප්රුකක්‌, චූඩා මානික්‍යයක්‌ සුරබි දෙනක්‌ වැනිය. නැකතෙහි හොඳ නරක මුළු ජීවිත කාලයටම බලපායි. අප කවුරුත් පරාද වීමට අකමැතිය. දියුණුවී සෞභාග්‍ය හා ධන සම්පත් ලැබීමට කැමතිය. එය නොඅඩුව ලබා ගැනීමට නම් ශුභ නැකත, නැකතට හිමිවන පක්‍ෂියා රජ කරන වේලාව, හොඳින් දැනගත යුතුයි. එය හරි හැටි නොදැන යම් දෙයක්‌ කලාද එයින් අත්වන ප්‍රතිඵල අනිෂ්ඨයි.

නිවාස ඉඳිකිරීම්, ගොවි කර්මාන්ත, ව්‍යාපාර ආරම්භයන් විවාහ මංගල්‍යට, නඩු දිනීම්, මහණ කිරීම්, ආදී හැම දෙයකදීම ඔබේ නමට, නැකතට හිමි පක්‍ෂියා රජ කරන වේලාව ඔබ තෝරා ගත යුතුයි. නමුත් තම පක්‍ෂියා නිදි, මර, ගමන වේලාවන්හිදී ශුභ කටයුතු සඳහා අත්හල යුතුයි.

පක්‍ෂීන් භේරූඬ, පිංගල, කාක, කැක්‌කුට, මයුර නමින් පස්‌දෙනෙක්‌ද, එක්‌ එක්‌ පක්‍ෂීන්ට හිමි නැකත් විසි හතක්‌ද ඇත. ඒවා අස්‌විද බෙරණ, කැති, රෙහෙන, මුවසිරස භේරුඬ පක්‍ෂියාටද, අද, පුනාවස, පුෂ, අස්‌ලිස, මා, පුවපල් පිංගල පක්‍ෂියාටද, උතුරුපල්, හත, සිත, සා, වීසා, අනුර කාක පක්‍ෂියාටද, අනුර, දෙට, මුල, පුවසල, උතුරු සල, සුවණ කුක්‌කුට පක්‍ෂියාටද, දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රහුටුප, රේවතී මයුර පක්‍ෂියාටද හිමිවේ.

ඔබේ නමට හිමි පක්‍ෂියා තෝරා ගන්නේ මේ ආකාරයටය. කොම්බු, ඉස්‌පිලි, ඇලපිලි, ආදී කිසිවක්‌ නොයෙදෙන තනි අකුරකින් හෝ ඇලපිල්ල පමණක්‌ යෙදෙන අකුරකින් ඔබේ නමේ මුල් අකුර පටන් ගැනේනම් ඔබට හිමි පක්‍ෂියා භේරුඬ පක්‍ෂියාය. එසේම ඉස්‌පිල්ල හෝ දීර්ඝ ඉස්‌පිල්ල පමණක්‌ යෙදේ නම් පිංගල පක්‍ෂියාය, පාපිල්ල හෝ දීර්ඝ පාපිල්ල යෙදේ නම් කාක පක්‍ෂියාය. කොම්බුව හෝ කොම්බුව සහිත ඇලපිල්ල හෝ හල් කිරීම සහිත ඇලපිල්ල යෙදේ නම් මයුර පක්‍ෂියාය. කොම්බුව හෝ කොම්බුව සහිත අල්කිරීම යෙදේ නම් කුක්‌කුට පක්‍ෂියාය.

මේමා ස්‌වර වශයෙන් ගත්විට භෙරුඬ පක්‍ෂියාට අ, ආ, පිංගල පක්‍ෂියාට ඉ, ඊං කාක පක්‍ෂියාට උ, ඌ, කුක්‌කුට පක්‍ෂියාට එ, ඒ, මයුර, පක්‍ෂියාට ඔ, ඕ යන අක්‍ෂරයන් අයත් වේ.

එබැවින් පුර පක්‍ෂයේදී හෝ අව පක්‍ෂයේදී පක්‍ෂිත් සරණ විධි බලා ඔබේ පක්‍ෂියා රජ හෝ බෝජන වේලාවක ඔබේ සියළුම වැඩ කටයුතු ආරම්භ කලහොත් ඇති වන ශුභ පලයන් කිව නොහැකි තරම්ය. එය චුඩා මානික්‍යක්‌ බඳුය. එවන් උත්තම වේලාව දැන ගත්තේ මෙසේය.

පුරපක්‍ෂයේ ඉරිඳා සහ අඟහරුවාදා යන දෙදින භෙරුඬ පක්‍ෂියා

උදේ 6.00 සිට 8.24 දක්‌වා භොජන, 8.24 සිට 10.48 දක්‌වා ගමන 10.4 සිට 01-12 දක්‌වා රජ 11. 12 සිට 03 -36 දක්‌වා නිදි සවස 03.36 සිට 06 – 00 දක්‌වා මරණ.

පිංගල පක්‍ෂියා – උදේ 06 – 00 සිට 08 – 24 දක්‌වා ගමන, 8 – 24 සිට 10 . 48 සිට 01. 12 දක්‌වා නිදි සවස 01. 12 සිට 03-36 දක්‌වා මරණ, 03.36 සිට 06-00 දක්‌වා භෝජන.

කාක පක්‍ෂියා – උදේ 06 -00 සිට 08 – 24 දක්‌වා රජ, 08.24 සිට 10.48 දක්‌වා නිදි, 10 – 48 සිට 01. 12 දක්‌වා මරණ, 01 – 12 සිට 03 – 36 දක්‌වා භෝජන 03 -36 සිට 06.00 දක්‌වා ගමන.

කුක්‌කුට පක්‍ෂියා – උදේ 06.00 සිට 08.24 දක්‌වා නිදි 08.24 සිට 10.48 දක්‌වා මරණ, 10.48 සිට 01.12 දක්‌වා භෝජන, 01.12 සිට 03. 36 දක්‌වා ගමන, 03.36 සිට 06.00 දක්‌වා රජ,

මයුර පක්‍ෂියා – උදේ 06. 08. 24 දක්‌වා මරණ, 08.24 සිට 10-48 දක්‌වා භොජන, 10 -48 සිට 01 – 12 දක්‌වා ගමන, 01 -12 සිට 03 – 36 දක්‌වා රජ, 03.36 – 05 දක්‌වා නිදි,

සඳුදා සහ බදාදා දිනවල

භෙරුඬ පක්‍ෂියා – උදේ 06 – 08. 24 දක්‌වා මරණ, 08.24 සිට 10-48 දක්‌වා භොජන, 10 – 48 සිට 01 – 12 දක්‌වා ගමන, 01 – 12 සිට 03. 36 දක්‌වා රජ, 03. 36 සිට 06.00 දක්‌වා නිදි,

පිංගල පක්‍ෂියා – උදේ 06.00 සිට 08.24 දක්‌වා මරණ, 08.24 සිට 10-48 දක්‌වා භොජන 10-48 සිට 01 -12 දක්‌වා ගමන, 01.12 සිට 03.36 දක්‌වා රජ, 03.36 සිට 06.00 දක්‌වා නිදි,

කාක පක්‍ෂියා – උදේ 06 -00 සිට 08.24 දක්‌වා ගමන 08.24 සිට 03.36 දක්‌වා මරණ, 03.36 සිට 06.00 දක්‌වා භොජන, කුක්‌කුට පක්‍ෂියා – උදේ 06 සිට 08.24 දක්‌වා රජ, 08.24 සිට 10-12 සිට 03.36 දක්‌වා භොජන, 03.36 සිට 06 – 00 දක්‌වා ගමන,

මයුර පක්‍ෂියා – උදේ 06.00 සිට 80.24 දක්‌වා නිදි, 08.24 සිට 10-48 දක්‌වා මරණ, 10-48 සිට 01-12 දක්‌වා භොජන 01-12 සිට 03.36 දක්‌වා ගමන, 03-36 සිට 06-00 දක්‌වා රජ

බ්‍රහස්‌පතින්දා – භෙරුඬ පක්‍ෂියා උදේ 06.සිට 08.24 දක්‌වා නිදි, 08.24 සිට 10-45 දක්‌වා මරණ 10-48 සිට 01-12 දක්‌වා භොජන, 01-12 සිට 03-36 දක්‌වා ගමන 03.36 සිට 06.00 දක්‌වා රජ

පිංගල පක්‍ෂියා – උදේ 06.00 සිට 08.24 දක්‌වා මරණ, 08.24 සිට 10-48 දක්‌වා භොජන, 10-48 01-12 දක්‌වා ගමන, 01 -12 සිට 03.36 දක්‌වා රජ, 03.36 සිට 06-00 දක්‌වා නිදි.

කාක පක්‍ෂියා – උදේ 06.00 සිට 08.24 දක්‌වා භොජන 08.24 සිට 10-48 දක්‌වා ගමන 10-48 සිට 01-12 දක්‌වා රජ 01-12 සිට 03.36 දක්‌වා නිදි, 03.36 සිට 06.00 දක්‌වා මරණ.

කුක්‌කුට පක්‍ෂියා – උදේ 06.00 සිට 08.24 දක්‌වා ගමන 08.24 සිට 10.48 දක්‌වා රජ, 10-48 සිට 01-12 දක්‌වා නිදි, 01-12 සිට 03.36 දක්‌වා මරණ, 03.36 සිට 06.00 දක්‌වා භොජන.

මයුර පක්‍ෂියා – උදේ 06.00 සිට 08.24 දක්‌වා රජ, 08-24 සිට 10.18 දක්‌වා නිදි, 10-18 සිට 01-12 දක්‌වා මරණ 01.12 සිට 03.36 දක්‌වා භොජන, 03.36 සිට 06 දක්‌වා භොජන.

සෙනසුරාදා භෙරුඬ පක්‍ෂියා – උදේ 06.00 සිට 08.24 දක්‌වා ගමන, 08-24 සිට 10-48 දක්‌වා රජ, 10 -48 සිට 01-12 දක්‌වා නිදි, 01-12 සිට 03.36 දක්‌වා මරණ, 03-36 සිට 06-00 දක්‌වා භොජන.

පිංගල පක්‍ෂියා – උදේ 06.00 සිට 08.24 දක්‌වා රජ, 08.24 සිට 10.48 දක්‌වා නිදි, 10-48 සිට 01.12 දක්‌වා මරණ, 01.12 සිට 03.36 දක්‌වා භොජන, 03.36 සිට 06.00 දක්‌වා ගමන.

කාක පක්‍ෂියා – උදේ 06.00 සිට 08.24 දක්‌වා නිදි, 08.24 සිට 10.48 දක්‌වා මරණ 10.48 සිට 01.12 දක්‌වා භොජන 01-12 සිට 03.36 දක්‌වා ගමන 03.36 සිට 06.00 දක්‌වා රජ,

කුක්‌කුට පක්‍ෂියා – උදේ 06.00 සිට 08.24 දක්‌වා මරණ, 08.24 සිට 10-48 දක්‌වා භොජන, 10 – 48 සිට 01 -12 දක්‌වා ගමන 01 – 12 සිට ගමන, 01 -12 සිට 03.36 දක්‌වා රජ 03.36 සිට 06 දක්‌වා නිදි

මයුර පක්‍ෂියා – උදේ 06.00 සිට 08.24 දක්‌වා භොජන, 08.24 සිට 10- 48 දක්‌වා ගමන, 10-48 සිට 01-12 දක්‌වා රජ, 01.12 සිට 03.36 දක්‌වා නිදි, 03 . 36 සිට 06.00 දක්‌වා මරණ.

ඒ ආකාරයටම ශුභ දිසාවන්ද ඇත. ඒවා ඉරිදාව උතුර, සඳුදාට වයඹ, අඟහරුවාදාට බස්‌නාහිර, බදාදාට නිරිත, බ්‍රහස්‌පතින්දාට උතුර, සිකුරාදාට ගිණි කොන සෙනසුරාදාට නැගෙන හිර ශුභ දිශාවන්ය.

මේ නිසා ඔබ කරන හැම ශුභ කටයුතු මෙන්ම ගමන් පිටත්වීම, නිවාස. කටයුතු ව්‍යාපාර කටයුතු, මංගල කටයුතු, වගාවැඩ, විවාහ මංගල්‍යයන් සෑම දෙයක්‌ම පක්‍ෂියා රජකරන වේලාව දැන කරන්න. ප්‍රතිඵල ශුභ දායක වේ.

We found this article from
Divaina
Also Sinhala to English Google word to word translation

can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments