[ratings]
ජ්‍යෙතිර්, ජ්‍යෙතිඃ, ජ්‍යෙති, යන්නෙහි තේරුම ආලෝකය බැබළීම යනුයි. එනම් ආලෝකය පිළිබඳ වූ ශාස්‌ත්‍රයකි. ජ්‍යෙතිෂය සූර්ය ශක්‌තිය කිරණ මගින් විශ්වයේ පවත්නා ද්‍රව්‍ය, පැළෑටි හා ජීවීන් කෙරෙහි බලපාන අන්දම විස්‌තර කරන ශාස්‌ත්‍රයයි.
අපේ සෞරග්‍රහ මණ්‌ඩලය තුළ විශ්ව ශක්‌තිය උපදවන්නේ සූර්යයාය. එය හීලියම් වායු ස්‌කJධයක් වන අතර ගිනිගෙන දැවෙමින් තමා වටාම භ්‍රමණය වෙයි. එසේ වෙමින් තමා වටා කැරකෙන සෙසු ග්‍රහයන් ද සමඟ නොනිමි ගමනක යෙදේ. එම ග්‍රහයෝද තමා තමන් වටා කැරකේ. එසේම සියලුම සප්‍රාණික අප්‍රාණික දේවල් නිමවී තිබෙන්නේ පරමාණු වලිනි. පරමාණුවද මධ්‍ය න්‍යෂ්ඨියක් හා ඒ වටා කැරකෙන ඉලෙක්‌ට්‍රොaන සමූහයකින් සැදුණු මේ ක්‍රියාවලියම සහිත ඉතා කුඩා සෞරග්‍රහ මණ්‌ඩලයකි. ඒ නිසා මුළු ලෝකයම මේ ආකෘතිය මත ර¹ පවතී. එය අති සංකීර්ණ ක්‍රියාවලියකි. බුදුරදුන් ලෝක විෂය අචින්ත්‍ය යෑයි වදාලේ එම නිසාය.
විශ්ව සම්භවය පිළිබඳ දේව නිර්මාණවාදයක් ද තිබුණ ද විද්‍යාව විසින් බුදුරදුන්ගේ දේශනය අනුවම යමින් එය ස්‌වභාවසිද්ධ එකක් සේ නිර්වචනය කර ඇත. කවර විධියට හිතුවත් විශ්වයේ ස්‌වභාවය අපට සිතා නිමකළ නොහැක. එය අනන්තය අප්‍රමාණය එසේ වුවද අප කේJද්‍ර කොටගෙන අපගේ කායික මානසික ක්‍රියාවන් හා සමස්‌ත වටපිටාවම පුරා විසිර පැතිරී එය මෙහෙයවන පාලනය කරන ගුප්ත ශක්‌තියක් පවතින බව කිවයුතුව ඇත.
පෘථිවිය තම අක්‍ෂය වටා භ්‍රමණය වී රෑ දහවල් ඇතිවේ. එසේ නොවීනම් ශාකවලට හෝ සත්ත්වයන්ට පැවැත්මක් නැත. පෘථිවිය තම අCෂ්‍ය වටා පැ. සැ. 1000 ක වේගයෙන් භ්‍රමණය වෙමින් හිරු වටා පැයට සැ. 67000 ක වේගයෙන් පරිභ්‍රමණය වේ. මීට අමතරව අපගේ සෞරග්‍රහ මණ්‌ඩලය අපගේ ගැලැක්‌සිය තුළ එහි කේJද්‍රය වටා පැයට කි. මී. 69000 ක වේගයෙන් ගමන් කරයි. මේ ක්‍රියාවලියෙන් ඇතිවන කම්පනය සාගර ජලය අවශෝෂණය කරගනී. නැත්නම් අප සමග ලොව ඇති සියලු දේ සුනු විසුනු වේ. පෘථිවියෙන් 3/4 ක් ජලය වසාගෙන සිටින්නේ මෙයට සමපාතවීම සඳහාය. මේ කම්පනයෙන් සයුරේ අඛණ්‌ඩව රළ නඟින අතර එසේ නඟින රළ වෙරල ඉක්‌මවා නොයයි. මේ සියල්ල කිසියම් සැලසුමකට අනුව සිදුවෙමින් පවතී. මෙහි කුමන හෝ වෙනසක් සිදුවීම යනු ලෝකයේ අවසානයයි. කුමන හෝ වාසනාවකට එය මේ දක්‌වා නිසි පරිදිම සිදුවේ.
අපගේ ඇසට පෙනෙන පස් ස්‌ථරයට යට විශාල පාෂාණමය ස්‌කන්ධ පවතී. සාගර පත්ලේ ද මේවා ඇත. ඒවා ටෙක්‌ටොනික් ප්ලේට් නම් වන අතර භූ තැටියයි කියන්නේ ඒවාටය. එයට යටින් ඇති ලාවා තට්‌ටුව මත මේවා පාවන අතර ඇතැම්විට ඒ අතර ගැටුම් ඇති වේ. භූකම්පන ඇතිවන්නේ ඒ නිසාය. මේ ලාවා භූ තැටි අතර සිදුරුවලින් ඉහළට ගලා එයි. ගිනි කඳු පුපුරා යන්නේ එවිටය. පොළොව මත ඇති ජලය ඉහළට වායුවෙන් ගෙන ගොස් වළාකුළු සෑදේ. එයින් වර්ෂාව ඇතිවේ. ගහකොල මේ ජල වාෂ්පීකරණයට සෘජුව දායක වේ. මේ සියල්ල මනා පාලනයකින් යුතුව දිගටම සිදුවේ. යම් වරදක් වීම අපගේ අවසානයයි.
ලෝකයේ විවිධ ශාඛ, සත්ත්වයන් හා මිනිස් වර්ග පවතී. එක් එක් වග_යට ආවේනික ගුණාංග ස්‌ථිරවම පවතී. ජාන විසින් එහි පාලනය ගෙනයයි. එය අවුල් වුවහොත් මහ විනාශයක් විය හැක. එය එසේ නොවන පාලනයක් විශ්වය පවත්වාගනී.
සත්තකින්ම ලෝකය භෞතිකවාදීන්ගේ දර්ශනයෙන් එහා ගිය අභිරහස් රැසකින් පිරී පවතී. හොරේෂියෝගේ දර්ශනයෙහි දුටු සිහිනවලට වැඩි බොහෝ දේ අහසේත් පොළොවේත් දැකිය හැකි බව ශේක්‌ස්‌පියර් විසින් ද පවසා ඇත. ලෝකය මහා අවුලකින් පිරී පවතින බව “අන්තෝජටා බහිජටා ජටාය ජටිතං පජං” යනුවෙන් බුදුරදුන් විසින් දේශනා කර ඇත.
මේ මහා වියවුලට විසඳුමක් ලෙසට ලෝකය මවා ආරක්‍ෂා කරන සර්වබලධාරී දෙවි කෙනකු සිටින බවත් එම දෙවියන් සියලු දේ නිසි පරිදි පාලනය කරන බවටත් විවිධ විශ්වාසයන් ඉදිරිපත්ව තිබේ. ඒ පිළිබඳව ද විවාදාත්මක මත ඉදිරිපත් වේ. බුදු දහම හා නවීණ විද්‍යාව ඒ මතය පිළිනොගනී. එහෙත් ලෝකයේ ක්‍රියාකාරිත්වය සිතා නිම කළ නොහැකි අභිරහසක් බව බුදු දහමේ ද ප්‍රකාශ වී ඇත. ලොව වෙසෙන ඕනෑම බුද්ධිමත් මිනිසකුට තමා වටා වූ ලෝකයේ පැවැත්ම දෙස විමසුම් ඇසින් බැලුව හොත් එහි මහා අබිරහසක් සැඟවී තිබෙන බව වැටහෙනවා ඇත.
ජ්‍යෙdතිර්විද්‍යාව භෞමික සිදුවීම් සමඟ ග්‍රහ තාරකා පවත්වන සහසම්බන්ධතාව දක්‌වයි. ඒ මගින් ග්‍රහයන්ගේ වෙනස්‌වීම්වලට මිනිස් ජීවිත දක්‌වන ප්‍රතික්‍රියා විවරණය කෙරේ. භෞතික සංසිද්ධි සමග ආකාශ වස්‌තු සහිත අභ්‍යවකාශ නියාමය ගැලපීමෙන් අනාවැකි කිව හැකි බව ජ්‍යෙdතිෂය පෙන්වා තිබේ. විශ්වයේ අභිරහස් ක්‍රියාකාරිත්වය මිනිස් ජීවිත පරිසරය හා දේශගුණය කෙරෙහි බලපාන ආකාරය කනාද, භාස්‌කර, පරාශර හා වරාහමිහිර වැනි හින්දු මුනිවරු අවබෝධ කරගනු ලැබූ බව එයින් ප්‍රකට වේ. වැඩිමනක් නිවැරදි හා විශ්වසනීය නිරීක්‍ෂණ හැකියාවක් යෝග වැඩීම තුළින් මේ මුනිවරු ලබාගත්හ. විශාලතම දුරේක්‍ෂ මගින් දැකීමට හෝ නූතනම විද්‍යාත්මක උපකරණ වලින් මැනිය නොහැකි කාල ඒකක හා විශ්වයන්ද ඒ තුළ ඇති ශක්‌ති ප්‍රභවයන් ද මේ මුනිවරු සුපිරි විඥනයෙන් දැක ඇති බව මහාචාර්ය බී. සූරිය නාරායන් රාවෝ විසින් පවසා ඇත. ජ්‍යෙdතිෂය ගොඩනැඟූ මුනිවරු විශ්වය හා මිනිසාගේ සබඳතාව මැනවින් දුටු අතර මිනිසා විශ්වයේ ප්‍රතිබිම්බයක් බවද දුටුවේය. එය පදනම් කරගෙන ජ්‍යෙdතිර් විද්‍යාව සකස් කර ඇත.
ලෝකය හා ඒ තුළට අයත් ගහ කොල සතුන් හා මිනිසුන් පාලනය වන නීති සමුදායක් ඇති බව බුදුරදුන් දේශනාකර ඇත. ඒවා නම්( උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම යනුවෙනි. ලෝකයේ ක්‍රමවත් පැවැත්ම මෙයින් පාලනය වේ. මේවාට සියල්ලෝම යටත්ව සිටිති. ඉහත විස්‌තර කළ සියලු කරුණු මේ නියාම ධර්ම තුළ ඇතුළත්ව පවතී. ජ්‍යෙdතිෂ්‍ය ද මේවා පිළිගෙන තිබේ. මෙම නියාම ධර්මයන්ගේ අබිරහස් ක්‍රියාකාරිත්වය දැනගත හැකි ක්‍රමයක් ලෙසට ජ්‍යෙdතිෂය හැඳින්විය හැක.
මේ සියල්ල ද එක් මූල ශක්‌තියක් සමඟ බැඳී ඇති බව පෙනේ. ශක්‌තිය ඇතිකරන්නේ විකිරණ හෝ කිරණ මගිනි. එහි ප්‍රභවය සූර්යයා වැනි දැවැන්ත ග්‍රහයන්ගෙන් ඇතිවේ. ජ්‍යෙdතිෂය අනාවරණය කරන්නේ ඒ ශක්‌තියයි. ඒ බව සූර්ය සිද්ධාන්තයේ එන මේ ශ්ලෝකයෙන් කියෑවේ.
“මෙධ්‍ය සමන්තා දණ්‌ඩස්‍ය – භූගෝලෝ ෙව්‍යාමිනි තිෂඨති – බිහ්‍රාණඃ පරමාං ශක්‌තිං බ්‍රහමණෝ ධාරණාත්මකාම්”
බ්‍රහ්මයාගේ ධාරණාත්මක පරම ශක්‌තිය දරනුයේ බ්‍රහමාණ්‌ඩය හෙවත් සක්‌වල මැද අහස පිහිටි භූගෝලය තුළය. මෙයින් මුළු විශ්වය සිසාරා යන ශක්‌ති කේJද්‍රයක් මුනිවරුන් දුටු බව පෙනේ.
නවීන විද්‍යාවට අනුව ලොව ඇති සියලු ජීව අජීව වස්‌තුන්ගේ නිර්මාණය හා පැවැත්ම විනාශය සිදුකරන ප්‍රබල ශක්‌තිය ලබාදෙන්නේ ඉලෙක්‌ට්‍රොaන වලිනි. ඉලෙක්‌ට්‍රොaන පරමාණුව වටේ කැරකෙන අතර ඒවා තිබෙන්නේ විවිධ ශක්‌ති මට්‌ටම් තුළය. හිරු වටා ග්‍රහයන් මෙන් ඒවා න්‍යෂ්ටිය වටා කැරකේ. එය නොතිබෙන්නට ලෝකය හා ජීවය ඇති නොවේ. ඒ නිසා ඉලෙක්‌ට්‍රොaනය සියල්ලේ මැවුම්කරු වෙයි.
එහෙත් අතීතයේදී බුදුරදුන් හා මුනිවරුන් මේ කරුණ ප්‍රකාශ කර ඇත. මෛත්‍රි උපනිෂද් හි පරමාණුවේ මධ්‍ය න්‍යෂ්ඨිය අන්තරායාමය ලෙස ද ඒ වටා ඇති ඉලෙක්‌ට්‍රොaන උපාංශු ලෙස ද දක්‌වා ඇත. “අථෝ උපාංශුර් අන්තරායාමම් අභිභවේත්” කියා ඇත්තේ එබැවිනි. ඉලෙක්‌ට්‍රොaනයේ ක්‍රියාදාමය මුනිවරුන් විසින් වායු යනුවෙන් විස්‌තර කර ඇත. යම, ප්‍රජාපති, අදිති, විශ්වකර්ම, විශ්වරූප ආදී නම් වලින් වායු හඳුන්වා ඇත්තේ එබැවිනි.
ලෝකය ශක්‌තිය ලබා ගන්නේ හිරුගෙන් බවත් සමස්‌ත ලෝකයේම ප්‍රාණය ර¹ පවත්නේ හිරු නිසා බවත් වේදයේ දැක්‌වේ. බහිර් ආත්ම අන්තර් ආත්ම යනුවෙන් හිරු තුළ හා ඉන් පිටත ඇතිවන භෞතික රසායනික ක්‍රියාවලි දෙකක් ගැන ද සඳහන්ව ඇත. නවීන විද්‍යාව හිරු හීලියම් පරමානුවෙන් සැදී ඇති අතර අධික තාපය නිසා එහි න්‍යෂ්ඨ§ බිඳ වැටී නිකුත් වන විකිරණ තාපය ලෙස නිකුත් වන අතර සමස්‌ත ලෝකයේම ශාක හා සත්ත්වයන්ගේ පැවැත්මට අවශ්‍ය ශක්‌තිය ලබාදෙන බව සනාථ කරයි. වේදයේ මෙම ශක්‌තිය “ප්‍රාණෝ වෛ ප්‍රාණෝග්නිඃ” යනුවෙන් අග්නිය ලෙස දක්‌වා ඇත. චරක සංහිතාවේ වායුව අග්නි ලෙසටත් ප්‍රාණය ලෙසටත් දක්‌වා තිබේ. නවීණ විද්‍යාව විසින් හිරු හා හිරුගේ ශක්‌තිය පිළිබඳ අනාවරණය කර ඇති කරුණු මෛත්‍රි උපනිෂද්හි පැහැදිලිව දක්‌වා තිබේ.
මේ අනුව සූර්යයා ප්‍රධානකොට ඇති සෞරග්‍රහ මණ්‌ඩලය පදනම් කර ලෝකයේ පැවැත්ම ගැන දැනගැනීමට ජ්‍යෙdතිෂය නිර්මාණය කළ මුනිවරු විශ්වයේ සැඟවුණු අභිරහස් දැන හඳුනා ගෙන නිසි පරිදි එය සිදුකර ඇති බව පෙනේ. එය මැනවින් යොදා ගත හොත් පමණක් එයින් උපරිම ඵල ලැබිය හැක.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here