[ratings]
වනිතා ජන්ම පත්‍ර තුළින් කාමභෝගී කාන්තාවන් බිහි කරන ග්‍රහයෝග පිළිබඳ විග්‍රහයක් කිරීමට මෙම ලිපිය මගින් බලාපොරොත්තු වෙමි. වනිතා ජන්ම පත්‍රයක 7, 8, 12 වැන්න වූ රාශි හා සඳු, සිකුරු, රාහු යනාදි ග්‍රහයන් කාමුක භාවය ජනිත කරවන ග්‍රහ තත්ත්වයන් උදා කිරීමට බල පැවැත්මක් ඇති කෙරෙනු ඇත.
ලග්නය හා හත්වැන්න පාප පීඩාවීමද කාමභෝගී කාන්තාවන් ජනිත කිරීමට සමත් වන අතර, හත අධිපති ග්‍රහයා කුජ හෙවත් අඟහරු ග්‍රහයාට හිමි රාශියක තැන්පත්ව සිකුරු ග්‍රහයාගේ දෘෂ්ටිය ලැබීම නිසාද මෙබඳු කාන්තාවන් ජනිත වන බව ජන්ම පත්‍ර පරීක්‍ෂණයෙන් පැහැදිලි වනු ඇත. සඳු – කුජ- කිවි යනාදි ග්‍රහයන් යෝගව හත්වැන්නේ තැන්පත් වීම නිසාද, පාප දෘෂ්ටි සහිතව යෙදීම නිසාද, කාමාධික ස්‌ත්‍රියක් ජනිත කරවීමට සමත් වනු ඇත. හත අධිපති ග්‍රහයා හා අට අධිපති ග්‍රහයා සංයෝග වීම, කුජ- සිකුරු සංයෝග වීම, සඳු කිවි සංයෝගය ශනි කුජ – රාහු යනාදී පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්‌වීම, සඳු කුජ සංයෝගය, රවි කුජ සංයෝගය, රවි – සඳු සංයෝගව හත්වැන්නේ යෙදී පාපග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් පීඩාවට ලක්‌වීම, කාමාධික භාවය නිසා සිය චරිතය දූෂිත තත්ත්වයට පත්කර ගන්නා කාමිණියන් ජනිත කරවීමට සමත් වන ග්‍රහ තත්ත්වයක් වශයෙන් ගිණිය යුතුව ඇත.
සඳු කුජ සිකුරු සංයෝගය හත්වැන්නේ යෙදීමද කාමභෝගී භාවය නිසා වරදෙහි බැඳෙන වනිතාවන් ජනිත කරවීමට සමත් වනු ඇත. හත්වැන්නේ රවි – රාහු, ග්‍රහයන් තැන්පත්ව ඇති කේන්ද්‍රහිමි වනිතාවද එසේම ලග්නයේ 6, 8, 9 අධිපති ග්‍රහයන් පාප ග්‍රහයන් හා යෝගව සිටීමද, අධික කාමාශාව නිසා චරිත පාරිශුද්ධි භාවයට කැළැල් ඇති කර ගන්නා බවට ඉවහල් වනු ඇත. ලග්න – චන්ද්‍ර රාශි පාප දෘෂ්ටි පාප සංයෝග සහිත වීමද, කාමාදික ස්‌ත්‍රීන් ජනිත කරවන ග්‍රහ තත්ත්වයකි. මකර ලග්නය වී කුජ හත්වැන්නේ සිටීමද, සිකුරු ග්‍රහයා නීචව කුජ ග්‍රහයාගේ වීක්‍ෂණයට ලක්‌ව හත්වැන්නේ සිටීමද, කුජ – රාහු සමග හත්වැන්නේ තැන්පත් වීමද කාමාධික භාවය නිසා චරිතය කෙළෙසා ගැනීමට සමත් වන ග්‍රහ තත්ත්වයන් වෙති. එසේම හය අධිපති සිකුරු කුජ ග්‍රහයා සමග සිටීමද, කාමභෝගී භාවය ජනිත කරන ග්‍රහ පිහිටීමකි.
සිකුරු ග්‍රහයා වෘෂභ තුලා මිථුන රාශිවල පාප දෘෂ්ටි ලැබ සිටීමද, කාමාධික වනිතාවන් ජනිත කරවන ග්‍රහ තත්ත්වයකි. කුජ සිකුරු යෝගව ලග්නයේ තැන්පත් වීම හා නවාංශක කේන්ද්‍රයේ රාශි මාරු කරගෙන සිටීමද, මෙබඳු යෝගයකි. හත්වැන්නේ “රවි” ග්‍රහයා හා හතරවැන්නේ “කුජ” ග්‍රහයා තැන්පත්ව සිටීමද, 1,7 අධිපති ග්‍රහයන් පාප ග්‍රහයන්ගේ ෂඩ් වර්ගවල සිටීමද කාමාශාව නිසා පරපුරුෂයන් සොයා යැමට ඉවහල් වන ග්‍රහ තත්ත්වයක් වනු ඇත. වෘෂභ- තුලා ලග්නවලින් උපත ලබා මකර නවාංශකය උදාව පවතින විට ජන්ම ලාභය ලද වනිතාවද අධික කාමාශාව කරණ කොට ගෙන සිය දිවි පෙවෙත අඳුරු කර ගනු ඇත. වෘෂභ -තුලා- මේෂ – වෘශ්චික අංශවල කිවි හෙවත්a, සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටීමද කාමාශාව බලවත් වීමට ඉවහල් වනු ඇත. මකර – කුම්භ- මේෂ – වෘශ්චික යනාදී ලග්නයකින් ජනිත වී සඳු – සිකුරු – ග්‍රහයන් තැන්පත්ව සිට පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්‌වීම නිසාද දැඩි කාමාශාවෙන් පෙළෙමින් පරපුරුෂයන්ගේ පහස ලැබීමට ක්‍ෂණිකව ක්‍රියාත්මක වන ග්‍රහ තත්ත්වයක් වනු ඇත.
ත්‍රිංශාංශක අනුව සැලකීමේදී සිකුරු හිමි ත්‍රිs්‍රංශාංශකයෙන් ජනිත වූ වනිතාව කාමිණියන් වශයෙන් හැඳින්වීම වරදක් නොවේ. කුජ ත්‍රිs්‍රංශාකයෙන් උපන්නියද පහත් පෙළේ අය සමග අනාචාරයෙහි හැසිරී තෘප්තියක් ලබාගැනීමට පෙළැඹෙනු ඇත. මේෂ – වෘෂ්චික, රාශි ගත සිකුරු ග්‍රහයාගේ ත්‍රිංශාංශකයන් උදාව පැවැති කළ ජනිත වනිතාව ද දුසිරිතෙන් යුත් කාමභෝගී කතුන් වනු ඇත.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here