[ratings]
මිහිපිට දැකගත හැකි දෘශ්‍යමාන දෙවි දේවතාවන් අතරින් ගස් වැල් පැළෑටි නම් බල සම්පන්න දේවතාවන් ජීවී, අජීවී බොහෝ වස්‌තුන්ගේ සුරක්‍ෂිත බවත් ඔවුන්ගේ අපේක්‍ෂා දෘශ්‍යමානව ඉටු කිරීමට සමත් වන්නාහ. ඒ මහා දේවතාවන් වූ වෘක්‍ෂයන් පිළිබඳව තරුණ මහළු කුඩා කොයි කවුරුත් අනිවාර්යයෙන්ම දැනගත යුතු බොහෝ කරුණු කාරණා ඇත. පෙර ඉසිවරු වෘක්‍ෂ රෝපණය පිළිබඳව මෙසේ ප්‍රකාශ කර ඇත.
දිශානුගතව වෘක්‍ෂ රෝපණයේදී
නිවසට උතුරු දෙසින් පළොල් වෘක්‍ෂද
නිවසට නැගෙනහිර දෙසින් නුග වෘක්‍ෂද
නිවසට දකුණු දෙසින් අත්තිකා වෘක්‍ෂද
නිවසට බටහිර දෙසින් බෝ වෘක්‍ෂද සිටවිය යුතු බවට පුරාණාචාර්යවරුන් උපදෙස් දෙමින්
නැගෙනහිර දිශාවට අධිපති රවිට – ඉඹුල් වෘක්‍ෂද රතු නෙළුම්, පිච්ච වර්ගද
වයඹ දිශාවට අධිපති සඳුට – දිවුල් වෘක්‍ෂද, සුදු නෙළුම්, සුදු මල් වර්ගද
උතුරු දිශාවට අධිපති බුධට – කොහොඔ වෘක්‍ෂද, නිලුපුල්, නිල් මල් වර්ගද
දකුණු දිශාවට අධිපති කුජට – කොලොන් වෘක්‍ෂද, රතු මල් වර්ගද
ඊසාන දිශාවට අධිපති ගුරුට – බෝ වෘක්‍ෂද, කහ පාට මල් වර්ගද
ගිනිකොණ දිශාවට අධිපති සිකුරුට කරඳද, විවිධ පාටැති මල් වර්ගද
බටහිර දිශාවට අධිපති ශනිට – නුග වෘක්‍ෂද – තද නිල් පාට මල් වර්ගද
පාතාලයට අධිපති කේතුට – කෙසෙල් ද ඒ ඒ දිශාවන් අනුව රෝපණය කළයුතු වගට අනුදැන ඇත.
ගමකට ආහාරපාන ධන ධාන්‍ය සම්පත් උදාකරන වෘක්‍ෂ
අසෝක වැවීමෙන් – රත්හාල් එගම බහුල වේ, සල්ගස් වැවීමෙන් – කළු හාල් එගම බහුල වේ, නුග වෘක්‍ෂ වැවීමෙන් – යව නම් ධාන්‍ය ගම බහුල වේ, ඇසතු බෝගස් බහුලවීමෙන් – සියලු ශෂ්‍ය වර්ග බහුල වේ, රුක්‌අත්තන බහුල වීමෙන් – යව නමැති ධාන්‍ය එගම බහුල වේ, බක්‌මී – පියාගස් බහුල වීමෙන් – එගම කොල්ලු නමැති ධාන්‍ය බහුල වේ.
මෙසේ ගස් කොලන් බහුල වීමෙන් ධනධාන්‍ය සම්පත් බහුල වෙන මිනිසුන්ගේ සතුන්ගේ කාර්යක්‍ෂමතාවන් ඇති කරවන ඓශ්චර්යමත් බවට පත් කරවන තවද බොහෝ ගස් කොලන් ඇති අතර,
මසින් පිරි පලතුරු ලබා ගැනීමට
සීනි – වැල්මී – සුවඳ කොට්‌ටන් – එකට චූර්ණ කර ගසමුල යෙදීමෙන් ඇට නැති මසින් පිරුණු ගෙඩි හට ගනී.
මිහිරි පලතුරු ලබා ගැනීමට
බාර්ලි – වැල්මී – වලඟ – සහල් – උක්‌සකුරු – කිරි එකට චූර්ණ කර ගස මුල යොදා වතුර වත්කිරීමෙන් රසවත් පලතුරු ලැබේ.
සියඹලාදී තද ඇට රෝපනයට
වී – උඳු – තල – චූර්ණය සමග අක්‌සුනු හා කුණු මස් සමග නිතර කසා දුම් දීමෙන් සිටවූ ඇට ඉක්‌මණින් අංකුර හට ගනී.
ජලය නැතිව මිලාන වූ ගසට
වලඟ සහල් – ගිතෙල් – කිරි – ජලයද යොදා මුසුකොට උණුකොට නිවුනායින් පසුව ගස මුලට වැක්‌කිරීමෙන් ගසට නැවත පණ ලැබේ.
ගස් රැක ගැනීමට
ඌරු ඇට ගස් වටා ගැසීමෙන් එකී ගස බොහෝ කලක් පවතී.
අස්‌වැන්න වැඩි කර ගැනීමට
ලබු – කිඳ කොල – කොටා යුෂ ගෙන එකී යුෂ අමුගොමෙහි දියකර දෙතුන් දිනක් පල්වෙන්න හැර බිත්තර වී දමා සුදුසු වෙලාවට ගෙන වපුරනු. අස්‌වැන්න දෙතුන් ගුණයකින් වැඩි වේ.
ඇට ජාති ඉක්‌මණින් පැළකරගන්න
ගිතෙල් ආලේප කර කිරෙහි බහ දස දිනක් තෙමා නැවත ගොමෙහි ගටා ඌරු – මුවමසින් – දුම් දී ඌරු තෙල් සංයෝගයද සහිතව එම බිම සිටවීමෙන් ඇට ජාති ඉක්‌මණින් පැළකරගත හැකිය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here