Friday, September 12, 2025
Homesiග්‍රහයන් ස්‌වක්‍ෂේත්‍ර බලය ගෙන කියන පලාපල දැනගන්න

ග්‍රහයන් ස්‌වක්‍ෂේත්‍ර බලය ගෙන කියන පලාපල දැනගන්න

[ratings]

රාශි චක්‍රයේ (මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන) ලග්න 12 ට හැම ග්‍රහයකුටම හිමි ස්‌ථානයක්‌ තිබේ. එකී අයිති ස්‌ථානය ස්‌වරාශී ලෙස හැඳින්වෙයි. මේ අනුව රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු, යුරේනස්‌, නැප්චූන් යන ග්‍රහයින් අතුරෙන් රවිට අයත් ස්‌ථානය වන්නේ සිංහ රාශියයි. සඳුට කටකයයි. කුජට අයත් වන්නේ මේෂ වෘශ්චික රාශි දෙකය. ගුරුට (බ්‍රහස්‌පතීට) ධනු, මීන රාශි දෙක ස්‌වරාශි වේ. සිකුරුට (ශුක්‍ර) වෘෂභ සහ තුළා රාශි දෙකත් සෙනසුරුට (ශනිට) කුම්භ, මීන රාශි දෙකක්‌ අයිති වේ. රාහුට සහ කේතුට සාමාන්‍ය පරිදි කන්‍යා සහ මීන රාශි දෙක වෙන්වී ඇත. එසේම පසුව සොයාගත් යුරේනස්‌ නැප්චූන් දෙදෙනාටද කුම්භ සහ මීන වෙන්වී ඇති බව ජ්‍යෙdතිෂ නිගමනය වී තිබේ.

රාශි චක්‍රයේ 05 වැන්න වූ සිංහ රාශියට අධිපති වන්නේ රවි ග්‍රහයාය. සෘජු, එඩිතර, වීරෝදාර ෙච්තනාවන් ප්‍රගුණ කිරීමට මෙම රාශියෙන් අවස්‌ථාව යෙදේ. ඔබේ හඳහනේ සිංහ ලග්නය වී රවි සිංහයේ සිටී නම් එය ප්‍රබල යෝගයකි. රවිට සිංහ රාශිය ස්‌වක්‍ෂේත්‍රය නිසාය. ඔබ උපන්නේ ඕනෑම වර්ෂයක අගෝස්‌තු මැද භාගයේ සිට සැප්තැම්බර් මැද භාගය දක්‌වා නම් රවි සිංහ රාශිගතවීම නිසා උපේන්ද්‍ර යෝගය යෙදේ. මේ නිසා ගතින් සේම සිතින්ද කරන වැඩ වලින් උසස්‌ ප්‍රතිඵල ලබයි. සමාජයේ උසස්‌ ප්‍රභූවරයකු ලෙස කැපී පෙනේ. වගකිව හැකි වටිනා රාජකාරි වලට දක්‍ෂ වන්නේය. කොහොම නමුත් උසස්‌ රැකියාවක්‌ රාජ්‍ය අංශයෙන් හෝ පෞද්ගලිකව ස්‌වයංව හෝ බලගතු අයුරින් කිරීමේ භාග්‍ය ලබයි. රවි සිංහ රාශිගතව සිටින අය, බලයෙන් උද්දාම නොවේ. කිසිවකුට අයුතු සහගත ලෙස කටයුතු නොකරයි. තරමක්‌ අහංකාර ආඩම්බර ගතියක්‌ පෙනුනත් එය තමා විසින්ම සිතා මතා කරන්නක්‌ නොවේ. සමාජ ගෞරව, කීර්තිය ලබයි. ක්‍රීඩා වලට දක්‍ෂ වේ. එසේම පාලන කටයුතුවලටද යොමුවේ. පාලන කටයුතුවලදී සේවකාදීන්ට කරුණාව දක්‌වයි.

උපේන්ද්‍ර යෝගය යෙදීම නිසා ආත්ම ගෞරවය රැකගනී. තමා සිතන පතන දේ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරයි.

සඳු ග්‍රහයා ස්‌වක්‍ෂේත්‍ර වන්නේ කටක රාශියටයි. කටක ලග්නය හිමි අය තම තමන් විසින් උත්සාහ වන්තව දියුණුවීමට කටයුතු කරති. තම වැඩකටයුතුවලදී පිටස්‌තර උදවියට කරදරයක්‌ හිරිහැරයක්‌ නොවන අයුරින් කටයුතු කාරණා ඉටු කර ගනී. අන් අයගේ සිත් තමා වෙත ඇද ගැනීමට උත්සාහ දරයි. පාලන තත්ත්වයක්‌ ඇති රැකියාවක නිරතවේ. අනුකම්පා සහගතයි. අහංකාර නොවේ. පුර පක්‍ෂයේ සඳු සිටියදී උපන්නේ නම් ලෞකික ආශාවන් අඩුවේ. අධ්‍යාත්මික පැත්තට වඩාත් බරවේ. සියුම් කල්පනා ශක්‌තියකින් හෙබිවෙයි. සිත චංචලයි. කටක ලග්න හිමියන්ගේ රවි, සඳු කටකයේ (01) සිටී නම් පාලන කටයුතුවලට දක්‍ෂ වන්නේය. සඳු – ශනි සමග කටකයේ සිටි විට (01) ළමා වියේදී කරදර දුක්‌ කම්කටොලු මැද ජීවිතය ගෙවේ. සඳු කේතු සමග එකට සිටීමද එතරම් ගුණදායක නැත. සඳු කටකයේ තනිවම සිටීමෙන් විවාහ ජීවිතය සාර්ථක වේ.

කුජ නොහොත් අඟහරු ග්‍රහයා මේෂ සහ වෘශ්චික ලග්න හිමියන්ට ස්‌වක්‍ෂේත්‍ර වෙයි. කුජ මේෂ රාශි ගතව සිටීම නිසා සටන්කාමී වන්නේය. තරමක්‌ කලබලයි. ඉදිරියටම යයි. නිර්භීත ක්‍රියාවල යෙදේ. නවීන, අලුත් අමුතු දේවල් කෙරෙහි සිත් ඇදී යයි. ක්‍රීඩා විනෝද අංශයටද බරයි. ලෞකික ආශා බලවත් වේ. ආත්ම ශක්‌තිය තිබේ. ශරීරය නිරෝගී වේ. ශක්‌තිමත්ය. තමන්ගේ උත්සාහයම දියුණුවීමට පාදක කරගනී. අන් අයගේ උදව් පදව් ලැබෙන තෙක්‌ බලා නොසිටී. ඉක්‌මන්කාරී බව නිසා ඇතැම් විට පාඩු සිදු කර ගනී. ශනි හෝ රාහු සමග කුජ ග්‍රහයා මේෂයේ සිටි විට කරදර විපත්වලට භාජන වන්නේය. විශේෂයෙන් පාප ග්‍රහයන්ගේ දශාවලදී විපත් ඇති කරයි. කුජ ග්‍රහයා මේෂ රාශියේ බලවත්ව සිටියත් දුර දිග නොබලා කටයුතු කිරීම නිසා කරදර වලට භාජනය වේ. ලග්නයේ (මේෂයේ) ශුභ ග්‍රහයකු (රවි- චන්ද්‍ර-බුධ-ගුරු-ශුක්‍ර) සමඟ කුජ සිටි විට අපල තත්ත්වයක්‌ උදාවන්නේ නැත. කුජ, මේෂ රාශිගත වීමෙන් ගජකේශර යෝගය යෙදේ. මේ නිසා උපන් තත්ත්වයට වඩා දියුණුව සිදුවන්නේය.

රාශි චක්‍රයේ 08 වැන්නා වූ වෘශ්චිකයටද අධිපති වන්නේ කුජ ග්‍රහයාය. කුජ ග්‍රහයා වෘශ්චික ලග්න ගතව (01) සිටීමෙන් උද්යෝගීමත් පුද්ගලයකු කරයි. අහංකාරයි. එසේම ආඩම්බරයි. කිසිවකුට යටත්වීමට කැමැති නැත. තම වැඩකටයුතු අවසන් මොහොත දක්‌වා කල්දමා අවසානයේ නිමා කරයි. කුජ වෘශ්චිකයේ සිටි විට හික්‌මීමක්‌ නැති තරම්ය. හොඳ නරක, යුතු අයුතුකම් ගැන කිසිවක්‌ නොසලකා කටයුතු කරයි. අන් අය රවටා තම කාර්ය කර ගැනීමට දක්‍ෂවේ. ආගම ධර්මය කෙරෙහි එතරම් ලොල් නැත. වෘශ්චික ලග්න හිමියන්ගේ කුජ 01 ත් ශනි 07 ත් සිටී නම් ත්‍රිවිධ හමුදාවේ උසස්‌ නිලතල දැරීමට භාග්‍ය තිබේ. ගුප්ත දේවලට කැමතියි. කුජ ග්‍රහයා සිකුරු ග්‍රහයා සමග එකට සිටීමේදී ලෞකික සැප සම්පත් කෙරෙහි අවධානය යොමුවේ. අලංකාරයට ඡේත්තුවට සිටීමට කැමතියි. නීතිය පිළිබඳ කරුණු හොඳින් දනී. වාද විවාද වලදී තමාගේ කථාවට අන් අය නම්මවා ගැනීමට දක්‍ෂවේ. කුජ-රවි සමග එකට සිටිවිට හිතුවක්‌කාරී අයුරින්, අයුතු විදියට බලතල යොදා කටයුතු කරයි. කුජ වෘශ්චික රාශි ගතවීම නිසා මහීපාල යෝගය උදාවෙයි. හදිසි අනතුරුවලට භාජන විය හැකිය. වෛද්‍යවරුන්ට පවා නිශ්චය කළ නොහැකි ලෙඩ රෝග වැළඳීමට පුළුවන.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments