Friday, September 12, 2025
Homesiග්‍රහයින්ගේ බල දුබලකම් හඳුනා ගන්න

ග්‍රහයින්ගේ බල දුබලකම් හඳුනා ගන්න

[ratings]

(02 කොටස)

ලොව මනුෂ්‍යයෝ විවිධ ආගම් අදහති. මේ හැම ආගමකින්ම තේරුම් බේරුම් කර දෙන්නේ සත්‍ය වටහා ගැනීමය. ජ්‍යෙdතිෂ විෂයයෙන් ප්‍රයෝජන සලසා ගැනීමේදී ආගම් භේදයක්‌ නැත. දේව කරුණාව, කැමැත්ත, අනුව හෝ කර්මය අනුව හෝ මිනිසුන්ට සිදු වන නානා විධ ශුභ මෙන්ම අශුභ කරුණු පිළිබඳව කලින් දැක ගැනීමට හැකි වන්නේ ජෝතිෂ විද්‍යාවෙන් බව පැවසීමට අටුවා ටීකා අනවශ්‍යය.

ග්‍රහයින්ගේ ශුභ අශුභ, බල දුබලතාවයන් ගැන කෙන්ද්‍රයේ 01 සිට 12 දක්‌වා වු ස්‌ථාන මගින් නොහොත් රාශි අතුරින් පසුගිය ලිපියෙන් 01 සිට 05 දක්‌වා කෙටි විස්‌තරයක්‌ දැක්‌ වූ යෙමි. හඳහනේ 06 වැනි ස්‌ථානයෙන් සතුරු කරදර, අසනීප, ලෙඩ රෝග කෲර ක්‍රියා සිතේ ඇතිවීම, මාමලා නැන්දලා ගැන, ගර්භාෂය, උදරය ගැන තොරතුරු හෙළිකර ගත හැකිය.

06 වැනි ස්‌ථානයේ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් හෝ උච්ච බලයෙන් ග්‍රහයෙකු සිටී නම් හෝ 06 වැන්න කන්‍යා ලග්නය වී එහි බුධ ග්‍රහයා සිටී නම් හෝ (06 වැන්න අධිපතියා) සතුරු කරදර අඩුවේ. ලෙඩ රෝගද බෝහෝදුරට ඇති නොවීමට වග බලාගනී. මව් පාර්ශ්වයේ අය සමග හිතවත් කම් ගොඩනඟාගනී. 06 වැනි ස්‌ථානයේ කුජ (අඟහරු) ගුරු (බ්‍රහස්‌පතී) සිටීම යහපත් නැත. සතුරු කරදර මෙන්ම රෝග පීඩාද ඇති කරයි. 06 වැන්න අධිපති ග්‍රහයා 08 වැන්නේ සිටීමද අගුණයි. නිතර නිතර ලෙඩ රෝග වලට භාජන වේ.

ඡන්ම පත්‍රයේ 07 වැනි ස්‌ථානයෙන් විවාහය ගැන කියෑවේ. එසේම ව්‍යාපාර කටයුතු ගැනද සොයා බැලේ. 07 වැන්න අධිපති ග්‍රහයා ස්‌වක්‍ෂේත්‍ර හෝ උච්ච බලයෙන් සිටීම නිසා වාසනාවන්ත විවාහ ජීවිතයක්‌ ගත කළ හැකිය. විවාහය සඳහා තෝරා ගන්නේ වාසනාවන්ත තැනැත්තෙකු හෝ නැනැත්තියකි. සැමියා හෝ බිරිඳ තෝරා ගැනීමට යැම නිසා ඇතැම් විට විවාහය ප්‍රමාද වීමටද ඉඩ ඇත. 07 වැන්නේ කුජ, ගුරු ශනි හෝ කේතු සිටීම නිසා විවාහ දිවියේ බාධක යෙදේ. ගැටලු ඇති කරයි. හත්වැන්න අධිපතියා තුලා රාශියේ සිටීම නිසා විවාහ ජෝඩුවට සතුටින් එකමුතුව කල් ගෙවිය හැකිය. හත අධිපති ග්‍රහයා කේන්ද්‍රයේ 04 අධිපතියා සමග සිටි විට ආලය ප්‍රේමය මුල් කර ගෙනම විවාහය සිදු කර ගනී. එසේම 07 අධිපති ග්‍රහයා ලග්නාධිපතියා සමග එකට සිටි විටද විවාහය සාර්ථක වන්නේය. විවාහය ප්‍රමාද කරන ග්‍රහයින් අතර සෙනසුරු මුල්වේ. 07 ට නියමිත ග්‍රහයා ශනි සමග සිටී නම් හෝ 07 වැන්න සෙනසුරුට පෙනේ නම් විවාහයට කල් ගතවෙයි. කොහොම නමුත් 07 වැන්න ශනිට අයත් වී නම් විවාහය ප්‍රමාද නොවන්නේය. කුජ – කේතු දෙදෙනා 07 සිටීම නිසාද විවාහයට කල් ගතවෙයි. බොහෝ විට විවාහය විරුද්ධතා මැද සිදු කරගනී. සඳු 07 සිටීම නිසා කාමාධික වේ. රාහු 07 වීමද එසේමය.

හදහනෙ 08 වැනි ස්‌ථානය වෘත්‍යq ස්‌ථානය ලෙස ( මරණය) සැලකෙයි. ආයුෂ ගැනද බැලිම කළ යුත්තේ 08 වැනි ස්‌ථානයෙනි. මරණය ගැන නිශ්චය කිරීමේදී 08 වැන්නට අමතරව 07 වැන්න, 02 වැන්න හා 03 වැන්න ගැනද බැලීම සිදුවේ. 02-03-07-08 යන ස්‌ථානවලට අධිපති ග්‍රහයින් දුර්වලව සිටීම නිසා ආයුෂ ප්‍රමාණය අඩුවේ. මරණය ගැන පමණක්‌ම නොව අන්සතු දේපල අයිතිවීම, ගැනද 08 න් බැලේ. 05 වැන්නේ යම් ග්‍රහයෙකු ස්‌වක්‍ෂේත්‍ර හෝ උච්චවම හෝ සිටීමෙන් ආයුෂ වැඩි කරයි. ලග්නාධිපතියාත් 08 වැන්න අධිපතියාත් 02.06.08.12 යන ස්‌ථානයක සිටීම නිසා ලෙඩ රෝග වලින් නිමාවන් තැන. ශුභ ග්‍රහයෙකු බලවත්ව 08 සිටීම නිසා හදිසි ධන ලාභ ලබයි. ලෙඩින් හෝ අනතුරකින් මරණය සිදු නොවේ. 08 වැන්න අධිපතියා 01 සිටීමද ආයුෂ අඩු කිරීමට හේතුවකි. සඳු 08 සිටීම ළමා වියේදීම ලෙඩ රෝග සේම මාරක අපලද යෙදේ. 08 අධිපති ග්‍රහයා 03 වැන්නේ වීමෙන් ළමා වියේදී ඉගනීමට දක්‍ෂ නොවේ. කන්වල ආබාධ ඇති විය හැකිය. 08 අධිපතියා 05 සිටීම ඉතා හොඳයි. ඥනවන්තයි. එහෙත් තමාගේ දරුවන් තමාට අවනත නොවේ. හෘද රෝග ඇති කරයි. 08 වැන්නේ සිකුරු සිටීම විවාහය කලින් සිදු කරයි. ධනය මිල මුදල් ඇති අයකු හා විවාහය සිදුවේ. කුජ 08 ට යහපත් නැත. ස්‌ත්‍රියකට දරු උපත්වලදී දරුණුවේ. ශනි 08 ට හොඳ නැත. වාත ආබාධ දියවැඩියා රෝගය ඇති කරයි.

භා ස්‌ථානය ලෙස සැලකෙන 09 වැන්න තුළින් වාසනාව උදා කෙරෙන හැටි බැලිය හැකිය. මෙම ස්‌ථානය යම් ග්‍රහයෙකු උච්චව හෝ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටිය හොත් පූර්ව ආත්මයේ රැස්‌ කළ පිං කුසල් වල බලය ලබයි. ආගම ධර්මයට ළැදිව කටයුතු කරයි. තමාගේ පිය පාර්ශ්වයේ දේපශ් ඉඩ කඩම් උරුමකම් ලබයි. උසස්‌ අධ්‍යාපන කටයුතුවලටද -9 වැන්න ශුභ ස්‌ථානයකි. විදේශ ගමන් බිමන්ද යෙදේ. පිළිවෙළින් මේෂ ලග්නයේ සිට 09 වැන්න වන්නේ ධනු ලග්නයයි. 09 අධිපති ගුරු 09 වැන්නේ සිටීමෙන් (ධනු ලග්න හිමියන්ට) ධාර්මික ජීවිතයක්‌ ගත කරයි. 04 සහ 09 අධිපති ග්‍රහයින් 9 වැන්නේ සිටි විට උසස්‌ අධ්‍යාපනයක්‌ ලබා හොඳ රැකියාවක්‌ කරමින් දේපළ ඉඩකඩම්ද ලබයි. අන් අයට උදව් උපකාර කිරීමට ඉදිරිපත්වේ. 09 අධිපති ග්‍රහයා 02 වැන්නේ සහ 02 අධිපතියා 09 සිටීමද පෝසත් වීමට කරුණු යෙදේ. ධනවත් පුද්ගලයකු වේ. 09 අධිපති ග්‍රහයා ලග්න ගතව (01) සිටීම නිසා අන් අයට ආඩම්බරකම් නොපෙන්වයි. සමාජශීලීවේ. තමන් කරන කාර්යය ඉතා හොඳින් ක්‍රමානුකූලව කරයි. 09 අධිපතියා 04 සිටීමද යහපත්ය. ජීවිතයේ සැදෑසමය යහතින් ගෙවිය හැකිය. අන් අයගේ කීර්ති ප්‍රසංසාවට ලක්‌වේ. නෑදෑයින් සමග සහයෝගයෙන් කල් ගෙවයි. 09 අධිපති ග්‍රහයා 07 වැන්නේ (විවාහස්‌ථානයේ) සිටීමෙන් විවාහය සිදු වන්නේ යහපත් ගති ගුණ ඇති අයකු සමගය. ව්‍යාපාර කටයුතු වලට ශුභදායක පිහිටීමකි. 09 අධිපතියා 10 සිටින විට අන් අයගේ ගෞරවයට පාත්‍ර වන අන්දමේ උසස්‌ රැකියාවක්‌ හිමිවේ. උසස්‌ අයව ආශ්‍රයට ලැබේ. 09 අධිපති 11 සිටීමද ශුභදායකයි. ලියන්න කියවන්න කැමැතියි. මාධ්‍ය, ලේඛන කටයුතු වලට දක්‍ෂවේ. 09 අධිපති ග්‍රහයා 12 වැන්නේ වැයස්‌ථානයේ සිටීම නිසා විදේශ ගමන් බිමන් ඇතිවේ. අධ්‍යාපන කටයුතු විදේශ රටවලදී සාර්ථක කරගනී. රාහු 09 සිටි විට උසස්‌ අධ්‍යාපන කටයුතුවලට බාධක යෙදේ. එහෙත් කේතු 09 සිටීම උසස්‌ අධ්‍යාපනයට හොඳයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments