Friday, September 12, 2025
Homesiග්‍රහයින් නීච වු විට ඒ ඒ ලග්නයට පලාපල මෙන්න

ග්‍රහයින් නීච වු විට ඒ ඒ ලග්නයට පලාපල මෙන්න

[ratings]

ජ්‍යෙතිර් විද්‍යාවට අනුව පලාඵල කීමේදී තමන් අදහන ආගම විශේෂත්වයක්‌ නොගනී. මිනිසාට සත්‍ය අවබෝධ කර දීම ආගම් ඇදහීමෙන් සිදුවෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව මිනිසාට යම් යම් දේ සිද්ධ වෙනවාය යන්නත්, කර්මය අනුව හැම කරුණකටම මුල වේයෑයි සිතුවත් ජ්‍යෙdතිර් විද්‍යාව ඊට ප්‍රායෝගික වන්නේද? කර්මය හෝ දේව කැමැත්ත හෝ මූලිකව මිනිසාට සිද්ධවන කරුණු කාරණා කලින් දැන ගැනීමේ ඉඩකඩ මෙම මාහැඟි විද්‍යාවෙන් නොඑසේ නම් ශාස්‌ත්‍රයෙන්, අවබෝධ කරගත හැකි වෙයි. මෙම ශාස්‌ත්‍රයේ දිග පළල මැනිය නොහැකිය. සැතපුම් දහස්‌, කෝටි ගණනින් දුරින් ගමන්ගන්නා ග්‍රහ තාරකාවන්ගේ හැසිරීම් රටාවන් අනුව සිදුවන්නට ඇතිදේ කල්වෙලා ඇතිව දැනගන්නට ඉඩකඩ සලස්‌වන ජ්‍යෙdතිර් විද්‍යාව සියුම් ශාස්‌ත්‍රයක්‌ ලෙස පිළිගැනේ.

ග්‍රහයන් නීච වීමේදී නීච ග්‍රහයා බල රහිතවීම ගැන විස්‌තර සැපයීම සුදුසු නොවේ. ග්‍රහයාගේ නීච වීමත් උච්ච වීමත් නිසා ඇතිවන වෙනස එකී ග්‍රහයා බල – දුබල වීමට හේතුවක්‌ම වන්නේ යෑයි සිතීම නොකළ යුතුය. ග්‍රහයකු උච්ච වීමෙන් යහපත උදාකරන අතර, නීචවීමෙන් එහි අනෙක්‌ පැත්ත උදාවන වග ග්‍රහ ස්‌වභාවිකත්වය අනුව සිදුවේ. මෙහිදී ග්‍රහ දෘෂ්ටි බලය කෙරෙහිද අවධානය යොමු කළ යුතු වන්නේය.

කලින් ලිපියෙන් බ්‍රහස්‌පතී (ගුරු) ග්‍රහයා නීච වන මකර රාශිය ගැන සුළු විස්‌තරයක්‌ කෙරුණි. මේ ලිපියෙන් සිකුරු (ශුක්‍ර) ශනි (සෙනසුරු) රාහු, කේතු ග්‍රහයන්ගේ නීච වීම ගැන කෙටියෙන් සඳහන් වෙයි.

කන්‍යා ලග්නය – සිකුරු නීච වීම

සිකුරු ග්‍රහයා නීච වන්නේ කන්‍යා ලග්න හිමියන්ටය. ඔබේ ලග්නය කන්‍යා වී නම් ලග්නගතව සිකුරු සිටියේ නම් (01) ලෞකික වශයෙන් ඇතිවන අභ්‍යන්තර හැඟීම් ඒ අනුවම ක්‍රියාවට නැංවිය නොහැක්‌කේය. එහෙත් ඒවා ඉෂ්ට කර ගැනීමට වෙනත් අනියම් මාර්ග ගනී. කාටවත් නොදැනෙන පරිදි තම යටි අදහස්‌ හොර රහසේ ඉටුකර ගැනීමට (කන්‍යා ලග්න හිමියන්ගේ සිකුරු සිටීම) මාන බලයි. ආලය ප්‍රේමය පිළිබඳ අදහස්‌ සිත තුළම රඳවා ගන්නා නිසා කාටවත් එළිනොකරයි. පෙම් සබඳතාවලදී කරදර ගැටලුවලට මුහුණ පාන්නට සිදුවේ. ඇතැම්විට විවාහය සිදුවන්නේ අප්‍රකට අයකු සමගය. සිකුරු කන්‍යා ලග්නයට සහ කන්‍යා නවාංශකයට අයත්ව සිටී නම් එය අති නීච තත්ත්වයකි. ආලයට ප්‍රේමයට යම් අයකු පොළඹවා ගත නොහැකි වේ. ඊට බිය ඇතිකර ගනී. ඇතැම්විට විවාහය සිදුවන්නේ වැන්දඹු, දික්‌කසාද වූ තැනැත්තියක හෝ තැනැත්තකු සමගය. එසේ වූවත් විවාහ දිවිය සතුටින් ගත කිරීම අසීරුය.

මේෂ ලග්නයට ශනි නීචවීම

ශනි ග්‍රහයා මේෂ රාශිගතව සිටින විට (මේෂ ලග්නයේ – 01) ගමන් කරන්නේ පොළොවට ඉතා සමීපයෙනි. ශනි පෘථිවියට ළං වන විට ලොව වාසීන්ගේ සැප අඩු කරයි. ලෞකික වශයෙන් දියුණුව අඩුකරයි. වැඩ වවාගනී. බර වැඩවල යෙදේ. ශනි මේෂ රාශියේත් කන්‍යා නවාංශකයෙත් සිටි විට අති නීචය. අති නීච වීමෙන් ඔරොත්තු දීමේ ශක්‌තිය හීන කරයි. අසහනයෙන් ජීවත් වේ. අසනීප වාත අමාරුද ඇතිකරයි. වෙහෙස මහන්සිය නිසා කොහොම හරි කරදර යටපත් කර ගැනීමට සිතයි. උපතේදී සිටම මුල් කාල වකවානුව කරදර අවහිරතා ඇති කරයි. නෑයන් සමගද අරියාදු ඇතිවේ. එහෙත් තරුණවියෙන් පසු දියුණුව සැලසේ. ශනි නීචව සිටියදී ධන යෝග – රාජ යෝගද යෙදීමට පුළුවන. එවන් අවස්‌ථාවලදී ව්‍යාපාර කටයුතුවලින් දියුණුව සැලසේ. ශනි සමග කේතු සිටීමෙන් බොහෝ කල් පවත්නා ලෙඩ රෝග වලින් පෙළේ. ශනි කේන්ද්‍රයේ 05 වැන්නේ (සිටින රාශිය) ශනි සිටීමද සතුරුයි. ශනි මේෂ රාශියේ නීච වීමෙන් ආගම දහමට ළැදිවේ.

වෘෂභ ලග්නයට කේතු නීච වීම

වෘෂභ රාශිය ලෞකික පැත්තට බර රාශියකි. කේතු ලෞකික අංශයට කැමැත්තක්‌ නොදක්‌වයි. මේ අනුව වෘෂභ ලග්න හිමියන්ගේ කේතු ලග්නගතව (01) සිටීමෙන් සමාජයට සමාජ ආශ්‍රයට එතරම් කැමැත්තක්‌ නොදක්‌වයි. කේතුගේ දශාවකදී ළමාවියේ නම් ඉගනීමට දක්‌ෂ වේ. ශරීරය කෙට්‌ටු කරයි. කේන්ද්‍රයේ 03 වැනි ස්‌ථානය කේතුට යහපත්ය. ධනය බලය ලබාදෙයි. එහෙත් සහෝදර ඵල අඩුයි.

මිථුන ලග්නයට කේතු නීචවීම

මිථුන ලග්න හිමියන්ගේ කේතු ලග්න ගතව (01) සිටීමද නීච තත්ත්වයකි. මේ නිසා කලාත්මක දේවලට ප්‍රිය කරයි. නැටුම්, ගායන, වාදන ආදී සංගීත ක්‍ෂේත්‍රයට ප්‍රියතාවය දක්‌වයි.

කලා කටයුතුවලට ළැදි වූවත් සිතේ සතුටක්‌ ඇති වන්නේ නැත. මොනම කාරණයකට අතගැසුවත් නිශ්චිත පරිදි තම ආශාවන් මුදුන් පමුණුවා ගැනීම අපහසුය.

වෘෂ්චික ලග්න හිමියන්ට රාහු නීචවීම

වාෂ්චික ලග්න හිමියන්ගේ රාහු ලග්නගතව (01) සිටීම නිසා ගති පැවතුම් දඩබ්බර ස්‌වභාවයක්‌ ගනී. විනය අතින් පිරිහේ. නොහික්‌මුණු අයකු වේ. එසේ වූවත් කාටත් හොර රහස්‌ ක්‍රියා මාර්ගවල යෙදේ. ශරීර සෞඛ්‍ය අතින්ද යහපත් නොවේ.

ධනු ලග්නයටද රාහු නීච වේ.

ධනු ලග්න හිමියන්ගේ රාහු ලග්නගතව සිටීමෙන් ලෞකික ආශා හීන කරයි. කම් සැප විඳීමේ භාග්‍ය අඩු වේ. එසේ වූවත් අදහස්‌ ඉතා උසස්‌ය. ආධ්‍යාත්මික අංශයන් පොහොසත් වේ. ඇවිදිලි ගමන් බිමන් අධික වේ. ඒවායින් අපේක්‌ෂිත ප්‍රතිඵල නොලැබේ. රාහු 11 වැන්නේ සිටීම ඉතා සුබදායකයි. හදිසි ධන ලාභ ඇති කරයි. එසේම 03 ටද හොඳයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments