ග්‍රහයෝ යනු සත්ව කොට්‌ඨාසයක් නොවේ. සත්ව සන්තතිය වූ සෙච්තනික වස්‌තූන්ටත් සත්වනොවන අෙච්තනික වස්‌තූන්ටත් නිර්මාණය වීමට හා පැවැත්මට බලපාන මූල සාධකයක් පමණි. කලින් කලට වෙනස්‌වන විවිධාකාර ගුණාංග සහිත නිර්මාපකයන්ය. මිනිසා පිළිබඳ ග්‍රහයන්ගේ ගුණාංග මිනිස් “විඤ්ඤාණයට”අනුව ක්‍රියාත්මක වෙයි. චතුරාර්ය සත්‍යය නම් බුද්ධ දේශනාවට අනුව මිනිසා ඉපදුන දා පටන් තෘෂ්ණාව මුල් කොට ජීවිතය පවත්වාගනී. ඒ නිසා මේ ජීවිතය තුළ එකතු කරන පව සහ පින ඊළඟ භවය සකස් වෙන මග වෙයි.
මේ භවය පෙර භවයේ කුසලා කුසල අනුව “විඳීම” ඇති කරන කාලයයි. එනම් ජීවිතය පවත්වා ගැනීමය. බුද්ධ දේශනාව අනුව කර්මය හා කර්ම ඵල භුක්‌ති විඳීම සිදු වේ. ජ්‍යෙdතිෂය බිහිවන්නේ මේ කර්මඵල වල සුබ අසුබ හඳුනා ගැනීමටත් අසුබවලින් මග හැර සුබසලසා ගැනීsමට බුද්ධිමත් බව ඇති කර ගැනීමටත්ය. සැප සලසා ගැනීමට හොඳ මාර්ග පවතින අතර නරක මාර්ග ද පවතී. ඒවා තේරුම් බේරුම් කර නරක මාර්ගවලින් මිදී කෙනකුගේ දෛවය යහපත් කරවන මාර්ගය පෙන්වා දීමටය.
කර්මය හා කර්මඵලය යනු පෙර භවයන්හි කරනු ලැබූ පින සහ පව යන දෙකට ලැබෙන ප්‍රතිවිපාක විඳීමය. පින්ඵලයෙන් සිතට සෑම අතකින්ම සතුට ලැබෙයි. පව්ඵලය යනු සිතට සෑම දෙයකින්ම දුක් වේදනා ඇති වීමය. රවි, සඳු , කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන මේ නවග්‍රහයෝ මේ පව සහ පින යන දෙකම සක්‍රීය කිරීමට විඤ්Æණයට බලය සපයයි. එසේම පව් විපාක සක්‍රීය කිරීමට වඩාත් උර දෙන්නේ කුජ, ශනි, රාහු, කේතු ආදී ග්‍රහයෝය. බුද, ග්‍රහයාද තමන් දකින, සංයෝග වන ග්‍රහයන් අනුව වෙනස් වේ. මෙලෙස පව් සහ පින්වල බලය සක්‍රීය කිරීමට ඔවුන්ගේ සූක්‍ෂම කිරණ සම්බන්ධ වන්නේ මිනිස් විඤ්Æණයටය.
විඤ්Æණය යනු “සිත” යන්නට යෙදෙන තවත් නමක් වන නමුත් සිත හා විඤ්Æණය අතර වෙනසක් ද පවතී. සත්වයෙක් මව් කුසක පිළිසිඳ ගන්නට මව් කුසට ඇතුළු වන්නේ විඤ්Æණයේ සූක්‍ෂම කොටසකි. එය “ප්‍රති සන්ධි චිත්තය” ලෙස හඳුන්වන අතර මව් කුස තුළ එයට අවශ්‍ය පූර්ණ විඤ්Æණය සකස් වෙයි.
මිනිස් සිරුරේ මේ විඤ්Æණය පවතින ස්‌ථානය වන්නේ හෘදය වස්‌තුවයි. චතුරාර්ය සත්‍ය දේශනාවේ මෙය පැහැදිලිව ප්‍රකාශ වේ. රේරුකාණෙ චන්ද විමල හිමියන් චතුරාH_ සත්‍යය පැහැදිලි කර ලියූ පොත කියවන්න. විඤ්Æණය තුළ අපේ ඇස් දෙක සම්බන්ධ බලය. කන්දෙක සම්බන්ධ බලය, නාසය, දිව, ශරීරය යන අංග ප්‍රත්‍යංගවල බල හෘද වස්‌තුවේ විඤ්Æණය තුළ පවතී. ඒ අවයව පාවිච්චි කරමින් අප උපදවා ගන්නා ගතිගුණ ද එහි පව හා පින වශයෙන් අළුතින් තැන්පත් වේ.
මව් කුසට ඇතුළු වූ, පෙරභවයෙන් පෙරී ආ සාරයක් බදු ප්‍රතිසන්ධි චිත්තයට අලුත් මව් කුස තුළ පූර්ණ විඤ්Æණයක් මෙන්ම -එම විඤ්Æණයේ බලය සම්බන්ධ කළ හැකි ඇස් දෙක, කන්දෙක, නාසය, දිව, ශරීරය වශයෙන් සත්ව නිර්මාණය ඇති වෙයි. “මනස” වන්නේ ඇස, කන, නාසා ආදී ශරීර ඉන්ද්‍රියන් හා විඤ්Æණ සම්බන්ධය ඇති කරන “සිතය”. බුද්ධිමත් බව හෝ හීන බව ඇති වන්නේ මොලයේ නියුරෝන ශක්‌ති අනුවය. ඇසින් දකින දේ අනුව මොළයේ නියුරෝන මතින් කරන තීරණය හෘදයේ පවතින චක්‍ෂු ධාතු හෙවත් ඇසේ බලය තුළ පව හෝ පින අනුව දත්ත තැන්පත් වෙයි. මේ අනුව කෙනකුගේ සිත හා ක්‍රියාව සකස් වෙයි.
ඒ නිසා කෙනකුගේ විඤ්Æණය තුළ අනවරාග්‍ර සසරේ ඉපිද පව පින වශයෙන් කළා වූ සෑම දෙයක්‌ම තැන්පත්ව පවතී. ඒ තොරතුරුවලින් එකක් මුල්වී ප්‍රතිසන්ධි “සිත” භවය අවසාන මරණාසන්නයේ සකස් වේ. කෙනෙක් මිය යන අවස්‌ථාවේ හෘදය වස්‌තුවේ ක්‍රියාකාරිත්වය ඇණ හිටින ගමන්ම විදුලිය විසන්ධි කරන විට ම විදුලි බුබුල නිවුණා සේ ඇස කණ නාසාදී බලයන් නිරුද්ධ වේ. විඤ්Æණය එසේ බිඳ වැටෙන විට ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචස්‌කන්දයට ද පැවැත්මක් නැති බැවින් එයද බිඳ වැටේ. එනම් මරණය සිදු වීමය. මේ ක්‍රියාව තුළම එම විඤ්Æණය තුළ තැන්පත් වූ පව සහ පින වශයෙන් තමන් උපදවාගත් සියල්ල අතර තමන්ට වඩාත් ඇලී තිබුණු ගතිය හෙවත් “ආශාව” ප්‍රතිසන්ධි සිතක් ලෙස නැවත උපතකට ගමන් කරයි.
කර්මානුරූපව එම ප්‍රතිසන්ධි සිත මිනිස්, තිරිසන් ආදී වශයෙන් උරුම වන කුමන හෝ මව් කුසකට ඇතුළු වෙයි. එතැන්සිට ඒ භවයට අවශ්‍ය පූර්ණ විඤ්Æණයත් ශරීරයත් මව්කුස තුළදී නිමවා විශ්වයට යළි සත්ත්වයෙක් ලෙස බිහි වෙයි.
එසේ උපදින පුද්ගලයකුගේ විඤ්Æණය තුළ පෙර පුරුදු පවතී. එනම් කුසලා කුසල තත්ත්වයන්ය. ඒවාට අනුව ප්‍රතිඵල අත්විඳීමට සිදුවීම ජීවත්වීම නම් වෙයි. කුසල් විපාක ලෙස සියලු ලෞකික සැප සම්පත් අත්විඳීමද, අකුසල් විපාක ලෙස බොහෝ බාධක අවහිර, කරදර හා ලෞකික සැප සම්පත් අහිමි වීමද සිදු වෙයි. බොහෝ විට කලින් කලට මේ දෙආකාරයම මිශ්‍රව අත්විඳීමට සිදු වෙයි. මෙලෙස අත්විඳින ජීවිතය ගත කරන ස්‌වභාවය අනුව යළි ඊළඟ භවය සඳහා අවශ්‍ය පව පින දෙක විඤ්Æණය තුළ තැන්පත් වෙයි. සසර ඉපදීම, මැරීම, නිමක් නැති ගමනකි.
කෙනකුගේ රාහු 11 වැන්නේ උච්චව, ස්‌වක්‍ෂේත්‍රව හෝ මිත්‍රව සුබ දෘෂ්ඨි සුබ සංයෝගව සිටි කල්හි ඒ පෙර කරන ලද පිනකි. එම ග්‍රහයාගේ මහ දශාව එම ග්‍රහයා දුටු ග්‍රහයන්ගේ දශාවන් තුළ ආදි වශයෙන් ජීවිතයේ කඩින් කඩ පුණ්‍ය විපාක ලෙස සුබඵල අත්කරයි. එයට සරිලන කුමන හෝ පුණ්‍ය ක්‍රියාවක් විඤ්Æණය තුළ පවතී. එම ග්‍රහයන්ගේ කිරණ ශක්‌තිවලින් විඤ්Æණ ගත එම පුණ්‍ය ශක්‌තිය ක්‍රියාත්මක වෙයි. ඒ අනුව තරග ආදියෙන් ජයග්‍රහණ, ලොතරැයි දිනුම්, නව ආදායම් මාර්ග වැනි වටිනා සුබඵල අත් කර දෙයි. එසේම ධාර්මික සිතුවිලි ද යළි පහළ වෙමින් තවත් පුණ්‍ය ශක්‌ති උපදවයි.
කුජ වැනි පාපි ග්‍රහයෙක් වෙනත් තැනක බලවත් වී ඇත්නම් එම ජන්මියා ඒ පුණ්‍ය බලය අකුසල් උපදින ලෙස පාවිච්චි කරයි. මැරවර කමින් වස්‌තු සම්පත් උපයා ගැනීම, සූදු ක්‍රීඩාවලින් ජය ගැනීම, මංකොල්ල කෑම්වලින් දේවලින් වස්‌තු ලැබීම ආදියට පෙළැඹී යළි අගතියට පාර කපයි.
පෙර භවයක සත්ව හිංසනයක් වැනි දෙයක් ද්වේෂය නිසා සිදු කර තිබේ නම් එය ද්වේෂය සංසිඳුවීමේ තෘෂ්ණාවකි. අතක් පයක් කඩා දමන තෙක් සිතට අස්‌වැසිල්ලක් නැති වූ ද්වේෂයෙන් උපන් ක්‍රියාවක් ලෙසට තමන් සිතුවාද ඒ සිතුවිල්ල විඤ්Æණය තුළ පවතී. උත්පත්ති කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම් වලින් මෙවැනි පව්කම් දැකිය හැකිය. ද්වේෂය වැනි මානසික සංකීර්ණතාවලට බලය සපයන්නේ කුජ, ශනි, රාහු, කේතු ආදී ග්‍රහයන්ය. උත්පත්ති කේන්ද්‍රයේ නරක ස්‌ථානවල ග්‍රහයන් ඔවුන්ගේ පීඩාවීම්වලට ලක්‌ව දුර්වලව සිටියේ නම් ඒ ඒ දශාකාලවල ඒ ඒ ග්‍රහයන්ගේ චාරයන් තුළ ද එම පවේ විපාක ලෙස ජන්මියා හදිසි අනතුරුවලට ලක්‌ව වසර ගණන් දුකට පත්වීම, වස්‌තු සම්පත් නැතිවීම, ශරීරාංග අඩුවී දුකට පත් වීම අංශභාග වැනි රෝගවලින් අකර්මන්‍ය වීම ආදි ප්‍රතිඵල අත්කරයි.
ලග්නාධිපති, දශවැන්නාධිපති, 9 වැන්නාධිපති යහපත්ව පිහිටි කළ ඔවුන් දර්ශනය වීම, යහපත් ස්‌ථානවල සංයෝග වීම ආදී ග්‍රහපිහිටීම් පවතී නම් ඒ ප්‍රබල කුසල් බලයක් ය. තුන්සිත පහදවා තෘෂ්ණාව දුරුකොට දන් දුන් පිං බලයකි. එම කේන්ද්‍ර හිමිකරුවන් මිල මුදල්, වස්‌තු සම්පත්. යාන වාහන, පිරිස් බල, ගෞරව සම්මාන ලබමින් ඉතා උසස් ලෞකික තත්ත්වයන් උරුම කර ගනී.
මේ අනුව තෘෂ්ණාවෙන් තොර වීම යහපත් ලෞකික සමෘද්ධියකට මග පෑදෙන්නා සේම තෘෂ්ණාවෙන් පිරී සිටීම අයහපත් දුක්ත තත්ත්වයකට ඇද වැටෙන මගක් වේ. එය චතුරාH_ සත්‍යය තුළ පැහැදිලි වේ. එසේම එකී සැප හා දුක් තමතමන්ගේම විඤ්Æණ තුල පවතින පින හා පව සක්‍රීය කර තමන්ට ලබා දෙන්නේ නවග්‍රහයන්ගේ විශ්ව ක්‍රියාකාරීත්වයෙනි. ඒ නිසා තෘෂ්ණාව තේරුම් ගැනීම හා අත්හැරීම තුළ මිනිසාගේ සදාකාලික විමුක්‌තිය රැඳී පවතී.
We found this article from Divaina on 2012/07/27.
Also Sinhala to English Google word to word translation can be found here