[ratings]
ඉතා දිගු සසර සැරිසැරීමකින් පසු ගෞතම බෝසතුන් තුසිත දෙව්ලොවින් චුතව මිනිස් ලොව සුදොවුන් රජු පිය තනතුරේත්, මහමායා බිසව මව් තනතුරේත් තබමින් ඇය කුසතුළ ප්‍රතිසන්ධිගතව කලියුග වර්ෂ දෙදහස් හාරසිය අණුනවයේ වෙසක් පුණු පොහොලත් රවිදින විසා නැකතින් උදයාදී පැය එකොළහයි මිනිත්තු හතරට දඹදිව උත්තර ප්‍රදේශයේ කිඹුල්වත් පුරවරයෙහි උපත ලදහ. අතිශය දිගු කලක් වූ සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරමින් ලැබූ පරිණත ජීවිත අත්දැකීම් අවසන් උපතේදී පෙරදිග ක්‍ෂිතිජයේ උදාවූ ග්‍රහතරු භූමි ප්‍රදේශය හා ජ්‍යෙතිෂයට අදාළවූ ගණිත විද්‍යා ක්‍රම මගින් zජන්ම පත්‍රයZ සටහන්වීම ජ්‍යෙතිෂ සිද්ධාන්තයකි. නමුත් එදා පැවැති භාරතීය සමාජයේ ජන්ම පත්‍ර සකස් කර ලියා තැබීමේ ක්‍රමවේදයක් නොතිබුණු බව පෙනේ.
දැනට වර්ෂ දෙදහස් හයසියයකට පෙර දඹදිවදී සිදුවූ සිදුහත් කුමාරුගේ අසිරිමත් උපත එදා සමථ භාවනා මගින් ධ්‍යාන උපදවාගත් අසිත, කොණ්‌ඩඤ්ඤ වැනි තුන්කල් දක්‌නා මුනිවරුන් හා ඒ. ඒ. ගුරුකුල ආශ්‍රිතව ප්‍රායෝගිකව වැඩු සිව්සැට කලා මගින් අනාගත පරම්පරාවට සුවිශේෂී සිදුවීම් සංනිවේදනය කිරීමේ අධ්‍යාත්මික ක්‍රම බෙහෙවින් පැවතී ඇත. ජ්‍යෙතිෂය හා සබැඳි නිමිති ශාස්‌ත්‍රය දේහ ලක්‍ෂණ විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව හා ශබ්ද ශාස්‌ත්‍රය, පුද්ගල චරිතවලට ආරාaපණය කර ඔවුන්ගේ චර්යා රටා අනාවරණය හා ගවේෂණය කිරීමේ හැකියාව එදා විසූ මුනිවරුන් සතුව පැවතිණි.
දහනමවෙනි ශතවර්ෂයේ මුල් කාලපරිච්ඡේදය තුළ භාරතයට බොහෝ වාර ගණනාවක් වැඩම කළ බලංගොඩ ආනන්ද මෛෙත්‍රිය හිමිපාණන් විසින් අනාවරණය කරගත් ගෞතම බුදුන්වහන්සේගේ ජන්ම පත්‍රය උන්වහන්සේගේ ග්‍රන්ථ පරීක්‍ෂා කිරීමෙන් පසු උපුටා දක්‌වන්නේ ගෞරව පූර්වකය.
කටක ලග්නයේ ලග්නාධිපති සඳු සිව්වැන්නේ සිකුරු හිමි තුලා රාශියේ කේන්ද්‍රගතව ඇත. හතර වැන්න සඳුට හා බුදට දික්‌බල ස්‌ථානයකි. නමුත් බුධගේ සප්තම දෘෂ්ටිය ලැබීම නිසා සිව්වැන්නේ ගුණාත්මක භාවය ප්‍රබල වනු ඇත. ලග්නාධිපති සිටින රාශ්‍යාධිපති භාග්‍යස්‌ථානයේ මීනයේ සිකුරු උච්චව සිටීම ලග්නාධිපති බලවත් වීමකි. සඳු කුජ හිමි සිත නැකතේ සිටී. එමනිසා උන්වහන්සේ තුළ මහා කරුණාව හා සියලු සතුන් වෙත පතළවූ මෙත් සිත නොඅඩුව පැවතිණි. එසේම තුලාව චර රාශියක. එමනිසා සඳු නිතර චංචල වන බැවින් සඳුගේ ගතිගුණ වලට එම ස්‌ථානය බෙහෙවින් ශුභය. එපමණක් නොව ලග්නය ලග්නාධිපති සිටින රාශිය හා දහවැන්න යන ත්‍රිත්වයම වරරාශි වෙති. එමනිසා උන්වහන්සේගේ සිතිවිලිවල නිර්මල වූ ගුණාංගය මෙතෙකැයි කිව නොහැක.
එසේම සිව්වැන්නේ සඳු ත්‍රිකෝණයෙන් අටවැන්නේ කුම්භ රාශියේ ස්‌වක්‍ෂෙත්‍රව සිටින සෙනසුරු දකී. එමනිසා ලෞකික දෑ කෙරේ කළකිරීම නිසරු බව, අධිෂ්ඨානය, නොසැලෙන බව, පිරිස් බලය ලබාදීම සෙනසුරුගේ ගති පැවතුම් වේ. අටවැන්නේ ආයු ස්‌ථානයේ සෙනසුරු දීර්ඝායු දෙයි. එසේම ලග්නාධිපති ලග්නය දැකීමද එය ස්‌ථිර කරනු ඇත. කටක ලග්නයට සෙනසුරු මාරක හා විසිදෙවෙනි දෙකර්ණාධිපති ද වෙයි. එමනිසා සෙනසුරු දශාව තුළ උන්වහන්සේට අශුභ ඵලද ලැබී ඇත.
සඳුහිමි කටක රාශියේ ලග්නයේ ගුරු සිටීම zගුරුහංස යෝගයයිZ එසේම සඳුගෙන් දහවැන්නේ ගුරු සිටීම ගජකේශරි යෝගයද උදාකර ඇත. උන්වහන්සේට ගුරුගෙන් ඇතිවූ මෙම යෝගය අති ප්‍රබල විය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් යුතුවීම ෂඩ් අභිඥ ලැබීම, දෙවි බඹුන්ගෙන් වැඳුම් පදුම් ලැබීමට හේතූ වාසනාව, සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ කළාවූ කුසල සම්භාරය උදාකිරීමට ගුරුගේ ඉහතකී යෝගය හේතුවී ඇත. ගුරු ලග්නයේ ප්‍රබලව සිථානගතවීම නිසා නැකතකදී කෝටියක් දොaෂ භංගවන්නාසේ අශුභ ඵල දෙන ග්‍රහයන්ගේ සියලු දොaෂ භංගවී ඇත. සමාජයේ මෙම යෝගය ඇති පුද්ගලයෝ කොතෙකුත් සිටිති. නමුත් ඔවුන්ට ඉහතකී යෝගය කෙසේවත් ශුභඵල ප්‍රධානය කර නොමැති බව පෙනේ. එයට ප්‍රධාන හේතුව සසරේ කරන ලද ඔවුන්ගේ පුණ්‍ය සම්භාරයේ ඌණතාවය බව කිව හැක.
සත්වැන්නේ මකර රාශියේ කේන්ද්‍ර ස්‌ථානයේ කුජ උච්චවීම රුචග යෝගය උදාකර ඇත. හත්වැන්නේ කුජ ලග්නය දකී. සදුහිම් සුවණ නැකතේ කුජ සිටීම හා දහවැන්නේ බුධ දැකීම යුද කාමියෙකුගේ සිතක් ඇති නොකරයි, ලෝ සතුන් වෙත කම්පිත හදවතක් ඇති වෙයි. ඒ තුළින් ඇති වූ අධික චිත්ත බලය, දශබලධාරී ශක්‌තිය අඬගුලිමාල වැනි වෛරය නිසා ඇති වූ දැඩි සිත් ඇත්තන් ඉදිරියට යැමට අපහසු නොවීය.
හත්වැන්නේ කුජගේ ත්‍රිකෝණ දෘෂ්ටියෙන් තුන්වැන්නේ රාහු හා එකොළොස් වැන්නේ රවි දැකීම ලෞකික පුද්ගලයෙකුට නම් විවාහ දොaෂවේ. නමුත් උන්වහන්සේට මෙකී යෝගය සසර පුරා ඇති වූ විරාගී බව පෙන්වයි. උන්වහන්සේ කාමභෝගී ජීවිතයට එතරම් ප්‍රිය නොකළ, අඹුදරුවන් දන්දුන් වෙස්‌සන්තර ජාතකය ඒ බව සනාථ කරනු ඇත. පස්‌වැන්න කුජ හිමි බැවින් වෘශ්චික ලග්නය දරුවන් අඩු බව පෙන්වයි. නමුත් කුජගේ යෝගය බලවත් වූ බැවින් රාහුල නමැති ශ්‍රේෂ්ඨ පුත් රුවනක් සිද්ධාර්ථ කුමරුට හමිවිය. තුන්වැන්නේ සහෝදර ස්‌ථානයේ රාහු සිටීම සහෝදර ඵල නැති කරයි. නමුත් තුන්වැන්නට රාහු සිටීම ශුභ පිහිටීමකි. එම නිසා උන්වහන්සේට උරුම වූ සහජගති හා ලෝකෝත්තර ජීවිතයට අවශ්‍ය දෑ නොඅඩුව ලැබී ඇත.
ගුරුහිමි මීන රාශියේ භාග්‍ය ස්‌ථානයේ සිකුරු උච්චවී සිටී. උන්වහන්සේට සියලු සැප සම්පත් නිරුත්සාහයෙන් ලැබීමට සිකුරුගේ උච්චවීම හේතුවිය. එසේම යසෝධරාව වැනි රූමත් ගුණැති පින්බර භාර්යාවක්, ලැබීමට මෙකී යෝගය සිදුහත් කුමරුට උපස්‌ථම්භක විය. එසේම එදා ප්‍රධාන සංනිවේදන මාධ්‍යය වූයේ වචනයයි. මිනිසුන් ඇඳ බැඳ ගන්නා මිහිරි මන බඳින කටහඬක් සිකුරුගේ උච්චවීම නිසා ඇතිවිය. එය මිනිසුන් පමණක් නොව තිරිසනුන්, යකුන් යක්‍ෂණියන් පවා මෙල්ල කිරීමට සමත්විය. ත්‍රිපිටක ධර්මයේ බොහෝ දේශනා ගාථා ශෛලියෙන් දේශනා කර ඇත්තේ සිකුරුගේ බලයෙනි. සිකුරු බාධක ග්‍රහයාද වේ.
ලග්නයේ ගුරුට ත්‍රිකෝණයෙන් සිකුරු පෙනීමත්, හතරවැන්නේ සඳුට අටවැන්නේ සෙනසුරු පෙනීමත් ඥණයෝග සහිත මහා ශ්‍රමණ යෝගයකි. එසේම හතර කේන්ද්‍රය ගුරුහංස සහ රූචග යෝගය සහිත ධර්ම අර්ථ, කාම, මෝක්‍ෂ සැප සම්පත් ලබාදීමට ප්‍රබල ග්‍රහයෝ සිව් දෙනෙක්‌ම සිටිති.
විසා නැකත උපත වූ බැවින් ගුරු මහා දශාව හිමිවී ඇත. සිකුරු දශාව බාධකය, සෙනසුරු දශාව මාරක වන අතර විසිදෙවෙනි දෙකර්ණාධිපතිද වෙයි. මෙකී දශාවලදී උන්වහන්සේට අශුභ ඵල උදාවුවත් එම ග්‍රහයන් බලයෙන් සිටීම නිසා අශුභ ඵල සමනය කර ඇත. ධ්‍යානලාභී උතුමන් සියලු කර්මඵල ක්‍ෂයකර ඇති නිසා එවැනි උතුමන්ට ග්‍රහබලය ඉක්‌මවා සිටීම හේතුවෙන් ග්‍රහයෙකුට විපාකදීමට බලයක්, ශක්‌තියක් නොමැති ද වෙයි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here