Friday, September 12, 2025
Homesiජ්‍යෙතිෂයෙහි සඳහන් යෝනි 14

ජ්‍යෙතිෂයෙහි සඳහන් යෝනි 14

[ratings]

ජ්‍යෙතිශ්ශාස්‌ත්‍රයෙහි අස්‌විද, බෙරණ, කැති ආදී වශයෙන් නැකත් 28 ක්‌ද, විශ්කම්භ, ප්‍රීති, ආයුෂ්මාන් ආදී වශයෙන් යෝග 27 ක්‌ද, බව බාලව, කෞලව ආදී වශයෙන් කරණ 11 ක්‌ද ඇති පරිදි අශ්ව. ගජ, ගව ආදී වශයෙන් යෝනි 14 ක්‌ද ඇත.

“මානසාගරී” නමැති පැරණි ජ්‍යෙdතිශ ග්‍රන්ථයේ සඳහන් වන අන්දමට, ඒ ඒ යෝනිවලට ඒ ඒ නැකත් මෙලෙසින් සම්බන්ධය(

අශ්ව යෝනිය – අස්‌විද හා සියාවස නැකත්.

ඇත් – රේවතී හා බෙරණ.

එළු – පුස හා කැති.

සර්ප – රෙහෙණ හා මුවසිරස.

බලු – අද හා මුල.

මී – මා හා පුවපල්.

බළල් – පුනාවල හා අස්‌ලිය.

ගව – උතුරු පුටුප හා උතුරු පුවසල.

මී ගව – සා හා හත.

මුව – දෙට හා අනුර.

ව්‍යාඝ්‍ර – සිත හා විසා.

වානර – පුවසල හා සුවණ.

සිංහ – දෙනට හා පුවපුටුප.

මුගටි – උතුරුසල හා අභිජිත්.

මේ ලිපියෙන් විස්‌තර කෙරෙන්නේ, ඒ ඒ යෝනිවලට අදාළ ජන්ම පල විපාකය.

අශ්ව යෝනිය – තමන්ට කැමැති පරිද්දෙන් හැසිරෙන, ගුණවත්, යහපත්, ශූර ගතියකින් හා තේජස්‌ ගතියකින්ද යුතු, ගර ගර ස්‌වභාවයේ කටහඬක්‌ සහිත, තමන්ගේ ස්‌වාමියාට භක්‌තියක්‌ දක්‌වන කෙනෙකු විය හැකිය.

ගජ යෝනිය – බලසම්පන්න, සම්පත්ද සහිත, රට කරවන ස්‌ථානයට වුවද ළඟා විය හැකි, උත්සාහයෙන් යුතු කෙනකු වන්නට පුළුවන.

ගව යෝනිය – කාන්තාවන්ට ඇල්මක්‌ දක්‌වන, උත්සාහයෙන් යුතු කතාවට දක්‍ෂ, ආයුෂ අඩු කෙනකු වන්නට ඉඩ ඇත.

සර්ප යෝනිය – තදබල ක්‍රෝධ ගතියකින් යුතු, කළ ගුණ නොදන්නා, චපල ස්‌වභාවයක්‌ සහිත, කෑමට කෑදරකමක්‌ දක්‌වන කෙනකු වන සෙයකි.

බලු යෝනිය – දැඩි උත්සාහයකින් හා ශූර ගතියකින්ද යුතු, දෙමාපියනට ඇලමක්‌ දක්‌වන, තමන්ගේ නෑසියන් හා සමඟ රණ්‌ඩුසරුවල් කරන කෙනකු වන්නට ඉඩක්‌ ඇත.

බළල් යෝනිය – ශූර ගතියක්‌ සහිත, තමන්ගේ කටයුතුවල දක්‍ෂතාවක්‌ දක්‌වන, ප්‍රණීත ආහාරපාන වලට ඇල්මක්‌ ඇති, බිය ගතියකින් තොර, දුෂ්ට ගති ද සහිත කෙනකු විය හැකිය.

එළු යෝනිය – උත්සහාවන්ත ගතියකින් යුතු, යෝධයකු මෙන් සිටිය හැකි, වික්‍රමාන්විත වැඩද කළහැකි, සැප සම්පතින් පිරි, අනුන්ට උදව් උපකාර කරන කෙනකු වන්නට පුළුවන.

මී යෝනිය – බුද්ධි සම්පන්න, ධනවත්, තමන්ගේ කටයුතු උනන්දුවකින්, නොපමාවම කරන, එහෙත් විශ්වාස කළ නොහැකි කෙනකු වන්නට ඉඩ ඇත.

සිංහ යෝනිය – ධර්මානුකූල. සදාචාරවත්, යහපත් කටයුතු කරන, යහපත් ගුණ වලින් යුතු, තමන්ගේ ගෙදර අය පෝෂණය කිරීමට කැමැත්තක්‌ දක්‌වන කෙනකු වන සෙයකි.

මී ගොන් යෝනිය – සටන් වලින් ජයග්‍රහණය අත්කර ගන්නා යෝධයකු බඳු, දරුවන් බොහොමයක්‌ සිටිය හැකි, වාතාබාධවලට ලක්‌වීමට ඉඩ ඇති, බුද්ධි මට්‌ටමින් හීන කෙනකු වන්නට ඉඩක්‌ ඇත.

වග යෝනිය – තමන්ට කැමති පරිදි හැසිරෙන, ධනය උපයීමට කැමැත්තක්‌ දක්‌වන, දක්‍ෂතාවක්‌ සහිත, ප්‍රශංසා ලබන්නට කැමැත්තක්‌ දක්‌වන කෙනකු විය හැකිය.

මුව යෝනිය – තමන් පාලනය කර ගැනීමට කැමැති, ශාන්ත දාන්ත, යහපත් ජීවන වෘත්තියක නියෑලෙන, ඇත්ත කතා කිරීමට කැමැති, තමන්ගේ නෑසියන්ට ප්‍රියජනක කෙනකු වන, ධර්මානුකූල ජීවිතයක්‌ ගතකරන, සටන් ගැටුම්වලට බියක්‌ දක්‌වන කෙනකු වන්නට ඉඩක්‌ ඇත.

වඳුරු යෝනිය – චපල ගති වලින් යුතු, රස මිහිරි ආහාරපාන අනුභව කරන, මසුරු ගතියක්‌ සහිත, පව් වැඩද කරන කාමුක ගතියක්‌ද තිබිය හැකි, මනා දරුමල්ලන් සිටිය හැකි, දක්‍ෂ කෙනකු විය හැකිය.

මුගටි යෝනිය – අනුන්ට උපකාර කිරීමට කැමැත්තක්‌ දක්‌වන, කරන කටයුතුවලට දක්‍ෂ, ධනවත්කමක්‌ද. සමර්ථභාවයක්‌ද සහිත, දෙමාපියන්ට නිරතුරු ආදරය කරන කෙනකු වන්නට පුළුවන.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments