[ratings]
ජ්‍යෙතිෂය පිළිබඳව මින් කිසි කලෙක නොවූ විරූ උනන්දුවක් වර්තමානයේ අප රට පුරා පමණක් නොව, ලොව පුරාමත් දක්‌නට තිබේ. එය සතුටට කාරණයකි. අතීතයේ පෙරදිගට පමණක් සීමාවී තිබූ මෙම ශාස්‌ත්‍රය අරාබි වෙළෙඳ පුත්‍රයන් අතින් බටහිර රටවලටද ව්‍යාප්ත වන්නට ඇති බව කියෑවෙයි.
චැල්ඩියවරුන් ජ්‍යෙතිශාස්‌ත්‍රයේ මනා දක්‍ෂතා දැක්‌වු ජාතියක් බව ඉතිහාසයේ දක්‌වා තිබේ. ග්‍රීකයන් හෙවත් යවනයන් ද ජ්‍යෙතිෂයේ පුනරුදයට ඉමහත් සේවයක් කළ ජාතියක් වෙයි.
ජ්‍යෙතිෂය යනු එසේ මෙසේ ශාස්‌ත්‍රයක් නොවේ. අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලයම පැහැදිලිව දැකගත හැකි මහඟු විද්‍යාවකි. ජ්‍යෙතිෂ සිද්ධාන්ත උපයෝගී කර ගනිමින් සැකසූ ජන්ම පතකින් ඉහත කී කාලමානයන් තුන මනාව පිළිබිඹු කර ගත හැකිය.
එසේ තුන්කල් දුටු දක්‍ෂ ජ්‍යෙතිෂඥයන් ලොව පුරා මෙන්ම අප රට තුළද විසූහ. ඒ අතර රාවණා රජුගේ සීයා වන පුලස්‌ති සෘෂිවරයාණන්ට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි.
එතුමා ජ්‍යෙතිෂයේ ආරම්භක වේද ග්‍රන්ථ රචනා කරන ලද අතර ඒවා හඳුන්වනු ලැබුයේ zචතුර්වේදය ලෙසිනි. සෘග්, යජූර්, සාමන් හා අථර්ව යන කොටස් හතරින් එය නිර්මාණය විය. ලොව සියලුම විද්‍යාවන් මෙහි පළමුවෙන් සඳහන් කොටස් හතරින් එය නිර්මාණය විය. ලොව සියලුම විද්‍යාවන් මෙහි පළමුවෙන් සඳහන් කොටස් තුන වන සෘග්, යජුර්, සාමන් තුළ අන්තර්ගතවී ඇතැයි කියෑවේ.
ජ්‍යෙතිෂයේ අර්ථය බැබළීම යන්නයි. මනුෂ්‍යයාගේ ජීවිත බැබළවීම සඳහා දෙවියන් දුන් ආලෝකය වන්නේ මෙම මහානර්ඝ විද්‍යාව වූ ජ්‍යෙති ශාස්‌ත්‍රයයි. මෙය ලොව පහළ වූ සියලුම විද්‍යාවන්ට වඩා උසස්‌ය. එමෙන්ම පැරණිය. මිනිසාගේ මිනිස් ගති හේතු කොට ගෙන, මිනිසා මෝහාන්ධකාරයේ ඇලී සිටිමින් විඳින දුක් වේදනා දුටු දෙවියන් තම උතුම් නිමැවුමේ ජීවය ආලෝකවත් කර ගැනීමට පිටිවහලක් ලෙස මෙම ජ්‍යෙතිෂ්‍ය නමැති උතුම් ශාස්‌ත්‍රය මිනිසාට තිළිණ කරන ලදී.
ජ්‍යෙතිෂයේ ඉතිහාසය අදින් වසර 9000 කටත් ඉහත රාවණා යුගය තෙක් විහිද යයි. ජ්‍යෙතිෂයේ නිවැරදි ඉතිහාසය පරිශීලනය කළ යුතුමය.
කිතු සමිඳුන් උපත ලබා අද වන විට වසර 2011 කි. ගෞතම බුදු හිමියන් ඉපිද වසර 2555 කි. උන්වහන්සේ උපත ලබන්නටත් පෙර සිටම ජ්‍යෙතිෂය ලොව පැවතුණ බවට සාක්‍ෂි ඇත. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියට පසු උන්වහන්සේගේ වේලාපත්කඩය සෑදූ කොණ්‌ඩඳ්ඳ නමැති සුදොවුන් රජුගේ උපදේශක බමුණා විසින් පවසන ලද අනාවැකියෙන් ඒ බව තහවුරු වෙයි.
සිදුහත් කුමරා මතු දිනෙක චක්‍රවර්ති රජෙකු වනු ඇතැයිද එසේ නොවුණහොත් මතු බුදු වී ලොව සත හට යහපත සලසන බැව්ද ප්‍රකාශ කරන ලදී. කොණ්‌ඩඳ්ඳ බමුණාගේ ජ්‍යෙතිෂ අනාවැකිය සිදුහත් කුමාරයාණන් බුදු බව ලැබීමෙන් මනාව සනාථ කර විය.
ජ්‍යෙතිෂය කිසිම ආගමකට අයිති නැති විද්‍යාවකි. ඒ බව බුද්ධිමත් ජනතාව හො¹කාරව දන්නා කාරණයකි. අප සිටිනුයේ නව සහශ්‍රකයකය. ආකල්ප අතින් ඉතා පොහොසත් යුගයකය. තාක්‌ෂණයෙන් දියුණු අවධියකය. එබැවින් දියුණුවන සමාජ ස්‌ථරයන් සමග අපගේ ආකල්පයන්ද ශුභවාදී අයුරින් වෙනසකට භාජන විය යුතුය. ගතානුගතිකත්වයෙන් මිදී මිථ්‍යාවේ අඳුරු තිමිරය ඉරා යථාර්ථයට මුහුණදීමට උගත් ජනතාව හුරු කළ යුතු කාලය මේ වන විට පැමිණ තිබේ.
මෙපමණ කලක් රහසිගතව ජ්‍යෙතිෂයේ පිහිට පැතූ කතෝලික මුස්‌ලිම් වැනි ආගම් අදහන ජන කොටස්‌ද වත්මන් සමාජ ව්‍යහය තුළ ප්‍රසිද්ධියේම ජ්‍යෙතිෂය තම ජීවිතවලට සමීප කරගෙන ඇත. එය යහපත් ප්‍රවණතාවකි.
දරුවකු උපත ලැබු මොහොතේ නැකතට අනුව නම තබමින් ආරම්භ කෙරෙන ජ්‍යෙතිෂ සබඳතාව මංගල කෙස් රොද කැපීම, කන්විදීම, ඉඳුල් කට ගෑම, අකුරු කියවීම, මල්වර නැකත් හා විවාහ නැකත් සෑදීම වැනි ජීවිතයේ විවිධ අවස්‌ථා සඳහා උපයෝගී කර ගැනීමට තරම් ඔවුන් වර්තමානයේ එඩිතර වී ඇත.
ජ්‍යෙතිෂය යනු බැබළෙන විද්‍යාව බව මීට පෙර කියා ඇත. මෙම බැබළෙන විද්‍යාවේ ආලෝකයෙන් තම ජීවිත ආලෝකවත් කර ගැනීමට ඕනෑම රටක ඕනෑම ජාතියකට ඕනෑම ආගමකට අයත් මනුෂ්‍යයකුට අයිතියක් ඇත. එය මානවයා සතු පරම හිමිකම වෙයි.
ප්‍රායෝගික නොවන නීති පද්ධති මගින් ජනතාවගේ සිතුම් පැතුම්වලට විලංගු දමමින්, මානව නිදහස නැති කර දමා, මානව අවශ්‍යතා සිරකර තැබීම දියුණු වෙමින් ඉදිරියට යන නූතන ලෝකයට නම් කිසිසේත්ම නොගැලපෙන්නකි.
කිතු සමිඳුන් උපදින මොහොත පවා කල් ඇතිව දැන ගත හැකි වූයේ ජ්‍යෙතිෂ විෂයට අයත් තාරුකා විද්‍යාව මගින්ය. නිතර අහස් ගැබ පිරික්‌සමින් සිටි පෙරදිග උගත් පඬිවරුනට ක්‍රිස්‌තෝත්පත්තියට වසර දෙකහමාරකට පෙර පෑයූ වල්ගා තරුවක් දිස්‌විය. තම ශාස්‌ත්‍රඥනයෙන් ලෝක ගැලවුම්කරුවා නම් මිහිපිට උපදින බවටත් එතුමා රජුන්ගේත් රජු වන බවටත් ශාස්‌ත්‍රවන්තයෝ අනාවැකි පළකර තිබිණි. ඒ ජ්‍යෙතිශාස්‌ත්‍රයට පිං සිදු වන්නටය.
එම අනාවැකිය ෙ-සුගේ උපත සැමරීමට පැමිණි රජවරු හෙවත් ශාස්‌ත්‍රවන්තයන් තිදෙනාගෙන් දැනගත් මහ හෙරෝද් රජු ෙ-සු බබා සොයාගත නොහැකි වූ කල බෙත්ලෙහෙම අවට එම අවධියේ උපත ලද සියලුම බිළිඳුන් මරා දමන ලදී.
එදා එම බිළිඳු ඝාතනය සිදු වූයේ ෙ-සුගේ උපත පිළිබඳ අනාවැකිය කල් ඇතිව දැනගන්නට ලැබීම නිසා යන නිගමනය තීන්දුවක් හා නීතියක් බවට කතෝලික පල්ලිය විසින් පත්කරන ලදී. එතැන් පටන් කතෝලික සභාව තුළින් ජ්‍යෙතිෂය පිටුදකින ලද අතර ජ්‍යෙතිෂය යක්‍ෂයන්ගේ මායාකරුවන්ගේ විද්‍යාවක් බවට හංවඩු ගසන ලදී. ඉන් නොනැවතී මෙම උගත් ශාස්‌ත්‍රවන්තයින් මරා දමන්නට තරම් සැහැසිවී ඇත.
එදා හෙරෝද් නම් අමන, තකතීරු රජුගේ මෝඩ හා තිරිසන් ක්‍රියාපටිපාටිය හේතු කොටගෙන එම බිළිඳු ඝාතනය සිදු වූවා මිසෙක, ජ්‍යෙතිෂය වැනි ලොව ඇති උසස්‌ම විද්‍යාවකින් කියෑවුණ අනාවැකිය ඊට වගකිව යුතු නැතැයි ඕනෑම බුද්ධිමතෙකුට තේරුම් යනු ඇත.
පිහිය යනු මිනිසාගේ නිර්මාණයකි. එම පිහිය මනුෂ්‍යයාගේ එදිනෙදා දිවියට පහසුකම් සපයන උපකරණයක් මිස ජීවිත විනාශ කිරීමට යොදා ගන්නා ආයුධයක් නොවේ. එහෙත් අනුවණ තිරිසන් මිනිසුන් මෙම උපකරණය ආයුධයක් ලෙස යොදා ගනිමින් ජීවිත විනාශ කරති. නමුත් කෙතරම් ජීවිත පිහිය නිසා විනාශ වුවද පිහි තැනීමත් විකිණීමත් පාවිච්චියත් නතර වූයේ වත් නතර කිරීම සඳහා නීති පැනවූයේ වත් නැත.
අමන රජෙකුගේ මෝඩ ක්‍රියාදාමයක් මුල්කර ගනිමින් එදා කතෝලික පල්ලිය විසින් කිතුනුවනට දැමු තහංචි කෙතෙක් දුරට සාධාරණ දැයි වර්තමානයේ බුද්ධිමත් කිතුනුවා සිතා බැලිය යුතුය. එය මානවයා සතු හිමිකම් ඇහිරීමක් නොවේද? කිතුනුවෙකු වුවත් ඔහුද මනුෂ්‍යයෙකි. ඒ බව අප දැන්වත් අමතක නොකළ යුතුය.
තමාගේ හෙට දවස කෙසේවේදැයි දැනගැන්මට අකමැති මනුෂ්‍යයකු මෙලොව සිටීදැයි සැක සහිතය. මේ බව දැන ගැන්මට අප රටේ මිනිසුන් පමණක් නොව, ලෝ පුරා වැඩිම ජනතාවක් ගුප්ත විද්‍යාවන් හා ගුප්ත විද්‍යාධරයන් පසුපස යති. එය මිනිස් ස්‌වභාවයයි.
ෙ-සුගේ මව වන මරිය තුමියට හා සුරැකි පියා වන ජුසේ තුමාට ෙ-සුගේ හෙට දවස පිළිබඳව ඇති අවිනිශ්චිත තත්ත්වයන් මත හෙරෝද් රජුගේ දණ්‌ඩනයෙන් ගැලවී යැම සඳහා උපාය මාර්ගයන්ද කියා දුන්නේ පෙරදිග ශාස්‌ත්‍රවන්තයින්ය. ඒ ඔවුන් සතු ජ්‍යෙdතිෂ ඥනයට පින් සිදු වන්නටය. එදා බිළිඳු ෙ-සු හෙරෝද් රජුගෙන් ගැලවුණ බැවින් කිතු දහම දායාද විණි.
කතෝලික සභාව අතීතයේදී දරුණු ලෙසින් ජ්‍යෙdතිෂය පිටු දැක්‌කද, එදා බිළිඳු ෙ-සු බැහැදැක්‌මට බෙත්ලෙහෙමට ගිය රජවරු හෙවත් ශාස්‌ත්‍රවන්තයන් තිදෙනා සිහි කරනු වස් රජතුන් කට්‌ටුවේ මංගල්‍යය නමින් දිනයක් ඔවුන් සඳහා වෙන්කර ඇත. එය කෙළෙහි ගුණ සැලකීමකි.
වයස අවුරුදු දොළහේදී වේද පණ්‌ඩිතයන් හා දේව මාලිගයේදී වාදකර ජය ගත් ෙ-සුගේ හෙට දවස අවිනිශ්චිත බව දැනගත් ෙ-සුගේ දෙමාපියන් ඔහුව රහසිගතව රටින් පිට කරන ලදී. එසේ මව් බිමෙන් ෙ-සුව ඈත් කරන ලද්දේ නායක පූජකයන්ගෙන් කුඩා ෙ-සුට විපතක් සිදුවේ යෑයි අනාගත වක්‌තෘ වරයකු විසින් අනතුරු ඇඟ වූ බැවිනි. එම නිසා ෙ-සුගේ ජීවිතය ගැලවුනු අතර අවුරුදු 29 ක් වනතුරු සැඟවී රහසිගතව ජීවත්වන්නට ෙ-සුට සිදු විය. එම කාලයේ අනාගත වක්‌තෘවරුන් ලෙස හඳුන්වනු ලැබුයේ ජ්‍යෙdතිෂය දැනුමෙන් පොහොසත් ශාස්‌ත්‍රවන්තයන් බව නොරහසකි.
අහස හා පොළව මවා ඇත්තේ කතෝලික ආගමට අනුව දෙවියන් වහන්සේය. එසේ නම් එතුමා මවන ලද අහස පිළිබඳව ඉර හඳ තාරකා පිළිබඳව සෙවීමේ වැඩි අයිතියක් ඇත්තේ කිතුනුවාටය. අන් ආගම්වලට කෙසේවත් අයිතියක් ඇතැයි සිතිය නොහැක. එහෙත් කිතුනුවා කියන්නේ මෙය බුද්ධාගමට අයිති ශාස්‌ත්‍රයක් කියාය.
දෙවියන් වහන්සේ විසින් මවන ලදැයි කියන අහසේ ඇති ග්‍රහවස්‌තූන් වල ඇති බලය විශේෂයෙන් හැදෑරිය යුත්තේ කිතුනු ජනතාවයි. එසේ බලන කල ෙ-සුගේ උත්පත්තිය පිළිබඳව කියවුන අනාවැකියටත් වඩා බොහෝ ඈතට ජ්‍යෙdතිෂයේ ඉතිහාසය විහිද යනු ඇත. ඇත්ත වශයෙන්ම කියතොත් දෙවියන් වහන්සේ ලෝකය මැවූදා සිටීම අප ජ්‍යෙdතිෂයේ කොටස්‌කාරයන් බවට පත් වන්නට ඇතැයි සිතීම ඥනාන්විත වනු ඇත.
මෙලෙසින් බලන කල දෙවියන් වහන්සේ විසින් මවනු ලැබූවයි විශ්වාස කරන ඉර, හඳ, තාරකා සෑම ජාතියකටම, සෑම ආගමකටම, සෑම රටකටම අයත් මනුෂ්‍යයනට එක හා සමානව, කිසිම වෙනසක් භේදයකින් තොරව තම ආලෝකය බෙදා දෙයි. එසේ නම් දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලදැයි කියවෙන එම ඉර, හඳ, තාරකා තුළින් නිර්මිත විද්‍යාව වූ ජ්‍යෙdතිශාස්‌ත්‍රය කිතුනුවන්ට අකැප වන්නේ කෙසේද? එසේ අකැප වන්නේ නම් ගුවන් තලය හරහා ගුවන් යානා පැදවීමද? අභ්‍යවකාශ යානා යෑවීමද අකැප වන්නේය.
We found this article from Divaina on 2011/10/07.
Also Sinhala to English Google word to word translation can be found here