[ratings]
සමාජයේ පදනම වූ පවුල සුරක්‍ෂිත කළ, අම්මාගේ රැකවරණය, සෙනෙහස අහිමි වූ දරුවා ඉබාගාතේ නන්නත්තාර වූයේ 77 න් පසුවය. කුසට අහරක් තිබුණත් නැතත් දරුපවුල රකිමින් ඔවුන්ට ගුණධර්ම, සමාජ සාරධර්ම කියාදුන් අම්මා විදේශවලට යෑවූ ශාපය අද අපි භුක්‌ති විඳිමු. 77 න් පසු විවෘත කළ ආර්ථිකය, මේ රටේ සාරධර්ම වළපල්ලට යවා ඇත. ඇන්ටි, අංකල්, මාමා, පපා, ඩඩා යන තුප්පහි වචනවලින් ඥතීන් හැඳින්වීම ඇරඹුණේ 77 න් පසුය.
බිරිඳ රට ගිය පසු කායික අවශ්‍යතාවයන් සඳහා අනාචාරයේ යෙදීමට ස්‌වාමියා පෙළඹීමත්, ඇතැම් කාලකණ්‌ණි පියවරුන් තම දියණියව අඹුකමට යොදාගත් අවස්‌ථාත් මේ රටේ විරල නැත. සෙනෙහස නොලබන දරුවන් කාමුක නරුමයින්ගේ ගොදුරු බවට පත්වී සමලිංගිකත්වයට කුඩාකල පටන්ම හුරුවූයේ, ගොදුරු වූයේ, විෂම වූ අවිචාර වූ පාලන ක්‍රමය නිසාය. රට ගිය බිරිඳ බොහෝවිට ආපසු ආවේ පතිවත කෙලෙසාගෙන පරසිරිත් කරපින්නාගෙනය. ඒ වනවිට ඇයගෙන් දරු සෙනෙහසත්, දරුවා තුළ වූ මව් සෙනෙහසත් දුරස් වී හමාරය.
සියල්ල මුදලට තීරණය වද්දී, උතුම් ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයත් පරිහානියේ ගමන්මග අරඹා ඇත. බුලත් හුරුල්ලක් දී, ගුරු පඬුරු දී, ශාස්‌ත්‍රඥයා වෙත පැමිණි ගැමියා නොරවටා තම මෙහෙවර වගකීමෙන් ඉටුකර දුන් දෛවඥ මහතුන් අද විරලය, අද උපන් දරුවකුගේ වේලාව රැගෙන පැමිණෙන පුද්ගලයාට දරුවා පිළිබඳ විස්‌තරයක් දැනගෙන (ආයුෂ, අසනීප, ලෙඩදුක්) සතුටු සිතින් ආපසු යැමේ හැකියාව තිබේද? එදා සාධාරණ මුදලකට, ගුරු පඬුරකට දරුවාට නමක්, ග්‍රහ අපල වෙත්නම් ඒවාට කළයුතු ශාන්තිකර්මත් ශාස්‌ත්‍රඥයා විසින් ඉටුකර දුන්නේ තමාත් ජ්‍යෙdතිෂයත් රැකෙන අයුරිනි.
උපන් දරුවාගේ ජන්ම පත්‍රය පිළියෙල කරගැනීමට පැමිණෙන අය බොහෝවිට ජ්‍යෙdතිෂය නොදන්නෙකි. ඔහුට සායන කේන්ද්‍ර, විද්‍යාත්මක භාවකේන්ද්‍ර, කෘෂ්ණමූර්ති භාවකේන්ද්‍ර යන මේවායින් පලක් නැත. එම කාර්යය සඳහා දොස්‌තර ළඟට, කඩේ මුදලාලි ළඟට එසේ නැතිනම් වඩුබාසුන්නැහේ ළඟට ඔහු යන්නේ නැත. ඔහු අප ළඟට එන්නේ ඉමහත් ගෞරවයකින් යුතුව බව අමතක නොකළ යුතුය. අතීත දෛවඥ මහතුන් විසින් රැකදුන් ඉතිරිකර ගිය වෘත්තීය අභිමානය රැකදීම මිස කෙලෙසීම අප විසින් නොකළ යුතුය.
නිවැරැදි වර්ග කේන්ද්‍රයක් සාදා දී නිවැරැදි උපන් වේලාව (වෙනස් නොකර) එහි සඳහන් කර, දැනුම තිබේනම් නමක්‌ද ලබාදී, දරුවාට අපල ඇතිනම් (සේවාලාභියා බිය ගන්වන්නේ නැතිව) ඒවාත්, ඊට කළයුතු පිළියම් මොනවාද යන්නත් පවසා ඒ වෙනුවෙන් සාධාරණ මුදලක් ලබාගැනීමේ වරදක් නැත. ජ්‍යෙdතිෂ කටයුතුවලදී ඊට අදාළ භාවකේන්ද්‍ර සටහන් පංචාංග ලිත් හෝ පරිගණක යොදාගැනීම දෛවඥයා සතු කාර්යභාරය මිස, එය අපේ සේවාදායකයාට අදාළ නොවේ.
ජාතියේ පිනට බිහි වූ දරුවාගේ ජන්ම පත්‍රය පිළියෙල කර නමක් තබා අසීමිත ලෙස මුදල් අයකර මහජනතාව ගසාකෑමට නම් අපට අයිතියක් නැත. මේ උතුම් ශාස්‌ත්‍රය පරපුරක හෝ ගුරුකුලයක හෝ රටක නැතිනම් දේශයක, බූදලයක් හෝ නින්දගමක් නොවන බව පැහැදිලිව තේරුම්ගත යුතුය. තුන්කල් දක්‌නා සෘෂිවරුන් 18 දෙනකු ඒකරාශී වී ග්‍රහතාරුකාවන්ගේ චලනය පිළිබඳ විමසා, හදාරා ජ්‍යෙdතිෂය ලෝකයට ඉදිරිපත් කළේ මිනිසා කෙරේ උපන් කරුණාවෙනි. දයාවෙනි. එම උත්තරීතර අරමුණ කෙලෙසන කිසිවකුට මෙලොව කෙසේ වෙතත්, පරලොව නම් කිසිදු සැනසීමක් නැත. ඒ බැව් අතීත පුස්‌තකවල සටහන් වූ තැන් නැත්තේද නොවේ.
නිදහස් අධ්‍යාපනය (ජනතාවගේ මුදලින්) ලබාගෙන ජීවිත අයිතිය ඉල්ලමින්, කෙඳිරිගාමින් තමා ළඟට පැමිණෙන අසරණයින් මංකොල්ල කන, ගසාකන, ජීවකයන්ගෙන් මේ ධර්මද්වීපය පිරී ඇතිබව රහසක් නොවේ. උතුම් ගුරුවෘත්තියට අදාළ ශාස්‌ත්‍ර දැනුම අතිවිශාල මුදලකට අලෙවිකරන ගුරු මුදලාලිලාද රට පුරා විසිරී ඇත. කවර හේතුසාධක සාධාරණීකරණයට ඉදිරිපත් කළත් මේවා මෙලොවත්, පරලොවත් දෙකම නැතිකරන සසර බැඳ තබන විලංගු බව ධර්මය දන්නෝ දනිති. හොර මත්පැන් පෙරන්නකු සමාජයට හානිකර වුණත් පාපතර වුණත් ඉහත කී නිර්ලඡ්ජිතයින් සිදුකරන හානිය, පාපය ඊට වඩා සිය දහස් ගුණයකින් බරපතළය.
ශිල්පය එකකි. ශාස්‌ත්‍රය අනෙකකි. උත්තරීතර මනුෂ්‍යත්වය තවත් එකකි. ඇතැම් ගුරුකුල මහත්වරුන්ගේ එක මාසයක පුවත්පත්, සඟරා තුළ දැක්‌වෙන වෙළෙඳ දැන්වීම් ගාස්‌තුව පමණක් රුපියල් ලක්‍ෂය ඉක්‌මවා යයි. මොවුන් මේ වෙන්දේසියේ දමන්නේ, මුදලට අලෙවි කරන්නේ අති උතුම් ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය නොවේද?
ගොඩනඟනවා කී ධර්මද්වීපය කෙසේවෙතත් අද වනවිට ලෝකයේ සිටින ජීවිතය සියතින්ම නසාගන්නා පුද්ගලයන් වැඩියෙන්ම සිටින රට ලංකාවය. ජනගහනයට සාපේක්‍ෂව දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතකරන වැඩිම ප්‍රතිශතයක් සිටින රට ලංකාවය. දිනකට දික්‌කසාද වීමෙන් පවුල් විස්‌සක් පමණ බිඳවැටෙන රට ලංකාවයි. ප්‍රතිකාර ගන්නා, නොගන්නා මානසික රෝගීන් අතිශය බහුතරයක් සිටින්නේත් මේ රටේය.
දේශපාලනඥයන් විසින් මේ රට විනාශ කර තිබියදී, ගමේ පිළිගත්, රටට වැඩදායක වූ දෛවඥයන් සතු, උරුමයක්, වගකීමක් ඇත. ව්‍යවස්‌ථාවක කෙටුම්පත් නොකළත්, සමාජ සම්මතය විසින් පිළිගන්නා සාරධර්ම පද්ධතියක් අතීත ජ්‍යෙතිෂ්‍යවේදියා සතුව තිබිණි.
නිවැරැදිව ශාස්‌ත්‍රානුකූලව කටයුතු කරන ජ්‍යෙdතිෂවේදියාට වෙළෙඳ දැන්වීම් තුළින් හෝ විද්යුත් මාධ්‍ය තුළින් ප්‍රචාරයක් අවශ්‍ය නැත. ප්‍රචාරය අවශ්‍ය වන්නේ වෙළෙ¹මටයි. ජ්‍යෙdතිෂය උතුම් ශාස්‌ත්‍රයක් මිස වෙළෙඳ භාණ්‌ඩයක් නොවේ. නිවැරැදිව සුබ නැකතක් සාදා දීමෙන්, නිවැරැදි පලාපල විස්‌තරයක් පැවැසීමෙන්, ශාස්‌ත්‍රානුකූල සෙත්කවියකින් අසරණ රෝගියකුට ජීවිතය ලබාදෙමින් නිස්‌සරණාධ්‍යාශයෙන් සේවය සපයන සැබෑ දෛවඥයාට ප්‍රචාරය ලබාදෙන්නේ ජනතාවමය. මේ රටේ කීර්තිමත්, අත්දැකීම් බහුල ජ්‍යෙdතිෂවේදියාගේ නිවසේ බොහෝවිට කිසිදු දැන්වීම් පුවරුවක් නැත. එහෙත් සේවය ලබාගැනීමට පැමිණෙන පිරිසගේ අඩුවක් ද නැත.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here