Friday, September 12, 2025
Homesiජ්‍යෙතිෂ්‍යයෙහි සඳහන් කරණ 11

ජ්‍යෙතිෂ්‍යයෙහි සඳහන් කරණ 11

[ratings]

ජ්‍යෙතිශ් ශාස්‌ත්‍රයෙහි කරණ යනුවෙන් කොටසක්‌ ද ඇත. කරණ 11 කි. බව, බාලව, කෞලව, තෛතිල, ගර, වණිජ, විෂ්ටි, ශකුන, චතුෂ්පාද, නාග හා කින්තුස්‌න යනු ඒවාය.

උපත ලබන මොහොතේදී හැම කෙනකුම කිසියම් කරණයකට ඇතුළත් වන අතර පහත සඳහන් වන්නේ ඒ ඒ කරණයන්හිදී උපත ලැබීමේ පල විපාකය.

ක බව කරණය – මානවත් ස්‌වභාවයක්‌ සහිත, ධර්මානුකූල ජීවිතයකට කැමැත්ත දක්‌වන වැඩදායක වූත්, ස්‌ථිරතාවයකින් යුතු වූත් වැඩ කටයුතු කෙරෙහි ඇල්මක්‌ දක්‌වන කෙනකු වීමට පුළුවන.

ක බාලව කරණය – ආගමික ස්‌ථාන හා දේවස්‌ථාන ද හා සමඟ ඇසුරක්‌ පවත්වන විද්‍යා ශාස්‌ත්‍රයෙන්, ධනයෙන් හා සැපසම්පතින්ද ඉහල මට්‌ටමකට පත්වන රාජ සම්මානයට පවා පාත්‍රවන කෙනකු විය හැකිය.

ක කෞලව කරණය – ඇසුරු කරන සියල්ලන්ම හා සමග සන්තෝෂයෙන්, ප්‍රීතියෙන් කල් ගතකරන, මිතුරු මිතුරියන් ද ඇසුරු කරන මානවත් ස්‌වභාවයක්‌ ද පවතින කෙනකු වන සෙයකි.

ක තෛතිල කරණය – සෞභාග්‍යය සම්පන්න, යහමින් ධනය ඇති තත්ත්වයක්‌ පැවතීමෙන්, කොයි කාගේත් ආදරයට පාත්‍ර වන, සිත්ගන්නා වාසස්‌ථාන ද හිමි කෙනකු වන්නට ඉඩ ඇත.

ක ගර කරණය – ගොවිතැන් කටයුතුවල මෙන්ම ගෙදර දොර කටයුතුවල ද යෙදෙන, ස්‌වෝත්සාහයෙන්, තමන් කැමැති දේවල් ලබා ගන්නා කෙනකු වීමට පුළුවන.

ක වණිජ කරණය – වෙළහෙළ¹ම් කටයුතුවලින් ජීවිකාව ගෙනයන, තමා බලාපොරොත්තු වන දේවල් ලබාගැනීම සඳහා රට රටවලට පවා යන කෙනකු විය හැකිය.

ක විෂ්ටි කරණය – සුබදායක නොවන කටයුතු ආරම්භ කරන, පරදාර සේවනයෙහි ද නියෑලීමට කැමැත්තක්‌ දක්‌වන, විෂ මත්පැන්වලට සම්බන්ධ කටයුතු වැනි කටයුතුවලට සම්බන්ධ වන කෙනකු වන සෙයකි.

ක ශකුන කරණය – පෘෂ්ටිමත් කරන ක්‍රියාවන්හි නිරත, දක්‍ෂ වෛද්‍යවරයකු වන්නට ඉඩ ඇත.

ක චතුෂ්පාද කරණය – හැම විටකදීම වාගේ දෙවි බමුණන්හට ගරුසරු දක්‌වන, ගව මහීෂාදීන්ගේ කටයුතු කරන, ගවයන් පාලනය කරන්නකු මෙන්ම ගවයන්ට වෙද හෙදකම් කරන කෙනකු ද වන්නට පුළුවන.

ක නාග කෙරණය – ස්‌වකීය ජීවන මාර්ගය සඳහා, ධීවර කර්මාන්තයට කැමැත්තක්‌ දක්‌වන, නොහොබිනා දරුණු ක්‍රියාවල නියෑළෙන, අවාසනාවන්ත ගතියක්‌ උරුම කරගත් චංචල ස්‌වභාවයක්‌ සහිත නෙත් යුගලක්‌ ඇති කෙනකු ද විය හැකිය.

ක කින්තුස්‌න කරණය – ජීවිකාව සඳහා යහපත් කටයුතුවල හා කර්මාන්තයන්හි ද නියෑළෙන සතුට, සන්තෝෂය, සනීපය, වාසනාවන්තකම යනාදිය නිරතුරුවම වාගේ අත්පත් කරගන්නා කෙනකු වන සෙයකි.

චර හා තිර වශයෙන් යට කී කරණ 11 දෙකොටසකට බෙදී ඇත.

බව, බාලව, කෞලව, තෛතිල, ගර, වණිජ හා විෂ්ටි යන කරණ ගත චර වන අතර සකුන, චතුස්‌පාද, නාග හා කින්තුස්‌න කරණ තිර කරණය.

නක්‍ෂස්‌ත්‍රයෙහි සිංහ, ඇත් ආදී වාහන ගැන ද සඳහන් වන වග අපි දනිමු. කරණවලට අදාළව ද එවැනි වාහන හතක්‌ ගැන සඳහන් වන අතර සිංහයා, ව්‍යාඝ්‍රයා, හූරා, කොටළුවා, ඇතා, වෘෂභයා සහ කුකුළා එම වාහන හතය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments