Friday, October 31, 2025
Homesiජ්‍යෙතීර්වේදීන් සතු අරුම පුදුම හැකියාව

ජ්‍යෙතීර්වේදීන් සතු අරුම පුදුම හැකියාව

[ratings]

(2 වැනි කොටස)

දරුවකුගේ උපතෙන් ජ්‍යෙතිෂය ආරම්භ වේ. උපදින සමහර දරුවෝ විශේෂිත යෝග බල හෙවත් කර්ම ශක්‌තීSන් රැගෙන එති. ජ්‍යෙතීර්වේදියාට එය දකිත හැක. මේ දරුවා වාසනාවන්තයෙක්‌, අනාගතයේ ලොකු උගතෙක්‌ වෙනවා, දෙමාපියන්ට දියුණුව, වාසනාව ලැබෙනවා, ප්‍රසිද්ධ උගතෙක්‌ වෙනවා යනුවෙන් සමහර කේන්ද්‍රයකට කියන අතර මේ දරුවා මහා ධනවතකු වන ග්‍රහයෝග තිබෙනවා. මැති ඇමැති තනතුරු ලබනවා ආදී විස්‌තර වෙනත් එකකට පවසයි. ඒ අතර මේ දරුවා අනාගතයේ දාමරිකයෙක්‌ විය හැකියි.

ඉගෙන ගැනීම හැර දමා රස්‌තියාදුවට යා හැකියි. අනාගතයේ ලෙඩෙක්‌ විය හැකියි ආදී අයහපත් තොරතුරුද පවසයි. එසේම අනාගතයේ ඇතිවිය හැකි ශාරීරික, මානසික දුර්වලතාව ලෙඩ රෝග ආදිය කල්තියා දැනුම් දේ. එපමණක්‌ නොවේ. ඒ පිළිබඳව දෙමාපියන්ට අවශ්‍ය පූර්ව උපදෙස්‌ සියල්ලද ලබා දේ. අයහපත් දේවල් මගහරවා ගන්නා ආකාරය දැනුවත් කරයි. දෙමාපියන්ට තම දරුවන් අයහපතින් ගලවාගෙන යහමගට පත්කර ගැනීමට ජ්‍යෙdaතීර්වේදියකු ලබාදෙන මේ අරුම පුදුම සහයෝගය මිල කළ නොහැකි එකකි.

උපදින දරුවකුගේ විපත් ආපදා හා ආයුෂ පිළිබඳව ජ්‍යෙdතීර්වේදියකු කේන්ද්‍රයක්‌ පිළියෙල කරනවිට ඉතා සැලකිලිමත් වේ. වයස අවුරුදු 7 ක්‌ දක්‌වා ඇතිවිය හැකි විශේෂ අසනීප දුර්වලතා හා ආපදා ගැන අවශ්‍යම තොරතුරු ඔහු වහාම ලබාදෙයි. හොඳ ප්‍රතිඵල ගැන කීමට එතරම් ඉක්‌මන් නොවන අතර ඒවා ප්‍රකාශ කරන්නේ වයස අවුරුද්දක්‌ පමණ ගතවූ පසුවය. එයටද හේතු ඔවුන් සතුව තිබේ. අයහපත මගහරවා ගැනීම අත්‍යවශ්‍ය නිසා ඒ තොරතුරු ලබා දෙයි. දක්‌ෂ ජ්‍යෙdaතීර්වේදියකු විසින් කරන මෙවැනි විග්‍රහයන් වැරැදී යන්නේ ඉතා කලාතුරකිනි.

උපන් දරුවාට උගන්වා උසස්‌ තනතුරකට පත්කිරීම සියලු දෙමාපියන්ගේ අපේක්‌ෂාවයි. ළමයකු උසස්‌ පාසලකට යෑවූ පමණින් හෝ ඔහු වෙනුවෙන් මුදල් වැය කළ පමණින් මේ අරමුණට යා නොහැක. ඒ සඳහා ඔහුට බුද්ධියක්‌ හා හැකියාවක්‌ අවශ්‍ය වේ. එය වාසනාව විය හැක. මේ වාසනාව තිබෙන දරුවා පැල්පතක ඉපදුණත් ඉහළම තනතුරකට කෙසේ හෝ පත්වේ. එයට ඕනෑ තරම් උදාහරණ ලෝකයේ ඇත. ඒ නිසා දරුවකුගේ අනාගතය ගැන දෙමාපියන් විමසන්නේ ජ්‍යෙdaතීර්වේදියකුගෙනි. ඔහුට ඒ ගැන මනා දැනුමක්‌ තිබේ. ජන්ම පත්‍රය කියවන ඔහු මේ දරුවාට හොඳට උගන්වන්න. වෛද්‍ය, ඉංජිනේරු වැනි උසස්‌ තත්ත්වයකට පත්වෙන අයෙක්‌ ඔහු කියනු ඇත. ධනවතකු හෝ බලවතකු වනවා නම් ඒ ගැන කියනු ඇත. එසේම ඉගෙනීමට දුර්වලනම් එයට බලපාන හේතු සාධක ඔහු නිරවුල්ව පැහැදිලි කරයි. බුද්ධිමත්කමේ අඩුපාඩු, ක්‍රියාශීලී බවේ දුර්වලතා, නොසැලකිලිමත්කම වැනි දේ හෝ වෙනත් බාහිර බාධා ඇත්නම් ඒවා විස්‌තර කර ඒවා වළක්‌වාගැනීමට උපදෙස්‌ දෙයි. අවශ්‍ය සහයෝගයද ලබාදෙයි. කෙසේවත් ඉගෙනීම සාර්ථක නොවේ නම් සුදුසු වෙනත් අංශයකට ඔහු යොමුකරයි. මේ අනුව දරුවකුගේ අනාගතය සාර්ථක කරගැනීමට දායක විය හැකි ජ්‍යෙdaතිෂවේදියකුගේ මෙම හැකියාව අරුම පුදුම නොවන්නේද?

ඉතා හොඳින් ඉගෙනීම කරගෙන යන සමහර ළමයි හිටි ගමන් වෙනස්‌ වෙති. ඔහුගේ උනන්දුව, දක්‌ෂතාවය නැතිවී ඉගෙනීම එපාවේ. මෙවැනි තත්ත්වයන්හිදී කරන ප්‍රතිකර්මවලින්ද පලක්‌ නැතිවී දෙමාපියන් අසරණ බවට පත්වේ. මෙවැනි අවස්‌ථාවල කේන්ද්‍රබැලීම මිථ්‍යාවක්‌ යෑයි ඉවත දමා සිටින අයද ජ්‍යෙdaතීර්වේදීන් හමුවෙති. එවැනි කේන්ද්‍රයක්‌ කියවන ජ්‍යෙdaතීර්වේදියා “මේ ළමයා දක්‌ෂ ළමයෙක්‌ හොඳට ඉගෙනගත හැකියි. නමුත් දැන් අපලයක්‌ නිසා ඒ සියල්ල එපා වෙලා ඉන්නෙ” ආදී වශයෙන් විස්‌තර කරන විට දෙමාපියන්ට ජ්‍යෙdතිෂය පිළිගැනීමට සිදුවේ. ඉන්පසු ඔහුගේ උපදෙස්‌ අනුව ළමයා යථා තත්ත්වයට පක්‌කරගත් පසු එවැනි දෙමාපියෝද ජ්‍යෙdතිෂයට ගරු කිරීමට පෙළඹෙති.

රැකියාවක්‌ ලබාගැනීම, ව්‍යාපාරයක්‌ සාර්ථක කර ගැනීම, විදේශගතවීම හෝ වෙනත් දියුණුවට අදාළ කරුණුවලදී බොහෝ දෙනාට ගැටලු මතුවේ. මොනතරම් උත්සාහ කළත් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන විට බොහෝ දෙනා ජ්‍යෙdතිෂය දෙසට හැරෙති. මෙවැනි කරුණකදී ජ්‍යෙdaතීර්වේදියකු හමුවන අයකුට පළමුවෙන් ඔහු එම පුද්ගලයා මුහුණ පා සිටින ගැටලුව ගැන පුදුමවිය හැකි විස්‌තරයක්‌ කරයි. ඔබේ කේන්ද්‍රයට අනුව කොතරම් උත්සාහ කළත් රැකියාවක්‌ හරියන්නෙ නෑ නේද? ඔබේ ව්‍යාපාරය කරගෙන යන්නම බැරි තැනට වැටිලනේද? ඔබ හිතන කිසිදෙයක්‌ හරියන්නෙ නෑ නේද? පිටරට යන්න ගිහින් අමාරුවට වැටුණනේද? පිටරට කිහිප සැරයක්‌ ගියත් වැඩක්‌ වුණේ නෑ නේද? මෙවැනි ප්‍රකාශන ජ්‍යෙdaතිර්වේදියාගෙන් සෘජුවම ලැබෙනවිට විමසන්නාට ජ්‍යෙdaතිර්වේදියා කෙරෙහි තද විශ්වාසයක්‌ ඇතිවේ. ඉන්පසු ඔහු විමසන්නේ තම අරමුණ ඉටුකරගත හැකි විධියයි. අවශ්‍ය උපදෙස්‌ ලැබුණු විට ඒ අනුව කටයුතු කර ඔහු සාර්ථක ප්‍රතිඵල ලබයි. එතෙක්‌ ජ්‍යෙdaතිර්වේදියා ඔහු පසුපස සිටී. අවශ්‍ය උපදෙස්‌ වරින්වර ලබාදේ. මේවා කළ හැක්‌කේ ජ්‍යෙdaතිර්වේදින්ට පමණි. සමහර ජ්‍යෙdaතීර්වේදීහු ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහාද ජනතාවට මෙවැනි උපදෙස්‌ ලබාදෙති. ජනතාව ඒ ගැන දැඩි උනන්දුවක්‌ දක්‌වන්නේ ලැබෙන ප්‍රතිඵල සාර්ථක බැවිනි. ජ්‍යෙdaතිර්වේදීන්ට මේවා කළ හැකි අරුම පුදුම හැකියාවක්‌ ඇත.

විවාහය ජ්‍යෙdaතිර්වේදීන්ගේ හැකියාව පෙන්වන තවත් අවස්‌ථාවකි. විවාහය තුළ ප්‍රබල අවදානමක්‌ තිබේ. එය සාර්ථක වුවහොත් ජීවිතය සතුටෙන් සුවෙන් ගතවනවාක්‌ මෙන්ම අවුල් වී ගියොත් දරු පවුලක්‌ම වැනසී යයි. ඒ නිසා විවාහයකදී දෙමාපියන් මේ අවදානම වළක්‌වා ගැනීමට ජ්‍යෙdaතීර්වේදීන්ගේ පිහිට පතති. ජ්‍යෙdaතීර්වේදියකුට ජන්ම පත්‍රයක්‌ මගින් ඕනෑම පුද්ගලයකුගේ ගතිගුණ, සිතුම් පැතුම්, විපත්, ආපදා අසනීප, දියුණුව, පරිහානිය හා ආයුෂ පිළිබඳව දැනගත හැකිය. ඒ අනුව විවාහ අපේක්‌ෂිත දෙදෙනා කේන්ද්‍ර ගැඹුරු පරික්‌ෂණයකට ලක්‌කර ඉතා හොඳින් ගැළපෙන අයට විවාහය අනුමත කරති. යම් ගැටලුවක්‌ තිබියදී දෙදෙනා විවාහවීමට ඉල්ලා සිටින විට අදාළ කරුණ පැහැදිලිකර එය වළක්‌වා ගැනීමට උපදෙස්‌ ලබා දෙයි. බොරුකාරයකුට, වංචාකාරයකුට හෝ අයහපත් අයකුට රැවටිල්ලෙන් විවාහයක්‌ සිදුකර ගැනීමට ජ්‍යෙdaතිෂවේදියාගෙන් ඉඩ නොලැබේ. ඔහුට ඒ සියල්ල අසුවන බැවිනි. ජ්‍යෙdaතිර්වේදීන් විසින් අනුමත කරන විවාහයකදී යම් අවුලක්‌ ඔහු නොදැනුවත්ව ඇතිවන්නේ නැත. විවාහයට පෙර ඒ සියලු කරුණු වාචිකව මෙන්ම ලිතවද ප්‍රකාශ කරන නිසා එවැනි ගැටලුවක්‌ ආවත් විස¹ගෙන හොඳ විවාහ ජීවිතයක්‌ ගෙනයාම ආපසු නොවේ. ඒ නිසා සාර්ථක විවාහ ජීවිත ගෙනයාම සඳහා ජ්‍යෙdaතිෂවේදීන්ගෙන් සැලසෙන මේ අරුම පුදුම සේවාව විශේෂයෙන් අගය කළ යුත්තකි. ජ්‍යෙdතිෂය පිළිබඳ හොඳ දැනුමක්‌ නොමැති අයගෙන් පොරොන්දම් බලවාගෙන විවාහ සිදුකර ඒවා අසාර්ථක වූ පසු ජ්‍යෙdතිෂයට චෝදනා කිරීම නිෂ්ඵල දෙයකි. ඒ නිසා එවැනි කටයුතු සඳහා ජ්‍යෙdතිෂය උගත් අය හමුවීමටද වගබලා ගත යුතුය.

ජ්‍යෙdaතිර්වේදියකුගේ විශ්මිත සේවාව ලබාගත හැකි තවත් ප්‍රධාන අවස්‌ථාවක්‌ වන්නේ රෝගී වූ අයගේ කේන්ද්‍ර පරීක්‌ෂාවයි. රෝගය හෝ රෝගියා නොදැක කේන්ද්‍ර සටහන දෙස බලා මේ කේන්ද්‍ර හිමියාට දැන් අපලයි. ලෙඩ වෙන්න ඕන. ඉන්නෙ ගෙදරද? රෝහලේද? කියා විමසන විට පුදුම වෙනවා නේද? රෝගියා ගැන තොරතුරු ඉන්පසු කීමට සිදුවනවා නේද? ජ්‍යෙdaතීර්වේදියා එවිට රෝගය ගැන විස්‌තර කරමින් මේක බරපතළ ලෙඩක්‌ සනීපකරන එක අමාරුයි. දැන් කල් පැනල තියෙන්නෙ. අපි උත්සාහකර බලමු නැත්නම් ඔහු ඒ ගැන යමක්‌ කිරීම ප්‍රතික්‍ෂෙපකරන අතර වෙන තැනකට යන ලෙසට කියයි. එසේ නැතිව සනීපවීමේ වාසනාව තිබේ නම් අවශ්‍ය උපදෙස්‌ ලබාදී රෝගය සනීපකර ගැනීමට සහාය වෙයි. ජ්‍යෙdaතීර්වේදියකුට අසනීප හඳුනාගැනීමට කල් තබා පුළුවන්කම තිබේ. ඒ නිසා අවුරුදු කිහිපයක්‌ ඉදිරියට ඇතිවිය හැකි අසනීප ගැන පූර්ව දැනුම්දීම් කරන ඔහු ප්‍රසම්වන ලෙසට උපදෙස්‌ දෙයි. මේ නිසා මාරක වළක්‌වාගත් අය ඕනෑතරම් සිටිති.

හඳුනාගත නොහැකි රෝග නිසා අමාරුවට වැටෙන අය එයින් ගලවා ගැනීමේ හැකියාවද ජ්‍යෙdaතීර්වේදීන් සතුව තිබේ. ජන්ම පත්‍රය ඇසුරෙන් රෝගය හඳුනාගන්නා ඔහු රෝගියා නිවැරැදි ප්‍රතිකර්ම මාවතට යොමුකරයි. ඒ නිසා නිකරුණේ මුදල් නැතිකරගෙන ජීවිතයද විනාශ කර නොගෙන රෝගයද සුවකර ගැනීමට එවැනි අයට හැකි වන්නේ මේ ජ්‍යෙdaතීෂවේදීන්ගේ විස්‌මිත හැකියාව නිසාය.

ජ්‍යෙdaතීර්වේදීන්ට කළ හැකි බොහෝදේ තිබේ. මේ ඒවායින් සමහරක්‌ පමණි. ජ්‍යෙdaතීර්වේදීන්ගේ උපදෙස්‌ මත මැණික්‌ ගැරීම් වැනි දේවල් කර කෝටිපතියන් වූ අය සිටිති. විවිධ උසස්‌ තනතුරු ලැබූ අය සිටිති. ජ්‍යෙdතිෂයට කළහැකි දේ තේරුම්ගත් පැරැණි රජවරු රාජ්‍ය අනුග්‍රහය ලැබූ ජ්‍යෙdaතිර්වේදීන් පත්කර ඔවුන්ගේ සේවය ජනතාවට ලබාදුන් බව ඓතිහාසික ග්‍රන්ථවල සඳහන්ව ඇත. මේ තත්ත්වය තේරුම්ගෙන ජ්‍යෙdaතීර්වේදීන්ගේ නිවැරැදි උපදෙස්‌මත කටයුතු කිරීමෙන් ඕනෑම අයකුට යහපත උදාකරගත හැකි වේ. ජ්‍යෙdතිෂය ලොවට දායාද කළ Rෂිවරුන්ගේ බලාපොරොත්තුව වුණේද එයමය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments