[ratings]
ඕනෑම කෙනෙකු තමාගේ ජීවිතයේ ඉදිරියට සිදුවන්නට ඇති දැ දැන ගැනීමට ඉතා කැමතිය. ඒ සඳහා සමහරුන් ශාස්‌ත්‍ර ඇසීමට දැඩි කැමැත්තක් දක්‌වති. මේ සඳහා බුලත් අතක් සමඟ පඬුරක් තබා තමා ආ කාරණාව කියා තමාට පවසන දැ අසා සිටින්නේ, මහත් කුතුහලයෙනි. ජ්‍යෙdතිර්වේදියා එහිදී ඔරලෝසු පියවර මැන බලා එකී කාලයට අනුව වේලාපත්කඩයක් සදා එය පරීක්‌ෂා කර බලා ජීවිතයේ විවිධ පැතිකඩයන් බලා සිටින්නා සේ කියයි. එසේ ජීවිතයේ යම් කරුණු නිසි අයුරින් කීමට හැකියාව ඇත්තේ එම ශාස්‌ත්‍රය තත්ත්ව අකාරයෙන්ම ප්‍රගුණ කළ දක්‌ෂ ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රඥයන්ට පමණක්‌ම වේ.
යම් අයෙක් ජ්‍යෙdතිර්වේදීයා ළඟට එන්නේ තත් කාලීන තොරතුරක් දැන ගැනීමටය. එවිට පළමුව ජ්‍යෙdතිර්වේදියා සිදු කරන්නේ පැමිණි අයගේ ප්‍රශ්නය ඇසූ වේලාවට වේලාපත්කඩයක් සකස් කරගැනීමය. එසේ සකස් කර ගැනීමේදී
* නවාංශක
* ද්වාදශාංශක
* ත්‍රිංශාංශක
ආදියද සකසා ගැනීම ඉතාමත් වටී. එසේම රාශිග්‍රහයින් ආදී විස්‌තර ඉතාමත් පරීක්‌ෂාකාරීව සොයා ගත යුතුය. ජ්‍යෙdතිර්වේදියා පළමුව රාශි දොළහ කොටස් 03 කට බෙදා ගනී.
* ධාතු
* මුල
* ජීව
තත්කාල කේන්ද්‍රයේ නවාංශකයත් ලග්නයත් ධාතු ගණයට අයිති චර රාශියක් නම් භාණ්‌ඩයක් බව කිව යුතුය. එය ඌෂ්ණ ග්‍රහයෙකුට අයිති ගින්දරවලින් කළ දෙයක්‌ම බව කිව යුතුය. එය ලෝහයෙන් කළ දෙයකි. මුල ගණයට අයිති චර රාශියක් වුව හොත් එය වනාහි ගස්‌වැල් හෝ එවැන්නකින් හටගත් දෙයක් බව මතකේ තබා ගැනීම වැදගත්ය. ජීව ගණයට අයිති උභය රාශියක් වුවහොත් නිත්‍ය වශයෙන්ම ප්‍රාණය ඇති මිනිසෙක් හෝ සතෙක් විය යුතුය. මේ ක්‍රම වේදය සාමාන්‍ය ක්‍රමවේදයක්‌ම වේ.
තවත් ක්‍රම රාශියක් පිළිබඳව කතා කිරීමේදී.
* නවාංශකය හිමි ග්‍රහයා තමන්ට අයිති අංශකයක සිට තමන්ගේ ලග්නාංශකය දකී නම් එය රන් රිදී මුතු මැණික් ආදිය පිළිබඳව ප්‍රශ්නයක් බව කිව යුතුය.
ලග්නාංශකය හිමි ග්‍රහයා අන්‍ය ග්‍රහයෙකුට අයිති නවාංශකයක සිට ලග්නාංශකය දකීනම් එය වනාහි මනුෂ්‍ය ප්‍රාණයක් හෝ සිවුපා සතුන් පිළිබඳව ඇසූ දෙයක් බව කිව යුතුය.
මෙහිදී අප සිවුපා ද්විපා වශයෙන් කියන්නේ කෙළෙසද යන්න විමසා බලමු.
පස්‌වැන්නේ හෝ නව වැන්නේ එම නවාංශකය හිමියා අන්‍ය ග්‍රහයකුගේ නවාංශකයක සිට දැකීමක් කෙරේනම් ජීවයක් සම්බන්ධ වේ. ග්‍රහයා සිටි නවාංශකය වූ පරිද්දෙන් ද්විපාද චතුස්‌පාද බව අප දැනගත යුතුය.
* තවත් කාරණාවක් වශයෙන් සමහර විට තත් කාලයේ බැලීමට ගස් වැල් ගැනත්, එසේම ජලයේ හටගත් වස්‌තුන් ගැනත් ඇසීමට බොහෝ අය පෙළඹෙති. එය දැනගැනීම සිදු කරන්නේ කෙසේද?
* තත්කාල ලග්න නවාංශකය දකින්නේ අයිතිකරු නොව වෙනත් ග්‍රහයකු නම් එකී ග්‍රහයාද සිටින්නේ අන්‍යයෙකුගේ නවාංශකයක නම් නව වැන්නේ හා පස් වැන්නේද මුලින් කීවා සේ මුල ගණයට අයිති බව දැන ගෙන ගස් වැල් ආදිය පිළිබඳව අසනවා යෑයි කිව යුතුය. ජල නවාංශකයක නම් දියේ හටගන්නා දෙයක් බව කිව යුතුය.
යම් භාණ්‌ඩයක් සොරකම් කිරීමක් පිළිබඳව කියනවා නම් සොරාගත් කෙනාගේ උස්‌මිටිකම් රාශිවල හුස්‌ම දීර්ඝතාවයෙන්ද වර්ණයෙන්ද ග්‍රහයාට හිමි වර්ණයෙන්ද ගෙන ගිය දිසාව රාශියන්ට අයිති දිසාවෙන්ද විස්‌තර බලා කියවා ගත හැක. රෝගයක් ගැන අසන්නට යමෙක් ජ්‍යෙdතිර්වේදියා ළඟට ආ හැක. එහිදී ඒ පිළිබඳව සඳහන් කරන්නේ රාශියට හා ග්‍රහයන්ට අයිති දොස් නරක් වීමෙන් සිරුරේ අහවල් තැන යෑයි පැවසීම කළ හැකිය.
සමහර විට තත්කාලය බලන්න යන ඔබට තමන්ගේ නැතිවූ භාණ්‌ඩය තමාට නැවත ලැබේද යන්න දැනගැනීමට ආශාව ඇති විය හැකිය. එවිට එය පවසන්නේ මෙසේය.
පැවති ලග්නය තීර රාශියක නම් තිර නංවාංශකයක් නම් හෝ වර්ගොත්තම නම් තමාගේම කෙනෙකු ඒ අසලම සඟවා තිබෙන බව කිව යුතුය.
මෙහිදී ප්‍රථම ෙද්‍රdaෂ්කාණය නම් සඟවන්නට යෙදුනු භාණ්‌ඩය පෙනෙන තැනක දොරකඩ බවද දෙවැනි ෙද්‍රdaෂ්කාණයේ නම් ගේ මධ්‍යයේ බවද තුන්වන ෙද්‍රdaෂ්කාණයේ නම් පිටු පස පැත්තේ බව කීමට හැකිය.
උපදින දරුවා පිරිමි දරුවකුද ගැහැනු දරුවෙක්‌ද යන්න දැනගැනීම සෑම දෙමාපියන්ම කැමතිය. තත් කාලයෙන් එය දැනගන්නේ කෙසේද?
* එහිදී උදාවන ලග්නයේ තුන සහ නවය එකොළහ යන ස්‌ථානයක ශනි ස්‌ථානගත වී සිටිය හොත් පිරිමි දරුවෙක්‌ය. ශනි උක්‌ත කී ස්‌ථානයන්හි බැහැරව ස්‌ත්‍රී රාශියක වේ නම් ස්‌ත්‍රියක් උපදී. මෙහි එක් එක් යෝග විදි පවතින අතර ඒවා හොඳින් කියවා බලා උගත යුතුය.
We found this article from Divaina on 2012/03/09.
Also Sinhala to English Google word to word translation can be found here