Friday, October 31, 2025
Homesiතුන් ග්‍රහ යෝගවල පල විපාක මෙන්න

තුන් ග්‍රහ යෝගවල පල විපාක මෙන්න

[ratings]

ග්‍රහ යෝග රාශියක්‌ ගැන ජ්‍යෙතිෂයේ සඳහන් ය. කේන්ද්‍රයක ග්‍රහයන් දෙදෙනකු හෝ තිදෙනකු හෝ සිවුදෙනකු හෝ පස්‌දෙනකු හෝ හයදෙනකු හෝ සත් දෙනකු හෝ යෝගව සිටින අවස්‌ථා දක්‌නට ඇත.

ග්‍රහයන් දෙදෙනකු යෝගව සිටීමේ, එනම් ද්වි ග්‍රහ යෝග පල විපාක පිළිබඳව පසුගිය 5 වැනිදා විස්‌තර කළ අතර, මේසතියේ විස්‌තර කෙරෙන්නේ ග්‍රහයන් තිදෙනෙකු යෝගව සිටීමේ තුන් ග්‍රහ යෝග පල විපාක පිළිබඳවය.

“මානසාගරී” නමැති පෞරාණික ජ්‍යෙතිෂ ග්‍රන්ථයේ මීට අදාළ විස්‌තර ඇතුළත් ය.

රවි, සඳු, කුජ යෝගය

යන්ත්‍ර ශෛල කූටකර්ම යනාදියට දක්‍ෂතාවක්‌ දක්‌වන, රුධිරයට සම්බන්ධ ලෙඩ රෝගවලින් පෙළිය හැකි, ඉතා දක්‍ෂ කෙනෙක්‌ වනු ඇත. එහෙත් පුතුන් නැති කෙනෙකු වන්නට බැරිකමක්‌ නැත.

රවි, සඳු, බුධ යෝගය

විද්‍යා ශාස්‌ත්‍ර දැන උගත් ගුණවත්කමක්‌ සහිත, කවි ගායනයට හා කවි කතා පැවැත්වීමට ද, සභා

රැස්‌වීම්වලට ද කැමැත්තක්‌ දක්‌වන, ධනවත්, කිසියම් රාජකාරි කටයුත්තක්‌ කරන, සිත් ගන්නා විධියට කතාබස්‌ කරන කෙනෙකු වන්නට පුළුවන.

රවි, සඳු, ගුරු යෝගය

ධර්මානුකූල ජීවිතයක්‌ ගත කරන, රාජ්‍ය නායකත්වයට හෝ මැති ඇමැති පදවියකට හෝ පත්වන ගුණ නුවණින් අනූන, නෑසියන්ට ඇල්මක්‌ ආදරයක්‌ දක්‌වන, දෙවියන්ට හා මහණ බමුණන්ට ද පුද පූජා පවත්වන කෙනෙකු විය හැකිය.

රවි, සඳුq කිවි යෝගය

සිත් ගන්නා සිරුරකින් යුතු, සතුරන් මැඬලා ජය අත්කර ගන්නා, රජ දරුවන්ගේ ප්‍රසාදයට පාත්‍ර වන. බොහෝ තේජස්‌ ද සහිත, දත් දෙපළේ රෝග පැවතිය හැකි කෙනෙකු වන සෙයකි.

රවි, සඳු, ශනි යෝගය

අලි ඇතුන් පාලනය කළ හැකි, යහපත්,කටයුතුවලට කැමැත්තක්‌ දක්‌වන, දිළිදු ස්‌වභාවයකින් යුතු දුසිල්වත් කෙනෙකු වන්නට ඉඩ ඇත.

රවි, කුජ, බුධ යෝගය

ප්‍රසිද්ධියක්‌ ලැබිය හැකි, සාහසික කෲර ගතියකින් ද යුතු, විලි ලැඡ්ජාවකින් තොර, අතමිට සරු, භාර්යාවන් හා පුතුන් ද සිටිය හැකි කෙනෙකු විය හැකිය.

රවි කුජ ගුරු යෝගය

ප්‍රචණ්‌ඩ කෙනකු වුවද, සත්‍යයට ගරු කරන, රාජ මන්ත්‍රීවරයකු වීමේ හැකියාවක්‌ සහිත, දක්‍ෂතාවකින් යුතු, යහපත් විදියට කතාබස්‌ කරන කෙනෙකු වීමට ඉඩ ඇත.

රවි, කුජ, සිකුරු යෝගය

සිත් අදනා සිරුරක්‌ හිමි, අක්‍ෂි රෝග වැළඳීමට ඉඩකඩ ඇති, දූ පුතුන්ට ඇල්ම, ආදරය දක්‌වන වැඩ කටයුතුවලට දක්‍ෂ, විෂයයන්ට ඇල්මක්‌ දක්‌වන කෙනෙකු වන සෙයකි.

රවි, කුජ, ශනි යෝගය

මෝඩ ගතියකින් යුතු, ලෙඩ රෝග ද සහිත නෑසියන් එතරම් සිටිය නොහැකි. විකල ස්‌වභාවයක්‌ ද තිබිය හැකි, කලහාකූල කෙනෙකු විය හැකිය.

රවි, බුධ, ගුරු යෝගය

අක්‍ෂි රෝග වැළඳිය හැකි, සෑහෙන ධනයකට හිමිකම් කියන ශිල්ප කලා ශාස්‌ත්‍රයනට දක්‍ෂතාවක්‌ දක්‌වන ලේඛකයකු වන්නට පුළුවන.

රවි, බුධ, සිකුරු යෝගය

ගුරු ජනයාගේ අවමානයට පාත්‍රව ඔවුන්ගෙන් දුරස්‌වීමට ඉඩ ඇති, ස්‌ත්‍රිය නිසා සිත් තැවුලකින් වෙනත් තැනකට යා හැකි කෙනෙකු විය හැකිය.

රවි, බුධ ශනි යෝගය

දුරාචාර ගති සිරිත් ඇති. සතුරන් ඉදිරියේ පරාජය ලබන, නෑයන් විසින් කොන් කිරීමට ඉඩ තිබෙන, ද්වේෂ සහගත කෙනෙකු වන සෙයකි.

රවි, ගුරු, කිවි යෝගය

රාජ මන්ත්‍රී කෙනෙකු වීමේ ඉඩකඩ සහිත, දයා ගුණයකින් තොර, දුෂ්ට විධියේ දෙනෙතක්‌ තිබිය හැකි, දක්‍ෂතාවයන් සහිත, නැණ නුවනින් යුතු, අනුන්ගේ කාර්යයන් කරන කෙනෙකු වීමට ඉඩ ඇත.

රවි, ගුරු, ශනි යෝගය

මිතුරු මිතුරියන් මෙන්ම බිරියන් ද සිටින, බියක්‌ සැකක්‌ නැති, රජයේ දඬුවම්වලට ලක්‌විය හැකි, නෑසියනට සැලකීමට කැමති කෙනෙකු විය හැකිය.

රවි, කිවි, ශනි, යෝගය

කලා මානයක්‌ නොමැති. කුෂ්ට රෝග තිබිය හැකි, සතුරන්ට බියෙන් තැතිගෙන සිටින, නපුරු ගති පැවතුම් සහිත කෙනෙකු වන සෙයකි.

සඳු, කුජ, බුධ යෝගය

පහත් පෙළේ ගති පැවතුම් සහිත, පව් වැඩ කරන, ජීවිත කාලය පුරාම ලෝක අවමානයට පාත්‍ර වන, නෑසියන් රහිත කෙනෙකු විය හැකිය.

සඳු, කුජ, ගුරු යෝගය

ස්‌ත්‍රීන් කෙරෙහි ඇල්මක්‌ දක්‌වන, වීර්ය සම්පන්න, සිත් අදනා රූපයකින් යුතු. චJද්‍රයා, බදු මුහුණක්‌ සහිත කෙනෙකු වනු ඇත.

සඳු, කුජ, කිවි යෝගය

දුශ්ශීල කාන්තාවකගේ සැමියා විය හැකි, පුත්‍රයා පවා එවැනි පුද්ගලයකු වියහැකි, තැන් තැන්වල ඇවිදීමට කැමැත්තක්‌ ඇති, ශීතලට බිය ගතියක්‌ දක්‌වන කෙනෙකු වන්නට පුළුවන.

සඳු, කුජ, ශනි යෝගය

අදාළ පුද්ගලයා බාල වියේ සිටියදීම ඔහුගේ හෝ ඇයගේ හෝ මවගේ අභාවය සිදුවිය හැකි වැදගැම්මකට නැති ලෝකයාගේ ද්වේෂයට ගොදුරු වන වංක ගති සහිත කෙනෙකු විය හැකිය.

සඳු, බුධ, ගුරු යෝගය

තේජස්‌ ගතියක්‌ සහිත ධනයක්‌, පුත්‍රයන් හා මිත්‍රයන් ද සිටිය හැකි, කීමෙහි, බිනීමෙහි ස්‌මර්ථතාවකින් යුතු නම ප්‍රසිද්ධ, කීර්තිමත් පුද්ගලයකු වන්නට පුළුවන.

සඳු, බුධ, කිවි යෝගය

විද්‍යා ශාස්‌ත්‍රය උගෙනීමේ හැකියාවක්‌ සහිත, ඊර්ෂ්‍යාව, ලෝභ ගති හා පහත් ගති ද සහිත කෙනෙකු වන සෙයකි.

සඳු, බුධ, ශනි යෝගය

නැණ නුවනැති, රජයේ ගරු බුහුමණට පාත්‍ර වන, ආරෝහ, පරිණාහ දේහයකින් යුතු, කීමෙහි, බිනීමෙහි දක්‍ෂතාවක්‌ සහිත කෙනෙක්‌ වනු ඇත.

සඳු, ගුරු, කිවි යෝගය

පතිවත රකිනා මවක්‌ සිටිය හැකි, පණ්‌ඩිතයකුගේ තත්ත්වයට පත්විය හැකි යහපත් චරිතයකින් යුතු. සියලු කලාවන් පිළිබඳ නිපුණත්වයක්‌ සහිත, යහපත් සිරුරක්‌ හිමි කෙනෙකු වන්නට පුළුවන.

සඳු, ගුරු, ශනි යෝගය

නිරෝගී සිරුරකින් යුතු, කාන්තාවන්ට වසඟ වන, නොයෙක්‌ ශාස්‌ත්‍ර විෂයයන් පිළිබඳ අවබෝධයක්‌ සහිත ගම්, නගර පාලනය කරන කෙනෙකු විය හැකිය.

සඳු, කිවි ශනි යෝගය

ලේඛකයකු විය හැකි, වේදය හදාරන, ගුරුවරුයකුගේ තත්ත්වයට වුවද පත්විය හැකි කෙනෙකු වන සෙයකි.

කුජ, බුධ, ගුරු යෝගය

කිවියකු වීමේ ඉඩකඩ ඇති, තරුණියනට ප්‍රියමනාපකමක්‌ දක්‌වන, අනුන්ට උපකාර කිරීමට කැමැත්තක්‌ ඇති, තේජස්‌ ගතියක්‌ ද සහිත, ගායනයට ද කුසලතාවක්‌ දක්‌වන කෙනකු විය හැකිය.

කුජ, බුධ, කිවි යෝගය

විකලාංග සහිත, වාචාල ගතියකින් යුතු, කුලහීන, උත්සාහවන්ත, ලද දෙයින් සන්තෝෂයට පත්වන, මුඛරි කෙනෙකු වීමට ඉඩ ඇත.

කුජ, බුධ, ශනි යෝගය

අක්‍ෂි රෝගවලින් මෙන්ම, මුඛ රෝගවලින් ද පෙළන සිනාවට කැමැත්තක්‌ දක්‌වන කෙනෙකු වන්නට පුළුවන.

කුජ, ගුරු, කිවි යෝගය

පතිවන රකින්නියකගේ සැමියා වන, සුවපත් ස්‌වභාවයකින් සිටින, සියල්ලන්ම තුටු පහටු කිරීමට කැමැත්තක්‌ දක්‌වන, රජවරුන්ගේ ප්‍රසාදයට පාත්‍ර වන කෙනෙකු විය හැකිය.

කුජ, ගුරු, ශනි යෝගය

කෙට්‌ටු සිරුරක්‌ සහිත, රාජ පූජිත තත්ත්වයකට පත්වන, පහත් පෙළේ ඇවතුම්, සහිත දිළිඳුකමකින් යුතු, මිතුරු මිතුරියන්ගේ නින්දාවට ලක්‌වන කෙනෙකු වන්නට ඉඩ ඇත.

කුජ, කිවි, ශනි යෝගය

දූෂිත චරිතයකින් යුතු බිරිඳකගේ සැමියා විය හැකි වුවද, උතුම් ගතිගුණවලින් යුක්‌ත පිටරටක වාසය කළ හැකි, දුප්පත් කෙනෙකු වන සෙයකි.

බුධ, ගුරු කිවි යෝගය

රජයේ ගරු බුහුමනට පාත්‍ර වන, මනා සිරුරකින් යුතු, සතුරන් මැඬලා, ජයගත හැකි, කීර්තිමත් ඇත්ත කතා කිරීමට කැමැති කෙනෙකු වන්නට පුළුවන.

බුධ, ගුරු, ශනි යෝගය

යහපත් බිරිඳකගේ සැමියා වීමේ ඉඩකඩක්‌ ඇති වාසනාවන්ත ධනවත්කමකින් යුතු. ප්‍රඥාවන්ත, සනීපවත් ධෛර්යයකින් යුතු කෙනෙකු විය හැකිය.

බුධ, කිවි, ශනි යෝගය

මුඛරි ගතියකින් යුතු, පරඹුවන් කරා යැමට ඉඩ ඇති, අධම පුද්ගලයන් ආශ්‍රය කරන, නාට්‍ය වැනි කලාවන් උගෙනීමට කැමැත්තක්‌ ඇති, උපන් බිමට ඇල්මක්‌ දක්‌වන කෙනෙකු වීමට ඉඩ ඇත.

ගුරු, කිවි ශනි යෝගය

කීර්තියකින් යුතූ රාජ්‍ය නායකයකු විය හැකි, පහත් කුලයක උපන්නත්, ශීලවන්ත කෙනෙකු විය හැකි, රජෙකුට සමාන තත්ත්වයක්‌ තිබිය හැකි කෙනෙකු වන්නට පුළුවන

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments