Friday, September 12, 2025
Homesiදරු ඵල ගැන විමසීමේදී සොයා බැලිය යුතු කරුණු

දරු ඵල ගැන විමසීමේදී සොයා බැලිය යුතු කරුණු

පලාපල කථනයේ දී යම් ජන්මියකුගේ දරුඵල ගැන විමසීමේදි සොයා බැලිය යුතු කරුණු නම් පස්‌වැන්න. පුත්‍රකාරක ගුරු හා පස්‌වැන්න අධිපතියා යන දේවල්ය. මෙකී කරුණු ශුභව පිහිටියේ නම් දරුඵල සහිතය. ඉතා යහපත් දරුවන් ලබයි. ශුභව පිහිටියේ නම් කීවේ පස්‌වැන්න ශුභ ග්‍රහයන්ගෙන් යුක්‌ත වීම, ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබීම, පස්‌වැන්න දෙපස ශුභ ග්‍රහයන් සිටීම, ඵලදායි රාශියක්‌ පස්‌වැන්නට පතිත වීම, පස්‌වැන්න බලවත් වීමට කරුණුය. පස්‌වැන්න අධිපති ගැන බැලීමේදීද යටකී කරුණු සමඟ පස්‌වැන්න අධිපති උච්චව සිටීම, ශුභ ග්‍රහයකුගේ නැකතක වීම, විසිදෙවැනි දෙර්කාණාධිපති නොවීම, හැටහතර වැනි නවාංශකාධිපති නොවීම, දුෂ්ට ස්‌ථානවල පතිත නොවීම, බාධක රාශියේ පතිත නොවීම, පස්‌වැන්නාධිපති ශුභ වීමට කරුණු ය. පුත්‍රකාරක ගුරු උච්චව, ශුභ දෘෂ්ටි ලැබ ශුභ ස්‌ථානයක තැන්පත් වීම, ඵලදායී රාශියක වීම, පාප කර්තරී නොවීම, පාප දුෂ්ටි පාප සංයෝග නොවීම ආදී යටකී කරුණුද සමඟ ගුරු ග්‍රහයා ශුභව සිටීමට කරුණු වේ. පස්‌වැන්න ගැන බැලීමේදී ලග්නයෙන් පස්‌වැන්න මෙන්ම සඳුගෙන්ද පස්‌වැන්න පරීක්‌ෂාවට ලක්‌කළ යුතුය. ඒ දෙතැනම ශුභ වෙත්නම් වාසනාවන්ත දරුවෝ උපදිති.

දරු උපතක්‌ යනු සිය පවුලට අලුතින් සාමාජිකයකු එකතු වීමයි. ඒ බව හඟවන්නේ කේන්ද්‍රයේ දෙවැන්නෙනි. අලුතින් පවුලට කෙනකු එකතු වන්නට හෙවත් දරු ඵලයක්‌ ලබා ගැනීමට වාසනාව පෙන්වන දෙවැන්නාද ශුභව තිබිය යුතුය. පස්‌වැන්නෙන් ගැබ් ගැනීම ගැන කියයි. එනිසා පස්‌වැන්නද බලවත් විය යුතු බව කිව යුතු නොවේ. හත්වැන්නෙන් ලිංගික සංසර්ගය ද එකොළොස්‌ වැන්නෙන් බලාපොරොත්තු ඉෂ්ට වීමද ඇති කරයි. මෙකී කරුණු බලවත් වීම මත දරු ලාභයක්‌ ඇතිවන බව ඔබට පැහැදිලි වනු නොඅනුමානය.

මේවාට අමතරව වඳ දෝෂ ගැනද දැන සිටිය යුතුය. වඳ දෝෂය යනු දරුඵල නැති ග්‍රහ පිහිටීමයි. පස්‌වැන්නාධිපතියා අටවැන්නේ තැන්පත් වීම, පුත්‍රකාරක ගුරු ග්‍රහයා නීච රාශිගත වීම, පස්‌වැන්නාධිපති ශනි සමඟ යෝග වීම, කුජ, ශනි, රාහු දුබලව පස්‌වැන්නේ සිටීම, එකී ග්‍රහ පිහිටීම්ය. ස්‌ත්‍රී කේන්ද්‍රයක පාප ග්‍රහයන් දොළොස්‌ වැන්නේ පතිත වීම දරුවන් පිළිසිඳීමේදී උපද්‍රව ගෙනදීමට හේතුවකි.

තවද ගුරු බලවත් නම් පස්‌වැන්නාධිපතියා දුර්වල වුවත් එම දුබලකම බිඳී යයි. ගුරුගේ බලය යහපත් හෙයින් දරුඵල හොඳයි. ගුරු පස්‌වැන්නේ සිටින විට පියාට කලින් පුතුන් නැතිවන අතර ගුරු ග්‍රහයා විෂම රාශියක බලවත් වූවොත් පිරිමි දරුවන්ද සම රාශියක බලවත් වූවොත් ගැහැනු දරුවන්ද වැඩියෙන් උපදී. මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ විෂම රාශි වන අතර වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන සම රාශි හැටියට ගැනේ.

ලග්නාධිපතියා සහ පස්‌වැන්aනාධිපතියා යෝග වීම

පස්‌වැන්න සහ පහ අධිපති ගුරුට පෙනීම, පුත්‍රකාරක ගුරු ග්‍රහයා සහ පස්‌වැන්නාධිපතියා යෝගවීම, පස්‌වැන්නේ සිටින ග්‍රහයා හා පස්‌වැන්නාධිපති බලවත්වීම, පස්‌වැන්නාධිපති නවාංශක කේන්ද්‍රයේ බලවත් වීම, ලග්නාධිපති හා නවවැන්නාධිපති හත්වැන්නේ සිටියදී දෙවැන්නාධිපති ලග්නයේ වීම, ලග්නාධිපතියා ලග්නයේම හෝ පස්‌වැන්නේ වීම, ගුරු තැන්පත් නවාංශකය අධිපතියා ලග්න කේන්ද්‍රයේ 01-04-07-10 යන තැනකවීම අශුභයත් ලග්නයේ පතිත නොවීමද ශුභයන්ට ලග්නය පෙනීමද ලග්නාධිපතියා පස්‌වැන්නේ හෝ හත්වැන්නේ සිටීමද දරු ඵල වැඩි කරන ග්‍රහ පිහිටීම්ය.

We found this article from Divaina on 2012/07/20.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments