[ratings]
වාස්තු විද්‍යානුකූලව නිවසක් සාදන ඉඩමද වාස්තු විද්‍යානුකූලව හැඩයක විය යුතුය. ඒ අනුව සුබ හැඩයක පිහිටි ඉඩමක සාදන ලද නිවස විශේෂ සාර්ථක ප්‍රතිඵල ලබාදෙයි. එබැවින් විවිධ හැඩ ඇති ඉඩම් පිළිබඳ ඵලාපල මෙන්ම එම හැඩය ගැන විස්තර විමසා බලමු.
1. සිංහාකාර ඉඩම (- මෙම ඉඩම සිංහයකු හිස ඔසවාගත් ආකාරයට පිහිටා ඇත. මෙම ඉඩම සුබ ඉඩමක්. මෙහි ප්‍රතිඵල වන්නේ ප්‍රියජනක බව, සම්පත් ලැබීම සිදුවේ. එහෙත් මෙම ඉඩම නිසා සතුරු පීඩා ගෙන දීමට හේතුවන බවද පැවැසේ.
2. කුර්මාකාර ඉඩම (- මුලින් කුඩා හැඩති පහළින් විශාල සාමාන්‍ය කළයක හැඩය ගනී. මෙම ඉඩමේ විසීමෙන් රෝග ඇතිවේ. කලහයද ඇතිවේ.
3. ගජාකාර ඉඩම (- ඇත් ජෝඩුවක් දෙපසට හැරී හොඬවැල් දිගුකරගෙන සිටින විලාසය දක්වයි. මෙම ඉඩම සැපත ගෙනදෙයි.
4. වෘෂභාකාර ඉඩම (- මැද පළල්ව දෙපස සිහින්ව ගවයකුගේ හැඩය දක්නට ලැබේ. මෙම ඉඩමද සැපත ලබාදීමට හේතුවේ.
5. ජලතලාකාර ඉඩම (- මතුපිට සමවූ බෙර ඇසක් මෙන් සමතලාවක් ලෙස පිහිටා ඇත. මෙම ඉඩම නිසා රාජ්‍ය අනුග්‍රහය ලැබේ. තවද පරමායුෂ විඳීමට හේතුවේ.
6. ශිඛාකාර ඉඩම (- මෙම ඉඩම වට උස්ය. මැද පහත්ව තිබේ. මෙම ඉඩමෙන් රාජ්‍ය සම්මාන ලැබේ. සතුරු උවදුරු නොපැමිණේ.
7. වරනාකාර ඉඩම (- ඌරකුගේ හැඩයට පිහිටා ඇත. එයින් සැපත සම්පත සලසයි.
8. ගංගාකාර ඉඩම (- මුල කොටස පළල්ව පසුකොටස කුඩාව ගලාබසින ජල ධාරාවක් ලෙස පිහිටා ඇත. මෙම ඉඩමේ වාසයට ප්‍රිය කරයි.
9. ත්‍රිකෝණාකාර ඉඩම (- මෙම ඉඩම අක්‍රමවත් තරුවක හැඩය ගනී. මෙම ඉඩමේ ප්‍රතිඵල වන්නේ කරදර ඇතිවීම, ආර්ථිකය පිරිහීමය.
10. චතුර්කෝණ ඉඩම (- මැදින් උස්ව හතර පැත්ත බෑවුම් සහිතව සතරැස් ඉඩමකි. මෙම ඉඩම එක් පරම්පරාවකට පමණක් ගැළපේ.
11. සාධාරණ ඉඩම (- ගොඩැලි නැති ප්‍රිය ජනක ඉඩමකි. මෙම ඉඩමේ ප්‍රතිඵලය වන්නේ එහි වසන දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වීමය.
12. කුර්වාකාර ඉඩම (- මෙම ඉඩම හතර පැත්තම බෑවුම්ව මැද සමතලාවට පත්වූ ඉඩමකි. මෙම ඉඩමෙන් ස්ත්‍රි සැපත ලැබේ.
13. පරිනායක්කාර ඉඩම (- මෙහි හැඩය බිය ගෙනදෙන රවුම් හැඩය ගනී. මෙහි ප්‍රතිඵලය වන්නේ රජයෙන්, ගින්නෙන් කරදර වීමය.
14. ආයතනාකාර ඉඩම (- දිග වැඩි පළල අඩු ඉඩමකි. වාසය කිරීමෙන් පරිහානිය සතුරු කරදරද ඇතිවේ.
15. ෙ€වලාකාර ඉඩම (- බිත්තියක් මෙන් හැඩයට අයත්ය. මෙහි ප්‍රතිඵලය මධ්‍යස්ථ වේ.
16. රාක්ෂ මුවාකාර ඉඩම (- මෙම ඉඩමේ හැඩය වන්නේ නැගෙනහිර බෑවුම් සහිත මායිම් කඳුගැට ආකාරයට වූ කඨොර බිමකි. පදිංචි වූ විගස ඉඩම අතහැර යැම මෙහි ප්‍රතිඵලය වේ.
ඉඩමේ බෑවුම අනුවද ප්‍රතිඵල ගෙනදෙයි. බිම හැඩැති ඉඩම්ද කීපයක් විමසා බලමු.
17. උතුරු දිසාවට බෑවුම් ඉඩම (- මෙම හැඩයෙන් මුදල් ලැබීම එහි දක්නා යහපත් ප්‍රතිඵලය වේ.
18. දකුණට බෑවුම් ඉඩම අසුබ ප්‍රතිඵල ගෙන දෙන ඉඩමකි. එම ඉඩම නිසා දුක් කරදර, අනතුරු, ඇතැම්විට මරණය පවා ඇති කරයි.
19. ගිනිකොණට බෑවුම් වන ඉඩම ගින්නෙන් හානිවීම සිදුවේ.
20. නිරිතදිගට බෑවුම් වන ඉඩමෙන් ධනය පරිහානියට පත්කරයි. නිවසේ අනවශ්‍ය වෙනස්වීම් සිදුවේ.
21. වයඹ දෙසට බෑවුම් වන ඉඩම නිසා රැකියාවෙන් ස්ථාන මාරු වීම්ද විදේශගතවීම්ද සිදු කරයි.
22. බටහිර පැත්තට බෑවුම් වන ඉඩම අසුබයි. මෙයින් දරුඵල හීන කිරීම සිදුකරයි.
මෙකල ඉඩම් හිඟය නිසා ගැළපෙන ඉඩම් සෙවීම අසීරු වුවද දොaෂ නැති ඉඩමක් සොයා නිවස ඉදිකරන්නේ නම් එය යහපතට හේතු වනු ඇත. ඉඩම් කට්ටිකර විකුණන අවස්ථාවේ එයින් ඉඩම් මිලට ගැනීමේදී අදාළ සැලැස්ම (ඉඩමේ) බලා මෙම දොaෂ රහිත ඉඩමක් තෝරා ගත හැක්කේ ඉඩම් කැබලි බොහෝමක් තිබෙන බැවිනි.
We found this article from Divaina on 2011/09/16.
Also Sinhala to English Google word to word translation can be found here