[ratings]
සියලු සත්වයන්ට හිසට සෙවණක් අවශ්‍ය වේ. එකිනෙක සත්ත්ව විශේෂයනට නොයෙක් මාදිලියේ නිවාස විධි ඇත. ඒ අතරින් සැප පහසු අත්‍යාලංකාර අංග සම්පූර්ණ නිවෙස් තනා ගැනීමට මිනිස්සු විශේෂ උනන්දුවක් දක්වති.
නිවසක් ඉදිකර ගැනීමට ඇති අවශ්‍යතාව මෙන්ම සුදුසු කාලයක් ද අවශ්‍ය වේ. නිවස ආරම්භ කරන්නට සූදානම් වන තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ගත කරනු ලබන දශා කාලය ඉතා වැදගත්ය.
බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍ර දේශනාවේදී “පතිරූපදේශ වාසෝච” යනුවෙන් සුදුසු පෙදෙසක වාසය කිරීම මංගල්‍යමය කරුණක් වශයෙන් දේශනා කොට ඇත. සුදුසු පරිසරයක් වශයෙන් දේශනා කළේ කරදර කම්කටොලු හිරිහැර වලින් තොර ජීවිතයක් ගත කළ හැකි ස්ථානයකි. එවැනි ස්ථානයකට සුදුසු බිමක් තෝරා ගතයුතුය. විශාල ඉඩම්වල එවැනි බිමක් තෝරා ගැනීම කළ හැකිවුවද වර්තමානයේ පර්චස් දහයක් වැනි කුඩා බිම් ප්‍රමාණයක එසේ කිරීමට පහසු කමක් නැත.
නිවාස තැනීමේදී හිරු මේෂ රාශියේ ගමන් කරන කල නිවස ආරම්භ කිරීම ශුභවේ. වෘෂභ රාශියේ ධනය වර්ධනය වේ. කටක රාශියේ මෙන්ම සිංහ රාශියේ හිරු ගමන් කිරීමේදී අභිවෘද්ධිය ද දාස වර්ගයාගේ දියුණුව ද ඇති කරයි. තුලා රාශියේ හිරු ගමන් කරන විට සැපයද, වෘශ්චික රාශියේ ගමන් කිරීමේදී නිවාස ආරම්භ කිරීමේදී ධන වෘද්ධිය ද ඇති කරයි. මකරයෙහි අභිවෘද්ධිය ද කුම්භ රාශියේ හිරු ගමන් කරන කාලයේ රත්න ලාභ ද ඇති කරයි.
කෝණ මාසවල නිවාස ආරම්භ කිරීම ශූභ නැත. මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවල හිරු ගමන් කරන කාල කෝණමාස යනුවෙන් අදහස් කෙරේ. මිථුන රාශියේ හිරු ගමන් කරන කාලයේදී නිවාස ආරම්භ කිරීමෙන් ගෘහ හිමියාට මරණයද, කන්‍යා රාශියේ හිරු ගමන් කරන කාලයේදී රෝග පීඩා ද, ධනු රාශියේ හිරු ගමන් කරන කාලයේදී නිවාස ආරම්භ කිරීමෙන් මහත් හානිය ද මීන රාශියේ හිරු ගමන් කරන කාලයේ නිවාස ආරම්භ කිරීමෙන් රෝග ද ඇති වේ.
චන්ද්‍ර මාස ක්‍රමයේදී ද නිවාස ආරම්භ කිරීSමේදී බක් මාසයේ රෝග පීඩා ද, වෙසක් මාසයේ ධන ලාභ ද, පොසොන් මාසයේ මරණ භයද, ඇසළ මාසයේ දී දැසි දසුන්ගේ දියුණුව ද, ඇති කෙරේ. නිකිණි මාසයේ මිත්‍ර ලාභ ද, බිනර මාසයේ දී ධන හානිය ද, වප් මාසයේදී භාර්යා, ස්වාමි හානිය ද, ඉල් මාසයේ ධන ධාන්‍ය ලාභය ද, උඳුවප් මාසයේ ධන ලාභද දුරුතු මාසයේ සොර සතුරු බිය ද, නවම් මාසයේ ලාභ මෙන්ම ගිනි ණය ද, මැදින් මාසයේ රන් රිදී වස්තු ලාභ ද ඇති කෙරේ.
සූර්ය මාස මෙන්ම චන්ද්‍ර මාසවල ශුභ කාලයන්හි නිවාස ආරම්භ කිරීම සැප සතුට සහ බලාපොරොත්තු වන අභිලාෂයන් සඵල වීම හා සෞභාග්‍ය, උදා කෙරෙන නිවසක් තනා ගැනීමට හැකි වේ. සූර්ය මාසවලදී කෝණ මාසවල නිවාස ආරම්භ කිරීම අශුභ මෙන්ම චන්ද්‍ර මාසවලදී පුර පක්ෂයේ නිවාස ආරම්භ කිරීමෙන් සැප සතුට අත්වන බවත්, අව පක්ෂයේ නිවාස ආරම්භ කර තැනීමෙන් දුක්ඛ දෝමනස්සයන් ද හිමි වන බවත් තේරුම්ගත යුතුය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here