Friday, September 12, 2025
Homesiනිවාස දෝෂ ඇතිනොවන අයුරින් දොරටුව තබන්න

නිවාස දෝෂ ඇතිනොවන අයුරින් දොරටුව තබන්න

[ratings]

ගෘහ නිර්මාණයෙහි ප්‍රධාන කරුණ නම් ඉඩම හොඳ ද කියා බැලීමත් ඊට අනුව දොරටු තබන දිසාව භූමනාග හැසිරීම අනුව එම දිසාවට නියම සූර්ය මාසයක්‌ තුළ මුල්ගල් තැබීමට මුහුර්ථ සාදා දීමත් ඊට අනුව ගෘහ පිණ්‌ඩය සැදීමත්ය.

දෙවන කාරණය ගෙය පාද බෙදීමත් ය. ඒ සඳහා හරමානිස්‌ අප්පුහාමි මහතාගේ වාස්‌තු විද්‍යා පොතේ සියලු කාරණාවන් සොයා බැලීමට ගණිත ක්‍රම දක්‌වා ඇත. එම ක්‍රම නොදත් අයට දැනගැනීම සඳහා ඒ පොත කියවා බැලිය යුතුය.

ධ්‍රාවාදී ශෝධෂ ගෘහයන්ගේ ශුභාශුභ

1. ඌර්ධව මුඛ වූ පළමු වන ගෘහය ධ්‍රව සංඥ වෙයි. සැප ගෙනදේ.

2. පූර්ව ද්වාරයෙන් යුත් දෙවන ගෘහය ධාන්‍ය වස්‌තුව ප්‍රදානය කරයි.

3. දක්‌ෂිණ ද්වාරයෙන් යුත් තුන්වන ගෘහය ජය විජය ශ්‍රීය පමුණුවයි.

4. පූර්ව දක්‌ෂිණ ද්වාරයෙන් යුත් සිව්වන ගෘහය නJද ගෘහය ස්‌ත්‍රිහානිය වෙයි.

5. පශ්චිම ද්වාරයෙන් යුත් පස්‌වන ගෘහය ඛර ගෘහය සැප සම්පත් විනාශ කරයි.

6. පූර්ව පශ්චිම ද්වාරයන්ගෙන් යුත් සයවන ගෘහය ක්‍රාන්තය පුත්‍ර ලාභය ගෙන දෙයි.

7. දක්‌ෂිණ පශ්චිම ද්වාරයෙන් යුත් ගෘහය මනෝරමා ෙඓශ්චර්ය ගෙන දෙයි.

8. පූර්ව දකුණ බටහිර ද්වාරයන්ගෙන් යුත් අටවන ගෘහය සුවඤ භෝග සම්පත් දෙයි.

9. උත්‍ර ද්වාරයෙන් යුත් නමවන ගෘහය දුර්මුඛ සියලු දුක්‌ කරදර ගෙනදෙයි අප්‍රිය කරයි.

10. පූර්ව උත්‍ර ද්වාරයෙන් යුත් දසවන ගෘහය දුක්‌ කරදර ගෙන දෙයි.

11. දක්‌ෂිනෝත්තර ද්වාරයන් ගෙන් යුත් එකොළොස්‌ වන ගෘහය රිපුළ සතුරු බිය ගෙනදේ.

12. පූර්ව දක්‍ෂිනෝත්තර ද්වාරයන් යුත් දොළොස්‌වන ගෘහය ධනද ධනය ගෙනදේ.

13. පශ්චිම උත්තර ද්වාරයන්ගෙන් යුත් දහතුන්වන ගෘහය ක්‍ෂය සියල්ල හානි කරයි.

14. පූර්ව පශ්චිමාන්තර ද්වාරයන්ගෙන් යුත් ගෘහය අක්‍රාන්ද සෝකය ඇතිකරයි.

15. දකුණ උතුර බටහිර ද්වාරයන්ගෙන් යුත් පහළොස්‌වන ගෘහය විපුල යස ඉසුරු ලබාදේ.

16. සතර දිසාවන්හිම ද්වාරයන්ගෙන් යුත් පහළොස්‌වන ගෘහය විජය වස්‌තුව ගෙනදේ.

ද්වාර පාලක ග්‍රහයන් දැනගෙන දොරටු තබන දිසාව ගෙහිමියාට ශුභ අශුභ ද දැනගන්නා ක්‍රමයකි.

ප්‍රධාන දොරටුව තබන දිසාවේ නමද ගෘහ හිමියාගේ නමද ගමේ නමද යන මොවුන් පිළිබඳ ස්‌වර ගණන එකතු කොට අටෙන් බෙදන්න. ඉතිරි 1 නම් රවි හිමිය. 2 නම් සඳු හිමිය. 3 නම් කුජ හිමිය. 4 නම් බුද හිමිය. 5 නම් ශනි හිමිය. 6 ගුරු හිමිය. 7 රාහු හිමිය. 8 කිවි හිමිය. සුබ ග්‍රහයින් සුබ ඵල දේ අශුභ ග්‍රහයින් නම් අශුභ ඵල දෙයි. රවි රැකියා හානි රාජභය සඳු ඉඩකඩම් ලාබ, දරුවන්ට බිරිඳට සැප, කුජ නම් කල කෝලාහල, බුධ ගිනිභය, ගමන් බිමන් සඵලවීම, ශනි ලෙඩ දුක්‌ ගුරු සැප සම්පත්, රාහු සතුරු පීඩා භූත දොaෂ ලෙඩදුක්‌, කිවි යාන වාහන රන් රිදී මුතු මැණික්‌ විවාහ සැප සම්පත් ගෙනදේ.

ශාස්‌ත්‍රාණුකූලව තනන නිවසෙහි සුබඵල උදාවීම පුදුම නැත. එහෙත් නිවසක අසුබ ඵලයක්‌ ගැන සිතා දුක්‌වීම මුළාවකි. නිවසෙහි ජීවත් වෙන අයගේ පෞද්ගලික ප්‍රශ්න නිසා ඇතිවන වියවුල් කෙරෙහි වගකීමට ගෘහයට බැරිය. නොතෙමී වැටී ඉන්නට යෑයි කියා නිවාස තනති. එය තම තමාගේ මනාපයේ හැටියට කරනු ලබයි. ස්‌ථානයට අනුව ගෘහය තැනිය යුතුය. අවහිර බාධක නොවන අයුරින් දොරටු තැබිය යුතුයි. කඩ පිලකට ප්‍රපාතයකට ගංගා ඇළ දොළකට මුහුණලා තබන දොරටුවෙන් කරදර උදාවීම පුදුම නැත. බාහිර කරදර උදාවන්නේ නිවැසියන්ගේ වරදින්ය. අසල්වැසි නිවාස නිසා තමන්ගේ නිවසට නොයෙක්‌ කරදර බාධක උදාවෙයි. ජල කාණු තුරුලතා විවිධ කණු ආදිය නිසා කරදර උදාවෙයි. නිතරම දොරටුවකින් කවුළුවකින් තරුණයෙක්‌ තම නිවසේ සිටින දියණිය දෙස බලා සිටිනවා නම් එයත් මහා කරදරයකි. ඇතිකරන සතුන්ගෙන් විවිධ කරදර හටගනියි. මේ නිසා අනෙක්‌ නිවසට මුවාවෙන ලෙස දොර ජනෙල් තැබීම සුබය. ඥති නිවෙස්‌ වලින් කරදර වැඩිය.

කුලය ආගම වෘත්තිය වැනි දේ නිසාද නිවාස කරදර උදාවෙයි බොහෝ දෙනා තාප්ප බැඳ ගේට්‌ටු යොදා තමන්ගේ නිවාස වෙන්කර ගැනීම ඉතා හොඳ දෙයකි. එහෙත් ප්‍රශ්න මතුවීම නම් නොවැළැක්‌විය හැක්‌කකි. එහා ඉඩමේ පොල් ගසේ ගෙඩිය මෙහා ඉඩමේ මිදුලට වැටිය හැකිය. මෙහා ගෙයි වහළේ වැහි වතුර එහා මිදුලට වැටිය හැකිය. උඩගෙදරින් යට ගෙදරට නොයෙක්‌ අතවර පීඩා උදාවෙයි සිතා බලතොත් මේ වද නිවාස දොaෂ වෙයි. එහෙත් සර්ව සම්පූර්ණ නිවාසයක්‌ ඇත්තේ කාටද? නිවාස අරගල වැඩි වන්නේ ගම්බදවයි. නගරයේ නිවාස සැලසුම් හොඳ බව කිව හැකිය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments