Friday, September 12, 2025
Homesiනිවාස වේධය ගැන ඔබත් දන්නවාද.....

නිවාස වේධය ගැන ඔබත් දන්නවාද…..

[ratings]

නිසි සැලැස්‌මක්‌ අනුව නිවසක්‌ සාදාගැනීමෙන් පසු එම නිවසේ වටපිටාවේ යම් යම් පිහිටීම් සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ යුතු වේ. වේධය යනුවෙන් හඳුන්වන්නේ යම් යම් පිහිටීම් නිසා නිවසේ වාසය කරන අයට අසුබ ප්‍රතිඵල උදාකරන පිහිටීම්ය. එවැනි නිවාස වේධයන් කීපයක්‌ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ වෙයි.

නිවසේ ප්‍රධාන දොරට ලම්බකව නිවසට පැමිණෙන මාර්ගය පිහිටා ඇත්නම් එය මාර්ග වේධය හෙවත් රථ්‍යාවේධ යනුවෙන් වාස්‌තු විද්‍යාවේ සඳහන් කර ඇත. මෙසේ පිහිටීමෙන් නිවසේ වාසය කරන අයට ශෝක කරදර ගෙන දෙන බව සඳහන් වේ. එම නිසා වත්තට ඇතුළුවන මාර්ගය දෙරට ලම්බක නොවන ආකාරයට සකස්‌ විය යුතුය.

දොර ඉදිරිපිට වෘක්‍ෂයක්‌ පිහිටා ඇත්නම් එය තරුවේධය යනුවෙන් හැඳින්වේ. එයින් ළදරු මරණ හා නොයකුත් රෝග උපදවයි.

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට ළිඳක්‌ පිහිටා ඇත්නම් එය කුපවේධය නමින් හැඳින්වේ. මෙසේ පිහිටීමෙන් නිවසේ වාසය කරන අයට අපස්‌මාර සෑදෙන බවත් දුක්‌ සෝ බිය ගෙනදෙන බවත් සඳහන් වේ. එමනිසා ළිඳ කැපීමේදී නියමිත දිසාවකින් ළිඳ ස්‌ථානගත කළ යුතු අතර ප්‍රධාන දොර ඉදිරිපිටින්ද ඈත් කළ යුතු වේ.

ප්‍රධාන දොර ඉදිරිපිට ගලාගෙන යන දියපහරක්‌ තිබීමද අනර්ථය ඇති කිරීමට හේතු වේ. එසේම දරුවන්ගේ ඥනශක්‌තිය අඩුවීමටද හේතු වේ.

දොර ඉදිරිපිට දෙවොලක්‌, දෙව් මැඳුරක දොරක්‌ හෝ ඉසුරු දෙවොලක දොරක්‌ තිබීමෙන් නිවසේ වාසය කරන අයට කරදර ප්‍රශ්න ඇතිකරන බව සඳහන් වේ. නිවෙස්‌ ඉදිරිපිට පහන්වැල් සාදා පහන් දැල්වීමේදී නිවසේ ප්‍රධාන දොරට ලම්බක නොවන ලෙස සකස්‌ කරගත යුතු වේ.

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට කණුවක්‌ තිබීමෙන් ස්‌ථම්භ වේධය වශයෙන් හැඳින්වේ. මෙම වේධ ලක්‍ෂණයද නිවසේ ස්‌ත්‍රීන්ට අගුණ බව දැක්‌වේ.

නිවසක මධ්‍ය ප්‍රදේශය බ්‍රහ්ම පාදය යනුවෙන් හැඳින්වේ. එය නිවසක වැදගත්ම ස්‌ථානයක්‌ වේ. එම ප්‍රදේශයේ දොරක්‌ තැබීමෙන් ද්‍රව්‍යය හා ධාන්‍ය විනාශ කරන අතර පවුලේ අය අතර කලහ ඇතිකිරීමටත්, ශෝක, අසනීප ඇති කිරීමටත් හේතු වේ.

නිවසේ ප්‍රධාන දොර පිටුපස දොරෙන් වැසුණු කල හෙවත් අවරෝධනය වූ කල විනාශය ඇතිකිරීමට හේතුවන අතර දියුණුවට බාධා ඇතිවිය හැක.

නිවසක ප්‍රධාන දොර ඉදිරිපිට වෙනත් ගෙයක ප්‍රධාන දොරක්‌ සම්මුඛ වේද, එය ජිද්‍රවේධය යනුවෙන් හැඳින්වේ. නිවසක බාල්කය අග වෙනත් ගෙයක බාල්කයක්‌ සම්මුඛවීම වංශවේධයයි. වෙනත් ගෙයක සෙවණැල්ල නිවසකට වැටීම ඡායාවේධ වෙයි. එසේම පර්වතයකින් නෙරුණු ගලක්‌ නිවසේ බිත්තියකට සම්මුඛවීම දන්තවේධය නම් වේ.

නිවසේ කොණක්‌ ඉදිරිපිට වෙනත් නිවසක කොණක්‌ තිබීමත්, නිවසේ බාහිර බිත්තියේ මධ්‍ය ප්‍රදේශයට වෙනත් නිවසක කොණක්‌ ලග්න වීමත්, කෝණ වේධන්‍ය වේ.

මෙම ජිද්‍ර වේධය, වංශවේධය, දන්ත වේධය, කෝණවේධය යන වේධයන්ද නිවසේ වාසය කරන අයගේ දියුණුවට බාධා ඇතිකිරීමටත්, ලෙඩදුක්‌ කරදර, අමනාපකම් ඇති කිරීමටත් හේතු වේ. එමනිසා මෙම දොaෂ තත්ත්වයන් ඇතිනොවන ආකාරයෙන් නිවසේ ඉදිරිපිට සකසා ගැනීම, නිසා නිවසේ වාසය කරන අයට යහපත් දිවිපෙවෙතක්‌ ගත කිරීමේ භාග්‍යය උදාවනවා ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments