නිසි ඉඩම් කොටසක් මිල දී ගැනීම පිළිබඳව අප මීට පෙර දී සාකච්ඡා කෙලෙමු. දැන් ඔබ නිසි ඉඩමක් මිල දී ගත් අයෙකු වේ. තම අපේක්‍ෂාවන් සඳහා නිවාස සැලසුමක් සකස් කිරීමට යැමේ දී ඔබ මේ සඳහා යොදන මුදල තීරණය කළ යුතුය. ඔබේ අත තිබෙන මුදලින් හෝ ණය මුදලක් ගෙන හෝ අත තිබෙන මුදල් හා ණය මුදලින් හෝ පරිත්‍යාගයන් මත මෙම ඉදිකිරීම කරනවා විය හැකිය.
එහෙත් එහිදී ඔබ මූල්‍යමය අගයක් පිළිබඳව අදහසක් ගෘහ නිර්මාණ ශිල්පියාට පැවසීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය. එසේ නොවුණහොත් ඔබ සඳහා කරනු ලබන නිර්මාණය කිසිසේත්ම දරා ගත නොහැකි නිර්මාණයක් වීමට බොහෝවිට ඉඩකඩ ඇත. නැතහොත් ඉදිකිරීම් කරන අතරවාරයේ දී කැඩීම් බිඳීම් සිදු කරමින් තව තවත් එය ලොකු කර ගැනීමට ඔබට සිතෙන වාර එමට විය හැකිය. තමන්ට අවශ්‍ය කරන ගෘහයේ අයිතමයන් කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුය. ප්‍රධාන නිදන කාමරය, කෑම කාමරය, මුළුතැන් ගෙය, වැසිකිළිය, කාර්යාල කාමරය, ගබඩා කාමරය, දුම් කුස්‌සිය, වැරැන්ඩාව, සාලය, ගරාජය, කාර්පෝචය, අධ්‍යයන කාමරය, පූජා කාමරය, පැන්ටි්‍රය, සේවක කාමර ආදී වශයෙන් මේවා විවිධ විය හැකිය. මෙහිදී ඔබ තමා ප්‍රථමයෙන්ම ජීවත් වන නිවසේ හෝ ස්‌ථානයේ දිග පළල පිළිබඳව වැටහීමක් ලබා ගැනීම ඉතාම වටිනා සාධකයකි. ඒ නිසා අඩි 10 යනු කුමක් ද 15 යනු කුමන පරාසයක් ද යන්න පිළිබඳව වැටහීම ලබා ගැනීම ඉතාම උචිත කාරණයක් බව පෙනේ.
නිවසේ කොටසක් ඉදිකරගෙන යනවාද, මුළුමනින්ම හෝ ඉදිකරනවාද යන්න පිළිබඳවද ඔබ වටහා ගැනීමක් තබා ගත යුතුය. මන්ද ඔබ කොටසක් ඉදිකරනු ලබන්නේ නම් එම කොටසෙහි ප්‍රධාන ද්වාරය බටහිර හා උතුරු දිශාවන්ට නොවන සේ එය සැලසුම් කර ගැනීමට සැලසුම් ශිල්පියා හා සාකච්ඡා කර ගත යුතුය. එමනිසා මෙම ඉදිකිරීමෙන් කුමන කොටස ඔබ ඉදිකරනවාද යන්න පිළිබඳව සැලසුම් ශිල්පියා ම`ගින් එය තහවුරු කර ගත යුතුය.
ඔබ කැමති ගෘහයේ මුහුණතෙහි ලක්‍ෂණ, එකතු කර ගත් පින්තූර, අන්තර්ජාලයෙන් ලබා ගත් පින්තූර, ස`ගරා පුවත්පත් ආදී දේවල් වලින් ගෘහ සැලසුම් ශිල්පියා දැනුවත් කළ යුතුය. එහිදී ඔබේ අදහස හෝ ඔබට අවශ්‍ය මුහුණත කෙරෙහි අවධානය යොමු කිරීමට සැලසුම් ශිල්පියා බොහෝසෙයින් උත්සාහ කරනු ඇත. එහෙත් එවැනි ලක්‍ෂණයන් මතම සිටීම නොකළ යුතුය. එහිදී වඩාත් නිර්මාණශීලී නිර්මාණයක් ඔබේ සැලසුම් ශිල්පියාගෙන් ලබා ගැනීමට ඔබට නොහැකි වනු ඇත. ඔබගේ නිවසට අවශ්‍ය කරන වර්ග අඩි ප්‍රමාණය පිළිබඳ ඔබ සැලකිල්ලක් දැක්‌විය යුතුය. කොටු රූල් කොලයක් ගෙන ඔබේ අවශ්‍ය කරන අංගයන් එහිs එක කොටුවක් අඩි 2 ක පරිමාණයට යටත්ව කුඩා සැලසුමක දළ සටහනක් ඔබ නිර්මාණය කර ගැනීමට හැකිනම් එය ඉතාම ඔබේ නිවස සාර්ථකව නිර්මාණය කර ගැනීමට ඔබ ගන්නා කදිම උත්සාහයක් වන්නේය. නිවසේ වර්ග අඩි ප්‍රමාණය පිළිබඳව එහිදී ඔබට වැටහීමක් ඇත. ඔබ ආයෝජනය කරනු ලබන මුදල වර්ග අඩි ප්‍රමාණයේ ශ්‍රිතියක් වන නිසා ඒ පිළිබඳව ඔබට වැටහීමක් අවශ්‍ය වන බව පෙනේ. වර්තමාන ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙහි වර්ග අඩියකට රු. 2500 සිට රු. 3000 දක්‌වා ද රු. 3000 සිට රු. 4000 දක්‌වා ද රු. 4000 සිට ඉහළට ආදී වශයෙන් විවිධ අගයන් ගන්නා නිසා මේ පිළිබඳව අදහස් ගෘහ නිර්මාණ ශිල්පියා සම`ග ඔබ සාකච්ඡා කළ යුතුය. නිවසේ අයිතමයන්හි ඔබට අවශ්‍ය දිග පළල කෙරෙහිද ඔබ අවධානය යොමු කල යුතුය.
තම නිවස නිර්මාණය කිරීමේ දී අනාගත අපේක්‍ෂාවන් මොනවාද යන්න කෙරෙහි ද ඔබ දැඩි අවධානයකින් යුක්‌තව කටයුතු කළ යුතුය. දරුවන්ට බෙදීමේ දී දරුවන් පදිංචි කිරීමේ දී අනාගතයේ යම් යම් වෙනත් ව්‍යාපාර වැනි කටයුතු සිදු කිරීමේ දී නිවස පිළිබඳ පුරෝකථනයන් නොවලහා සැලසුම් ශිල්පියා දැනුවත් කළ යුතුය. පවතින නිවසක හෝ අලුතින් සැලසුම් කිරීමට යන නිවසක සැලසුමක් සකස් කිරීමේ දී ඔබ තනියෙන් නොයා යුතුය. එහිදී ඔබේ බිරිඳ, ස්‌වාමියා, වැඩිමහල් දරුවන් රැගෙන යා යුතුය. ඔවුන්ගේ අදහස් මෙවැනි අවස්‌ථාවක ඉහළ අගයක් ගන්නා බව පෙනේ. නිවසක් සැලසුම් කිරීමේ දී නීතිමය අවශ්‍යතාවන් සපුරාලීමට සිදු වන නිසා ඒ කෙරෙහි ඔබ අවධානයක් යොමු කළ යුතුය. අනවශ්‍ය ලෙස නිවස විශාල කිරීමේ දී අවම නීතිමය අවශ්‍යතාවන් පිළිපැදීමට නොහැකි වීම නිසා සැලසුම අනුමත කිරීමට ඔබට අවස්‌ථාවක් නොලැබෙනු ඇත. ඉදිරිපස, පසුපස, දෙපැත්තේ නිවාසයන්ගේ ලක්‍ෂණ කෙරෙහි ද අවධානය යොමුකළ යුතුය. ඔබේ නිවසේ අංගයන් අයිතමයන් එම නිවාසයන්ට විවෘත වන ආකාරය පිළිබඳව ගෘහ සැලසුම් ශිල්පියා සම`ග සාකච්ඡා කළ යුතුය. ලංකාවේ බොහෝ අය බටහිර දිශාවට දක්‌වන්නේ දැඩි බියකි. ඒ නිසා ඔබ එවැනි අදහසක් දරන්නේ නම් එවැනි බටහිර දිශානුගත ඉඩම් මිලදී ගැනීමේ දී ඒ පිළිබඳව තම අදහස් සැලසුම් ශිල්පියාට දැනුවත් කල යුතුය. නිවසේ තම පවුලේ අයගේ වයස් පරතරය පිළිබඳව ද ඔබේ අදහස සැලසුම් ශිල්පියාට අනිවාර්යයෙන් පැවසීම කළ යුතුමය. වයස්‌ගත වැඩිහිටියන් සිටින්නේ නම් තරප්පු සහිතව නිර්මාණ කිරීම සුදුසු නොවන අතර ඔවුන්ට පහසුවෙන් එහා මෙහා යා හැකි පරිදි එම නිර්මාණයන් සැකසීම අනිවාර්යයෙන් කළ යුතු වේ. එමෙන්ම අංගවිකල ළමුන්, ආබාධිත ළමුන් කෙරෙහි ද අවධානයක් යොමු කළ යුතුය. තම හිතවතුන්ගෙන් ලබාගත් දැනීම සහ අදහස් කෙරෙහි ඔබ අවධානය යොමු කිරීමේ වටිනාකමක් ඇත්තේ වීද යම් යම් අදහස් ඔබට නොගැළපෙන ඒවා නිසා ඒ කෙරෙහි ඔබ දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. සමහර විට බැලූ බැල්මට කුඩා සැලසුමක් ලෙස ඔවුන් මත ප්‍රකාශ කළ හැකිය. ඔවුන්ගේ බහට නැඹුරු වී නැවත සැලසුම විශාල කර ගැනීමෙන් ඔබට අත්වන අපහසුකම සුළුපටු නොවේ. ස්‌වභාවික ව්‍යසන කෙරෙහි ද ඔබ සැලකිල්ලක් දැක්‌විය යුතුය. වැසි වතුර එකතු වන ගංවතුර ගලන ඉඩමක නිවසේ අත්තිවාරම උස් කිරීමත් මේ නිසා වැය වන අධික මුදල් සම්භාරය පිළිබඳවත් සැලසුම් ශිල්පියා සම`ග සාකච්ඡා කර ගත යුතුය. සැලසුම් සකස් කිරීමේ දී ගෘහ අංගයන්ගේ අන්තර් ඒකාබද්ධ සහසම්බන්ධතාව කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුය. මුළුතැන්ගෙය කෑම කාමරයෙන් දුරස්‌ව පිහිටුවීම, නිදන කාමර වලින් දුරස්‌ව නාන කාමර පිහිටුවීම, කාර් පෝචයෙන් දුරස්‌ව ප්‍රධාන දොර පිහිටුවීම යනාදී කරුණු කෙරෙහි ඔබ දැඩි අවධානයක් යොමු කළ යුත්තේ නිම කිරීමෙන් පසු මේවා නිවැරැදි කිරීමට බොහෝසෙයින් ඉඩකඩ නොමැති නිසාවෙනි. අඩක් නිම වූ නිවසක් ඔබ මිලට ගන්නේ නම් හෝ පරණ නිවසක් වෙනස් කරන්නේ නම් තිබෙන හෝ පරණ නිවසේ සංඛ්‍යාතයන් සම`ග පාද සටහන් සම`ග එක`ග කිරීම්වලට යටත්ව ඒවා වෙනස් කිරීමට ඔබට හැකියාව ඇත. එහිදී උස් බව, මිටි බව, බැමි වල ශක්‌තිමත්භාවය, අත්තිවාරමේ ශක්‌තිමත්භාවය, කොලම්ස් සහ බීම්ස් හි ශක්‌තිමත්භාවය, මුල්ගල තැබූ ස්‌ථානය, වහලේ වෙනස්‌වීම්, නිවසේ මධ්‍යය ලක්‍ෂයට වන බලපෑම, ද්වාර සටහනට වන බලපෑම, දිශාවන්ගේ වෙනස්‌වීමේ පරාසය ආදී කරුණු කෙරෙහි ද අවධානයක් යොමු කළ යුතුව ඇත.
We found this article from Divaina on 2012/10/12.
Also Sinhala to English Google word to word translation can be found here