Saturday, November 1, 2025
Homesiනොවැම්බර් 23 සිට දෙසැම්බර් 21 දක්‌වා උපන් අයගේ පලාපල

නොවැම්බර් 23 සිට දෙසැම්බර් 21 දක්‌වා උපන් අයගේ පලාපල

[ratings]

සෑම වසරකම නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 21 දක්‌වා කාලය, ජ්‍යෙdතිෂයට අනුව ධනු රාශිය පිළිබඳ මාසය හැටියට සැලකේ. ධනු රාශියේ ලක්‍ෂණය අර්ධ අශ්ව, අර්ධ මනුෂ්‍ය ශරීරයක්‌ සහිත දුනු විදින්නකුගේ ස්‌වරූපයකි. පාලක ග්‍රහයා වන්නේ ගුරු ග්‍රහයා ය.

ධනු රාශියට අයත් මාසයේ උපන් ගැහැනු හෝ පිරිමි හෝ කෙනකුගේ ස්‌වාභාවික ගති පැවැතුම් – උසස්‌ අදහස්‌ සහිත අවංක ස්‌වභාවයේ කෙනකු විය හැකි නමුදු අහංකාර ගතියක්‌ ද තිබිය හැකිය. බොහෝ විට සමීප මිතුරන් බවට පත්කර ගන්නේ තමන්ගේ අහංකාර, උඩඟු ස්‌වභාවයට අවනත වන පුද්ගලයන් ය. දුර දක්‌නා නුවණකින් යුත්, නායකත්ව ලක්‍ෂණ ද සහිත කෙනෙකි. ඉෂ්ට සිද්ධ කරගැනීමට බැරි විධියේ උසස්‌ අදහස්‌ තිබිය හැකි අතර තම මාහැඟි අදහස්‌ බොඳ වී යන විටක, අධෛර්යයට පත්ව, පසුබසින්නට ද බැරිකමක්‌ නැත. අවිවේකී, කලබලකාරී ස්‌වභාවයක්‌ පැවැතිය හැකි නිසා තමන්ගේ අභිමතාර්ථයන් මුදුන්පත් කරගැනීමට සැලකිය යුතු තරම් කාලයක්‌ නොමැති වීමෙන් ඒවා ඉටුකර ගැනීමට අපහසු විsය හැකිය. තමන්ගේ ගති පැවැතුම්වලින්වත් ජීවිතයේ දියුණුව, වාසනාව, ප්‍රීතිය ළඟා කර ගැනීමට එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් නොහැකි වන්නට පුළුවන.

අනුන් ප්‍රීතිමත් කිරීමේ මෙන්ම තමන්ගේ අදහස්‌ උදහස්‌ මැනවින් ප්‍රකාශ කිරීමේ ද හැකියාවක්‌ පවතින හෙයින්, මිතුරු මිතුරියන් ඇද බැඳ ගැනීමේ ශක්‌තියක්‌ පැවැතිය හැකිය. මිතුරු මිතුරියන් කොපමණ ඇද බැඳ ගැනීමට හැකි වුවද, ආශ්‍රය සඳහා මිතුරු මිතුරියන් තේරීමේදී කල්පනාකාරී විය යුතුය. එලෙස තමන් කරා එන මිතුරු මිතුරියන් ද තමන්ට සැලකියයුතු අන්දමේ බලපෑම් කිරීමට ඉඩ තිබීම ඊට හේතුවය. වැඩ කටයුතු කීපයක්‌ සඳහා තම ශක්‌තිය එක විට යොදාගැනීම හා හරි පහසුවෙන්ම වාගේ වෙනස්‌ වීමේ ගති ලක්‍ෂණයන් තමන් තුළ ඇති දුර්වල ස්‌වභාවයක්‌ විය හැකිය. සිතට ගත යුත්තේ, එක්‌ අවස්‌ථාවකදී එක වැඩක යෙදෙන්නටය. එසේ කළහොත් සැලකිය යුතු ප්‍රයෝජන අත්පත් කර ගත හැකි වනු නිසැකය.

ජීවිතයේ තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය

ධනු රාශියට අදාළ මාසයේ උපන් නිසා දේහ ශක්‌තියෙන් සමන්විත ශරීර සනීපයකින් ද යුතු කෙනෙක්‌ විය හැකිය. අවුරුදු 55 පමණ පැන්න පසුව වාතාබාධ, කටී වායුව වැනි රෝග වැළඳිය හැකි වුවද, හැකි තරම් ව්‍යායාම කිරීමෙන් හා විවේක සුවයෙන් සිටීමෙන් ද දිගු කලක්‌ ජීවත් විය හැකිය. අදාළ මාසයේ උපන් කාන්තාවන්ට මස්‌පිඬු ක්‍රියා කෙරෙන ව්‍යායාම සුදුසු නැත. අදාළ මාසයේ උපන් ගැහැනු පිරිමි දෙපිරිසටම අධික ලෙස රාත්‍රි කාලයේ එළිමහනේ සිටීම සනීපයට අහිතකරය.

විනෝදාත්මක ක්‍රියා සහ කරන්නට ප්‍රිය ක්‍රීඩා යනාදිය

විනෝද සවාරිවලට මෙන්ම අසු පිටින් යැමට ද කැමැත්ත දැක්‌විය හැකිය. විවේක කාලයන්හිදී එළිමහනේ කරන ක්‍රීඩාවලට යොමු වන්නට පුළුවන. විනෝද සවාරිවල යෙදෙන විට යම් යම් දේවල් උගෙන තෘප්තියක්‌ ලබාගැනීම සිරිතය. පමණට වඩා ක්‍රීඩාදියෙහි යෙදීම යෝග්‍ය නැත.

කරන රැකී රක්‍ෂා යනාදිය

යම්කිසි කාර්යයක්‌ කරන විට තමන්ගේ මුළු ශක්‌තියම වාගේ ඒ සඳහා කෙටි කලක්‌ යොදවන සෙයකි. එම කාර්යය ඒකාකාරී වුවහොත්, බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කොට, හනික උත්සාහ දරන්නේ විවේකයක්‌ සඳහා ය. මේ හේතුව නිසා ආරම්භයේදී ම එකහා සමාන ගතියක්‌ නොමැති වැඩ කටයුතු තෝරා ගැනීම වඩාත් සුදුසු ය. වෙළෙඳ සංචාරකයකු වශයෙන් දියුණුවට පත්විය හැකි අතර, අන් කෙනකු යටතේ කිසියම් රැකියාවක්‌ කිරීමෙන් නොව, ස්‌වකීය ස්‌වාමිත්වය යටතේම රැකියාවක්‌ කිරීමෙන් ද වැඩි දියුණුවට පත් වීමට පුළුවන. ධනු රාශියට අදාළ මාසයේ උපන් කාන්තාවක්‌ නම් වැඩ කටයුතු කෙරෙහි එතරම් කැමැත්තක්‌ නොදක්‌වන කෙනකු විය හැකි නමුත්, නිවසේ සිට කරන අත්කම්, ඇඳුම් පැළඳුම් සැකසීම සිත්තම් වැනි දේවලට හෝ වෙළහෙළ¹ම වැන්නකට හෝ හපන් කෙනෙක්‌ විය හැකිය. වයස 35 ගත වත්ම ධනු රාශිය පිළිබඳ මාසයේ උපන් ගැහැනු පිරිමි දෙගොල්ලන්ම තුළ තමන් පාලනය කිරීමේ ශක්‌තිය වැඩෙන්න පුළුවන.

ප්‍රේමය හා විවාහ ජීවිතය

ඇසුරු කරන මිතුරු මිතුරියන් කිසිම අවස්‌ථාවක අමතක නොකිරීමේ පුරුද්දක්‌ පවතින නිසා මිතුරු මිතුරියන් විශාල පිරිසක්‌ සිටිය හැකිය. ස්‌වකීය සහකාරිය හෝ සහකරු හෝ වශයෙන් ඔවුන්ගෙන් කෙනකු තෝරාගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. විවාහය වාසනාවන්ත විය හැකි වුවද, අන්‍ය ආශාවන් ඉටුකර ගැනීම සඳහා නිතරම නිවසින් පිටත යන සෙයක්‌ දක්‌නට ඇත. එබඳු ගති පැවැතුමකට බිරිඳ අකැමැත්ත දැක්‌වුවහොත්, විවාහ ජීවිතයට බාධා පැමිණිය හැකිය.

ශුභ සවස – බදාදා ශුභ දවසකි.

වාසනාව උදා කරන වර්ණය, මැණික්‌ වර්ගය හා ලෝහය – ශුභ ඵල උදාකර ගත හැකි පැහැය, රතට හුරු නිල් පැහැයයි. පේරැස්‌ මැණික්‌ වාසනාව උදා කරන මැණික්‌ ය. පිහිටක්‌ සලසා ගත හැකි ලෝහ විශේෂය බෙලෙක්‌ ය.

සෑම වසරකම ශුභාශුභ කාල වකවානු –

සෑම වසරකම පෙබරවාරි 20 වැනිදා පටන් මාර්තු= 5 වැනිදා දක්‌වාත්, මාර්තු 21 වැනිදා පටන් අප්‍රේල් 5 වැනිදා දක්‌වාත්, ජුනි 22 වැනිදා පටන් ජූලි 22 වැනිදා දක්‌වාත් ඉතාම ශුභය. අශුභ කාලය වන්නේ, මාර්තු 6 වැනිදා සිට 20 වැනිදා දක්‌වා කාලයයි.

ජීවිතයේ සෑම ශුභ කටයුත්තක්‌ම එකී ශුභ කාලයකදී කිරීමට හා අශුභ කාලයේදී අරපරෙස්‌සමකින් යුතුව කටයුතු කිරීමට ද වගබලා ගැනීම යෙහෙකි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments