[ratings]
ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයට අනුව කෙනෙකුගේ ජන්ම පත්‍රයක 5 වැන්න හිමි ග්‍රහයා ද පස්‌වැන්නේ පිහිටි ග්‍රහයින් ද පස්‌වැන්නාධිපති යෝගවී සිටින ග්‍රහයන් ගැනද ඔවුන් තැන්පත්ව සිටින රාශිය ද ඒ ඒ ග්‍රහයන්ගේ උච්ච, නීච, ස්‌වක්‍ෂේත්‍ර, සතුරු, සම ආදී බල දුබලකම් ගැනද 5 වැනි භාවයෙන් අනාවරණය කරගත හැකිය.
එකී 5 වැනි භාවයෙන් ප්‍රධාන වශයෙන් අදාළ ජන්මියාගේ මූලික අධ්‍යාපනය ඥනවන්ත බව හා බුද්ධි මට්‌ටම පිළිබඳ නිගමනය කරගත හැකි බැවින් 5 වැන්න “විද්‍යාස්‌ථානය” ලෙස ද හැඳින්වේ.
ආලය, ආදරය සම්බන්ධ තොරතුරු ද කලාත්මක හැඟීම් පිළිබඳ තොරතුරු ද අනාවරණය කරගත හැකි හඳහනෙහි 5 වැනි කොටුවෙන් ශරීරයක ස්‌ථාන වශයෙන් සලකන කල නාබියෙන් ඉහළ සහ පපු කැනැත්ත අතර ප්‍රදේශය පිළිබඳව ද බොහෝ දේ දැනගත හැකිය.
කෙනකුට ලැබෙන දරුවන් ප්‍රමාණය හා එම දරුවන් ගැහැනුද – පිරිමිද ආදී වශයෙන් දරුඵල පිළිබඳව ද මෙම ස්‌ථානයෙන් විග්‍රහ වන බැවින් “පුත්‍ර ස්‌ථානය” නමින්ද හැඳින්වෙන 5 වැනි භාවයේ ග්‍රහයන් සිටින ආකාරය අනුව ජන්මීන් පිළිබඳ ඵලාඵල මෙසේ දැක්‌විය හැකිය.
රවි 5 වැනි භාවයේ සිටින විට
දරුවන් කීකරු නොවෙති. වැඩිමහල් පිරිමි දරුවාට අපල ඇති කරයි. ශරීරය කෙට්‌ටු වීමට ඉඩ ඇත. රජයේ රැකියා ලබයි. උසස් ලෙස ඉගෙනීම් කටයුතු හමාර කරයි.
සඳු 5 වැනි භාවයේ සිටින විට
ක්‍රීඩාවට දස්‌කම් දක්‌වයි. හොඳ අධ්‍යාපන කටයුතුවලින් උසස් තත්ත්වයකට පත්වේ. ගැහැනු දරුවන් වැඩිපුර ලබයි. ආමාශ ගත රෝගවලට ඉඩ ඇත. විවාහය ශක්‌තිමත් කරයි.
කුජ 5 වැනි භාවයේ සිටින විට
දරුවන් මුරණ්‌ඩු වේ. පළමු පිරිමි දරුවාට අපලයි. ආමාශගත ශල්‍යකර්ම සිදුවේ. අධ්‍යාපන කටයුතු අඩාල වේ. කේන්ති ගති ඇතිවේ. පිරිමි දරුවන් වැඩියෙන් ලැබේ. ප්‍රේම විවාහයකට මග පෑදේ.
ගුරු 5 වැනි භාවයේ සිටින විට
ඉතා පිංවත් බුද්ධිමත් දරුවන් ලබයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගුරු වෘත්තියට සුභ වේ. පරිපාලන අංශයේ රැකියා ලබයි. යාන වාහන හිමිවේ. විශාල නිවාසවල වාසය කිරීමට ඉඩ ලැබේ. විදේශ ගතවේ.
සිකුරු 5 වැනි භාවයේ සිටින විට
වැඩිපුර ගැහැනු දරුවන් ලබයි. කලා කටයුතුවලින් ඉහළට යයි. ගායන, නර්තන, හැකියාව පවතී. ව්‍යාපාරවලින් දියුණුව ලබයි. විසිතුරු භාණ්‌ඩ අලෙවිය ඉතා සුබයි. දරුවන් කීකරු ප්‍රසිද්ධ අය වේ.
බුධ 5 වැනි භාවයේ සිටින විට
උසස් අධ්‍යාපනයක් ලබයි. කලාවට බර වේ. දරු ඵල අඩුවේ. විවාහය සාර්ථකය. උසස් රැකියා ලබයි. පොත් පත් ලිවීමට දස්‌කම් දක්‌වයි. ජනමාධ්‍ය ආයතනවල සේවයට සුදුසුය.
ශනි 5 වැනි භාවයේ සිටින විට
බොහෝ ඉවසිලිවන්ත කෙනෙකි. සතුරු බලවේග නිතර පවතී. දරුවන්ට අපල ගෙන දේ. ආමාශගත රෝග සාදයි. අධ්‍යාපන කටයුතු බිඳ වැටේ. කම්මැලිගතිය නිතර පවතී.
රාහු 5 වැනි භාවයේ සිටින විට
අධ්‍යාපන කටයුතු අඩාල වේ. නිතර ඇවිදීමට හිත ඇතිවේ. දරුවන්ට අපලය. දරුඵල නැතිවීමට ඉඩ ඇත. ආමාශ රෝග සාදයි. ශරීරය කෙට්‌ටු වේ. විදේශ ගත රැකියා ලැබීමට හේතුයි.
කේතු 5 වැනි භාවයේ සිටින විට
හොඳ අධ්‍යාපන තත්ත්වයක් ලැබීමට හේතුවේ. ගැහැනු දරුවන් වැඩිපුර ලැබේ. ශරීරය කෙට්‌ටු අයෙකි. ස්‌නායු රෝග ඇතිවීමට හේතුවේ.
We found this article from Divaina on 2012/02/24.
Also Sinhala to English Google word to word translation can be found here